Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අංජුලා නිකම් බොරුවට පත්තරවල
පිටු පුරවන්න කැමැති නැතිලු

කසාදයක්‌ බැඳලා පවුල් කන්න නම් ආසයිලු

දෙවැනි ඉනිමේ - අමීෂා, දෙව්ලියේ - දෝණි, සොඳුරු දඩයක්‌කාරයාහි - ඩයනා ලෙසින් ඔබ හමුවට එන අංජුලා රාජපක්‍ෂ වැඩිය මාධ්‍ය ඉදිරියට එන්න අකමැති චරිතයක්‌. කොහොමින් කොහොමින් හරි අපිත් කාලයක්‌ තිස්‌සේ ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. අන්තිමේ අපේ උත්සාහ සාර්ථක වුණා. මේ ඒ සාර්ථකත්වයේ පෙළගැස්‌මයි. 



අංජුලාව අල්ලගන්න හරි අමාරුයි. මොකද ඒ ?
අනේ එහෙම දෙයක්‌ නැහැ. 

වැඩිපුර මාධ්‍ය ඉස්‌සරහට එන්නේ නැත්තේ ඇයි ?
එහෙම දෙයක්‌ නැහැ. 


මේ දිනවල හරියට රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා ?
ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ස්‌වර්ණවාහිනියේ දෙව්ලියේ, දෙරණ නාලිකාවේ දෙවැනි ඉනිම, ස්‌වාධීන රූපවාහිනියේ සොඳුරු දඩයක්‌කාරයා කියන නාට්‍ය තුනම විකාශනය වෙනවා. සොඳුරු දඩයක්‌කාර කියන්නේ මෙගා වැඩක්‌ නෙමෙයි. හැබැයි හැම එකකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


කාලයක්‌ වැඩිය පේන්න හිටියේ නැහැ. දැන් නම් දිගටම පෙනෙන්න ඉන්නවා ?
කාලයක්‌ නොපෙනී හිටියේ නැහැ. කවදාටත් මගේ ටෙලිනාට්‍යයක්‌ විකාශනය වුණා. දැන් වෙනස තියෙන්නේ එක දිගට ටෙලිනාට්‍ය කිහිපයක්‌ විකාශනය වෙන එකයි.

අංජුලාට කවදාවත් වැඩවලින් අඩුවක්‌ වෙලා නැහැ ?
දෙයියන්ගේ පිහිටෙන් නම් එහෙම අඩුවක්‌ වෙලා නැහැ.

හැබැයි අංජුලාව සිනමාවෙන් වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ ?
ඒ කතාවේ නම් ඇත්තක්‌ තියෙනවා. සිනමාවෙන් නම් මාව වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ. 

ඇයි ඒ. කාගෙන් හරි කැපිලි කෙටිලි තියෙනවාද?
අනේ නැහැ. ආරාධනා නොලැබුණා නෙමෙයි. ලැබුණා. ඒත් මම තවමත් බලාගෙන ඉන්නවා වාණිජ සිනමාවට වැඩිය කලාත්මක සිනමාවට සම්බන්ධවෙන්න.

යමක්‌ කරන්න පුළුවන් කලාත්මක සිනමාවේ විතරද?
ඔව්. මම වෘත්තියක්‌ විදිහට මුලින්ම තෝරාගත්තේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයනේ. සිනමාවටත් ආරාධනා නොලැබෙනවා නෙමෙයි. මේ වෙනකොට චිත්‍රපට හතක වැඩකරලා තියෙනවා. මම කොහොමත් වාණිජ රැල්ලේ සිනමාවට කැමැති නැහැ.

නාට්‍යවලින් කොච්චර දකින්න ලැබුණත් පත්තරවලින් දකින්න ලැබෙන්නේ නැහැ ?
ඔව්. මම පත්තරවල ඉන්නවා නම් ඇත්තටම අඩුයි. 

ඒකට හේතුව මොකක්‌ද?

මගේ තියෙන ආඩම්බරකම නෙමෙයි. 

එහෙනම් ?
හැම තිස්‌සේම මම හිතන දෙයක්‌ තමයි වැඩක්‌ කරලා කතා කරන්න ඕනෑ කියලා. නිකං බොරුවට පත්තරවල පිටු පුරවන්න මම කැමැති නැහැ. ඒක තමයි හේතුව.

වැඩක්‌ නොකර පත්තරවලට කතා කරන්නේ නැහැ. එහෙමද?
මම නම් හිතන්නේ මොකක්‌ හරි විශේෂ හේතුවක්‌ තියෙන්න ඕනෑ කියලා. එහෙම නැතිව මාධ්‍යයට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැතිවෙනවානේ. ඒ වගේම බලන අයටත් තේරුමක්‌ නැහැනේ. ඇත්තටම මම මීඩියා ඉස්‌සරහ එනවා අඩුයි. හැබැයි මම වෘත්තීය මට්‌ටමේ වැඩවලට සහභාගි වෙනවා.

ඇයි මේ නිශ්ශබ්දව ඉන්න හදන්නේ ?
මම කොහොමත් නිශ්ශබ්දව ඉන්න කැමැති චරිතයක්‌. ටෙලිනාට්‍යවලින් මාව විවිධ චරිතවලින් දකින්න ලැබෙන එකට කැමැතියි. ඊට අමතරව හිරු ටීවී නාලිකාවේ නිවේදිකාවක්‌ විදිහටත් වැඩකරනවා. එහෙම වැඩවලට සහභාගිවෙනවා ඇරෙන්න නිකරුනේ නාලිකාවල වැඩසටහන්වලටත් යන්න කැමැත්තක්‌ නැහැ.

පත්තරවලින් මොකක්‌ හරි අසාධාරණයක්‌ වෙලා තියෙනවාද?
අනේ කවදාවත් නැහැ. එදා ඉඳන් අදවෙනකම් පත්තරයකින්වත් ගොසිප් එකකින්වත් වෙබ් අඩවියකින්වත් මාව අපහසුතාවයට පත්වෙන ප්‍රවෘත්තියක්‌ පළවෙලා නැහැ. එහෙම ගැටලුවක්‌ නෙමෙයි. ඒක මගේ පෞද්ගලික දෙයක්‌. අනික හැමතිස්‌සේම වුණත් පත්තරවල ඉන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. කොටින්ම කිව්වොත් පුවත් මවන්නියක්‌ වෙන්න කැමැති නැහැ. මට ඕනෑ වැඩටික කරගෙන පාඩුවේ ඉන්න.

සැබෑ ජීවිතයෙත් ටෙලිනාට්‍යවල ඉන්නවා වගේ දඩබ්බර චරිතයක්‌ද?
එහෙම නෙමෙයි. කවුරු හරි මට බැණගෙන ආවොත් ඉවසන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාවෙන් එහාට ගියොත් මටත් කේන්ති යනවානේ. එහෙම නැතිනම් රණ්‌ඩුසරුවල් කරන චරිතයක්‌ නෙමෙයි.

පුද්ගලික ජීවිතයේ ළඟදීම වෙනසක්‌ වෙන්න යනවා කියන්නේ ?
පුද්ගලික ජීවිතය පැත්තෙන් වෙනසක්‌ නැහැ. 

තනිකඩ ජීවිතය නිමා කරන්න?
තනිකඩ ජීවිතය නිමාකරන්න ඕනෑමද?.

පිළිවෙලක්‌ වුණොත් ?
ඉතිං මේ පිළිවෙලක්‌ වෙලානේ ඉන්නේ. ඇයි මේ දැන් ඉන්න විදිහ අවුල්ද?.

විවාහය ගැන කෙලින්ම කිව්වොත් ?
විවාහයක්‌ වෙන්නත් ඕනෑ. නමුත් ඒකට, අනේමන්දා බලමුනේද?.

විවාහ යෝජනා එමටයිනේද ?
විවාහ යෝජනා එනවා නැත්තේ නැහැ.

වැඩි සද්ද බද්ද නැතිව විවාහය සිදුකරන්නද හදන්නේ ?
අපි වගේ කෙනෙකුට සද්ද බද්ද නැතිව විවාහ උත්සව තියා කිසිම දෙයක්‌ කරන්න බැහැ ඔයගොල්ලෝ වගේ කට්‌ටිය ඉන්නකම්. හැංගිලා කිසිම දෙයක්‌ කරන්න දැනට අදහසක්‌ නැහැ. ලබන සතියේ ඒක වෙනස්‌ වුණොත් මට කරන්න දෙයක්‌ නැහැ හොඳේ. 

ළඟදී විවාහ වෙන කතාව සත්‍යයක්‌ ?
එහෙම කියන්න බැහැ. කවදාහරි දවසක විවාහ වේවි. මමත් ආසයි කසාදයක්‌ බැඳලා පවුල් ජීවිතයක්‌ ගතකරන්න. නමුත් ඒකට හරියන වටපිටාවක්‌ තියෙන්න ඕනෑ. අපි බලමු ඉතිං. 


දිනේෂ් විතාන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook