Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මාව ෂූටින්වලට ඇරලවන්නත් එයා එනවා
දැන් වැඩ කරන්නේ අතේ ඇගිලි ගාණට 
– ගීතිකා රාජපක්ෂ

උතුම් පැතුම් ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ‘සුදු හාමිනේ’ අදටත් හැමෝටම මතක තියෙන චරිතයක්. නාට්‍යයට සුදු හාමිනේ වුණු ගීතිකා රාජපක්ෂ වෘත්තීය සහ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්න මෙවර අපිත් එක්ක එකතු වුණා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
ෂූටින්වලට යනවා. ගමන් බිමන් යනවා. ට්‍රිප් යනවා. ජීවිතේ ඉතින් සමබරව වගේම සතුටින් ගෙවනවා.

මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද?
ස්වර්ණවාහිනියේ රාත්‍රී 7.30ට විකාශය වන තුරුම්පු ආසියා ටෙලි නාට්‍යය ඇතුළුව නිර්මාණ 3කට රංගනයෙන් දායක වුණා. ඒ අතරින් ශ්‍රීනාත් ඩී සිල්වා සහ සමුද්‍රා හික්කඩුව විසින් නිෂ්පාදනය කළ ගිහාන් රෝහණයන්ගේ අධ්‍යක්ෂණය සහ මෙරිල් සුසන්තයන්ගේ සහාය අධ්‍යක්ෂණය යටතේ මේ දිනවල විකාශය වන තුරුම්පු ආසියා ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ට මාව ‘අචිනි’ කියන චරිතය හරහා දැකගන්න පුළුවන්.

උතුම් පැතුම් නාට්‍යයේ ඔබ කළ චරිතයට ලැබුණු ප්‍රතිචාර ගැන මොනවද කියන්න තියෙන්නේ?
කිහිප වතාවක්ම වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත්වුණු උතුම් පැතුම් නාට්‍යයේ ‘සුදු හාමිනේ’ චරිතයට මීට පෙර මං කරපු ප්‍රධාන චරිතයන්ට නොලැබුණු ප්‍රතිචාර ලැබුණා. ටෙලි නාට්‍ය විකාශය වෙලා කාලයක් ගතවුණත් අදටත් සුදු හාමිනේට ලැබෙන ප්‍රතිචාර අඩු වෙලා නෑ. මං හිතනවා මං ඒ චරිතයට උපරිම සාධාරණත්වයක් කළ නිසයි ආදරණීය ප්‍රේක්ෂකයන් අදටත් සුදු හාමිනේට ආදරේ කරන්නේ.

ඔබ වැඩියෙන්ම කැමැති මොන වගේ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නද?
ඉන්දියානු සම්ප්‍රදායෙන් යුත් මෙගා ටෙලි නාට්‍යයන්ගෙන් මිදිලා ගමේ යථාර්ථය වඩාත් හොඳින් ඉස්මතු වෙලා පෙනෙන, ගැමි දුෂ්කරතාවන් තුළින් ගොඩනැගුණු ගැමි චරිතයක රංගනයේ යෙදෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න තමයි මං බලා‍පොරොත්තු වෙන්නේ.

විවාහයෙන් පස්සේ ඔබව නිතර දකින්න නැත්තේ සැමියා රංගනයට සීමා පනවලද තියෙන්නේ?
මගේ සැමියා හර්ෂ මලින්ද. එයා මට රංගනය සම්බන්ධව කිසිදු සීමාවක් පනවලා නැහැ. මට ගැළපෙන චරිතවලටයි මං රඟනයෙන් දායක වෙලා තියෙන්නේ ඒ රඟපෑම් වලින් මගේ චරිතයට කිසිදු හානියක් සිදු වෙලා නෑ. ඔහු මුණගැහෙන්න පෙරත් මං වැඩකටයුතු කළ ආකාරය එයා දන්නවා. ඒ නිසා මට කිසිම සීමාවක් පනවලා නෑ, රංගනය සම්බන්ධව. බාධක අවශ්‍ය වැරදි මාර්ගයේ යනවා නම්. නමුත් මං ගැන දන්න එයා සතුටු වෙනවා මගේ රංගනයන් ගැන. විවාහයෙන් පස්සේ කළේ ඉතා අඩු කොටස් සහිත ටෙලි නාට්‍ය. ඒ නිසා ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ඒ චරිත ළංවුණේ නෑ.

ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද රංගනයට?
ගොඩක් ලොකු සහයෝගයක් එයාගෙන් මට ලැබෙනවා. මාව ෂූටින්වලට ඇරලවන්නත් එයා එනවා. ඒ දේවල් එයාට වදයක් විදියට එයා දකින්නේ නෑ. එයාගේ වැඩවලට අවශ්‍ය කාලය වෙන් කරලා තමයි මං වැඩ භාරගන්නේ. ඒ හින්දා මං වැඩ කරනවා ගොඩක් අඩුයි. ඉස්සර වැඩ කළේ අතේ ඇඟිලි ගාණට නිවාඩු තියාගෙන. නමුත් දැන් වැඩ කරන්නේ අතේ ඇඟිලි ගාණට කියලා කීවොත් හරි.

පවුල් ජීවිතේ සහ ක්ෂේත්‍රයේ කටයුතු කොහොමද සමබරව කරගෙන යන්නේ?
මුලදී අපි දෙන්නා හිටියේ වෙනම. දැන් අපි ඉන්නේ මහත්තයාගේ අම්මලාගේ ගෙදර. උදේ පාන්දරින්ම ෂූටින් ගිහින් රෑ 10.00ට විතර ගෙදර එන දවස් තියෙනවා. අම්මලාගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මට මහත්තයාගේ කෑම බිම ගැන පවා ඔළුවට එන ප්‍රශ්නවලින් පවා අම්මා මාව නිදහස් කරලා තියෙන්නේ. ඒ නිසා මත්තයාගෙන් විතරක් ‍නෙවෙයි මට හොඳ අම්මා කෙනෙක් ලැබිලා ඉන්න නිසා ඇයගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

ඔබ කොහොමද විලාසිතා තෝරගන්නේ සහ ඒ පිළිබඳව සැමියාගේ ප්‍රතිචාර මොන වගේද?
මට වඩා ඔහු තමයි මට ලස්සනයි කියලා හිතෙන විලාසිතා තෝරලා දෙන්නේ. ‘මේක මෙහෙම විය යුතුයි’ කියලා මට නීති පනවලා නැහැ. රංගනයේදී සාමාන්‍ය විලාසිතාවක් තෝරගන්නේ. නමුත් සාමාන්‍ය ජීවිතේදී බාධාවකින් තොරව මම විලාසිතා තෝරගන්නවා. විලාසිතා කරන්නත් කාලයක් තියෙනවා. ඒ කාලය තුළ ලස්සනට ඉන්නවට ඔහුගෙන් කිසිදු බලපෑමක් නෑ.

ඉගෙනගත් දෙයින් රැකියාවක නිරත වෙන්න අදහසක් නැත්ද?
රැකියාවක් කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. නමුත් ජ්යචථ ලියලා ඛිතචඵඵ ගිහින් ඒ තුළින් තමයි රැකියාවක් කරන්න වෙන්නේ. දැන් ඉතින් ටිකක් කම්මැළි පාඩම් කරන්න. රජයේ හෝ වෙනයම් හොඳ රැකියාවක නිරත වෙන්න ඉදිරියට අදහසක් තියෙනවා. ඊට අමතරව රංගනයෙත් නිරත වෙමින් නිදහස තියෙන රැකියාවක් තමයි මං බලා‍පොරොත්තු වෙන්නේ. කාලය සහ ඉගෙනගත් දේ අපතේ නොයන මහත්තයා ළඟට වෙලා ඉන්න පුළුවන් අනවශ්‍ය ලෙස කාර්ය බහුල නොවන රැකියාවක ඉදිරියේදී නිරත වෙනවා.

ඉදිරියේදී රංගනයේ නිරත වන නිර්මාණ මොනවද?
සැරද සිරි රජ කියන ටෙලි නාට්‍යය සහ ශිව ගුරුනාදන් මහතාගේ ටෙලි නාට්‍යය දෙකක රංගනයේ යෙදිලා තියෙනවා. ඒ නිර්මාණ තුළින් ඉදිරියේදී මාව දකින්න ලැබෙයි.

පුද්ගලික සහ රංගන ජීවිතය පිළිබඳව ඇති අනාගත සැලසුම් මොනවාද?
තාම මේ ජීවිතේ පටන් ගත්තා විතරනේ. ඒ හින්දා ගොඩක් ලොකු සැලසුමක් තාම නැහැ. අපි හරි නිදහසේ ජීවිතේ ගෙවනවා. වෘත්තීමය වශයෙන් හොඳ නිර්මාණවලට යොමු වෙලා ගොඩනගාගත් වටිනාකම් තවත් ඉදිරියට ගෙන යමින් ප්‍රේක්ෂක ආදරය රැගත් ඔවුන්ගේ මතකයේ රැඳෙන වගේම මගේ දක්ෂතාව ඔප් නැගෙන නිර්මාණයන්ට යොමු වෙන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ තුළින් ජනප්‍රියත්වයට එහා ගිය හොඳ දක්ෂ නිළියක් වෙන්න බලා‍පොරොත්තු වෙනවා.

නදුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook