Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

Anan Manan

ENGLISH

Dengue

KELIBIMA

FACEBOOK

Loading...


කාවින්ද්‍යා ජාත්‍යන්තර 
සංගීතවේදියක් වෙන්නලු හදන්නෙ

කාවින්ද්‍යා අධිකාරි කිව්වොත් දැන් නොදන්න කෙනෙක් නෑ. මේ තමයි අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය. දැන් අතුල සමිතා වගේම කාවින්ද්‍යත් හැමෝම අතර ජනප්‍රිය චරිතයක්. මේ ඇය පුවත්පත් සාකච්ඡාවක් හා එක්වී දැක්වූ අදහස් කිහිපයක්.

කාවින්ද්‍යා මේ දවස්වල ටිකක් වැඩ වැඩියිනේ නිවේදන කටයුතු රියැලිටි ෂෝවල කටයුතු සංගීත කටයුතු මේ හැම දෙයක්ම එක්ක. මේ දේවල් එක්ක අම්මා, මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද?

මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට රෑට තමයි අපි තුන්දෙනාම එකතු වෙන්නේ. ඒ වෙලාවට අපි එදිනෙදා දේවල් ගැන කතාබහ කරන්නේ.

කාවින්ද්‍යාට ඔයාගේ අම්මගේ ආදරය තදින්ම දැනුණු දවසක් මතකද?

ගොඩක් අයට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න දවස් තියේවී. ඒත් මට මගේ අම්මි එකවගේම ආදරෙයි. ඒක මටයි මල්ලිටයි දෙන්නටම පොදුයි. ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ. විශේෂ දවසක් නෑ. හැමදාකම ඒ ආදරේ එක හා සමානව තියෙනවා.



තාත්තයි, අම්මයි දෙන්නම එක ළඟ නැති අඩුව තදින්ම දැනුණේ කවදද?

ඒක එහෙම විශේෂයක් නෑ. අම්මගෙන් මට කිසිම අඩුවක් දකින්නේ නෑ. ඒ හැම ආදරේ මට උපරිමයටත් වඩා අම්මගෙන් ලැඛෙනවා. ආදරේ විතරක් නෙවේ පුදුමාකාර රැකවරණයක්, ආරක්ෂාවක් ඒ ආදරේ ඇතුළෙ තියෙනවා. අම්මා මට දෙන ආදරේ මගේ ජීවිතේට හොඳටෝම ඇති.

කාවින්ද්‍යා කියලා තිබුණා ඔබ ඉන්නේ මේ හැම දෙයක් ගැන කලකිරිලා. ඒ නිසා දවසක රට අතහැරලා යනවා කියලා.

නෑ.. ඒ කතාව ඇත්තටම බොරුවක්. එහෙම කිසිම තැනක කියලා තිබුණේ නෑ. ඒත් එක්තරා පත්තරයක එහෙම ගිහිල්ලා තිබුණා. ජීවිතේ කිසිම දවසක මම කිසිම දෙයක් ගැන කලකිරිලා නෑ. එහෙම කිව්වොත් ඒක ලොකු විහිළුවක්. මම දවස ගානේ සතුටින් ගත කරන කෙනෙක්. ජීවිතේට මොන ප්‍රශ්න ආවත් මම ඒවාට හොඳින් මූණ දෙනවා.

ඇත්ත කියන්න තාත්තා අම්මිට දක්වපු ආදරය තාත්තා තව කෙනෙකුට දක්වද්දී දුකක් දැනුණේ නැද්ද?

තාත්තා කියන්නේ අම්මිගේ ජීවිතේ. අම්මිටත් තාත්තටත් නිදහස තියෙනවා ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න. මගේ ජීවිතේත් නිදහස තියෙනවා ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න. මල්ලිගේ ජීවිතෙත් එහෙමයි. අපේ හැමෝගෙම ජීවිතේ ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියෙනවා. ඒවාට අපි තහංචි දාගෙන නෑ.

ආදරවන්තයින්ගේ දිනයත් පහු වුණානේ. මේ වෙනකොට කාවින්ද්‍යා ආදරවන්තියක් නේද?

ඔව්. මම ආදරවන්තියක් තමයි. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක්. දැන්ම ඒ දේවල් කියන්න කාලය වැඩියි. ඉදිරියේදී ඒ හැම දෙයක්ම කියන්නම්. මට මගේ අම්මා වගේම ආදරයක්, ආරක්ෂාවක් එයාගෙන් ලැඛෙනවා.

කාවින්ද්‍යා විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද?

ඇත්තම කිව්වොත් විලාසිතා ගැන මම වැඩිය හිතන කෙනෙක් නෙවේ. මම එහෙම මේක්අප් ගැන වුණත් හිතන්නේ නෑ. ඇඳුම් තෝරද්දී වුණත් අම්මි තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ.

මල්ලි සහ ඔයා අතර තියෙන බැඳීම කොහොaමද?

මල්ලි මට වඩා අවුරුදු හයක් බාලයි. මගේ මල්ලී තමයි මේ ලෝකේ ඉන්න හොඳම හොඳ මල්ලී. මට අම්මිගෙන් ලැඛෙන ලොකුම ආදරේ එක්කම මල්ලිගෙනුත් ඒ හා සමානව ලොකුම ලොකු ආදරයක් ලැඛෙනවා. අම්මිටයි මටයි දෙන්නටම මගේ මල්ලී ලොකු හයියක්.

අම්මිගෙයි තාත්තගෙයි ජීවිත දිහා බලලා ඔයා ඉගෙනගත්තු පාඩම් මොනවද?

ජීවිතේ අපි හිතන්නේ නැති වෙලාවක බොහෝ දේවල් වෙන්න පුළුවන්. ඒ දෙන්නගේ ජීවිතෙත් සහ වර්තමාන සමාජයෙත් මම ඉගෙන ගත්තු ලොකුම දේ තමයි ඉවසීම.

මොකක්ද ඊළඟ ඉලක්කය?

මගේ ලොකුම ඉලක්කය තමයි ජාත්‍යන්තර සංගීතවේදියක් වෙන්න. ඒකට තව මට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. තාම මම ඒ ජීවිතේට මුල් අඩි තියමිනුයි පවතින්නේ.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Help For Us

Paid Ads

Mini Gossip With Politics

Advertisements

Loading...

PHOTO GALLERY

VIDEO PORTAL

BookMark US