Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම ෂාරුක්ට ආදරෙයි
ඒත් තවත් ආදරයක කොටස් කාරියක්
වෙන්න ඕනෙ නෑ
-ලක්ෂිකා ජයවර්ධන

දෙවතාවක් මං විරහව විඳලා තියෙනවා.


‘ආදරය’ කියන්නේ අසීමිත ලෙස කතා කරන්න පුළුවන් සුන්දර මාතෘකාවක්. ඒ සුන්දර ආදරය ගැන කතා කරන්න  එකතු වූයේ ජනප්‍රිය රංගන ශිල්පිනී ලක්ෂිකා ජයවර්ධනයි.

ආදරයට නිර්වචනයක් දෙන්න
දුක, සතුට, සෙනෙහස කියන සියල්ලම ගැබ්වෙලා තියෙන මානුෂීය හැඟීමක් තමයි. මම දකින විදිහට අපි ආදරය කියලා තනි වචනයකින් හඳුන්වන්නේ.


ආදරය හිතට දැනෙනකොට වයස කීයද?
විශේෂ කෙනෙක් පිළිබඳව හිතේ ආදරයක් ඇතිවෙන්නේ අවුරුදු 20දී.

පාසල් ප්‍රේමය මතකද?
ඇත්තටම මගේ පවුල් පසුබිමත් එක්ක මට පාසල් ප්‍රේමයක් තිබිලා නෑ. මගේ වැඩිමල් සහෝදරියන්ගෙන් ලැබුණු රැකවරණයත්, ඒ වගේම ඒ කා‍ලේ ආදර සම්බන්ධයක අවශ්‍යතාවය නොතිබිමත් මත ඉගෙනීමට විතරයි මං යොමු වුණේ.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?
එතැනදී මං 50ක් එකඟයි වගේම 50ක් එකඟ වෙන්නෙ නෑ. අමිහිරි මතකයන් එක්ක අවසන් වෙන ප්‍රථම ප්‍රේමයත් අමතක කරන්න ඕන කෙනෙක් කැමතියිනේ.

පෙම්වතෙකුගෙන් මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද?

රතු රෝස මලක්.

ආදරය ඇතුළේ රාගයට ඔබ වෙන් කරන ප්‍රතිශතය කොපමණද?
ලංකාවේ සංස්කෘතිය තුළ රාගය එහෙම නැත්නම් ඉඥය හිර කරලා තියාගන්න හැදුවට ආදරය ඇතු‍ලේ ඉඥය තියෙනවා. ආදරය කිරීම තුළින් ඉඥය කියන දේට ආවම ආදරය තවත් ශක්තිමත් වෙනවා. නමුත් ඉඥය නිසා ආදරයක් ඇතිවීම තුළ ප්‍රශ්නයක් තියෙනවා.

ඔහු ඔබට ආදරයට කියන නම මොකක්ද?
එයා මට බබා කියන්නේ.

ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද?
මමත් එයාට බබා කියන්නේ.

විරහව කී වතාවක් විඳල තියෙනවද?
හරියටම දෙවතාවක් මං විරහව විඳලා තියෙනවා.

ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙනවාද?
මගේ කරගන්න හිතාන ආදරේ කළාට යම් යම් නොගැළපීම් මත වෙන් වෙන්න වුණොත් ඒ ප්‍රේමයම විවාහයක් දක්වා යන්න බෑනේ. එතැනදී ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙන්නෙ නෑ. නමුත් හදවතේ ඇතිවුණු හැඟීම පවතින්නට හෝ නොපවතින්නට පුළුවන්.

පෙම්වතා නිතරම වැඩිමල් වෙන්න ඕනෙද?

මට අනුව වැඩි වයස් පරතරයකට මං කැමති මගේ වයස පහු කරපු එයාට මාව මගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මට වඩා අත්දැකීම් එයා සතුයි. එතකොට ඔහු ආදරය, ආර්ථිකය, අත්දැකීම් කියන සියල්ලෙන්ම ශක්තිමත්. එහිදී ඔහු මට වඩා වැඩිමල්වීම වැදගත්. කොච්චර ලස්සන වුණත් වයසින් අඩු කෙනෙක් කෙරෙහි මට නම් කිසිම හැඟීමක් ඇති වෙන්නේ නෑ.

පෙම්වතෙකුගෙන් ලැබුණ වටිනාම තෑග්ග මොකක්ද?

ප්‍රේමවන්තියකට ප්‍රේමවන්තයෙකුගෙන් ලැබෙන වටිනාම තෑග්ග තමයි ආදරය. ඒ ආදරය මුදල් හෝ වෙන යම් තෑග්ගකට සම කරන්න බෑ.

ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕනි පිරිමි ළමයාද?
ආදරය සම්බන්ධව තමන්ට හැඟීමක් ඇති වුණොත් ඒක තමුන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. එතනදී කිසිම භේදයක් මම දකින්නෙ නෑ.

ඔබට වඩා වයසින් ළාබාල කෙනෙක් ගැන ආදරය හිතිලා තියෙනවාද?

එහෙම ආදරයක් මගේ හිතේ ඇති වෙලත් නෑ. ඇති වෙන්නෙක් නෑ.

ඔබ කාටහරි මුලින්ම ආදරය ප්‍රකාශ කරලා තියෙනවද?

නැහැ.

ඔබ වශීවෙන්නේ පිරිමි ළමයගේ මොන වගේ ගතිගුණවලටද?
මං ආදරේ කරන්නෙ මගේම කරගන්න අරමුණින්. එතකොට මාව රැකබලා ගන්න, මට ආදරය කරන, ආරක්ෂාව සහ රැකවරණය වගේම මගේ බලා‍පොරොත්තුවලට මගේ අතින් අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් නම් ඔහු, මං එයාට වශී වෙනවා.

ජනප්‍රිය නළුවෝ කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවද?
ෂාරුක් ඛාන්ට හිතින් ආදරය කළාට කිසිම රංගන ශිල්පියෙකුට ආදරය නොකිරීමේ ප්‍රතිපත්තියේ මං තාම ඉන්නවා.

පෙම්වතා තරහා වුණාම ඔබ යාළු කරගන්නේ කොහොමද?
ඛිචතත කරලා එයාව ෂේප් කරගන්න තමයි ගොඩක් වෙලාවට මං උත්සාහ කරන්නෙ.

අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද?

එහෙම වෙලා නෑ ඇත්තටම.

විවාහයෙන් පිට ආදරයක් මුණගැහුණොත්?
එහෙම ආදරයක් මට මුණ ගැහෙයි කියලා මං හිතන්නේ නෑ. දෙන්නා අතරේ ප්‍රශ්නයක් වුණොත්නේ තවත් ආදරයක් අවශ්‍ය වෙන්නේ. මං ගොඩක් හොඳට හොයලා බලලා තමයි විවාහ වෙන්නේ. එතැනදී මං තවත් ආදරයක කොටස්කාරියක් වෙන්නෙ නෑ. සමාජය තුළ එහෙම අවස්ථා තිබුණත් මට එහෙම වෙන්නේ නෑ කියන විශ්වාසය මං තුළ තියෙනවා.

දැන් ඔබගේ සිහින කුමාරයා මුණගැහිලද?

ඒ ප්‍රශ්නෙට මං උත්තරයක් නොදී ඉන්නම්

නදුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook