Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වසර දහයක් ගතවෙද්දී 
Daddyගේ “ආලේ” එළියට

Daddyලට අවුරුදු දහයකුත් වෙලා නේද විරේෂ්?

ඔව්. අපිට දැන් අවුරුදු දහයයි. අපි 2007දී තමයි මස්සිනා song එකෙන් band එකක් විදියට එළියට එන්නේ.


සංවත්සර සැමැරුම වෙනුවෙන් අලුත් ප්‍රසංගයක් පවත්වන්න යනවා කියලත් ආරංචියි?

ඇත්තටම අවුරුදු දහයක් කියන්නේ ටිකක් දීර්ඝ ගමනක් නිසා අපි හිතුවා මේ පාර මොකක් හරි විශේෂයක් කරන්න ඕනෙ කියලා. මොකද අපි මේ වෙනකන් තනියෙන් එක ප්‍රසංගයක්වත් කරලා නැහැ. ඉතින් ඒ හින්දම තමයි අපි "ආලේ" කියලා අපේ අලුත්ම සින්දුවෙ නමින් ප්‍රසංගයක් කරන්න තීරණය කළේ.


ප්‍රසංගයක් විදියට "ආලේ" හරහා Daddyලා කරන්න යන වෙනස්කම් මොනවාද?

සාමාන්‍යයෙන් අපේ ප්‍රසංගවල ගොඩක් දුරට වෙන්නේ නටලා කරලා පොඩ්ඩක් බජව් ආකාරයට යන එකනේ. නමුත් මේක අපේ පළමු සහ අලුත්ම ප්‍රසංගය නිසා අපි වෙනසක් එක්ක මිනිස්සු අතරට යන්න හිතුවා. ඉතින් අපි අපේ පරණ ගීත 60%ක් 70%ක් විතර වෙනස් කිරීම්වලට ලක් කරලා තමයි මේ ප්‍රසංගයේදී ගායනා කරන්නේ.

ප්‍රේක්ෂකයන්ට ඉඳගෙන රස විඳින්න පුළුවන් විදියට වගේම මෙච්චර කලක් Daddyලාගෙන් නොදැකපු, නොඅහපු විදියෙ වෙනසක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා.



"ආලේ ප්‍රසංගය කවදා කොහෙදිද පැවැත්වෙන්නේ කියලත් මතක් කරමු?

"ආලේ" ප්‍රසංගය ජූලි 29 වැනිදා මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී හවස 7.30ට තමයි ආරම්භ වෙන්නේ.



ආලේ අරගෙන රට වටෙත් යන්නලු නේද හදන්නේ?

විශේෂයෙන් ඒක කියන්න ඕන. මේ ප්‍රසංගය එතනින් ඉවර වෙන්නේ නැහැ. මේක සීරීස් එකක් විදියට දිගටම ඉදිරියට යනවා. ඉතින් මීගමුවෙන් පස්සේ අපි "ආලේ" අරගෙන ගාල්ල, නුවර, කොළඹ වගේ නගරවලටත් යන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලෙ Daddyලාගේ සද්දේ ටිකක් අඩුවෙලා නේද තිබ්බේ?
ඔව්. ගයාන් අපේ බෑන්ඩ් එකෙන් අයින් වෙලා රට ගියා. ඉතින් එහෙම කෙනෙක් අඩු වුණාම අපේ ගීතවල සද්දෙත් අලුත් කරන්න වෙනවා. ඒ නිසා ගයාන් ගියාට පස්සේ ඒ අඩුව කළමනාකරණය කරගන්න තමයි අපි ටිකක් නිහඬව හිටියේ. නමුත් දැන් අපි සද්දේ අලුත් කරගෙන සජීවීව ගායනය කරන්නත් පටන් අරගෙන තියෙනවා.


සංගීත කණ්ඩායමක් විදියට Daddyලට නායකයෙක් නැද්ද?

ගොඩක් බෑන්ඩ්වලට නායකයෙක් ඉන්නවා. එත් සමහර ඒවට නෑ. ඉතින් අපේ බෑන්ඩ් එකටත් එහෙම නායකයෙක් නැහැ. අපේ තියෙන්නේ වැඩි ඡන්දය මත තීරණ ගන්න ක්‍රමවේදයක්. අපේ කණ්ඩායමේ තුන්දෙනෙක් කිව්වොත් මේ තීරණය ගන්න ඕනෙ කියලා. ඒකට එකඟ වෙනවා. ඒක Daddyලගේ ඉස්සර ඉඳන් තිබිච්ච ක්‍රමවේදයක්.


ඉදිරියෙදි Daddyලාගෙන් මොනවගේ ආරක ගීත නිර්මාණය වෙයිද?

මෙහෙමයි. අපි ගීත හදනකොට ෆාස්ට් බීට් එකක්ද ස්ලෝ ගීතයක්ද කියලා කලින් හිතලා හදන්නේ නැහැ. මොකද අපේ කණ්ඩායමේ හැමෝම වගේ සින්දු හදනවා. ඉතින් එක එක්කෙනාගෙන් කෙරෙන දේවල් එකිනෙකට වෙනස්. එහෙම හැමෝගෙන්ම ලැබෙන ගීත අපි කණ්ඩායමක් විදියට අහලා කතා බහ කරලා වෙනස් කිරීම් කරලා තමයි එළියට දාන්නේ. ඉතින් කලින් ගීතයට වඩා අලුත් දෙයක් රසිකයන්ට දෙන්න උත්සාහ කරනවා මිසක් මේ ආරේ ගීත නිර්මාණය කරනවා කියලා නිශ්චිත නියමයක් අපිට නැහැ.


ළඟදීම එහෙම හොඳයි කියලා හිතුණු අලුත් ගීතයකුත් එළියට එයිද?

ඔව්. අපි මේ වෙද්දීත් මෙලඩි පහක් හදලා තියෙනවා. ඒවයෙ වැඩ අවසන් කරලා මොකක්ද එළියට දාන්නෙ කියන එක තීරණය කරන්න තමා තියෙන්නේ. නමුත් මේ ප්‍රසංගය නිසා මේ වෙද්දී ඒ කටයුතු පොඩ්ඩක් කල් දාලා තියෙනවා.


අවසන් වශයෙන් Daddyලගේ රසියකයන්ට කියන්න තියෙන්නේ මොනවගේ දෙයක්ද?

අවුරුදු දහයක කාලයක් අපේ රසිකයන් අපිත් එක්ක රැඳී හිටියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් නොවෙන්න අපිට ගෙදරට වෙලා තමයි සින්දු කියන්න වෙන්නේ. අපේ රසිකයො නිසා බෑන්ඩ් එකක් විදියට අපි වාසනාවන්ත ගමනක් යනවා කියලා හිතෙනවා.


රුවින්ද වීරසිං

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook