Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

එයාගේ එහෙම ලොකු අකමැත්තක් නම් නැහැ
ඉදිරියට පෙරළියක් වෙයි 
– සචිනි අයේන්ද්‍රා

සචිනි අයේන්ද්‍රා කියන්නේ ඉතාමත් ජනප්‍රිය රසික හදවත්වලින් නොමැකෙන චරිතයක්. ඒ ඇගේ රංගනය පමණක්ම නොව මන බඳින රූසපුවත් නිසයි. මේ වෙද්දි ඇය ආදරණීය දියණියන් දෙදෙනකුගේ මවක්. මෙවර ඇගේ අලුත්ම තොරතුරු දැන ගන්න ‘රිවිසරසි’ කතාබහට ඇයව එකතු කරගත්තා.

ඉතින් කොහොමද ජීවිතේ?
මේ දවස්වල නම් සතුටින් සුවෙන් ඉන්නවා.

සචිනි අයේන්ද්‍රා චිත්‍රපටිය නිසා කාර්යබහුලයි කියන්නේ ඇත්තද?
එහෙම නැහැ. කාර්යබහුල නම් නැහැ. මොකද චිත්‍රපටයේ රූගත කිරීම් අවසානයි. අපි රූගත කිරීම් පටන් අරගත්තේ මේ වසරේ මුල. ඒ වගේම තවත් චිත්‍රපට කීපයකම රූපගත කිරීම් අවසානයි.

චිත්‍රපටය ගැන කිව්වොත්?
චිත්‍රපටයේ නම ඇවිල්ලා ‘තානාපතිගේ ගෙදර.’ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමා තමයි නලීන් මාපගේ මහත්මයා. රංගනයෙන් දායක වෙනව මම, සූර්යා, හිමාලි සයුරංගි සහ රොෂාන් රවීන්ද්‍ර.

එතකොට මෙහි තේමාව සැකසිලා තියෙන්නේ කොහොමද?
මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ ඉතිහාසයේ වෙනත් ජාතිකයන් ලංකාවට ආවේ කොහොමද කියල හොයන් යන කැම්පස් ළමයි හතර දෙනකුගේ කතාවක්.

විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ රූගත කිරීම්වලට ලංකාවේ හැම ඓතිහාසික වැදගත්කමක් තියෙන පැති ගොන්නකටම ගියා. ඒ වගේම මේ චිත්‍රපටයේ ගත්තොත් මගේ චරිතය ඇවිල්ලා දමිළ තරුණියකගේ චරිතයක්.

සචිනි කාලෙකට පස්සෙ නේද සිනමාවට සම්බන්ධ වුණේ?
නැහැ, ඊට මාසයකට කලින් වගේ රෝයි ද සිල්වා මහතාගේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් තිබ්බේ ඇමෙරිකාවේ.

පුංචි තිරයට වඩා සිනමාවට සම්බන්ධ වෙන්නේ මවක්, බිරිඳක් විදිහට කාර්යබහුල නිසාද?
ගෙදර වැඩකටයුතුත් තියෙනවා. ගොඩක් වෙලාවට මං දරුවෝ වෙනුවෙන් මගේ කාලයෙන් සියයට සියයක්ම යොදවලා තියෙන්නේ. නමුත් කොහොම හරි හැමදේම බැලන්ස් එකේ කරගන්නවා.

දියණියන් දෙදෙනා එක්ක ගවෛන ජීවිතේ කොහොමද දැනෙන්නේ?
ලොකු වගකීමක් හිතට දැනෙන්නේ. හැම වැඩක්ම ඒ දෙන්නා වෙනුවෙන් කරනවා. කවනවා, ‍පොවනවා, උගන්වන දේ ඉඳන් හැමදේම. තාම දඟ වයස දෙන්නම. පුළුවන් උපරිමයෙන් දෙන්නාගේ කටයුතු ඉටු කරනවා.

ගෙදර නැති අවස්ථාවලදී දරුවන්ගේ කටයුතු කවුද සොයා බලලා කරන්නේ?
ගොඩක්ම බබාලා දෙන්නා බලාගන්න කෙනෙක් ඉන්නවා. මගේ හස්බන්ඩ්, එයාගේ අම්මා වගේම සමහර අවස්ථාවලදී මගේ අම්මත් එනවා. පවු‍ලේ අය තමයි හැමදේටම උදව් කරන්නේ.

එදා සහ අද ක්ෂේත්‍රය ගත්තම ඇතිවෙලා තියෙන වෙනස කොහොමද?
ලොකු දියුණුවක් හෝ වෙනසක් නම් වෙලා නැහැ. නමුත් සමහර පැති දියුණුවෙලා තියෙනවා. නෑ කියන්න බැහැ. නමුත් ගරාවැටීමකට ලක්වෙලා තියෙන්නේ. ඉදිරියට පෙරළියක් වෙයි කියල බලා‍පොරොත්තු වෙනවා. අලුත් පරපුර කොහොම වෙයිද කියලා.

හස්බන්ඩ් කැමතිද රඟපානවට?
එයාගේ එහෙම ලොකු අකමැත්තක් නම් නැහැ. බඳින්න කලින් ඉඳන්ම මම හිටපු ක්ෂේත්‍රය මේක. ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි විවාහ වුණේ. මං මගේ ගෙදර කටයුතු, ක්ෂේත්‍රයේ කටයුතු බැලන්ස් කරන් කරන නිසා ප්‍රශ්නයක් නැහැ.

ක්ෂේත්‍රයේ කටයුතු නිසා ගෙදර වගකීම් මගහැරිලා නැද්ද?
ඒක මෙහෙමයි. සාමාන්‍ය ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ට වුණත් මග හැරෙන අවස්ථා එනවා. රංගන ක්ෂේත්‍රය ඇවිත් අලංකාරවත් ක්ෂේත්‍රයක්. මං කියන්නේ ඒ දෙස වෙනස් විදිහට බලන්න එපා කියලයි.

සාමාන්‍යයෙන් මට ඕන වෙලාවට, ඕන දවසට ෂූටින් දාගන්න නිදහස තියෙනවා.
ඒ නිසාම මගහැරෙන විදිහට කටයුතු දාගන්නේ නැහැ. හුඟක් වෙලාවට උදේ වරුවට වැඩ දාගන්නවා, නැත්නම් හස්බන්ඩ් ඉන්න වෙලාවල් බලලා දරුවන්ගේ වැඩ මග හැරෙන්නේ නැති වෙන්න තමයි වැඩ දාගන්නේ.

දරුවන් ක්ෂේත්‍රයට යොමු වෙන්න ඇහුවොත් ඉඩ දෙනවාද?
ඒකේ මගේ අකමැත්තක් නැහැ. ඒ අය දැනුම් තේරුම් ලබනකොට හොඳින් අධ්‍යාපනය කරලා ඉවර වුණාම ඉඩ ලැබෙයි ඒ අය කැමති මාධ්‍යය තෝරාගන්න.

අධ්‍යක්ෂණයට යොමුවෙන්න සචිනිට අදහසක් නැද්ද?
නැහැ, දැම්ම ‍නෙවෙයි. තව අවුරුදු දහයකින් වගේ අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් තියෙනවා. දැනට රඟපෑම කරලා හොඳට ක්ෂේත්‍රය තව තවත් අඳුනගන්න ඕන.

ඉදිරි වැඩ ගැන කිව්වොත්?
චිත්‍රපටයකට ලෑස්ති වෙනවා. ඒ වගේම විදෙස් සංචාර කිහිපයක් තියෙනවා. ඒවා තමා.

චාරුන්දී කරුණාතිලක
ඡායාරූප :චමිල කරුණාරත්න

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook