Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසභ්‍ය චිත්‍රපට නැත්නම් Porn ගැන පාර්ලිමේන්තුවේ කළ කතාවක් මේවන විට සමාජ මාධ්‍යජාල වල වරනැගෙන මාතෘකාවක් වී තිබේ.

හිරුණිකා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ Porn හෙවත් අසභ්‍ය චිත්‍රපටි සමඟ සටන් කරන්න වෙනම පොලිස් ඒකකයක් අවශ්‍ය බවයි.

ලිංගිකත්වය සහ අන්තර්ජාලය වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් ඇති ස්ථානයක් බවත්, රටට අවශ්‍යවන්නේ නිල් චිත්‍රපට පොලිසියක් නොව අලුත් ලෝකයට ගැලපෙන දැනුම, ආකල්ප, සමාජආරක්ෂණ විධික්‍රම සහ පාසල් කාලයෙදීම ලබාදෙන ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමයක් බව මතුකරමින්ද ෆේස්බුක් පිටුවල ලිපි පලව තිබේ.

මේ අතර වැඩිදෙනෙකුගේ මතය වී ඇත්තේ මේ කතාවෙන් හිරුණිකාගේ Porn policy වල (උපායේ) අවුලක් ඇති බවයි.

එවැනි ලිපියක් පහත පල වේ.

ඊයේ පුවත්පත් වල තිබුන හැටියට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රිනී හිරුනිකා මහත්මිය ඉතාම කාලෝචිත ප්‍රකාශයක් නිකුත්කර තිබුණා. (ඩිෆෙන්ඩර් සිද්දියෙන් පසු ඇය ගැන ඇහුනමයි) ඒ තමයි Porn හෙවත් අසභ්‍ය චිත්‍රපටි සමග සටන් කරන්න වෙනම පොලිස් ඒකකයක් අවශ්‍ය බව. මේ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්නේ ඇයගේ අදහසේ තිබෙන අඩුපාඩු කීපයක් නිවැරදි කරන්න.

Porn හෙවත් නිල් ච්ත්‍රපටි කියන්නෙ හොලිවුඩ් එක බොලිවුඩ් එක වගේම ලොකු ඉන්ඩස්ට්‍රී එකක්. Porn Hub කියන වෙබ්අඩවිය පමණක් ඩොලර් බිලියන ගණනක ආදායමක් ගිය වර්ෂයේ ලැබුවා. ලොවපුරා මිනිස්සු බිලියන ගණනක් එක මොහොතක නිල් ච්ත්‍රපටි බලනවා පමණක් නොවෙයි ලංකාව ඇතුළු බොහොමයක් රටවල් වල ඒ සදහා නිත්‍යානුකූල ඉඩකඩ ලබා දී තිබෙනවා. අන්තර්ජාලය සහ ලිංගිකත්වය යන මාතෘකාවේ ටිකක් පරණ සාකච්චාවක් තමා නිල් චිත්‍රපටි නියාමනය. අද ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණ සහ භයානයක එකක්. මේ ගැන ලංකාවේ Grassrooted ආයතනයත් හොද අධ්‍යනයක් කර තිබුණා.

අද ලංකාවේ ජංගම දුරකථන භාවිතය 100% වන අතර ස්මාට් දුරකථන භාවිතය 20% වැඩියි. මිලියන 6 කට වඩා අන්තර්ජාලය භාවිතා කරනවා. මින් බහුතරය තරුණ තරුණියන්. මේ අය මිතුරුකම් පවත්වා ගන්නෙ, ආදරය කරන්නේ, ලිංගික හැගීම් ප්‍රකාශ කරන්නෙත් අන්තර්ජාලය සහ මොබයිල් එක හරහා. බොහොමයක් පාසල් සිසුවියන් තමන්ගේ නිරුවත් චායාරූප තමුන්ගේ විශ්වාසවන්තම පෙම්වතා සමග බෙදාහදා ගන්නේ ස්මාට් ෆෝන් එක මගින්. තරහ වුන ගමන් කොල්ල මේව තමුන්ගේ යාළුවොත් එක්ක බෙදාගන්නවා එහෙමත් නැත්නම් අන්තර්ජාලයට නිකුත් කරනවා කියා තර්ජනය කරනවා. එහෙම නිකුත්කල ලංකාවේ වීඩියෝ සහ ෆොටෝස් දස දහස් ගණකක් ලෝකයේ ජනප්‍රිය පෝර්න් සයිට් වල තිබෙනවා. ඒ සදහා අන්තර්ජාලයේ ලොකු ඉල්ලුමකුත් තිබෙනවා.

මේ අලුත් පන්නයේ ලිංගික අතවරයට ලක්වෙන බොහොමයක් තරුණියන් පැමිණිලි කරන්නේ කොහාටද, ආරක්ෂාකාරීව උදව්වක් ලබාගන්නේ කාගෙන්ද, තමුන්ගේ පෞද්ගලිකත්වය රැකගන්නේ කොහොමද කියල දැනුවත් නැහැ. දැනට අන්තර්ජාලයෙන් සිදුවන ලිංගික අතවරවලට පැමිණිලි කිරීම සදහා කෙලින්ම පොලිස්පතිතුමාගේ කාර්යාලයට දැනුම් දිය යුතුයි. ඒක ප්‍රායෝගික කාරණයක් නෙමෙයි. අනෙක් අතට පාසල්, දෙමව්පියන් සහ නීතියට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් මේ නව ප්‍රවණතා පිළිබද දැනුවත් වෙලත් නැහැ. පොදුවේ ලිංගිකත්වය සහ අන්තර්ජාලය පිලිබදව අපේ සාක්ෂරතාවයත් දුර්වලයි. අනෙක් අතට ලිංගික අතවර වලදී අපි මුලින්ම ඇගිල්ල දික් කරන්නේ අගතියට පත් කාන්තාවන් දෙසට.

ලිංගිකත්වය සහ අන්තර්ජාලය කියන්නේ වෙන්කළ නොහැකි සබදතාවයක්. නිල් චිත්‍රපටිවලට පොලිසියක් නෙමෙයි අපට අවශ්‍යවන්නේ අලුත් ලෝකයට ගැලපෙන දැනුම, ආකල්ප, සමාජආරක්ෂණ විධික්‍රම සහ පාසල්කාලයෙදීම ලබාදෙන ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමයක්.

මිලින්ද රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook