Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ගුරු මාරුව ඔබට කොහොමද?

අපල සපල වෙයි...
දොළොස්‌ වසරකට පසු ගුරු මාරුවක්‌
ලග්න රැසකට සුබම සුබයි



බ්‍රහස්‌පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත් සුබම සුබ ග්‍රහ ලොවයි. ජන්මියාට ඛෙහෙවින් ම සුබඵල උදාකරන්නේ ද ගුරු වන අතර ගුරුගේ දැක්‌මත් ගුරු ලග්න ගතව කෙනෙකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබ දායකය. කෝටියක්‌ දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්‌ථාවල අසුබ වන ආකාරයද දැකගත හැකිය. ගෝචර වශයෙන් කෙනෙකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්‌ථාන වල ගමන් කිරීම සුබ දායක වන අතර 3, 6, 8, 12 යන ස්‌ථාන අසුබ වන්නේය.

එවන් වූ ගුරු දැනට වසරකට ආසන්න කාලයක්‌ කන්‍යා රාශියේ ගෝචරයෙන් ගමන් කරන අතර එම බ්‍රහස්‌පති ග්‍රහයා එළඹෙන 2017 සැප්තැම්බර් මස 12 වන කුජ දින උදෑසන 6.53 ට ගුරු හෙවත් බ්‍රහස්‌පති තමාගේ අනෙක්‌ සතුරු රාශිය වන තුලා රාශියට පිවිසෙයි. හරියටම 12 වසරකට පසු සිකුරු හිමි තුලා රාශියට ගෝචර වශයෙන් ගුරු පිවිසීමට නියමිතය.

එම ගුරු එතැන් සිට 2018 ඔක්‌තෝබර් 10 වන දින වෘශ්චික රාශි ගත වන තුරු වසරකටත් වැඩි කාලයක්‌ තුලාවේ රැඳී සිටිනු ඇත. තුලාව ගුරුට තවත් සතුරු රාශියකි. ඒ අනුව 12 වසරකට පසු සිදුවන මෙම සුවිශේෂි අසිරිමත් ගුරු ග්‍රහ මාරුව රටට ලෝකයට මෙන්ම ලග්න 12 න් උපන් ඔබට කෙසේ බලපායි ද?

ශ්‍රී ලංකාවේ නිදහස්‌ මොහොතේ උදා වූ කුම්භ ලග්න ජන්ම පත්‍රයේ මෙතෙක්‌ කලක්‌ ලග්න භාවයෙන් 8 වැන්නේ හෙවත් මාරක ස්‌ථානයේ අසුබව ගමන් ගත් ගුරු හෙවත් බ්‍රහස්‌පති 9 වැන්නට නැතහොත් පුණ්‍යස්‌ථානයට පිවිසීම අප රටට යහපත් හා සුබදායක වනු ඇත. පසු ගිය කාලයේ පැවති කරදර බාධක බොහෝ දුරට සමනය වනු ඇත. එසේම සියලූ‍ ලග්න වලට ගුරුගේ මේ ගමනින් බොහෝ සුබඵල උදා වනු ඇත. මෙතෙක්‌ රටේ ආර්ථීක අංශ වල පැවති අසුබ ඵල මග හැර සුබ ඵලම උදා කරනු ඇත. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම අපේ රටේත් විවිධ වෙනස්‌ කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක්‌ ලැබේවි. ආගමික ප්‍රබෝධයක්‌ ඇති වේවි. සාහිත්‍ය හා ජ්‍යොතිෂයේද වර්ධනයක්‌ වේවි. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳේ්වි. නව ප්‍රබෝධයක්‌ රට තුළ ඇති වේවි. දේශපාලනය තවතවත් උණුසුම් හා නැවුම් වේවි. නව නායකයන් කරලියට පිවිසීම මෙන්ම දේශපාලන නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. මැතිවරණයන් පැවැත් වේවි. නව දේශපාලන පක්‌ෂ බිහි වේවි. බුද්ධිමතුන්ට යහපත් කාලයක්‌ උදාවේ. භික්‌ෂූනA වහන්සේ ඉදිරියට පැමිණේවි. රට තුළ දේශගුණ විපර්යාස යම් පමණකට ඇතිවේවි. විශේෂයෙන් ජලගැලීම්, නාය යැම්, සුළි සුළං, ඉඩෝර වැනි දේ ඇති විය හැකිය. රටතුළ නැවුම් බවකින් යුතු වටපිටාවක්‌ නිර්මාණය වේවි. අපහසුතා මැද සිටි මහ ජනතාවට මෙම ගුරු මාරුව කලකට පසු උදාවන අස්‌වැසිල්ලක්‌ වනු නොවනු මානය.

ගුරු මාරුවේ ලග්න පලාපල

මේෂ ලග්නය

තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල.

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක්‌ පුරාවට ලග්නයෙන් 6 වැන්නේ අසුබ රාශි ගතව ගමන් කළ බ්‍රහස්‌පති මෙවර ලග්න භාවයෙන් 07 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 07 වැන්න ගුරුට ගෝචර ගමනේ යම් පමණක යහපත් ස්‌ථානයක්‌ වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්‌ථා ද උදා වේ.

ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශ වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්‌ථාවක වාසියක්‌ අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්‌ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්‌ථානයෙන් මාරුවක්‌ හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ වීමේ අවස්‌ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්‌වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැඛෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

කුලී නිවාසවල රැඳි ඔබගේ සිතේ කාලයක්‌ පැවති නිවාස සිහිනයක්‌ මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ සහෝදර සහෝදරියන්ට සුබ දායකයි.

එසේම ඔබට යටි බඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්වයක්‌ වනු ඇත. එසේම ඔබ ජලය ආශ්‍රිත කටයුතු වලදී විමසිලිමත් වීම වැදගත්ය.

වෘෂභ ලග්නය

නීතිමය ගැටලූ‍ හා ශරීර සනීපය දුබල වීම.

ඔබගේ ජන්ම පතේ ගුරු 6 වන්නේ, ඒ රෝගස්‌ථානයේ. ඒ හේතුව නිසාවෙන් සතුරු කරදර නීතිමය ගැටලූ‍, ශරීර සනීපය දුබල වීම වැනි ගැටලූ‍ පැන නගින්න පුළුවන්. ඒත් ඒවා ගුරුගේ ගුණය නිසා ප්‍රබල වෙන්නේ නෑ. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබටත් සුබ වගේම අසුබ ඵලත් ලැඛෙනවා.

ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්‌පති බලවත්ව උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්‌ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

මිථුන ලග්නය

රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌.

ලග්නයේ 5 වන්නට පැමිණෙන ගුරුගෙන් දරුවන් බලාපොරොත්තු වන විවාහක ඔබට වාසනාවන්ත හා පුණ්‍යවන්ත පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ‍ අංශ වලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ හා නව රැකියා හිමි වීමට ඉඩ තියනවා. ඵ් වගේම අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. නීතිය හදාරන මිථුන ලග්න හිමියනට මෙම ගුරු මාරුව ඛෙහෙවින් වාසි සහගත වනු ඇත. මුදල් අතේ ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්‌ථා ද උදා වේ. අධ්‍යාපනය ලබන දරුවනට යහපත් වන අතර උසස්‌ අධ්‍යාපන අවස්‌ථා ද හිමි වේ.

ඔබටත් ඉතින් සියලූ‍ අංශ වලින් සුබයි. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය.

කටක ලග්නය

සමපල උදාකරනු ඇත. නිවාස සිහිනයක්‌ ඉටුවනු ඇත.

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු සිව් වැන්නේ කේන්ද්‍රස්‌ථාන ගත වෙනවා. 4 වැන්න ඔබගේ මෘතෘස්‌ථානය හෙවත් ගෘහස්‌ථානයයි. ඔබට මෙම ග්‍රහ මාරුව සමපල උදාකරනු ඇත. ඔබගේ ආදායම් තත්්ත්වයට යම් පමණකට බාධා එල්ල විය හැකිය. කෙසේ වෙතත් ඔබගේ සිතේ පැවති නිවාස සිහිනයක්‌ මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට සුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස්‌ අධ්‍යාපන කටයුතු වල වර්ධනයක්‌ ඇති වන අතරම විදේශ ගමන් වලටද එක්‌විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ස්‌වයං රැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තිඛෙනවා. නමුත් රාජකාරි නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි.

රෙදිපිලි හා ගොඩනැඟිලි ආශ්‍රිත ව්‍යාපාර කටයුතු වල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව ඛෙහෙවින් සුබ දායක ග්‍රහ මාරුවකි. ලාබ ලැඛෙන කාලයකි.

එසේම ඔබට පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ යටිබඩ ආශ්‍රිත රෝග හේතුවෙන් රෝහල් ගත වීමේ අවදානමකුත් තිඛෙනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්යක්‌ වනු ඇත. එසේම විමසිලිමත් වීම වැදගත්ය. ඒ කොහොම වුනත් ඔබට ඉතින් ගුරුගේ නිවාස මාරුව නම් සුබයි.

සිංහ ලග්නය

අසුබ වැඩි සුබ අඩු චෝදනා හා අපවාද එල්ල වන කාලයකි.

ලග්නයෙන් තුන් වැන්නට බ්‍රහස්‌පති පිවිසීම ඔබට සුබ හා අසුබ ඵල දෙකම උදාවීමට නියමිතය. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට වැඩි වීමේ අවස්‌ථා උදා වනු ඇත. එසේම ඔබට දීීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. මිතුරන් අමනාප වන කාලයක්‌ වුවත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැඛෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්‌ථා උදා වේ. එසේම රැකියා ස්‌ථානයෙන් මාරුවක්‌ හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක නොවනු ඇත. තරග විභාග ආදියෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත නොහැකි කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්‌විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරු වලට ලක්‌විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වනු ඇත.

ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්‌පති බලවත්ව උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්‌ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

කන්‍යා ලග්නය

තැන්පත් ධනය ඉහලට.

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු දෙවැන්නේ ත්‍රිකෝණස්‌ථාන ගත වෙනවා. 2 වැන්න ඔබගේ කේන්ද්‍රයේ ධනස්‌ථානයයි. පසුගිය වසරක්‌ පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්න භාවයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව සමපල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්‌ථාවක බාධා එල්ල විය හැකිය. තැන්පත් ධනය නම් ඉහළ යනු ඇත. විටෙක අය පක්‌ෂය ඉහළ යන අවස්‌ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත. කුලි නිවාස වල රැඳි ඔබගේ සිතේ කාලයක්‌ පැවති නිවාස සිහිනයක්‌ මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට හා පියාට සුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස්‌ අධ්‍යාපන කටයුතු වල වර්ධනයක්‌ ඇති වන අතරම විදේශ ගමන් වලටද එක්‌විය හැකිය. රෙදිපිලි හා ගොඩනැඟිලි ආශ්‍රිත ව්‍යාපාර කටයුතු වල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව ඛෙහෙවින් සුබ දායක ග්‍රහ මාරුවකි. ලාබ ලැඛෙන කාලයකි.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ස්‌වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තිඛෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන වසරකි. අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. දරුවන් බලාපොරොත්තු ඔබගේ එම කාරණා මෙම වසරේ ඉටු වනු ඇත.

එසේම ඔබට උගුරේ අපහසුතා හා පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ යටිබඩ ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්වයක්‌ වනු ඇත. එසේම ඔබ ජලය ආශ්‍රිත කටයුතු වලදී විමසිලිමත් වීම වැදගත්ය.

තුලා ලග්නය

කලක්‌ පැවති අපල ඉවතට.

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක්‌ පුරාවට ලග්නයෙන් 12 වැන්නේ අසුබ ප්‍රතිඵල උදාකළ බ්‍රහස්‌පති මෙවර ලග්නභාවයට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. මෙම කාලසීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට සුව වීමේ අවස්‌ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්‌වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැඛෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

ගේ දොර කටයුතු යහපත් වන අතර දරුවන්ගේ කටයුතු ද වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැඛෙන කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්‌ථා උදා වේ. එසේම රැකියා ස්‌ථානයෙන් මාරුවක්‌ හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගමන් වලටද එක්‌විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුළු අනතුරු වලට ලක්‌විය හැකියි. පැවති චෝදනා හා අපවාද නිදහස්‌ වන කාලයකි. ආගමික කටයුතුවලට සිත යොමු වනු ඇත. දේශපාලනයේ යෙදෙන තුලා ලග්න හිමියන්ට සුබ දායක වන්නේය.

වෘශ්චික ලග්නය

තැන්පත් ධනය පහලට.

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා සතුරුව ලග්නයෙන් 12 වැන්න හෙවත් වැය ස්‌ථානයට පිවිසීම ඔබට නම් එතරම් සුබ දායක නොවනු ඇත. පසුගිය වසරක්‌ පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්න භාවයෙන් 11 වැන්නේ හෙවත් අය ස්‌ථානයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව අසුබපල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්‌ථාවක බාධා එල්ල විය හැකිය. තැන්පත් ධනය කැපී පෙනෙන ලෙස පහළ යනු ඇත. විටෙක නීතිමය ප්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්‌ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැඛෙන කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්‌විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුළු අනතුරු වලට ලක්‌විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වනු ඇත. දේශපාලනයේ යෙදෙන ලග්න හිමියන්ට ඛෙහෙවින් අසුබ දායක වන්නේය.

කුලී නිවාස වල රැඳි ඔබගේ සිතේ කාලයක්‌ පැවති නිවාස සිහිනයක්‌ මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ සහෝදර සහෝදරියන්ට අසුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස්‌ අධ්‍යාපන කටයුතු වලට බාධාකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන් වලටද එවැනිම බාධා එල්ල විය හැකිය.

එසේම ඔබට යටි බඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්යක්‌ වනු ඇත. එසේම ඔබ ජලය ආශ්‍රිත කටයුතු වලදී විමසිලිමත් වීම වැදගත්ය.

ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්‌පති බලවත්ව උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්‌ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

ධනු ලග්නය

අවිවාහක අයට මංගල යෝග.

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක්‌ පුරාවට ලග්නයෙන් 10 වැන්නේ ගමන් කළ බ්‍රහස්‌පති මෙවර ලග්නභාවයෙන් 11 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්‌ථා උදා වේ.

එසේම රැකියා ස්‌ථානයෙන් මාරුවක්‌ හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ අවස්‌ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්‌වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැඛෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ස්‌වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තිඛෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන වසරකි. අලූ‍තින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. දරුවන් බලාපොරොත්තු ඔබගේ එම කාරණා මෙම වසරේ ඉටු වනු ඇත.

මකර ලග්නය

රැකියා අංශ වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල.

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා සතුරුව ලග්නයෙන් 10 වැන්න හෙවත් රැකියා ස්‌ථානයට පිවිසීම ඔබට මධ්‍යම සුබඵල උදා කරනු ඇත. පසුගිය වසරක්‌ පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්න භාවයෙන් 9 වැන්නේ හෙවත් පුණ්‍යස්‌ථානයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශ වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්‌ථාවක වාසියක්‌ අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්‌ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්‌ථානයෙන් මාරුවක්‌ හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට සුව වීමේ අවස්‌ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්‌වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැඛෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

කුලී නිවාසවල රැඳි ඔබගේ සිතේ කාලයක්‌ පැවති නිවාස සිහිනයක්‌ මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ සහෝදර සහෝදරියන්ට අසුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස්‌ අධ්‍යාපන කටයුතු වලට බාධාකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන් වලටද එවැනිම බාධා එල්ල විය හැකිය.

එසේම ඔබට යටි බඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්යක්‌ වනු ඇත.

කුම්භ ලග්නය

උසස්‌ අධ්‍යාපනයෙන් ජය.

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක්‌ පුරාවට ලග්නයෙන් 8 වැන්නේ අසුබ රාශිගතව ගමන් කළ බ්‍රහස්‌පති මෙවර ලග්න භාවයෙන් 09 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 9 වැන්න ගුරුට ගෝචර ගමනේ අතිශය සුබ ස්‌ථානයක්‌ වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්‌ථා උදා වේ.

ඔබ විවාහක නම් ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැඛෙන කාලයකි. උසස්‌ අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා ඉතාමත් යහපත් කාලයක්‌ වනු ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්‌විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුළු අනතුරු වලට ලක්‌විය හැකිය.ි චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වනු ඇත.

ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ස්‌වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තිඛෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි.

මීන ලග්නය

එතරම් සුබ දායක නොවනු ඇත.

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා සතුරුව ලග්නයෙන් 08 වැන්න හෙවත් ආයු ස්‌ථානයට පිවිසීම ඔබට එතරම් සුබ දායක නොවනු ඇත. පසුගිය වසරක්‌ පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්‌පති ඔබගේ ලග්න භාවයෙන් 7 වැන්නේ හෙවත් විවාහස්‌ථානයේ ගමන් කළා.

ඔබ විවාහක නම් ඔබගේ ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු ද යම් පමණකට බාධා කාරී තත්ත්වයන් මත ඉටුකිරීමට සිදුවන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ කටයුතු පමාවනු ඇත. කෙසේ වෙතත් ඔබට උගත් බුද්ධිමත් දරුවන් ලැඛෙන කාලයකි. උසස්‌ අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා යහපත් කාලයක්‌ නොවනු ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද බාධා ඵල්ල විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් අනතුරු වලට ලක්‌විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි.

මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට වැඩි වීමේ අවස්‌ථා ද උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. මිතුරන් අමනාප වන කාලයක්‌ වුවත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැඛෙනු ඇත.

ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්‌පති බලවත්ව උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්‌ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

අපල පවතින ලග්න හිමියන් ඵම ගුරු අපල දුරු වීමට බ්‍රහස්‌පතින්දා දින වල දින 09 ක්‌ උදේ හෝ සවස 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කල 3 කින් නහවා බෝ වෘක්‌ෂයට ඇප උපස්‌ථාන කොට කහ මල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌. කල්පගේ
වැඩි විස්‌තර සදහා -0382293771 / 0772753100

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook