Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මට බිකිණිය අමුතු නැහැ
- ඕෂධී හිමාෂා

ඇය ඉරාජ්ගේ ආශාවරී වීඩියෝව හරහා රටක් කැළඹීය. ආශාවරී එහි ඇගේ රංගනය ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කීවෝය. ඇතැමුන් ඇයව එම චරිතයෙන් මැන්නෝය. එහෙත් ඇයට නම් ඒ වගේ වගක් නැත. සිතට එකගව රංගනය නම් ඇගේ වෘත්තියෙහි නියැලෙන්නීය. මියුසික් විඩියෝ ලොව පුබුදුවාලු ගිනිසිළුව ලෙසට අප ඇයට අන්වර්ථ නමක් තබන්නේය.

ඕෂධී හිමාෂා චාවින්දි. ඒ ඇගේ ඇත්ත නමය.

ඕෂධී ඔබව වඩාත් අප හඳුනා ගන්නේ ආශාවරී හරහා. එහෙත් ඔබ කලක සිට ක්ෂේත්‍රයේ රැඳී සිටියා නේද?



ඔව්. ආශාවරී සිංදුවෙහි රගපාද්දී මා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහකට හයකට වැඩියි. මාව ආශාවරී හරහා වඩාත් හඳුනාගත්තා. ඊට ප්‍රථම මාව හඳුනපු කොට්ඨාසයකුත් හිටියා. නමුත් ඔෂධී හිමාෂා කියන නම වඩාත් ජනප්‍රිය වුණේ ආශාවරී හින්දා.

හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රගපැවේ?

කොහෙත්ම නැහැ.

- ඔබ එම වීඩියෝවේ එක්තරා අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා?

මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා.

එම වෘත්තීයට සාධාරණයක් වන්නේ ඒ වාගේ ්චරිත රගපෑමෙන්ද?

මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ආශාවරී කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන ගීතයක්. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ.

සාමාන්‍යයෙන් ඔවැනි චරිතයක් රගපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා. ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති?

වාසනාවට එහෙම වුණේ නැහැ. මං විවාහකයි. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න.

ඔබේ සැමියා ගැන විස්තර කියන්න පුළුවන්ද?

මොකද බැරි. මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ.

 ආශාවරී පවා?

ඔව්. මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි.

ඕෂධී ටෙලි නාට්‍යවලට රගපාන්න ආරාධනා ලැබුණේ නැතිද?

මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැහැ.

ඇයි ඒ?

ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්?

මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රගපෑවා.

ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති?

අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා.

මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ?

මං කියන්නේ බැහැ කියන එක.

හේතුව?

මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ.

සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද?

එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ.

සටහන - ප්‍රසාද් සමරතුංග 

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook