Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ලංකාවම කාපු කූඹීයෝ ටෙලිය ගැන
බුකියෙ තිබූ සැර කතාවක්

ශ්‍රී ලාංකීය සිනමාව හා රුපවාහිනි කලාව ගැන කතා කිරීමට අලුත් යමක් නොමැත්තේ එවා නරක්වූ දුර්ගන්ධය වහනය කරන්නාවූ කලාවක් නිසාය. රූපවාහිනී නාලිකා ඉන්දියානු මෙගා නාටක හා කොරියන් කතා පෙන්නීම නොකළ යුතුයි කිම අසාදාරණ වන්නේ ඒ නිසාය.

පෙන්වන ඉන්දියානු නාටක හා කොරියන් නාටක වලට ඇදෙන්නේ සිනී බෝල කතා වලට ප්‍රිය කරනා පිරිසකි.එයින් බහුතරය ගෘහණියන්ය.මේ නිසාම ශ්‍රී ලාංකීය තරුණ පරම්පරාව tv series වලට පුරුදුව ඇත. Prison brake,Game of thrones,How I met your mother,Supernatural,Narcos,The Big Bang Theory ,Vampire Diaries,House of cards බලන්නේ පොෂ් වීමට නොව ගඳ ගහන නිර්මාණ නැරඹිය නොහැකි නිසාත්,රසවත් නොවන නිසාය.

දින කිහිපයකට ප්‍රථම ITN නාලිකාවේ කූඹීයෝ නමින් අලුත් නාටකයක් යන බව කන වැටුන පසු youtube එකේ පළමු episode එක බලනන්ට තිරණය කලේ මැදියම් රැය එළඹෙන්නට මොහොතක් තියාය.Face book එකේ ගින්නක් මෙන් ඇවිලුණු මහඋල්පතගම ප්‍රියන්තයා ගමෙන් කොළඹට ආ ජෙහාන් කාරයා මාට්ටු වන හිරුණිටත් ඉංගිරිසියෙන් කතා කරන බංගලි කාරයෙක්ට තම නොම්මරය දෙන කෑල්ල බලපෑ බවනම් කිව යුතුමය.පළමු Episode එකෙන් නොනැවතුණු මා Episode 14ම එක හුස්මට බැලුවේ එහි රස වැටුණු බැවිනි.කුඹියෝ විටක criminal based story එකක්ලෙසද, විටක අලුත් marketing theory උගන්නන ,ජීවිතය ජය ගන්නට motivational ටෙලියක්ද ලෙසද,තවත් විටක ෆුල් සිරා love story එකක් ලෙසටත් , ජීවිතය උගන්නන අලුත් පාඩමක් ලෙසටත් මට දර්ශනය විය.

කෙසේ හෝ කූඹියෝ ලංකාවේ අපේ අලුත්ම tv series එක වී හමාරය.number one trending වෙන drama දෙක අතර කූඹියෝ උඩම ඇත.කූඹියෝ සීනිබෝල කතාවක් නොව ජීවිතයේ යතාර්ථය පසක් කරන ලංකාවේ පළමු tv series එක යයි නම් කල හැකි නිර්මාණයයි.

සතියකට දවස් දෙකකින් නම් කූඹියෝ බලා සෑහිමකට පත් නොවිය හැක්කේ ජෙහාන්, ප්‍රියන්ත, ඇංජි, හිරුණි, පද්මකුමාර මේ සියලු දෙනා කූඹියෝ රස කරන නිසාවෙනි. ජීවිතයේ හෙට දවස කෙඹදු වේ දැයි කූඹියෝ අපිට හිතන්නට යමක් ඉතුරු කර යන්නේය.ශ්‍රී ලාංකීය ටෙලි විෂන් කලාවට අලුත් රසයක් ගෙනා tv series එකක් දායාද කල කූඹියෝ නිශ්පාදක අසංක දොඩන්තැන්නට හා අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නට හා කූඹීයෝ කන්ඩායමට සුභ පැතුම් එක කල යුතුය.”දැන් උගතුන්ගෙ යුගය ඉවරයි.මේ තියෙන්නෙ දක්ෂයන්ගෙ යුගය බව කූඹීයෝ අපට පසක් කොට හමාරය.

Game Thrones season එකක් එනකන් බලන් හිටපු අපි දැන් කූඹීයෝ Episode එකක එන තෙක් බලා සිටි.මුළු බුකියම කූඹි කා අවසන්ය.

“මිනිස්සු අනාතවෙලා ඉන්නේ බං. උංට ඕනේ එල්ලෙන්න මොනවහරි දෙයක්. ටිකවෙලාවකට උංගේ ප්‍රශ්න අමතක වෙන මොකක්හරි මගුලක්. නිකං හරියට ගමේ කාගෙහරි වලියක් වගේ, නැත්තං ක්‍රිකට් මැච් එකක් වගේ, නැත්තං නිකං චන්දයක් වගේ….”

-කූඹීයෝ සැරටම කාපු එකෙක්-

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook