Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම අවුරුදු 17ක් තිස්සේ
හෙමින් ගමනක් ආපුකෙනෙක්
මම තවම අවිවාහකයි
– තුෂාරි වේහැල්ල

කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ නියැළෙන චරිතයක් තමයි තුෂාරි වේහැල්ල කියන්නේ. සෑහෙන කාලයක සිට හෙමින් තමන්ගේම ගමනක් යන්න උත්සාහ කරන ඇයව අපි මෙවර කතාබහකට එකතු කරගත්තා.
ඔබ ගැන යමක් කියන්න කීවොත්?
නමින් හැමෝම මාව හඳුනන්නේ තුෂාරි වේහැල්ල කියලා. මම නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා. ඒ සියලු දේත් එක්ක මම මගේ ගමන ඉදිරියට යනවා.

කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ?
පාසල් යන කාලෙදිමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මගේ තාත්තගේ නම් කැමැත්ත තිබුණේ මාව නර්තන අංශයෙන් ඉදිරියට යනවා දකින්න. නමුත් අහම්බෙන් මට නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබෙනවා. මුලින්ම අධ්‍යාපන කටයුතු නිසා මට නිරූපණය මග හැරුණා. නමුත් ඊට පස්සේ මට පත්තරේක cover page එකක් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ඔස්සේ රූපවාහිනියේ මනාලියක් විදිහට හැඩවෙන්නත් අවකාශය උදාවුණා.
එහෙම පටන්ගත්තු ගමනේ මේ වෙනකොට සෑහෙන දුරක් ඇවිත් තියෙනවා.

මේ වෙනකොට කෙතරම් කාලයක් වෙනවද ඔබ ක්ෂේත්‍රයට ඇවිත්?
මම මේ ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙනකොට අවුරුදු 17ක් විතර වෙනවා. සෑහෙන කාලයක් වුණත් මම ආවේ හෙමින් ගමනක්. ඒ ගමනේදී මම නිහතමානීව මගේ දක්ෂතාවයෙන් ආපු ගමනෙදි මා වටා එකතුවුණු පිරිසක් ඉන්නවා.
කාගෙවත් බලපෑම් මත ආපු ගමනක් ‍නෙවෙයි මට තියෙන්නේ.

මේ දවස්වල කරන වැඩකටයුතු ගැන කතා කළොත්?
පසුගිය දවස්වල විදේශගතව හිටපු නිසාවෙන් කලාව මඳක් මග හැරුණා. දැන් ආයෙත් වැඩ පටන්ගෙන තියෙනවා. දීප්ති වගීෂාගේ චිත්‍රපටයක රූගත කිරීම් කෙරෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ‘ධරණි’ නමින් ටෙලි නිර්මාණයකටත් සම්බන්ධව රූගත කිරීම් ආරම්භ වෙන්න නියමිතයි. ඒ අතරතුර නිරූපණ වැඩකටයුතුත් සිදු කරමින් නිරන්තරයෙන් කලාවේ රැඳෙනවා.

මේ දක්වා ඔබ කරලා තියෙන නිර්මාණ මොනවාද?
චිත්‍රපට කිහිපයකටම රංගනය ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා. සර් ලාස්ට් චාන්ස්, සුදු හංසි, පත්තිනි කියන චිත්‍රපටවල මම රංගනයේ යෙදුණා. ඒ වගේම කෙටි චිත්‍රපටයකත් රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ටෙලි නාට්‍ය අතරින් ආදරණීය චංචලා, ආදර දෑසක්, රන්තරු, හතරේ කණුව, ආයෙමත් ආදරෙන් කියන ටෙලි නිර්මාණවලට රංගනය ලබාදුන්නා. මේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතර නිරන්තරයෙන් රැඳෙන්න මට අවකාශය නිර්මාණය වුණා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
කලා ක්ෂේත්‍රය තුළ අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරගෙන යන්නේ. විශේෂයෙන්ම ප්‍රවීණ පිරිසගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. චරිතයකට පිවිසෙන්න පෙර ඔවුන්ගේ උපදෙස් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඇත්තටම ඔවුන්ගේ ඒ උපදෙස් සහ අවවාද කලාවේ දිගටම රැඳෙන්න අපිට ලොකු ශක්තියක් වගේම ලොකු හයියක්.

මේ දක්වා ආපු ගමන ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
ගොඩක් සතුටුයි. මම මේ හිමින් ආපු ගමන ගැන. ගොඩක් හැලහැප්පීම් තුළින් ආපු මේ ගමනේ අද වෙනකොට මම හොඳ ස්ථාවරයක ඉන්නවා. ‍පොඩි ‍පොඩි සැඩ සුළංවලට වට්ටන්න බැරිවෙන තරමට මම ශක්තිමත්ව මගේ ගමන ඇවිත් තියෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙන්නේ.

ඉන්දීය නාට්‍ය රැල්ල නිසා අපේ රටේ කලාකරුවන්ට අසාධාරණයක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම අද රටේ කලාව පැත්තෙන් කතාබහක් ඇතිවිය යුතු මාතෘකාවක් හැටියටයි මම මේ ඉන්දීය නාට්‍යරැල්ල දකින්නේ. මම ම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය රැසක් තියෙනවා මාධ්‍ය තුළින් අපේ කලාකරුවාට වෙන්වුණු සීමිත කාලය තුළ තවමත් විකාශය නොවුණු.  ඉතින් අපේ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු වගේම කලාකරුවෝ වන අපිට අපේ මාධ්‍ය කලාව තුළ වෙන්වෙලා තියෙන්නේ සීමිත ඉඩක්. මේ නිසා අපේ කලාකරුවන්ගේ වටිනාකම අනාගතේ නැතිවෙලාම යාවි.

රංගන ශිල්පිනයක් හැටියට රූපය ගැන කොතරම් සැලකිලිමත්ද?
මාත් ගොඩක් කැමති ලස්සනට ඉන්න. අපේ මේ ක්ෂේත්‍රයත් එක්ක රූපය අපිට ගොඩක් වැදගත්.  ඒ රූපය බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් ලස්සන වෙන්න ඕන. මොකද නළු නිළියන්ව අනුකරණය කරන පිරිසක් සමාජයේ ඉන්නවා. ඔවුන්ට වැරදි ආදර්ශයක් නොවී බාහිරින් වගේම ඇතුළාන්තයෙනුත් ලස්සන වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

ඔබගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්?
මගේ තාත්තා නම් මේ වෙනකොට මගේ ළඟ නැහැ. දැන් මගේ පවු‍ලේ අම්මයි, මමයි, අයියයි, මල්ලිලයි ඉන්නේ. ඒ වගේම අපේ පුංචි කෙනෙකුත් අපිත් එක්ක ඉන්නවා. මම තවම අවිවාහකයි. විවාහ වෙන්නත් තව කාලය තියෙනවා. ඒ ගැන නම් තවම අදහසක් නෑ.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
ඉදිරියේදී ධරණි කියන ටෙලි නාට්‍යය තුළින් මාව දැකගන්න පුළුවන්. ඒ වගේම කල්‍යාණ චන්ද්‍රසේකරයන්ගේ චිත්‍රපටයක රංගනයේ යෙදුණා. ඒ නිර්මාණ හරහා ඉදිරියේදී මාව දැකගන්න හැකියාව ලැබෙයි.

අනාගත සැලසුම් සහ බලා‍පොරොත්තු මොනවාද?
කලාව පැත්තෙන් ගත්තොත් හොඳ නිර්මාණවලට දිගටම දායකවෙලා කටයුතු කරන්න බලා‍පොරොත්තු වෙනවා. ඊට අමතරව මගේම කියලා දෙයක් පටන් ගැනීමේ බලා‍පොරොත්තුවක් තියෙනවා කාලයක් තිස්සේ. නුදුරේදීම ඒ බලා‍පොරොත්තුවත් ඉටුකර ගන්න උත්සාහ කරනවා.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook