Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ආදරේ ගැන තේරුමකින් ‍නෙවෙයි 
පාසල් ප්‍රේමය පටන් ගත්තේ
ආදරේ ගැන මට හිතට දැනෙනකොට වයස 18යි

ආදරේ කියන්නේ හරි සුන්දර මාතෘකාවක්නේ. ඉතින් ඒ සුන්දර මාතෘකාව ගැන කතා කරන්න කලා ලෝකයේ ජනප්‍රිය, සුන්දර තරුවකට මෙවර අපි ඇරයුම් කළා. ඇය නමින් ශෂී ඇන්ජලීනා.

ආදරයට නිර්වචනයක් දෙන්න?
දුක, සතුට එකට එකතුවුණු එකිනෙකාට දැනෙන විදිහ අනුව වෙනස් වන මාතෘකාවක් තමයි ආදරය හැටියට මම දකින්නේ.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද?
මුලින්ම ආදරේ ගැන මට හිතට දැනෙනකොට වයස 18යි.

පාසල් ප්‍රේමයේ මතක මොනවාද?
ආදරේ ගැන තේරුමකින් ‍නෙවෙයි පාසල් ප්‍රේමය පටන් ගත්තේ. හැබැයි හරිම සුන්දර අත්දැකීමක් තමයි පාසල් ප්‍රේමය.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?
ඔව්, අමතක කරන්න නම් අමාරුයි. නමුත් ප්‍රථම ප්‍රේමයට එහා ගිහින් ගොඩක් දැනෙන ආදරයක් මුණ ගැහුණොත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න පුළුවන්.

පෙම්වතකුගෙන් මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද?
මට මුලින්ම ලැබුණේ ටෙඩිබෙයාර් කෙනෙක්.

පෙම්වතකුගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
එහෙම වටිනාකම නම් මනින්න බෑ. ලැබෙන ආදරේ තමයි ගොඩක් වටින්නේ. ඉතින් ආදරෙන් දෙන ඕනම තෑග්ගක් ගොඩක් වටිනවා.

ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි ළමයාද?
මම හිතන්නේ නම් ඔව්. එහෙම වෙන්න ඕන කියලා. එහෙම නොවන අවස්ථාත් තියෙනවා. හැබැයි ගෑනු ළමයෙක් බලා‍පොරොත්තු වෙනවා පිරිමි පාර්ශ්වයෙන් යෝජනාව මුලින්ම එයි කියලා.

ඔබට වඩා වයසින් ළාබාල කෙනෙක්ට ආදරේ කරලා තියෙනවාද?
මට නම් එහෙම ආදරේ හිතිලා නෑ. නමුත් ගොඩක් වයසින් අඩු අයගෙන් මට යෝජනා නම් ඇවිත් තියෙනවා.

ඔබ කාට හරි මුලින්ම ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?
මට ආදරෙයි කියලා ඒ ආදරේ මට දැනුණාම මං ආදරේ කරලා තියෙනවා. එහෙම නැතුව මං කෙනෙක්ට ආදරෙයි කියලා කියන්න ගිහින් නෑ.

ඔබ වශී වෙන්නේ පිරිමි ළමයෙක්ගේ මොන වගේ ගතිගුණවලටද?
නිතරම හොයලා බලලා, ආදරේදී ‍පොඩි කරදරයක් වුණාට කමක් නෑ. පුළුවන් හැම වෙ‍ලේම හොයලා බලන, කියුට් කෙනෙක්ගේ ආදරයක් තමයි මම බලා‍පොරොත්තු වෙන්නේ.

ජනප්‍රිය නළුවෝ කී දෙනෙක්ට ආදරේ කරලා තියෙනවාද?
එක්කෙනෙක්ටවත් නෑ.

ආදරය ඇතුළේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කොහොමද?
අද නම් තියෙන්නේ ආදරේට වඩා රාගය. හැබැයි මම දකින්නේ රාගයට වඩා සතුටින් ඉන්න පුළුවන් නම් එහෙම ආදරයක් ගොඩක් වටිනවා.

ඔහු ඔබට ආදරේට කියන නම මොකක්ද?
විශේෂම නමක් නෑ. සුදූ කියනවා, මැණික, පැටියෝ වගේ නම් කියලා කතා කරනවා.

ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද?
එවෙලෙට මතක් වෙන ඒ වගේ නම්වලින්ම මාත් ඉතින් කතා කරනවා.

විරහව කී වතාවක් විඳලා තියෙනවාද?
තුන් වතාවක් මම විරහව විඳලා තියෙනවා. හිතට දැනුණු ආදරයක් නැතිවෙනවා කියන්නේ ලොකු දුකක්. ඉතින් අවුරුදු ගාණක ආදර කතා එක තත්පරයෙන් නැතිවුණු අවස්ථා තිබිලා තියෙනවා.

ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙනවාද?
ඒ විදිහේ නියමයක් නෑ. විවාහ වෙන්නම ඕනත් නෑ. දෙන්නට දෙන්නා ආදරෙන් කොහේ හරි ඉන්නවා නම් ඒ හොඳටම ඇති.

පෙම්වතා නිතරම වැඩිමල් වෙන්නම ඕනද?
ආදරේට වයස බලපාන්නේ නැහැ. ලොකු වයස් පරතරයක් ‍නෙවෙයි. ‍පොඩි වයසකින් පෙම්වතාට වැඩිය පෙම්වතිය වැඩිමල් වීම ආදරේට බාධාවක් ‍නෙවෙයි. ආදරේදි වැදගත් ආදරේටම විතරයි කියලයි මම හිතන්නේ.

ඔහු තරහා වුණාම ඔබ ඔහුව යාළු කරගන්නේ කොහොමද?
මම නම් අඬනවා. නිතරම අඬ අඬා කතා කරනවා. බැන්නත් අඬනවා, එතකොට ඉතින් පව් කියලත් හිතෙනවා ඇතිනේ.

අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවාද?
ඒ වගේ ආදර කතා එකක් තියෙනවා.

විවාහයෙන් පිට ආදරයක් මුණගැහුණොත්?
ඒක නම් ඒ අවස්ථාවේ හිතලා බලන්න ඕන දෙයක්. එහෙම දෙයක් වුණොත් මොකක්ද කරන්න ඕන කියලා එවෙලෙට හිතලා බලනවා.

දැන් ඔබගේ සිහින කුමාරයා මුණගැහිලාද ඉන්නේ?
කලින් නම් මුණ ගැහුණා. ආයෙත් නම් මුණ ගැහෙයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම මුණ ගැහුණොත් මම ආදරේ නොකරාවි. ආදරේ කියන්නේ ලොකු වේදනාවක්.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook