Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වය­සින් බාල අය එක්ක මම තාමත් වැඩ කර­නවා

ස්වර්ණවාහිනියට ආවේ රුපියල් 3600 වැටුපකට
ගෙදර ගියේ නැහැ එළි වෙනකම් චැනල් එකේ

සිය හඬ සහ රුව අපේ රටේ රූපවාහිනී නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනකුගේ සදා මතකයේ පවතින ලෙස සටහන් කරන්නට තරම් ඇය දක්ෂ වුණා. වාසනාවන්ත වුණා.මහනුවර ස්වර්ණමාලී විද්‍යාලයෙන් අ යනු ආ යනු කියූ ඇය, මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබනවා. පාසල් වියේදීම මාධ්‍ය වේදිනියක වීමේ සිහිනය දුටු ඇය ස්වර්ණවාහිනියෙන් සිය මාධ්‍ය ජීවිතය අරඹා, රූපවාහිනී නාළිකා කිහිපයකින්ම මෙරට ජනතාවගේ ආදරය දිනාගන්නට සමත්වුණා. සුරංගි කුමුදුමලී කොඩිතුවක්කු නම් වූ මේ හැඩකාර, කටකාර නිවේදිකාව එදා මෙදා තුර සිය මාධ්‍ය ජීවිතය ගැන කරන මතකාවර්ජනයයි මේ.

සුරංගි කොහොමද නිවේදිකාවක් වෙන්නේ

පාසලේ පැවැත්වුණු කථික තරග වලට විවාද තරග වලට සහභාගි වුණා.මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්.ඒ සමඟ ලොකු ආසාවක් තිබුණා මාධ්‍ය ආයතනයකට සහභාගි වෙලා නිවේදිකාවක් වෙන්න.පළමු ආරාධනාව ලැබුණේ සිරස ටීවී එකට.එහිදී නිමල් ලක්ෂපති ආරච්චි මහතා යොමු කළා අනෝජා වීරසිංහ මහත්මිය ළඟට. මා සමග තනූජා, නාරද, තාරකා වාසලමුදලිආරච්චි, බුද්ධික ඉඳුරුගල්ල සිටියා. අභින පළමු වැඩමුළුවේ සාමාජිකයන් වුණේ අපි.

එහෙත් ඔබ මුලින්ම එළියට එන්නේ ස්වර්ණවාහිනියෙන්.

අභින පාඨමාලාවේ පුහුණුවීම් කරන අතර තුර හැම නාළිකාවක්ම බලනවා. උදේ පටන් ගත්තම නවත්වන්නේ නැතුව හැම නාළිකාවක්ම බලනවා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පුහුණුවීම් කරනවා.සාකච්ඡා මෙහෙයවනවා. අපේ ගෙදර හිතුවේ මට මානසික ලෙඩක් කියලා. ඩොක්ට කෙනෙකුට පෙන්නන්න වෙයිද දන්නෙ නෑ කියලත් ඔවුන් කතා වුණා.

මේ අතර ස්වර්ණවාහිනියෙන් කැඳවීමක් ලැබුණා සම්මුඛ පරීක්ෂණයකට. සුසාර දිනාල් අයියා එක්ක සාකච්ඡාවක් මෙහෙයවන්න තිබුණේ. දවස් දෙකක් ඇතුළත කැඳවීමක් ලැබුණා සහාය නිෂ්පාදිකාවක් ලෙස මට පත්වීමක් ලැබෙනවා කියලා. ඒ වෙලාවේ රැකියාවක අවශ්‍යතාවයි ආසාවයි දෙකම තිබුණා. අනෙක ලොකු තරගකාරිත්වයක් තිබුණේ. මේ වගේ අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා සිරස අමතක කරලා 2000 වසරේදී ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණා.

පළමු වැඩසටහන පිළිබඳ මතකය අවදි කළොත්

ස්වර්ණවාහිනියේ එවකට වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශ්‍රීමාල් වෙඩිසිංහ මහතා. එතුමා මාව ඉස්සෙල්ලාම දාන්නේ සජීවි වැඩසටහනකට. මමත් සිහින මවමින් හිටියේ සජීවී වැඩසටහන් වලට. සේද මාවත කියන සජීවී වැඩසටහන තමයි මගේ පළමු වැඩ සටහන. චන්දිමාල් එක්ක තමයි වැඩසටයන කළේ. ඉන්පස්සේ මැනේජ්මන්ට් එක සතුටුවෙලා මට මියුසික් බොක්ස් වැඩසටහන දුන්නා. සහන් රන්වල සමඟ ඒ වැඩසටහන කළා.මගේ මාධ්‍ය ජීවිතයේ මට මුණගැසුණු නිහතමානීම නිවේදකයා තමයි සහන් රන්වල. ඒ යාළුකම අදටත් අපි අතරේ තියෙනවා.

ඉන් පස්සේ

ජැක්සන් ඇන්තනී මහතාගේ අදහසක් අනුව ‘ස්වර්ණෝදය‘ වැඩසටහන ඉදිරිපත් කළා.ගැහැනු ළමයි තුන්දෙනෙක් ඉදිරිපත් කළ එකම වැඩසටහන.ඒක ඇතුළෙ ස්වර්ණ සාජ්ජය, හුරුබුහුටි, මොඩ්ලින් වැනි වැඩසටහන් පැය දෙක තුනක් පුරාවට සජීවීව කළා.ස්වර්ණවාහිනියේ මගේ සේවා කාලය අවුරුදු 8 ක්. ඉන්පස්සේ මට ආරාධනාවක් ලැබෙනවා ජාතික නාළිකාවට. යුද සමයේ තමයි සම්බන්ධ වෙන්නේ. ඒකෙදි මට හම්බවෙන්නේ ‘උත්තමාචාර‘ කියන සජීවී වැඩසටහන අසේල බණ්ඩාරනායකත් සමඟ කරන්න.පළමු වතාවට යුද හමුදා ඇඳුමකින්, නාවික හමුදා ඇඳුමකින් සැරසිලා කළ වැඩසටහනක්. විශේෂ අවසරයක් අරගෙන යුද්ධයෙන් කරදරයට පත්වුණු විවිධ පළාත්වල සංචාරය කරලා තොරතුරු සජීවිව ගෙන ආවා. නුග සෙවණ වැඩ සටහන මෙහෙයවූවා. රූකාන්ත ගුණතිලක මහතා සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගේ අදහසකට අනුව ‘සන්ඩේ බීම්‘ වැඩ සටහන කළා. එය රූපවාහිනිය තුළ කරපු ලොකුම වෙනසක්.

ඒ වගේම රණවිරු රියල් ස්ටාර් මිෂන් 01 මගේ ජීවිතයේ ලොකු පෙරළියක් කළා. මේ වැඩසටහන මම මෙහෙයවූයේ සාරංග දිසාසේකර සමඟ. ලොකු විශ්වාසයක් ඇතුව බාරදුන්නු වැඩසටහනක්.යාපනය, ත්‍රිකුණාමලය, මුහුද මැද නැව් වල ඉඳගෙන වැඩසටහන කිරීම ලොකු අත්දැකීමක්. මගේ ප්‍රේක්ෂකයෝ වැඩිපිරිසක් ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ. අදටත් මට ඔවුන් කතා කරනවා.ජාතික රූපවාහිනියේ මම වසර 4 ක පමණ කාලයක් සේවය කළා

සුරංගි කාලයක් දකින්න නැතිව යනවා

වසර 4 ක පමණ කාලයක් විදෙස් ගතවෙලා සිටි නිසා මට අපේ රටේ මාධ්‍යයෙන් ඈත් වෙන්න සිදුවුණා.මම ඩුබායි රටේ තමයි හිටියේ. ඒත් මම මගේ කාර්යය නතර කළේ නැහැ. ඩුබායි රජයට සම්බන්ධ එෆ්.එම්. නාළිකාවක වැඩකළා. සංගීත ප්‍රසංග වගේම තානාපති කාර්යාලය හරහා හැම වැඩසටහනක්ම වගේ මෙහෙයවූවා. නැවත මම ලංකාවට එන්නේ මීට වසර දෙකකට පමණ පෙර.ඒ සමගම මට හිරු නාළිකාවෙන්.ආරාධනාවක් ලැබුණා. ඒ නිසා ආව ගමන් හිරු එක්ක සම්බන්ධ වුණා. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන රේනෝ සිල්වා මහතාට.

හිරු ටීවී නාළිකාවේ ඔබ දකින්න ලැබෙන්නේ

බදාදා, බ්‍රහස්පතින්දා ගෘහ නිර්මාණ ශිල්පය සහ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කරන වැඩ සටහන් දෙක මෙහෙයවනවා.එය පෙරවරු 9.30 සහ 11.00 අතර විකාශය වන සජීවී වැඩ සටහනක්.ඊට අමතරව සුදේව සහ රංගන වැනි ප්‍රවීණ සහෝදරයන් එක්ක වැඩකරන්න ලැබීමත් ලොකු අත්දැකීමක්.

වසර 2 ක් තුළ අවුරුදු, කොග්ගල මඩොල් දූව වැනි විශේෂ සජීවී වැඩසටහන් අපි එකට මෙහෙයවූවා. කළමනාකාරීත්වය මම ගැන විශ්වාසය තියලා ඒ හැම තැනකදීම මට විශේෂ තැනක් ලබාදුන්නා. නවීන වැඩසටහන් සමඟ හිරු එක්ක කාලයක් රැඳෙන්න බලාපොරොත්තු වෙනවා.

සුරංගි දිගටම නිවේදිකාවක් ලෙස දකින්න ලැබේවිද?

මොනතරම් වැඩ කටයුතු කළත් මාධ්‍ය යෙන් සමුගන්න අදහසක් නම් නැහැ.මේ වගේ උතුම් වරමක් කවදාවත් හම්බවෙන්නේ නැහැ.එළියට ගියහම මිනිස්සු කතාකරන කොට අපිට ලැබෙන ආදරයට ලෝබ කමක් ඇතිවෙන්නේ. එතකොට සල්ලි නෙමෙයි ඉස්සර වෙන්නේ.

ඒත් ඔබ රැකියාවක් කරන ගමන් තමයි මේ කටයුතු කරන්නේ

ඇත්ත. මුලින්ම මාධ්‍යයට ආවේ ආසාවට. ඒ නිසාම කාලයක් තෘප්තිය උදෙසා වැඩකළා.මුලින්ම ස්වර්ණවාහිනියට ආවේ රුපියල් 3600 වැටුපකට.ඒ වෙලාවේ සල්ලි බැලුවේ නැහැ.ගෙදරින් සල්ලි අරන් ඇවිත් කාල බීලා තමයි වැඩකළේ.අපි ගෙදර ගියේ නැහැ එළි වෙනකම් චැනල් එකේ.

දැන් අපි කාලයත් එක්ක යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගාගෙන වගකීම් ගන්න පුළුවන් අය බවට පත්වෙලා ඉන්නවා. ඉදිරියේදි අපේ ආර්ථිකය හදාගන්න ඕන. ඒ නිසා මම හෝම් ලෑන්ඩ් ස්කයි ලයින් ආයතනයේ ප්‍රවර්ධන කළමනාකාරිනිය ලෙස කටයුතු කරන ගමන් මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒ ආයතනයේ කළමනාකාරිත්වය මගේ හැකියාවන් හඳුනාගෙන මගේ මාධ්‍ය කටයුතු වලට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

ස්වර්ණවාහිනිය තමයි මගේ මහගෙදර. සෝමා එදිරිසිංහ මහත්මියට මම සදා ගරු කරනවා. මගේ මාධ්‍ය ජීවිතයේ මේ ගෙවෙන්නේ 17 වැනි වසර.මගේ එකම සිහිනය මාධ්‍ය වේදිනියක, නිවේදිකාවක ලෙස මුල්කාලයේ කළ, මම ආසාකරන වැඩ සටහනකට නැවත පිවිසෙන්න. ඒ කියන්නේ පීක් ටයිම් එකේ තියෙන හොඳ වැඩසටනක් කරන්න ඩ්‍රීම් එකක් තියෙනවා.

සුරංගි තාමත් එදා වගේමයි

මේ රූපය සහ පෙනුම කියන්නේ පිනට ලැබුණු දෙයක්. දකින හැම කෙනෙක්ම වගේ කියන්නේ සුරංගි ඔයා තාමත් එදා වගේමයි කියලයි. මාත් එක්ක නිවේදන කටයුතු කළ ගොඩක් දෙනෙක් අද ඒ කටයුතු කරන්නේ නැහැ. එහෙත් මගේ හැකියාව පෙනුම වෙනසක් වෙලා නැහැ.මටත් වඩා වයසින් බාල අය එක්ක මම තාමත් වැඩ කරනවා. ඒ අතින් මම වාසනාවන්තයි.

ඡායාරූප - ගයාන් පුෂ්පික

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook