Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මාව ඉස්සරහට ඇදගෙන ඇවිත් 
කැත විදිහට මගෙන් ප්‍රශ්න කළා
ගෑනියක් විදිහට උඹෙන් මොනවද ගන්න තියෙන්නේ
- භූමි හරේන්ද්‍රන්

කොල්ලෙක් විදිහට ඉපදිලා පස්සේ සැත්කම් මගින් තරුනියක් බවට පත්වුනු ලිංගික සංක්‍රාන්තිකයෝ ගැන අපිට විදෙස් රටවලින් අහන්න ලැබුනට ලංකාවෙන්නම් වැඩිය අහන්න ලැඛෙන් නෑ. ඒත් එහෙම ඒ විදිහට වෙනස්වෙලා විතරක් නෙමේ ලිංගික සංක්‍රාන්ති පුද්ගලයෝ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙකුත් ලංකාවේ ඉන්නවා. ඒ තමයි භූමි හරේන්ද්‍රන්.

කොල්ලෙක් විදිහට ඉපදිලා කෙල්ලෙක් විදිහට සැත්කම් මගින් වෙනස්වුනු ඇය ඒ පිලිබදව මාධ්‍යයට කියන්නේ මේ විදිහටයි.

ඔබ මේ ලෝකයට ආවේ ගැහැනියක් විදිහටද පිරිමියෙක් විදිහටද?

පිරිමියෙක් විදිහට. එදා නම කුමුදු හරේන්ද්‍රන්. අද මම භූමි හරේන්ද්‍රන්.



කුමුදු කොහොමද භූමි වුණේ?

කුමුදු භූමි වුණේ ලිංගික වෙනස්කමක් එක්ක

කව්ද කුමුදුට භූමි කියන නම දුන්නේ?

මගේ යාළුවෝ. මම රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වී මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ පසු මම භූමි වුණා.

පිරිමියෙක් විදිහට ඉපදුණ ඔබට ඇයි ගැහැනියක් වෙන්න ඕන වුණේ?

මේ ලෝකෙට එන හැම කෙනෙකුටම ශරීර දෙකක් තියෙනවා. එකක් මානසික ශරීරය. අනික ශාරීරික ශරීරය. මම පිරිමියෙක් විදිහට ඉපදුණේ මගේ ශාරීරික ශරීරයෙන් විතරයි. මගේ මානසික ශරීරයෙන් මම ඉපදුණේ ගැහැනියක් විදිහට. මම ශාරීරිකවත් ඒ ගැහැනියව හොයාගෙන ගියා. මානසික ශරීරයට ශාරීරික ශරීරය නොගැලපෙන්නේ සංක්‍රාන්තික සමාජවාදී පුද්ගලයන්ගේ. මගේ හෘද සාක්ෂියට එකගඟ දේ මම කළා.

ශාරීරිකව ඔබේ පිරිමි ලිංගික අවයව ගැහැනු ලිංගික අවයව බවට පත්කරගන්න සහ ගැහැනුකම ආරෝපණය කරගන්න ඔබ කළ ප්‍රතිකාර සහ සැත්කම් මොනවද?

හෝර්මෝන ප්‍රතිකාර සහ සැත්කම්වලට අපි බඳුන් විය යුතුයි. හෝර්මෝන ප්‍රතිකාර කරද්දී ශරීරයේ වෙනස්කම් සිදුවෙනවා. රැවුල වැවෙන්නේ නෑ. පියයුරු වැඩෙනවා. සම සිනිඳු වෙනවා. ඇඟේ රෝම වැවීම අඩු වෙනවා. මේ හෝර්මෝන ප්‍රතිකාර ජීවිත කාලයම කළ යුතුයි. මොකද ඒ ගැහැනු හෝර්මෝන අපේ ශරීරයේ ස්වභාවිකව නිපදවෙන්නේ නෑ. නිෂ්පාදනය වෙන්නේ පිරිමි හෝර්මෝන. ඒ නිසා ගැහැනු ස්වභාවය හැමදාම රැකගන්න අපේ ඇගේ නිපදවෙන පිරිමි හෝර්මෝනවලට ප්‍රතිවිරුද්ධ හෝර්මෝන අපි ගන්න ඕන. ඊට අමතරව පියයුරු සැත්කම සහ යෝනි මාර්ගය සැකසීමේ සැත්කම අපි සිදුකරගෙන ලිංගික අවයව වෙනස් කරගන්නවා.

මේ ප්‍රතිකාර සහ සැත්කම් ජීවිත අවදානමක් අරගෙන එන්නේ නැද්ද?

ඔව්. ජීවිත අවදානමත් එක්ක තමා අපි ගැහැනුකම හොයාගෙන යන්නේ. මේ වෙද්දී ඒ ප්‍රතිකාර ක්‍රම සෑහෙන දියුණු මට්ටමක තියෙනවා. ඒත් අවදානම ඕන වෙලාවක ඇතිවෙන්න පුළුවන්. හෝර්මෝන ප්‍රතිකාර වැරදුණොත් ජාන විකෘති වීම්, හෘදයාබාධ, මානසික ආබාධ, විකෘතිතා, විරූප වීම්, කොටින්ම පිස්සු හැදීම පවා වෙන්න පුළුවන්. මැරෙන්නත් පුළුවන්. ඒ අවදානම බාරගන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕන.

මොන ආත්මශක්තියක් තිබුණත් ලිංගික සංක්‍රාන්තියක් වෙනුවෙන් මෙහෙම ජීවිත අවදානමක් ගන්නේ ඇයි?

මානසිකව ගැහැනුන් වූ අපිට හිතෙන දේ ශාරීරිකවත් ගැහැනියක වී හෙට මැරුණත් කමක් නෑ කියලා. හෘද සාක්ෂියට එකගව දවසක් ජීවත්වෙලා හෙට මැරුණත් මම තෘප්තිමත්. මම මගේ හෘද සාක්ෂිය මැරුවේ නෑ. දැන් මට නිදහසේ මැරෙන්න පුළුවන්.

ලිංගික අවයව සැත්කම් මගින් වෙනස් කළ පමණින් ඔබට හිතෙනවද ඔබ සම්පූර්ණ ගැහැනියක් කියලා?

ඔව්. ශාරීරිකව වගේම මානසිකවත් මම පූර්ණ ගැහැනියක්.

ලිංගික සංසර්ගයකට පෙර ගැහැනියක තුළ ඇතිවෙන ස්වභාවික රාගික හැඟීම් ඔබ තුළත් ඇති වෙනවද?

උප්පත්ති ගැහැනුන් හා අපි අතර ශරීර අභ්‍යන්තරයේ ඇති වෙනස්කම් නිසා ඒ දේවල්වල වෙනස්කම් තිබුණත් ඒ වෙනස්කම් හොයන්න එපා. මානසිකව අපි උප්පත්තියෙන්ම ගැහැනු. ලිංගික සංක්‍රාන්තියෙන් පසු අපි පිරිමින්ට විඳින්න පුළුවන් ගැහැනු.

ඔබ වැනි ලිංගික සංක්‍රාන්තිකයන්ට මාතෘත්වය ලබන්න බෑ. දරුවන් දරන්න දරුවන් බිහිකරන්න අම්මා කෙනෙක් වෙන්න බෑ?

ඔව් අද වෙද්දී අපිට ඒ හිමිකම නෑ. ඒත් මේ වෙද්දී අපිට දරුවන් ලබාදිය හැකි ක්‍රමවේද ගැන පරීක්ෂණ සිදු කරනවා. ඒවා සාර්ථක වුණොත් අපිට තව අවුරුදු පහකින් විතර ඒ හීනය ඇත්තක් කරගන්න පුළුවන්.

භූමි කැමතිද අම්මා කෙනෙක් වෙන්න?

මම හුඟක් ආසයි අම්මා කෙනෙක් වෙන්න. මම ඒක ගැන හුගක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒ ගැන හීන දකින කෙනෙක්.

ඒ කියන්නේ භූමි කැමතියි විවාහයකට?

විවාහයකට මගේ කැමැත්තක් නෑ. අම්මා කෙනෙක් වෙන්න විවාහ වෙන්නම ඕනද? විවාහ වුණත් නැතත් මම කැමතියි අම්මා කෙනෙක් වෙන්න. අද කාලෙ සම්බන්ධතා හරි සංකීර්ණයි. ආදරය හෑල්ලුවෙලා. ආදරය නිසා බැඳීම් නිසා හුගක් අය විඳවනවා. හුගක් අයට විවාහය තුළ ආදරයක් සැනසිල්ලක් ලිංගික තෘප්තියක් නෑ. ඒක නිකම් ලියවිල්ලක් විතරයි. ඒ නිසා මට සැමියෙක් ඉන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒත් මම තව වතාවක් කියන්නේ අම්මා කෙනෙක් වෙන්න මම හුඟක් කැමතියි.

ලිංගික සංක්‍රාන්තිකයන්ට නීතියෙන් විවාහයට බාධාවක් නෑ නේද?

අපිට නීතියෙන් විවාහ වෙන්න පුළුවන්. සමලිංගිකයන්ට ඒ අයිතිය නැති වුණාට අපට ඒ අයිතිය තියෙනවා. මේ සමාජය සමලිංගිකයන් හංවඩු ගහන්නේ බරපතළ සමාජ අපරාධකාරයන් විදිහට. ඒ නිසාම විවාහයක අයිතිය ඉල්ලන්න පෙර ඔවුන්ට මිනිසුන් ලෙස දිනාගත යුතු අයිතීන් හුඟක් තියෙනවා.

ඔබත් සමලිංගිකයන් සමාජ අපරාධකරුවන් ලෙස හංවඩුගහනවද?

කවදාවත් නෑ. අපි හැමෝම මිනිස්සු. විකෘතිය කියන්නේ ප්‍රකෘතියට සාපේක්ෂ දෙයක් මිස සැබෑ අර්ථයෙන් විකෘතියක් කියලා දෙයක් නෑ. අපි ආදරය හා ලිංගිකත්වය වෙනස් වෙනස් ආකාරවලට විඳිනවා. ඒක වරදක් නෙවෙයි. ඒ විවිධත්වයට ඇයි අපිට ගරුකරන්න බැරි.

සමලිංගික විවාහය ඔබ අනුමත කරනවද?

ගැහැනියක් වේවා, ගැහැනුන් දෙදෙනෙක් වේවා, පිරිමින් දෙදෙනෙක් වේවා එක වහලක් යට ිැං ්බා කදඩැ කියන හැගීම් ඛෙදාගෙන ආදරෙන් ජීවත් වෙන්න පුළුවන්නම් ඒක එච්චරයි. මම බැඳීම් විදිහට දකින්නේ ඒක.

භූමිට කවදාවත් ගෑනු ළමයෙක් ගැන ආදරයක් ආකර්ෂණයක් ඇතිවෙලා නැද්ද?

කවදාවත් නෑ. මගේ ලෝකේ කවදාවත් මම ආදරේ කරන කෙල්ලක් ඉඳලා නෑ.

භූමි කොල්ලෙක් විදිහට ඉන්න කාලෙ භූමිට කෙල්ලන්ගේ ආකර්ෂණයක් තිබුණෙ නැද්ද?

මම කොල්ලෙක් විදිහට ඉද්දිත් කෙල්ලකගේ මනසිකත්වයෙනේ හිටියේ. ඉතින් කොහොමද මට කෙල්ලක් ආකර්ෂණය වෙන්නේ. අනිත් එක මම ඒ කාලේ උසයි හුඟක් කෙට්ටුයි. කළුම කළුයි හරි කැතයි. කොහොමත් මට කවදාවත් කෙල්ලක් දිහා නිකමටවත් බලන්න හිතිලා නෑ.

භූමිගේ හිතේ ඉස්සරෝම ආදරයක් ඇතිවුණේ කා ගැනද? ඒ වයස කීයේදීද?

හතර වසරේ ඉද්දී. මට එතකොට අවුරුදු දහයක් ඇති.

ඒක ප්‍රකාශිත ආදරයක්ද?

හතර වසරේ ඉඳන් සාමාන්‍ය පෙළ පන්තියට එනකම් මම ඒ ළමයට හිතින් ආදරේ කළා. ඒක මගේ හිතට තදින්ම දැනුණු ආදරයක්. ඒ ළමයා විතරක් නෙවෙයි මුළු පන්තියම දන්නවා මම ඒ ළමයට ලව් කියලා. ඒක තමා ළමයින්ට ඒ දවස්වල තිබුණ ලොකුම බයිට් එකත්. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණෙත් ඒ ළමයම තමා.

ඇයි එහෙම කියන්නේ?

මම ඕ ලෙවල් පන්තියේ ඉද්දී ඒ ළමයා දවසක් මාව පන්තියේ ඉස්සරහට ඇදගෙන ආවා. ඇදන් ඇවිත් හරිම කැත විදිහට මගෙන් ප්‍රශ්න කළා. ගෑනියක් විදිහට උඹට මොනවද තියෙන්නේ උඹ කළුයි. කැතයි. උඹේ මොනවද ගන්න දෙයක් තියෙන්නේ? මොකක්ද උඹට මට දෙන්න පුළුවන් කියලා ඇහුවා. එදා මගේ හිත හුගක් රිදුණා. මම එදා හිතුවා මම ලිංගික සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවදා හෝ පෙනී ඉන්නවා කතා කරනවා කියලා.

ඔබ ඉපදුණේ කොහේද?

බොරැල්ල කාසල් වීදියේ.

ගෙදරින් ආදරයක් සැලකිල්ලක් ලැබුණද?

මගේ අම්මා විදේශගත වී හිටියේ. මම හිටියේ මගේ ආච්චියි නැන්දයි ළගඟ. තාත්තා එක්ක ලොකු බැඳීමක් තිබුණේ නෑ. සහෝදර සහෝදරියෝ කවුරුත් මට නෑ. ජීවිතේ ළගින්ම හිටියේ නැන්දා. නැන්දා මට ආදරෙයි. පිස්සු වැඩ කියලා කීවා මිසක් කිසිදේකට නැන්දා මට දොස් කීවේ නෑ.

පවුලේ අයගෙන් නෑදෑයන්ගෙනුත් ඔබ වෙනස්කම්වලට ලක් වුණාද?

එදා විතරක් නෙවෙයි අදටත් ඒ වෙනස්කම මම විඳිනවා. ගැහැනියක් වෙලා ඉපදුණු නිසා මෙවැනි සමාජයක කෙනෙක් එක්වරක් හිංසනයට පත්වෙනවා නම් අපි දෙවතාවක් ඒ හිංසනය විඳිනවා.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට.

කොල්ලෝ ගොඩක් මැද්දේ කෙල්ලකගේ මානසිකත්වයෙන් ගෙවපු ඒ කාලය කොහොමද?

පුංචි පන්තියේ ඉඳන් හැමෝම මට වෙනස්කම් කළා. මට කෙනෙහිලිකම් කළා. අපහාස කළා. කෙල්ල ගෑනි කියලා අපහාසෙන් කියද්දී දුක හිතුණා. පන්තියේදී මාව කොන් වුණා. මට යාළුවෙක් හිටියේ නෑ. මට සැලකුවේ වෙනස් විදිහට. කොල්ලන්ගේ ගැන්සිවලට මාව ගත්තේ නෑ. මම ඒ සියල්ල තුළ හුඟක් හුදෙකලා වුණා.

ඔබ මානසිකව කඩාගෙන වැටුණා. කලකිරුණා.ඔබ ඒකද කියන්න හදන්නේ?

මාවත් තේරුම් ගන්න මට වෙනස් විදිහකට සලකන්න එපා කියලා මට මේ ලෝකෙටම අඬලා කෑගහලා කියන්න ඕන වුණා.





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook