Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පුබුදු චතුරංග අයියා සහ අරුණි
අපි තුන්දෙනා තමයි එකට ඉන්නේ
ගොඩක් අය ඉතින් කියනවා ඇති දැන්
විවාහ වෙන්න කාලය හරි කියලා
-ධනංජි තාරුකා


රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත අතරින් කාටත් අමතක නොවන කටකාර, දඟකාර ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියන්නේ. ඇයගේ පළමු සිනමා අත්දැකීම ගැන වගේම තවත් තොරතුරු ටිකක් කතා කරන්න මෙවර අපි ඇයව එකතු කරගත්තා.

මොනවද අලුත් තොරතුරු
හැමදාමත් වගේ හොඳින් ඉන්නවා. කලා කටයුතුවල තමයි ඉතින් නිරතවෙලා ඉන්නේ. අලුතින් ෆිල්ම් එකක් කරනවා ‘වැලි පවුරු’ කියලා. ඒ වගේම මේ මාසේ 10 වැනිදාට මම රඟපෑ ‘හීමානේ ආකාසේ’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.


මේ ඔබේ පළමු සිනමා අත්දැකීමද?
ඔව්, මේ මගේ පළමුවැනි චිත්‍රපටය. ගොඩක් සතුටින් බලන් ඉන්නවා ඉතින් තිරගත වනතුරු.

කොහොමද ඒ අත්දැකීම ඔබට දැනුණේ?
ගොඩක් සතුටුයි. ගොඩක් හොඳ අත්දැකීමක් ලැබුවා. ඒ වගේම ඒ අත්දැකීම මට හරි අලුත්. මොකද මේ මගේ පළමුවැනි චිත්‍රපටය. ඉතින් මම මගේ රංගනය හරියට කළාද කියලා චිත්‍රපටය තිරගත වුණාම දැනගන්න පුළුවන්කමක් ලැබෙයි.

එහිදීත් ඔබට ලැබුණේ කටකාර චරිතයක්ද?
ඔව්, ඔව්. ඒ චරිතයත් කටකාර චරිතයක්. ඒ වගේම දඟකාර චරිතයක්. මම, පුබුදු චතුරංග අයියා සහ අරුණි අපි තුන්දෙනා තමයි එකට ඉන්නේ. ඉතින් කටකාර, දඟකාර සුපුරුදු මාව සිනමාව හරහාත් ඒ විදිහටම දැකගන්න පුළුවන්.

දැන් සිනමාවටත් සම්බන්ධ නිසා රංගන ක්ෂේත්‍රයේ ඔබ ස්ථාවරයි කියලා හිතනවාද?
ඔව්, මම රංගනය තුළ ස්ථාවරයි. මොකද වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව කියන අංශ තුනෙහිම රැඳෙන්න මට අවස්ථාව ලැබුනා. පියවරෙන් පියවර මම ඇවිත් රංගනය තුළ අද වෙනකොට ස්ථාවර මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා.

ඔබ, ඔබේ සමකාලීනයන්ට වඩා ඉදිරියෙන් සිටිනවාද?
එහෙම සංසන්දනය කරන්න නම් අමාරුයි. මොකද එක එක්කෙනා විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවෙලයි කටයුතු කරන්නේ. ඒ ඒ අය ඔවුන්ගේ ඒ ක්ෂේත්‍රයන් තුළින් ඉදිරියට යනවා. මම හිතනවා යම්තාක් දුරකට මම ඉදිරියෙන් ඉන්නවා කියලා.

ප්‍රවීණ පිරිසගෙන් නිතර සහයෝගය ලැබෙනවාද?
ප්‍රවීණ පිරිසගෙන් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. නොදන්නා දෙයක් ඇහුවාම කියලා දෙන නිහතමානී ප්‍රවීණ පිරිසක් අපට ඉන්නවා. කිසිම ලොකුකමක් නැතුව හැමෝම එක්ක හොඳින් ඉන්න නිසා ඒ සහයෝගය මට නම් නොඅඩුව ලැබෙනවා.

ඔබට ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
ලැබෙන ප්‍රතිචාර ගැන නම් ගොඩක් සතුටුයි. පාරෙදි වුණත් අඳුනගන්න ලැබුණොත් හොඳට කතාබහ කරලා සුබ පතන පිරිසක් ඉන්නවා. ඉතින් හරි සතුටුයි හැමෝටම මතක හිටින චරිතයක් වෙන්න ලැබිම ගැන.

ක්ෂේත්‍රය තුළ ඔබට තරහකාරයෝ නැද්ද?
සමහර විට තරහකාරයෝ ‍නෙවෙයි ඉරිසියාකාරයෝ ඇති. ඉරිසියාව ඉතින් අපි හැමෝමට තියෙන දෙයක්නේ. ඒක ‍පොදු කාරණාවක්. ඒ වගේම සාමාන්‍යයි. කාත් එක්කවත් රණ්ඩුවෙලා තරහවෙලා ඉදිරියට ගමනක් යන්න මට ඕන නැහැ.

ගෙදර අයගෙන් ඔබට ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති නේද?
මට ලොකුම සහයෝගය ලැබෙන්නේ මගේ ගෙදර අයගෙන්. විශේෂයෙන් මගේ අම්මා. ඇය තමයි මම මේ ක්ෂේත්‍රයට එන්න හේතුව. ඇය නිතරම මාත් එක්ක ඉන්නවා. කලාව තුළ ඇති හිත් රිදවීම්, බිඳවැටීම් එක්ක නොසැලී ඉන්න ශක්තියක් වෙන්නේ මගේ පවුල. අම්මා, තාත්තා, අක්කා මාත් එක්ක හැමදාම ඉන්නවා. ඔවුන්ගේ ශක්තියෙන් අද මම ලොකු ගමනක් ඇවිත් ඉන්නවා.

සැබෑ ජීවිතෙත් ඔබ කටකාර චරිතයක්ද?
සැබෑ ජීවිතෙත් මම මෙහෙමම තමයි. කිසිම වෙනසක් නැහැ. ‍පොඩි ‍පොඩි වෙනස්කම් තියෙනවා. ඒ හැරුණාම ඉතින් සරල, සාමාන්‍ය, කටකාර, දඟකාර චරිතයක් තමයි මම සැබෑ ජීවිතේදිත්.

ජනප්‍රිය වීම නිසා ප්‍රේම යෝජනා එහෙමත් එනවා ඇති නේද?
ප්‍රේම යෝජනා නම් ඉතින් කොහොමත් ලැබෙනවා. ඒ දේවල් ගැන තවම මොකුත් හිතලා නෑ.

ඔබ විවාහයට හොයන්නේ මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද?
අනිවාර්යයෙන්ම ඔහු ආගම දහමට ලැදි කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම හොඳ අවංක කෙනෙක්ව බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. තවම ඉතින් එහෙම කෙනෙක් ලැබිලා නම් නෑ.

තවම විවාහයට කාලය ඇවිත් නැද්ද?
ගොඩක් අය ඉතින් කියනවා ඇති දැන් විවාහ වෙන්න කාලය හරි කියලා. නමුත් මට නම් තවම මේ විවාහ වෙන්න කාලය ‍නෙවෙයි.

ජනප්‍රියත්වය කරදරයක් වෙලා නැද්ද?
එහෙම අවස්ථා තියෙනවා. මම ආගම දහමට ලැදි කෙනෙක්. ඉතින් නිතරම මම පන්සල් යනවා. උදේ වරුවක, ‍පෝයක එහෙම පන්සල් ගියාම වැඳුම් පිදුම් කරගන්න තියෙන අවස්ථාවන් බොහෝවිට මගහැරෙනවා. ඒ හැරුණාම නම් මට ජනප්‍රියත්වය කරදරයක් වෙලා නැහැ.

රංගනය හැරුණු කොට ඔබේ දක්ෂතා මොනවාද?
රංගනය හැරුණාම දෙරණ ස්ටාර් සිටි හරහා නර්තනමය හැකියාව දියුණු කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම අංගම්‍පොර සටන් කලාව ගැනත් මම හදාරනවා. දිගටම අංගම්‍පොර සටන් කලාව ගැන හදාරන්නත් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
ඉදිරියේදී ටෙලි නාට්‍ය නම් ගොඩක් එන්න තියෙනවා. ළඟදී අවසන් වුණේ ගිහාන් රෝහණයන් යටතේ කරපු ‘මේ මල් වසන්තයයි’ කියන නිර්මාණය. තරුණ පිරිස ගොඩක් ඒ හරහා දකින්න පුළුවන්. තව සමන් කුමාර ලියනගේ මහතාගේ නිර්මාණයක් එන්න තියෙනවා ‘සුනේත්‍රා’ නමින්. අංගම්‍පොර සටන් කලාවේ නිරත වන ගැහැනු ළමයෙක්ගේ චරිතයක් එහි කරන්නේ. ඒ නිර්මාණයන් හරහා ඉදිරියේදී මාව දැකගන්න පුළුවන් වේවි.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook