Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම රඟපාලා ජීවත්වෙන්නෙ නැහැ
මගෙ මහත්තයට තියෙනවා හොඳ රැකියාවක්‌

වත්සලා සනීපෙන් සතුටින්ද ?

ඔව් සනීපෙන් හොඳින් සතුටෙන් ඉන්නවා.

මොකද කරන්නෙ මේ දවස්‌වල?
මේ දවස්‌වල නම් ටිකක්‌ කාර්ය බහුලයි වැඩත් එක්‌ක. ඉතිං ඒ වැඩත් එක්‌ක තමයි ඉන්නෙ මේ ටිකේ.

මොනවද එච්චර වැඩ ?
ටෙලිනාට්‍යයක රූපගත කිරීම් අවසන් කළා. තවත් එකක්‌ භාරගත්තෙ නැහැ තවම. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ සහ වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් වගේ වැඩ ගොඩාක්‌ තියෙනවා. ඒ නිසා ටිකක්‌ කාර්යබහුලයි.

වැඩිය පේන්නෙ නැතිවෙන්න හේතුව ?
ඔව් වැඩිය පේන්න හිටියෙ නැතුව මම ලොකු විවේකයක්‌ ගත්තා මගේ දරුවා වෙනුවෙන්. ඒ හින්දා රඟපෑමෙන් මම ඈත්වෙලා හිටියේ. ඒත් දැන් මගේ දරුවා ලොකුයි. දැන් වැඩ කරන්න පුළුවන්. වැඩ පටන් ගත්තෙ ඒ නිසා. බලමු ඉතිං ලබන අවුරුද්දේ ඉඳන් දිගටම බලාගන්න පුළුවන් වෙයි.

නංගි ක්‌ෂේත්‍රයට ආපු එක වත්සලාට පාඩුයි නේද ?
ඔව් ටිකක්‌ එහෙමයි. අපි දෙන්නම එක වගෙයි. කට හඬත් එහෙමයි. මගේ ජීවිතේ පෞද්ගලික හේතු නිසා එක්‌ එක්‌ අවස්‌ථාවලදී මට කලාවෙන් ඈත්වෙන්න වුණා. ඉතිං එතකොට එයා රඟපාන්න පටන්ගත්තා. කොහොම වුණත් අපි දෙන්නම වැඩකරනවා. මේ වෙනකොටත් අපි දෙන්නම කාර්යබහුලයි.

අක්‌කා නංගි අතරෙ තරගයක්‌ නැද්ද?

අනේ නැහැ. එහෙම කිසිම තරගයක්‌ අපි දෙන්න අතරේ නැහැ. මට වැඩකරන්න පුළුවන් කාලේ මම වැඩකරනවා. නංගිට පුළුවන් කාලෙ නංගි වැඩකරනවා.

රඟපාල පුළුවන්ද දැන් ස්‌ථාවරයක්‌ ගොඩනගාගන්න ?
නැහැ. මම රඟපාලා ජීවත්වෙන්නෙ නැහැ. නමුත් මගේ වටිනාකම මට ලැබෙනවා. මගෙ මහත්තයට තියෙනවා හොඳ රැකියාවක්‌. මම ජීවත්වෙන්නෙ ඔහුගෙන්. රඟපෑවෙ නැහැ කියල මට ඒක දැනෙන එකක්‌ නැතිවෙයි. මේක මම කරන්නෙ මගේ ආත්ම තෘප්තිය සඳහා. මගේ ස්‌ථාවරය මගෙ මහත්තය. නමුත් එහෙම කලාවෙන් ඉන්න කෙනෙක්‌ට නම් අමාරුයි දැන් ස්‌ථාවරයක්‌ ඒ තුළින් ගොඩනගාගන්න.

සැමියාගෙන් ඔබට ලැබෙන දායකත්වය ?

ඔහුගෙන් ලොකු සහයෝගයක්‌ අපට ලැබෙනවා. බබාගෙ වැඩ, ගෙදර වැඩ, කලා කටයුතුවලට ඔහුගෙන් මට ලැබෙන්නේ විශාල සහයෝගයක්‌. ඒ වගේම මහත්තයගේ අම්ම සහ මගේ අම්මා තුන්දෙනාම මට ලොකු ශක්‌තියක්‌ වෙනවා මගේ ළඟ ඉඳගෙන.

ක්‌ෂේත්‍රය ගැන කලකිරීමක්‌

තියෙනවද හිතේ ?
එහෙම කලකිරීමක්‌ නෑ. අපි හැමදාම කලාවෙ රැඳී ඉන්නෙ නැහැ. අපි ලබාගත් හොඳ රැකගෙන ඉදිරියට යාමයි වැදගත්. නිකං රැල්ලට ගිහිල්ලා විනාශ වෙනවාට වැඩිය පොඩි දෙයක්‌ හරි කරගෙන ඉන්න එක ඉතා වැදගත් දෙයක්‌.

දක්‌ෂතම නිළිය සම්මානය ඒ කියන්නෙ හීනයක්‌ විතරද ?
එහෙම නෑ. ඒ සම්මානෙ බලාගෙන මම රඟපාලා නැහැ. හොඳ චරිතයක්‌ ලැබුණොත් කරනවා. සම්මානය දෙන්න වටිනවා නම් ඒ දේ ලැබෙයි.

වත්සලා එකම රාමුවකට කොටුවෙලා රඟපානව කියල හිතෙන්නෙ නැද්ද ?
ඔව් ඒක මටත් දැනෙනවා. ඒත් මට ලැබෙන්නේ ඒ වගේ චරිත. මගේ පෙනුමත් ඒකට බලපානවා ඇති. නමුත් ආසාවෙන් ඉන්නවා වෙනස්‌ විදිහේ චරිත කරන්න. ලැබුණොත් අනිවාර්යයෙන් කරනවා.

කොහොමද ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ?

ඒ දේ තමයි වටින්නේ රංගන ශිල්පීන් විදියට. එදා වගේම අදත් ඒ ආදරේ ඒ විදියටම මට ජනතාවගෙන් ලැබෙනවා.

කරපු චරිත අතරින් තාමත් ජනප්‍රියම චරිතය?

මුතු කිරිල්ලි චරිතය තමයි අදටත් මිනිස්‌සුන්ට මතකෙ තියෙන්නෙ.

කාලයක්‌ යද්දි මිනිස්‌සුන්ට වත්සලා අමතක වෙයිද ?

එහෙම වෙන එකක්‌ නැහැ. එහෙම වෙනව නම් මේ වෙනකොට එහෙම වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා.

වත්සලා කියන්නෙ ආඩම්බර කෙනෙක්‌ද?

ඔව් ටිකක්‌ මම ආඩම්බර කෙනෙක්‌. ඒක හැම කෙනෙක්‌ ළඟම තියෙන දෙයක්‌. මාත් එක්‌ක ඉන්න අය දන්නවා මම කොයි වගේ කෙනෙක්‌ද කියල. නමුත් මම සුහදශීලීයි. ප්‍රේක්‌ෂකයා තමයි මම කොයි වගේද කියලා දන්නේ.

ප්‍රේක්‌ෂකයාට මොනවද කියන්න තියෙන්නෙ ?
මේ හිටිය වගේ මාත් එක්‌ක ඉදිරියටත් ඉන්න කියල තමයි කියන්නෙ ඉතිං.

ප්‍රසංග මාභරණa

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook