Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මට ඉතින් හැමදාම ලොකුම සහයෝගය
ලැබෙන්නේ මගේ මහත්තයාගෙන්
පුතාව මුලින්ම ටීවී එකේ දකින කොට

මගේ ඇස්වලට කඳුළු ආවා 
– අශිකා මතසිංහ

ඇය තරුණියක්, ඒ වගේම ඇය දරුවන් තිදෙනකුගේ තරුණ මවක්. නමින් අශිකා මතසිංහ නම් ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. බොහෝදෙනාගේ ආදරය ලබන ඇය පුංචි දඟකාරයන්ගේ හුරතල් වැඩත් එක්ක රිවිසරසියටත් කාලයක් වෙන් කළා. මේ ඇගේ සොඳුරු කැදැල්ල ගැන කෙරුණු සොඳුරු කතාබහක්.


කොහොමද ජීවිතේ? මොනවද අලුත් තොරතුරු
කලාව ගැන කතා කළොත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් කලා කටයුතුයි, ගෙදර මගේ පවු‍ලේ වැඩකටයුතුයි සමබරව කරගෙන සතුටින් ජීවිතේ ගෙවනවා.

අලුතින් සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?
අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණා. මම කාලයක් තිස්සේ සිනමාවට සම්බන්ධ වුණේම නෑනේ. ඉතින් දැන් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වුණා. එකක් මේ වෙනකොට තිරගත වෙනවා. ඊට අමතරව හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ දිගටම වැඩ කෙරෙනවා. මට නිතරම නිර්මාණවලට එළියට යන්නත් අපහසු නිසා සීමිත නිර්මාණ කිහිපයක රංගනයේ යෙදෙනවා.

දැන් ආරාධනා ලැබෙනවා අඩුයිද?
එහෙම ආරාධනා ලැබෙනවා අඩුයි කියලා කියන්න බෑ. මට නිර්මාණවලට ආරාධනා කරපු පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් අදටත් ආරාධනා ලැබෙනවා ඉස්සර වගේම. මේ දවස්වල නම් මම රඟපාන්න කැමති අධ්‍යක්ෂවරයෙක්ගේ මම ගොඩක් කැමැත්තෙන් හිටපු චරිතයක් මට මග හැරුණා. ඉතින් ගොඩක් කාර්යබහුල වුණාම එහෙම ලැබෙන අවස්ථාත් මගහැරෙන මොහොතවල් තියෙනවා.

ඉස්සර ලැබුණු ප්‍රතිචාර තවමත් ලැබෙනවද?
ලැබෙන ප්‍රතිචාර නම් අඩුවෙලා නැහැ. මගේ රංගනයට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස මට එදා වගේම අදත් ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වනවා. මගේ ෆෑන් පේජ් එක හරහා වගේම මාව දකින ප්‍රේක්ෂක පිරිසගෙනුත් මට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ.

පවු‍ලේ තොරතුරු ගැන කතා කරමු?
අපේ දුව සනුකි, දෙවැනියා සෙනුක්, චූටිම බබා අනුක්. පවු‍ලේ තොරතුරු ඉතින් දුවයි පුතයි දෙන්නා දැන් ඉස්කෝ‍ලේ යනවා. චූටි බබා පෙර පාසල් යන්නත් ළඟයි. අලුත් අවුරුද්දෙ තියෙන ලොකුම බලා‍පොරොත්තුව ගෙයක් හදන එක. ගෙයක් හදන්න ඉතින් හැමදාම හිත හිතා ඉන්නවා, ලබන අවුරුද්දෙ නම් ගේ වැඩ පටන් ගන්නවා අනිවාර්යයෙන්ම.

ෂූටින්වලට යනකොට බබාලවත් අරන් යනවාද?
ෂූටින්වලට නම් එයාලව එක්කන් යන්නේ නැහැ. පසුගිය දවස් දෙකක ලොකු දුවව එක්කන් ගියා ෂූටින් යනකොට. එහෙම නැතුව නම් ඉතින් එයාලව ෂූටින් යනකොට අරන් යන්නේ නැහැ.

කවුද ලොකුම දඟකාරයා?
වැඩියෙන්ම දඟ නම් දෙවැනියා. එයා කැමති නෑ එයාට දෙවැනියා කියනවට. ඉතින් මගේ ලොකු පුතා තමයි ගොඩක්ම දඟ. එයා දෙවැනියට ඉපදුණාට එයාට දෙවැනි තැන දෙනවට එයා කැමති නෑ. ඉතින් ඒ තමයි මගේ ලොකු පුතා.

බබාලත් රංගනයට දක්ෂයි කියලා හිතෙනවද?
ඔව්, දෙවැනියා දක්ෂයි රංගනයට. මොකද එයා වෙළෙඳ දැන්වීම්වල රඟපාලා තියෙනවා. මගේ පළමු වෙළෙඳ දැන්වීමේ හිටපු මේකප් ආර්ටිස් සහ කැමරාමන් තමයි පුතාගේ පළවැනි වෙළෙඳ දැන්වීමේ හිටියේ ර්චඬඥභන චපබඪඵබ සහ ඛිචථඥපචථචද විදිහට. ඉතින් ඒකත් මට විශේෂයි. පුතාව මුලින්ම රූපවාහිනී තිරයෙන් දකිනකොට මට මගේ ඇස්වලට කඳුළු ආවා. ඉතින් ගොඩක් සතුටුයි මට එයාගේ දක්ෂතාව ගැන. එයාට නිතරම මේ වගේ දේවල් සඳහා ආරාධනාත් ලැබෙනවා.

බබාලගේ වැඩවලදි මහත්තයාගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
මට ඉතින් හැමදාම ලොකුම සහයෝගය ලැබෙන්නේ මගේ මහත්තයාගෙන්. මහත්තයාගෙන් වගේම අම්මගෙනුත් මට නොමඳ සහායක් ලැබෙනවා හැම දේකදිම. ගොඩක් වෙලාවට මහත්තයට නිවාඩු දවස් බලලා මම ෂූටින් දාගන්නවා.
එතකොට එයා තමයි බබාලව බලාගන්නේ.

මහත්තයා කැමතිද ඔබ දිගටම රඟපානවට?
මහත්තයා තමයි මාව රංගනයට දිරිමත් කරන්නේ. එයා කවදාවත් අකමැති වෙලා නෑ මම රඟපානවාට. ඉස්සර මම ආසාවට ‍පොඩි ‍පොඩි අවස්ථා විතරයි තෝරලා බේරලා කළේ. නමුත් දැන් මමත් කම්මැලි නැතිව වැඩ කරගෙන යනවා.

පවුල වෙනුවෙන් දවසක රංගනය අතහරින්න වුණොත්?
මම හිතන්නේ නෑ එහෙම අවස්ථාවක් මට ඒවි කියලා. මුළු මාසේ පුරාම කාර්යබහුල අම්මලා ඕන තරම් ඉන්නවනේ. ඉතින් මම එහෙම කාර්යබහුල නැහැ. මාසෙටම දවස් පහක් හයක් වගේ ෂූටින් වැටෙන්නේ. එතකොට පවු‍ලේ දේවලුත් මග හැරෙන්නේ නැතුව සේරම සමබරව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතන්නෙ නැහැ මට රංගනය මගහැරෙයි කියලා.

පවු‍ලේ වැඩයි, කලා වැඩයි එක්ක නිදහස සීමාසහිත වෙලා නේද?
නිදහස නම් අඩුවෙලා නැහැ. මම, මගේ පවුලට වගේම කලාවටත් ගොඩක් ආදරෙයි. ඉතින් පවු‍ලේ වැඩයි, කලා කටයුතුයි සේරම මම ආසාවෙන් කරන්නේ. එහෙම බලනකොට මට දැනෙන්නේ නෑ නිදහස සීමාවෙලා කියලා. කාලය අපතේ යන්නේ නැතුව පවුල වෙනුවෙන් කැපවෙන ගමන් කලාවටත් යොමුවෙන්න ලැබිම සතුටක්. ලැබෙන හැම අවස්ථාවේදීම ටිකක් ඇවිදලා නිදහසේ සතුටින් ඉන්නයි උත්සාහ කරන්නේ.

දරුවෝ තුන්දෙනෙක්ගේ තරුණ මවක් වීමේ හැඟීම කොහොමද දැනෙන්නේ?
ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි. එයාලා ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන. තුන්දෙනා ගත්තම එයාලට තියෙන්නේ හැකියාවන් විවිධාකාර ඒවා. ඉතින් ඒ හැකියා අපි වෙන වෙනම අඳුන ගන්න ඕන. හැමදාම මොකක් හරි අලුත් අත්දැකීමක් එයාලගෙන් ලැබෙනවා. ටිකක් විතර දඟ වැඩත් කරනවා. එතකොට ඉතින් ටිකක් සැර කරලා එහෙම තියාගන්න වෙන අවස්ථාත් තියෙනවා. මට ඉතින් ඇත්තටම ආඩම්බරයි දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක් වුණ එක.

රූපය ගැන, ජනප්‍රියත්වය ගැන හිතලා දරු සුරතල් ප්‍රමාද කරන අය ගැන මොකද හිතෙන්නේ?
දරුවෝ ලැබුණාම ලස්සන අඩුවෙන එකවත්, ජනප්‍රියත්වය අඩු වෙන එකවත් පිළිගන්න පුළුවන් තර්ක දෙකක් ‍නෙවෙයි. මාව දකින ගොඩක් දෙනා කියනවා මං දැන් හිටියට වඩා ලස්සනයිලු. ඉතින් මට අදටත් ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැහැ. රූපය හෝ ජනප්‍රියත්වය ගැන හිතලා දරුවො ගැන නොසලකා ඉන්න පුළුවන්කමක් නෑනේ.

දරුවන්ගේ වැඩ ඔබ අතින්මද සිද්ධ වෙන්නේ?
මම විතරක් නෙවේ මගේ මහත්තයත් මට උදව් කරනවා. අපි දෙන්නගේ අතින්ම තමයි තුන්දෙනාගෙම වැඩ කෙරෙන්නේ. මමත් කලා වැඩවලදි කාර්යබහුල වෙන අවස්ථා තියෙනවා. එතකොට ඉතින් මහත්තයා තමයි මට ඉන්න ලොකුම හයිය.

දරුවෝ තුන්දෙනා අනාගතේ කවුරු වෙනවා බලන්නද හීන දකින්නේ?
එයාලා ගැන දැන්ම එහෙම ලොකු ලොකු හීන දකින්නේ නැහැ. අනාගතයේ කවුරු වුණත් රටට වැඩක් තියෙන හොඳ පුරවැසියෝ තුන්දෙනෙක් වෙනවා දකින එකයි අපි දෙන්නගෙම හීනේ.

දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක් නිසා විලාසිතා එහෙමත් සීමාවෙලා ඇති නේද?
එහෙම සීමාවෙලා කියන්න තරම් විලාසිතා මම කරලා නැහැ. කොහොමත් මම එදා ඉඳන් හිටපු විදිහක් තියෙනවා. අදටත් ඒ විදිහටම ඉන්නවා සහ විලාසිතා කරනවා. සීමා කරගන්න අවශ්‍ය තරම් අනවශ්‍ය විලාසිතා මම කරලා නැති නිසා ඒ විදිහටම කරනවා.

ඔබව රූපවාහිනී තිරයේ දකිනකොට බබාලා කොහොමද ඊට ප්‍රතිචාර දක්වන්නේ?
එයාලා හරි ආසයි මම රූපවාහිනියෙන් දකින්න. අම්මා ටීවී එකේ ඉන්නවා කියලා එයාලට දැන් හොඳටම තේරෙනවා. ඉතින් රෑ වෙනකල් හරි ඇහැරන් ඉඳලා මම ඉන්නවා නම් එයාලා බලනවා.

ලැබුණු චරිත ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මම ගොඩක් චරිත කළා. ඒ චරිත ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මට විවිධ විවිධ චරිත ලැබුණා. අනෝජා වීරසිංහ මහත්මියගෙන් තමයි මම රංගනය ගැන යම්තාක් දුරට දැනුමක් එකතු කරගත්තේ. ඒක ගොඩක් වටිනවා. ඒ නිසා මට විවිධ චරිත ලැබුණා.

මොනවද ඉදිරියේදී අපිට දකින්න ලැබෙන නිර්මාණ?
අලුත් නිර්මාණ නම් භාරගන්නේ නැහැ. ‘හිතුවක්කාරයා’ ඉවර වෙනකම් අලුත් වැඩක් භාරගත්තේ නැහැ. ඉතින් අලුත් අවුරුද්දෙ අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලා‍පොරොත්තු වෙනවා. හොඳ චරිත තුළින්, සතුටු වෙන්න පුළුවන් චරිත තුළින් ලැබෙන ආරාධනා අනුව රඟපාන්න බලා‍පොරොත්තු වෙනවා.

නඳුනි ආරියවංශ


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook