Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක්
වුණාම සීමා මායිම් නැහැ
ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව
ඔවුන් තුළ තිබෙන්න ඕන
ඉතිං මට සීමා නැහැ
-මාදනි මල්වත්තගේ

ඔබ දායක වුණ චිත්‍රපට අතරින් මුලින්ම තිරගත වෙන කාල චිත්‍රපටය ගැන කිව්වොත්..?

ඔව්, මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ කාල චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයෙන් කියැවෙන්නෙ ධාතුසේන රජ්ජුරුවන් ගැන. පාසල් දරුවන්ටත් හුඟක් වටින චිත්‍රපටයක් ඒ චිත්‍රපටය.

දුප්පත් චරිතයක සිට වැව්භාර නිලමෙගෙ බිරියගෙ චරිතය දක්වා ඔබේ චරිතය වෙනස් වෙනවා. ඔබ කොහොමද ඒ චරිතයට හැඩගැසුණෙ..?

ඇත්තටම අධ්‍යක්ෂවරයාගෙන් සහ පිටපතෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒත් එක්කම මම සොයා ගත්ත දේවල් තියෙනවා. මුලදි සැමියට යටත් නොවී තමන්ගෙ ආධිපත්‍යය පතුරවගෙන ඉන්න කාන්තාවක් ඊට පස්සෙ වෙනස් වෙනවා. හැමදෙයක්ම හොයලා බලලා එහෙම හැඩගස්සවා ගත්ත චරිතයක් තමයි ඒ චරිතය.



ඔබේ සිනමාත්මක නිරූපණයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

ලංකාව පුරා සිනමාහල්වල මේ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. බලපු පිරිසක් ඉන්නවා. ඇත්තටම එයාලගෙන් ලැබෙන ප්‍රතිචාර හුඟක් හොඳයි.

ඔබ තවත් චිත්‍රපට කිහිපයකටම දායක වෙලා තිබෙනවා නේද..?

ඔව්. "මධුර චාරිකා", "මං විතරයි", "රන් කොල්ලා" වගේ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

ඔබ නිර්මාණයකට දායක වෙන්නේ සීමා මායිම් දාගෙනද..?

රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වුණාම සීමා මායිම් නැහැ. ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව ඔවුන් තුළ තිබෙන්න ඕන. ඉතිං මට සීමා නැහැ. මට මම නොවී ඒ කියන්නෙ මාදිනි නොවී ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නෙ වේදිකාවෙන්. ඒ ගැනත් මතක් කරමු..?

ඔව්. මම පටන් ගත්තෙ වේදිකාවෙන්. මම පුංචි කාලේ ඉඳලම පේරාදෙණිය සරත්චන්ද්‍ර රංග පීඨය එහෙමත් නැත්තම් වළේ නාට්‍යය බලන්න පවුලෙ හැමෝම එක්ක යනවා. පුංචි කාලෙ ඉඳලම මම ලංකාවෙ බිහිවුණු හොඳ කඩඉම් නාට්‍ය බලලා තියෙනවා. ඒ ආභාසයත් අරගෙන තමයි මම කලාවට එන්නේ.

එහෙම නාට්‍ය බලපු නිසාද නාට්‍යකාරියක් වෙන්න ඕන කියන හැඟීම ආවේ..?

ඔව්. මම පාසල් වේදිකාවෙත් රඟපාලා සම්මාන දිනාගෙන තියෙනවා. ඊට පස්සෙ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හදාරන්න අවස්ථාව ලැබුණා. එතැනින් තමයි වේදිකාව පිළිබඳ දැඩි ආශාවක් ඇති වුණේ.

වේදිකා ශිල්පීන් පුංචි තිරයට හෝ රිදී තිරයට සම්බන්ධ වෙනකොට වේදිකාව අමතක කරනවා. ඒත් ඔබ ඒ කලා අංග තුනම නියෝජනය කරනවා. ඔබට වේදිකාව අමතක කරන්න හිතිලා නැද්ද..?

ඔව්. ඇත්තටම වේදිකා නාට්‍ය තුළින් තමයි හුඟක් දේවල් අත්හදා බලන්න පුළුවන් වෙන්නෙ. මට මම නොවී රඟපාන්න පුළුවන් චරිත ගොඩක් වේදිකාවෙන් ලැබිලා තියෙනවා. අනිත් එක වේදිකාවෙන් ලොකු අභ්‍යාසයක් අපිට ලැබෙනවා. ඒක හරිම වැදගත් වෙනවා පුංචි තිරයටත් රිදී තිරයටත්. ඇත්තටම මට වේදිකාව අතහරින්න බෑ.

ජයනි, ෆර්නි සහ ඔබ වගේ සීමිත කාන්තා චරිත ප්‍රමාණයක් තමයි වේදිකා නිර්මාණවල කාලයක සිට රැඳිලා ඉන්නේ. ඔබලාගෙන් පස්සේ කලාව භාර ගන්න තරුණ රංගන ශිල්පිනියන් පිරිසක් වේදිකාවේ හැදිලා ඉන්නවාද..?

දැනට කලාව විෂයක් විදියට ඉගෙන ගන්න අය ඉන්නවා. විශේෂයෙන්ම මම දැකලා තියෙනවා කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවල ගැහැනු ළමයි ඉගෙන ගන්නවා. ඉතිං මෙහෙම ඉගෙන ගෙන එන නිසා දක්ෂතාව තිබෙන අය ඉදිරියට එයි. හැබැයි ඉතිං බොහොම අතළොස්සයි එහෙම ඉන්නෙ.

ඔවුන්ට වේදිකා රංග කලාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයිද..?

මම නම් හිතන්නෙ ඒකට ඉගෙන ගැනීම සහ වේදිකාව තුළින් චරිත අත්හදා බැලීම තමයි සුදුසුම දෙය.

වේදිකා නාට්‍ය නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ඔබට අදහසක් නැද්ද..?

ඔව්. තිබෙන අත්දැකීම් එක්ක හොඳ නිර්මාණයක් කරන්න සූදානම් වෙන්න ඕන. තවම ඉතින් කරන්න පටන් අරගෙන නැහැ. ඒත් නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා.

මොනවද වේදිකාවේ අලුත් වැඩ..?

මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්මයාගේ "මහා සොපිනා" නාට්‍යයේ වැඩ කටයුතු තියෙනවා. චාමික හත්ලහවත්ත මහත්මයා අලුත් නාට්‍යයක පිටපත දීලා තියෙනවා. ඒ වගේම ජයලත් මනෝරත්න මහත්මයා පටන් ගන්නවා වන ළැහැබ කියලා නාට්‍යයක්. ආර් සමරකෝන්ගෙ කැලණි පාලම, අජිත් රූපසේනගේ මනමාලයා නාට්‍යවල දර්ශන වාරවලටත් සහභාගි වෙනවා.

ඔබ විවිධ චරිත කරන්න හුඟක් කැමැතියි නේද..?

ඔව්. ඇත්තටම මම රංගන ශිල්පිනියක් විදියට විවිධාකාර චරිත හොයලා ඒවා ඉගෙන ගෙන කරන්න හරිම ආසයි. ඇත්තටම ලොකු පෙරේතකමක් තියෙන්නෙ. මම හිතනවා ඒ ඉගෙන ගැනීම සහ අත්හදා බැලීම තමයි වැදගත් වෙන්නෙ.

මාධ්‍යයන් තුනම ස්පර්ශ කරන කෙනෙක් විදියට ඔබ ඒ අංශ තුනේ වෙනසක් දකිනවද..?

ඔව්. පැහැදිලිවම වෙනස්. වේදිකාවෙදි අපේ සම්පූර්ණ චරිතයම ප්‍රේක්ෂකයන්ට පේනවා. අපිට බොරු කරන්න බැහැ. ඒක සජීවී අත්දැකීමක්. නමුත් පුංචි තිරයෙදි හෝ රිදී තිරයෙදි සමීප දර්ශනයක් (ඛ්තධඵඥ-භන) රූගත කරනකොට මුහුණෙන් විතරයි හැඟීම් ප්‍රකාශ කරන්න ඕන. පුංචි තිරයේදී වැරදුණොත් ආයෙ කරන්න පුළුවන්. වේදිකාවෙදි වැරදුණාම ඒක හංගන්න බෑ.

මොනවද පුංචි තිරයේ අලුත් වැඩ කටයුතු...?

පැහැසරා, මහරජ ගැමුණු, කොන්කළ දෝණි සහ චුට්ටෙ වගේ නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව දමයන්ති ෆොන්සේකා අක්කගෙ කිරි අම්මා ටෙලි නාට්‍යයට සහභාගි වුණා. ඒක මම මෙච්චර කාලයකට නොකළ වෙනස් විදියෙ චරිතයක්. මම ඒක හරිම ආසාවෙන් කළා. ඒ වගේම තමයි අරුණ ප්‍රේමරත්න අලුත් නිර්මාණයක් පටන් ගත්තා අන්දරයාය කියලා. තවත් අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඉන්නවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook