කුණු වලින් විදුලිය නිපදවීමේ තාක්ෂණය
ලංකාවට හඳුන්වා දුන් ප‍්‍රදීප් ජයවර්ධන
කැලි කසල වලින් විදුලිය නිපදවීමේ තාක්ෂණය ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ප‍්‍රදීප් ජයවර්ධන මහතායි. එතුමා ජර්මනියේ හිටපු තානාපති තුමායි. ඔහු ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ලොකු මුණු බුරායි. විදුලිය නිපදවීමේ නව තාක්ෂණික මෙහෙවර ගැන ප‍්‍රදීප් ජයවර්ධන මහතා සමඟ කළ කතා බහ පහත සටහන් වේ .
සංවාද සටහන - පි‍්‍රයන්ත කරුණාරත්න
කොළඹ කුණු වලින් මෙගා වොට් 10 ක විදුලියක්
ලංකාවට ගෙනා ලොකුම ආයෝජනය. රුපිග බිලියන 13ක්
නීල හරිත ව්‍යාපෘතියක් .පරිසර හානිය බිංදුවයි
බලාගාරය සඳහා අනුමැතිය ගන්නත් අවුරුදු 6ක සටනක්
කැලි කසල ජාතික මට්ටමේ ගැටළුවක්. විශේෂයෙන්ම කොළඹ නගරයේ එකතුවන කැලි කසල කාලාන්තරයක් තිස්සේම දැවෙන පාරිසරික සහ දේශපාලනික ප‍්‍රශ්නයක්. එය ජාතික මට්ටමේ ආපදාවක් බවටද පත් වුණා. ඔබතුමා මේ දැවෙන ප‍්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් ලබා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර අවසන්. කොළඹ නගරයේ එකතුවන කැලි කසල වලින් විදුලිය නිපදවීමේ නව තාක්ෂණික ව්‍යාපෘතිය මෙරටට ගෙන ආවේ ඔබයි. මේ ව්‍යාපෘතියේ පසු බිම් කි‍්‍රයාවලිය ගැන පළමුව කතා කරමු ...
ඇත්තටම 2017.11.29 තමයි කොළඹ නගරයේ එකතුවන කැලි කසල වලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් කළේ. එය බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (Power parches Agreement). මෙය අත්සන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය සහ වෙස්ටන් පවර් කියන සමාගම අතරයි. වෙස්ටන් පවර් සමාගමේ විශාල කොටස් සම්භාරයක් එයිට්කන් ස්පෙන්ස් (Aitken Spence) සමාගමට අයිතියි. මෙම ගිවිසුමට අනුව කිලෝ වොට් එකක බල ශක්තියක් රුපියල් 36.20 ට ලංකා විදුලි බල මණ්ඩලය මිලදී ගැනීමට එකඟ වුණා. මෙම විදුලි බලාගාරයෙන් මෙගා වොට් 10 ක බල ශක්තියක් නිපදවනවා. මෙහිදි බල ශක්තිය නිපද වන්නෙ කසල පිළිස්සීමෙන්.
මේ ව්‍යාපෘතිය සඳහා ලොකු පසු බිමක් තියෙනවා. කොළඹ කසල ප‍්‍රශ්නය විසදීමට අවුරුදු ගණනාවක් විවිධ පාර්ශව ඇවිල්ලා විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ කසල ප‍්‍රශ්නයට හරි විසඳුමක් ලැබුණේ නැහැ. ඒ සඳහා විවිධ හේතු තියෙනවා. එකක් තමයි කසල ගොඩ කිරීමෙන් කෙනෙකුට විශාල මුදලක් ලබා ගැනීමට තියෙන හැකියාව. මිලියන තුන්සීයක, තුන්සිය පනහක ආදායමක් ලබා ගන්න පුළුවන් කසල කොහේ හරි ගිහිල්ලා ගොඩ ගැසීමෙන්. ඒ කි‍්‍රයාවලිය තමයි මෙතෙක් සිද්ධ වෙලා තිබුණේ.
කොළඹ එකතුවෙන කැලි කසල පළමුවෙන්ම ගොඩ ගැසුවේ බ්ලූමැන්ඩල් වල . නමුත් උසාවි නියෝගයක් නිසා ඒවා මීතොටමුල්ලෙ ගොඩ ගැහැුවා. මීතොටමුල්ලෙ ජනතාව මේකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහ නගර සභාවට නියෝගයක් දුන්නා ටෙන්ඩර් කැඳවා සුදුසු ආයතනයක් තෝරාගෙන මෙය විසදීමට බලය ලබා දෙන ලෙසට. මෙම ටෙන්ඩර් එකට තමයි වෙස්ටන් පවර් කියන සමාගම ඉල්ලූම් කළේ. වෙස්ටන් පවර් සමාගම ටෙන්ඩර් එක දිනුවා. ඒ වගේම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා මීතොටමුල්ලෙන් ඉඩමක් ලබා දෙන ලෙසට නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවටත් කුණු ලබාදෙන ලෙසට කොළඹ මහ නගර සභාවටත් බල ශක්ති මිලදී ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නා.
ගිවිසුමට අත්සන් තබන මොහොත
අපි මේ කතා කරන්නෙ 2012, 2013 සහ 2014 වර්ෂයේ සිදුවීම් පෙලයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට අනුව සමාගම සියළුම ගිවිසුම් ඉටු කර ගත්තා. ඉඩම සඳහාත් මූලික මුදලක් ගෙව්වා අවුරුදු 30ක් වගේ කාලයකට. බදු මුදලූත් ගෙව්වා. අනතුරුව ඉඩම පවරා ගන්න යනවිට ඒ ඉඩමටත් කුණු ගොඩබාලා ඉඩම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ,
2014 අග කාලයේදී මේ සමාගම මට කතා කළා. ඒ කාළේ මම ජර්මනියේ තානාපති ලෙස වැඩ කටයුතු කරමින් හිටියේ. ඇත්තටම මම අධ්‍යයනයක් කරලා තිබුණා ජර්මනිය කුණු ප‍්‍රශ්නයට විසඳුම් හොයා ගත්තෙ කොහොමද කියලා. ඒ රටේ සමහර පළාත්වල ගොල්ෆ් පිටි හදලා තියෙන්නෙ කුණු කඳු වලින්. ඒ වගේම ජර්මනිය හොයාගෙන තියෙනවා කුණු වලින් බල ශක්තිය නිපදවීමේ විවිධ ක‍්‍රම. මම මේවා අධ්‍යයනය කර මේ පිළිබඳ වාර්තාවක් ලංකාවට ඉදිරිපත් කළා.නමුත් නියම ලෙසම මේ අදහස් තිබුණු රජයට ඉදිපත් කිරීමට බැරි වුණා.
2015 දී නව රජය බලයට පත් වීමෙන් පසු මම සමාගමට කිව්වා ව්‍යාපෘතිය සඳහා උදව් කරන්නම් කියලා. මොකද මේ ව්‍යාපෘතියෙන් තමයි කොළඹ කුණු ප‍්‍රශ්නය ලේසියෙන්ම විසදීමට පුළුවන්. ඒ අනුව සමාගමේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන්න මම එකඟ වුණා. ඉන් අනතුරුව අපි පාඨලී චම්පික ඇමැතිතුමත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා.
නමුත් නව රජය යටතෙත් වසර තුනකට ආසන්න කාලයකට පසුවයි මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වීම සිදුවන්නෙග එතරම් කාලයක් ප‍්‍රමාද වීමට බල පෑ තවත් හේතු තියෙනවද?
ඔව්. ඇමැතිතුමාටත් මතයක් තිබුණා මෙම තාක්ෂණය අසාර්ථකයි කියලා. එතුමාට උපදෙස් දෙන යම් යම් උපදේසකයන් කියලා තිබුණා මේ තාක්ෂණය හරි යන්නෙ නැති බවට. ඒ වගේම මෙය විසදීම සඳහා විවිධ අදහස් ඔවුන්ට තිබුණා. නමුත් අපි තාක්ෂණය ගන්නා අයතනය ලෝකේ පුරා මෙවැනි විදුලි බලාගාර පන්සීයකට වැඩි ප‍්‍රමාණයක් හදළා තියෙනවා. දැනටත් සිංගප්පූරුවේ බල ශක්තිය ලබා ගන්නෙ මේ වගේ විදුලි බලාගාරයකින්. ඒ නිසා මට හොඳ විශ්වාසයක් තිබුණා මේක කරන්න පුළුවන් කියලා. තිබුණේ තාක්ෂණය පිළිබඳ සැක සංකා. ඒ නිසා මම ඇමැතිතුමා එක්කත් නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟත් කතා කරලා මේ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන හොඳ ඉංජිනේරුවෙක් ගෙන්වා සම්මන්ත‍්‍රණයක් කළා. ඇමැතිතුමාගේ විශේෂඥ උපදේසකයන්ද ඊට සම්බන්ධ කළා. මෙහිදී සියළු දේ විමසා සිටියාල සාකච්ඡා කළා. ඉන් පසුවයි තහවුරු වුණේ මෙය කළ හැකි දෙයක් බව.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඊලඟට තිබුණ ලොකුම ප‍්‍රශ්නෙ සුදුසු ඉඩමක් හොයා ගැනීමයි. මේ පිළිබදව අදාළ ආයතනත් සමඟ සාකච්ඡා කළා. යෝජනා කීපයක්ම ආවා. තුන් හතර පොලකම ඉඩම් හෙව්වා. නමුත් සුදුසු ඉඩමක් හොයා ගන්න මාස හයක් විතර ගියා. එතරම් කාලයක් ගියෙත් නිවැරදි මඟ පෙන්වීමක් නොලැබුණු නිසයි.
ඊලඟට තවත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දුන්නාග මිලියන එකසිය පනහක (150) විතර මුදලක් මී තොටමුල්ලෙ ඉඩමට මීට කලින් ගෙවලා තියෙනවා. සමාගම ඉල්ලීමක් කළා ඒ මුදල මෙම ඉඩම සඳහා යොමු කරන්න කියලා. ඒක කර ගැනීමටත් ටිකක් අමාරු වුණා. ඒ වගේම ‘‘වැට් ’’ බදු මුදල් ද කලින් ඉඩමට ගෙවලා තිබුණා. ඒ බදු මුදල් ද අලූත් ඉඩමට ගැනීමට කටයුතු කරන්න මහන්සි වුණා.
මේ සියල්ල අවසන් වූ විට වෙස්ටන් පවර් සමාගම කිව්වා මේ ගිවිසුමට දැන් අත්සන් කරන්න කැමැති නැහැ කියලා. ඔවුන් කිව්වා දැන් සියල්ල වෙනස් වෙලා කියලා. විශේෂයෙන්ම විදේශ විනිමය අනුපාත වෙනස් වී ඇති බවත් ඒ වගේම බලාගාරය ගෙන්වන විට ‘‘වැට්’’ බදු මුදල අය කරන බවත් කිව්වා. මීට පෙර වැට් බදු අය කිරීම සිදු වුණේ නැහැ. අලූත් නීතිය අනුව රුපියල් බිලියන දෙකක විතර වැට් බදු මුදලක් එකතු වෙනවා. මේ හේතු නිසා මට මේ ආයතනය ගෙන්වා ගෙන අත්සන් කිරීම ඉතා අසීරු දෙයක් වුණා. ඇත්තටම බලෙන් වගේ තමයි ගෙන්වා ගත්තෙ.
ඇත්තටම පාඨලී චම්පික ඇමැතිතුමාම තමයි පසුව ඒ ප‍්‍රශ්නෙ විසඳලා දුන්නෙ. මොකද කලින් එකඟතාව තිබුණේ කිලෝ වොට් එකක බල ශක්තියක් රුපියල් 23.10 ට මිල දී ගන්නවයි කියලයි. නමුත් ඇමැතිතුමා කිව්වා ඒ ගණන් වලට මෙය කළ නොහැකියි කියා. අපි යෝජනා කළා රුපියල් 36ග 20ක්ග එම යෝජනාවට එතුමා කැබිනට් අනුමැතිය ලබා දුන්නා.
කොතරම් මුදලක් මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනවාද?
රුපියල් බිලියන දහ තුනක ( 13) මුදලක් මේ සඳහා ආයෝජනය කරනවා. මම හිතන්නෙ මේ කාලයේ සමාගමක් ලංකාවට කරන ලොකුම ආයෝජනය මෙය කියලයි. මේ බලාගාරයේ තාක්ෂණය ලබා දෙන්නෙ චීන සමාගමක්.
විදුලිය නිපදවන්නෙ කොපමණ කාලයකින්ද?
සියළුම වැඩ කටයුතු අවසන් වීමට මාස 18 ක් ගත වෙනවා. අක්කර පහක වගේ භූමියක බලාගාරය ඉදි වෙනවා. සම්පූර්ණ ඉඩම අක්කර දහයයි. ගිවිසුම ගහන්න කලින් ඒ කියන්නෙ පසු ගිය ජූනි මාසයේ සිට මෙහි වැඩ ආරම්භ කළා. තව මාස දහ අටකට පස්සෙ විදුලිය නිපදවීම ආරම්භ වෙනවා. එතැන් සිට මෙගා වොට් දහයක (10) බල ශක්තියක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙනවා.
කොළඹ කුණු කොච්චර ප‍්‍රමාණයක් විදුලිය නිපදවීම සඳහා දිනකට යොදා ගන්නවාද?
දිනකට මෙට්ටි‍්‍රක් ටොන් හත්සීයයක් (700) යොදා ගන්නවා. දිනකට කොළඹ කුණු මෙට්ටි‍්‍රක් ටොන් එක් දහස් එකසීයක්ල එක් දහස් දෙසීයක් ( 1100 -1200) අතර ප‍්‍රමාණයක් එකතු වෙනවා. මේ නිසා කුණු හොඳින් කළමණාකරණය කර ගැනීමට හැකි වෙනවා. අනික තව විදුලි බලාගාර දෙකක් ඉදිරියේදී ඒමට නියමිතයි. එවිට කුණු ප‍්‍රශ්නයක් නොවෙයි සම්පතක් බව මිනිස්සුන්ට තේරේවි.
ඔබතුමා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරනවා . ඔබේ ජයග‍්‍රහනයටත් කලින් කොළඹ නගර සභාවේ විශාලම ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමට ඔබට පුළුවන් වුණා ...
ඇත්තටම මේක මම හිතුවෙත් නැති දෙයක්. මොකද මට කොළඹ මහ නගර සභාවට තරඟ කරන්න ඕනි කියන අදහසක් මුලදි තිබුණේ නැති නිසා. මගේ අදහස වුණේ ජනතාව පෙලෙන සහ මිනිසුන් මරා දමන මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දීමයි. ඒක රට වෙනුවෙන් කළ වැඩක්. නමුත් මම නගර සභාවට එන්න කලින් මේක කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.
විදුලිය නිපද වීමෙන් පසු ඉතිරි වෙන අපද්‍රව්‍ය සඳහා මොකක්ද කරන්නෙ?
අප ද්‍රව්‍ය දෙකක් ඉතිරි වෙනවා. එකක් තමයි පතුලේ ඉතිරිවෙන අළු (Bottom Ash ). මේ අළු හානිකර නැහැ. මේවා ගොඩනැගිලි හැදීමට ගන්නා ගඩොල් නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අහසට යන අළු (Flu Ash) තියෙනවා. නමුත් මේවා අහසට යැවෙන්නෙ නැහැ. ඒකත් රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරලා අල්ලා ගන්නවාග ඉන් පස්සේ ඝන ද්‍රව්‍යයක් බවට පත් කරලා තාක්ෂණයෙන් සුරක්ෂිත කළ ද්‍රව්‍යයක් ලෙස තෝරාගත් ඉඩමක තැන්පත් කරනවා.
පාරිසරික හානියක් නැහැ ...
පාරිසරික හානියක් නැහැ. මොකද මෙයින් කිසි දෙයක් එළියට යන්නෙ නැති නිසා.එළියට යන්නෙ විදුලිය පමණයි.
කසල වෙන් කිරීමක් සිදු වෙනවාද?
මේ තාක්ෂණයට කසල වෙන් කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.සියළුම කසල විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නවා.. නමුත් මේ යන්ත‍්‍රයට දාන්න බැරි එකම දෙයයි. ඒ ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන විශාල කොන්කි‍්‍රට් කුට්ටි වගේ දේවල්. අනිත් හැම දෙයක්ම පුළුවන්. මේ නිසා තමයි මෙම තාක්ෂණය ලෝකය පුරා බහුල ලෙස පාවිච්චි කරන්නෙ.