Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මට සිනමාවෙන් අයින් වෙන්න කියලා 
එයා තාම රඟපානවා 
– ප‍්‍රීතී රන්දෙණිය

ලංකාවේ ප‍්‍රසිද්ධ තරු ගැන ලියැවෙන ජීවිත කතා පිටුපස හිදිමින් ඔවුන් දිරිමත් කරන ආදරණීයන් ගැන අපි කතා කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ නිසාම අපි ඔවුන් වෙනුවෙනුත් ඉඩක් වෙන් කළා. ”තරුවකට බැඳිපෙම” තුළින් මෙවර කාලය වෙන් කළේ සිනමාව දිග්විජය කරමින් පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් ප‍්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙනිය මහතාගේ ආදරණීය බිරිඳ ප‍්‍රීතී රන්දෙනියටයි.

රවීන්ද්‍ර මුලින්ම දැකපු දවස ගැන මතක් කළොත්.?
පි- 1972 දී වගේ ඒ සිද්ධිය වුණේ. මම නාට්‍යයක් බලන්න ගිය අවස්ථාවක තමා මම මුළින්ම එයාව දැක්කේ.

මොකද හිතුනේ එදා?
පි- එදා නම් කතා කරන්නවත් ඉඩක් ලැබුණේ නැහැ. මගේ ළඟ හිටිය අය විහිළු කළා මොනවද ඔය තරම් බලන්නේ කියලා. ඊට පස්සේ තමයි ”දෑස නිසා” කියන චිත‍්‍රපටයට අලූත් නළුවෙක් විදියට එයාව තෝරගෙන කියලා පත්තරේ ගියපු ලිපියකින් දැක්කේ. ඒක කියෙව්වම රවිව කවදහරි දකින්න ඕනි කියලා ලොකු ආසාවක් ඇති වුණා.

ඉතින් ඒ ආසාවට ඉඩක් ලැබුණද? ඒ අතීතය ගැන පොඞ්ඩක් මතක් කරමු?
පි- අහම්බෙන් වගේ මටත් ඒ චිත‍්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. පත්තරේ කියෙව්ව එක මගේ හිතේ තිබුණා. චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට ගියහම මං බලාපොරොත්තුවෙන් හිටියා රවි දකින්න. මොකද එයා ප‍්‍රධාන චරිතය වුණ නිසා එයා එයිනේ කියලා බලන් හිටියා. මට ඒකේ තිබුණේ පුංචි චරිතයක්. කොහොමහරි ෂූටින් ගිහින් සතියක් විතර එහේ ඉන්න වුණා. මම ගියේ අම්මා එක්ක. හිතුව විදියට රවී ආවේ නැති නිසා ඉතින් ඔය අතරතුරදි මං ශ‍්‍රියාණි අමරසේන අක්කගෙන් ඇහුවා කෝ අර අලූත් නළුවා එන්නේ නැද්ද කියලා. අයියෝ ඔයා එයාව බලන්නද මේ ඉන්නේ එයා එන්නේ තව ටික දවසකින්නේ කියලා ශ‍්‍රියාණි අක්කා කිව්වා. ඒ වෙලාවේ මම හිතුවා දකින්න වෙන්නේ නෑනේ කියලා. කොහොමහරි හවස් වෙලා මම කාමරේ ඉද්දි කෙනෙක් ඇවිල්ලා දොරට අත් දෙකම තියලා කිව්වා මාව දකින්න කෙනෙක් ඉන්නවා කියලා ආරංචි වුණා කෝ දැන් එළියට එන්නෙත් නෑනේ කියලා. ඇත්තටම එදා නම් මට ගොඩක් ලැජ්ජා හිතුණා. ශ‍්‍රියාණි අක්කා කලින් ගිහින් කට්ටියටම මෙ කතාව කියලනේ. මම ලැජ්ජාව නිසාම එළියටවත් ආවේ නැහැ.

මොකද හිතුණේ බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් එකපාරටම දැක්කම?
පි- ඒ සිද්ධිය වෙද්දී මට අවුරුදු දාහතක් වගේ ඇති. මට හරිම ලැජ්ජයි ඉතින් සිදුවෙච්ච දේට. මට වැඩි තේරුමක් තිබුණේ නැහැ. ආදරයක් ගැන හිතලා නෙවයිනේ කතා කරන්න බලන් හිටියේ. අර ඉතින් අලූත් කෙනෙක් එනවා කිව්වම දකින්න ආසයිනේ. අනික අලූත් නළුවෙක්නේ. එදා ? කන්න ගියාමයි හරියට රවිගෙ මුහුණ දැක්කේ. එ් වෙලාවෙ ටිකක් කතා කළා. රවි මගෙන් විස්තර ටිකක් ඇහුවා. පහුවදා අපි ෂූටින් ඉවරවෙලා ආපහු ආවා.

ඒ හමුවීමෙන් පස්සේ හිතවත්කම ගොඩනැඟු‍ණේ මොන විදියටද?
පි- ඒ සිදුවීමෙන් පස්සේ තිස්ස අබේසේකර මහත්මයාගේ කෙටි චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා. ඒ අතරතුර මට දැනගන්න ලැබුණා රවි මං ගැන විස්තර හොයනවා කියලා. ඊට පස්සේ ගෙදරට පණිවුඩයක් එවලා චිත‍්‍රපටයකට සම්බන්ධවෙන්න කැමැතිද කියලා අහලා තිබුණා. ඒ හැමදේම වුණාට පස්සේ මාසයකට දෙකකට විතර පස්සේ තව යාළුවෙක් එක්ක අපේ ගෙදර හොයාගෙන ආවා. අම්මා, තාත්තා අපි හැමෝම එක්ක සුහදව කතා කරලා එයා ගියා.

රවීන්ද්‍ර ඒ පේ‍්‍රමණීය ආරාධනාව ප‍්‍රීතිට ගේන්නේ කොහොමද?
පි- මුණ ගැහිලා කාලයක් ගියාට පස්සේ තමයි ඒ යෝජනාව ගේන්නේ. සුමිත්ත අමරසිංහ මහත්තයාගේ කෙටි චිත‍්‍රපටයකට මං සම්බන්ධ වෙලා ඉන්න කාලෙක ඒ හිතවත්කමත් එක්ක සුමිත්ත මහත්තයගේ බිරිඳ හරහා තමයි මට ඒ යෝජනාව රවී ගෙනාවේ. පොඩි වයස නිසා මං හරි බය වුණා. මං කිව්ව එකම දේ තාත්තගෙන් අහන්න කියන්න කියලා.

දැක්ක පළවෙනි දවසෙම පොඩි විශේෂත්වයක් දැණුන කෙනෙක් ඒ වගේ විවාහ යෝජනාවක් ගෙනාවම ප‍්‍රීතිට මොකද එදා හිතුණේ?
පි- මම නම් හිතුවේ මේ බොරුවක් වෙන්නැති කියලා, රවී ජීවිතේට තාත්තගෙන් මං ගැන අහන්න යයි කියලා මම නම් හිතුවෙම නෑ. ඒත් තාත්තගේ ඔෆිස් එකට ගිහින් අහලා තිබුණා. ඊට පස්සේ මට විශ්වාසයක් ගොඩනැගුණා. ඊට පස්සේ ඉතින් රවිව හමුවෙන්න අවස්ථාව ලැබෙනවා. දිගටම සම්බන්ධය අරගෙන ගියා. රවි මුලින්ම එයාගේ ගෙදර අයටත් මාව හඳුන්වලා දුන්නා. කවුරුත් අකමැති වුණේ නැහැ. යාළු වෙලා අවුරුදු එකහමාරකින් පස්සේ 1974 ඔක්තෝබර් 31 වෙනිදා රවිගේ ආගමේ සිරිත් විරිත් අනුව තමයි අපේ වෙඩින් එක අරගත්තේ. ඒ වෙද්දි මගේ වයස අවුරුදු විස්සයි.

පත්තරේ තිබුණ ආර්ටිකල් එකෙන් රවීව පළවෙනි වතාවට දැක්කම මුණගැහෙන්න හිතුණේ විශේෂත්වයක් දැණුන නිසා නේද?
පි – පත්තරේ ආර්ටිකල් එක දැක්කට පස්සේ ඒකේ ෆොටෝ එකකුත් තිබුණනේ. ඉතින් පොඩි ආකර්ෂණයක් වගේ දෙයක් දැණුනා. දකින්න ඕනි මෙයාව කියන හැඟීම විතරයි එදා නම් තිබුණේ. හැබැයි දැක්කට පස්සේ පොඩි බයක් ඇති වුණා. කතා බහ කරද්දි කාලයක් යද්දි තමයි ටිකින් ටික ආදරයක් වුණේ.

ඒ කාලේ රවින්ද්‍රට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය වැඩියෙන් ලැබෙද්දි ප‍්‍රීතිට ඉරිසියවක්හෙම දැණුන අවස්ථා නැද්ද?
පි- අම්මෝ ඒ කාලේ පොඩි පොඩි රණ්ඩුවල ඉවරයක් නෑ. සමහර වෙලාවට රවිට කේන්තිත් යනවා මගේ අදහස්වලට වැඩවලට. මගෙත් පොඩි වයසනේ. ඒවා ඉතින් කාලය එක්ක හරි ගියා. කවදාවත්ආදරයට පලූද්දක් වෙන්න තරම් ප‍්‍රශ්න අපි අතරේ ඇති වුණේ නැහැ. තේරුම් ගැනීම අවබෝධය මත හැම දේම හොඳින් විසදුණා.

රංගන ශිල්පිනියක් වුණ ප‍්‍රීති ඇයි රංගනයෙන් ඉවත් වෙන්න හිතන්නේ?
පි- ඒකට ප‍්‍රධානම හේතුව වුණේ රවී. එයා ඉල්ලීමක් කළා චිත‍්‍රපටවලින් අයින් වෙන්න කියලා. අපි දෙන්නම කලා කටයුතුවලට ගියොත් පවුල් ජීවිතේට බලපෑමක් වෙයි කියලා. ඉතින් මම හිතුවා ඒ දේ හරි කියලා. අපි කසාද බඳින්න කලින්ම මම රගපෑමෙන් ඉවත් වුණා. ඒ තීරණය නිසා තමයි අවුරුදු 42 ක් විතර අදටත් අපි ලස්සනට ජීවත් වෙන්නේ. හැබැයි ඉතින් රවී එදා මට කිව්වා එයත් ටික කාලයකින් රඟපෑමෙන් අයින් වෙනවා කියලා. ඒත් ඒක කඩවුණ පොරොන්දුවක් වුණා. රවී තාමත් රඟපානවනේ (සිනහවෙමින්*.

ආදරය කරන කාලේ සිදු වුණ අමතක නොවන සිදුවීම් ගැනත් පොඞ්ඩක් මතක් කරමු ?
පි- සිදුවීම් නම් ගොඩක් තියෙනවා. හොඳටම මතක හිටින්නේ රවි ෆිල්ම්වලට ගියාම මං හරියට රණ්ඩු වෙනවා. අමතක නොවනම සිදුවීමක් තමයි අපි දෙන්නා ”දුහුල් මලක් ” චිත‍්‍රපටය බලන්න ගිහින් චිත‍්‍රපටය ඉවරවෙනකල් වගේම මං රවීව කෙනිත්තුවා එයා වෙන ගෑනු ළමයි එක්ක රඟපානවා දැකලා ඉරිසියාවට. (සිනහවෙමින්*

රවින්ද්‍ර රන්දෙණිය කියන චරිතය ප‍්‍රීතිට දැනෙන විදියට මොනවගේද?
පි- ගොඩක්ම හොඳ කෙනෙක්. හැබැයි ඉක්මනට කේන්ති යනවා.

සැමියා සිනමා ක්ෂේත‍්‍රයේ හිනිපෙත්තටම ආ කෙනෙක් බිරිඳ විදියට ප‍්‍රීතිට මොනවගේ හැඟීමක්ද ඒ ගැන දැනෙන්නේ?
පි- රවීව මට මුණගැහෙන්නේ එයාගේ ජීවිතේ පටන් ගැන්මෙදීම වගේ. එ් කියන්නේ එයාගෙ පළවෙනි චිත‍්‍රපටයෙන්මයි. මම කවදාවත් කියන්නේ නැහැ මම නිසා රවි ජනප‍්‍රිය වුණා කියලා. නමුත් මම හිතනවා එයාට මේ තරම් දුර එන්න එයාගේ හිත නිදහසේ තිබුණා මම නිසා කියලා. මොකද මම ඒ වටපිටාව එයාට නිර්මාණය කරලා දුන්නා කියලා මං හිතනවා. මම කළේ දරුවන් එක්ක එයාගේ ඒ නිදහස හදලා දුන්න එක. එයාගේ චරිතය ගොඩනගා ගත්තේ එයා. ඉතින් මෙතෙක් ආව දුර ගැන සතුටක් තියෙනවා.

තමන්ගේ ජීවිතේ වටිනාම වස්තුවවුණ දරුවන් ගැන කතා කළොත් අද ඔවුන්ගේ ජීවිත දිහා බැලූවම ප‍්‍රීතිට මොකද හිතෙන්නේ?
පි- ලොකු පුතා මේ වෙද්දී විවාහවෙලා බබාලා දෙන්නෙක් ඉන්නවා. ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිය. එයා හොඳට ඉගෙන ගත්තා. දෙවැනි පුතත් ඔස්ටේ‍්‍රලියාවල අවුරුදු 10ක් විතර හිටියා. හොඳට ඉගෙන ගත්තා. එයා කලා ක්ෂේත‍්‍රයට කැමැතියි. වැඩිපුර නිෂ්පාදන පැත්තට තමයි කැමැතිි. ඉතින් එයා දැන් ලංකාවට ඇවිල්ලා රවි එක්ක වැඩ කරගෙන යනවා. දුවත් හොඳට ඉගෙන ගත්තා. මේ වෙද්දි එයත් ඔස්ටෙ‍්‍රලියාවල රැුකියාවක් කරනවා.ඒ කාලේ දරුවන් වෙනුවෙන් රවීත් මමත් වෙච්ච මහන්සිය අපතේ ගියේ නැහැ. ඔවුන් සාර්ථකව ඉන්නවා මේ වෙද්දි.

ජීවිතේ ඉදිරි බලාපොපොරොත්තු මොනවගේද ?
පි- හෙට දවස මොනවා වෙයිද කියන්න බැහැ. දැන් ජීවිතේ ලොකු සැලසුම් නැහැ. ඉස්සර නම් දරුවෝ වෙනුවෙන් කැප වුණා. එන විදියට මුහුණ දෙනවා. හිටියා වගේම සතුටින් ජීවිතේ ගෙනියනවා.

දිල්රුක්ෂි ගේ‍්‍රරු

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook