Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


ලෝකයම කතා කළ, පාලු දූපතක
තනිව දිවි ගෙවන සැබෑ ජීවිතයේ 
රොබින්සන් කෘසෝ 
(VIDEO)

කෑම , බීම සියලු දේ සපයා ගන්නේ තනිවම 
මනරම් දූපතක වසර විස්සක සිට ජීවත් වෙනවා 


පාලු දූපතකට වී හුදෙකලාව ජීවිතය ගොඩ නගන රොබින්සන් කෘසෝ නම් පුද්ගලයෙක් වටා ලියැවුණු රොබින්සන් කෘසෝ ග්‍රන්ථය විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සටහනක් තැබු ග්‍රන්ථයකි. මෙවැනිම කතා තේමාවක් වටා ගොඩ නැගුණු ටෙලි නාට්‍ය‍යක් ශ්‍රී ලංකා රූපවාහිනියේ ~රොබින්සන් අන්දරය~ නමින් විකාශය වූ අතර එයද බාල තරුණ මහලු සැමගේ සිත් ඇද බැද ගැනීමට සමත් විය. සාහිත්‍යයට හෝ කලාවට සීමා නොවි සැබැවින්ම හුදකලා දූපතක දිවි ගෙවන පුද්ගලයෙක් පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිඛෙනවා,

තනිව දූපතක දිවි ගෙවන සැබැ ජීවිතයේ රොබින්සන් කෘෘසෝ පිළිබදව වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙනි. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තයට කිලෝමීටර එක්දහස් පන්සීයක් ඈතින් පිහිටි රෙස්ටොරේෂන් නම් කුඩා දූපතකි. මෙම දූපතෙහි හුදෙකලාව දිවි ගෙවන නූතන රොබින්සන් කෘෘසෝ යැයි හැදින්වෙන ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් ග්ලැෂීන් , වසර විස්සක සිට ජීවත් වන්නේ රෙස්ටොරේෂන් දූපතෙහිය.

වසර විස්සකටපෙර මෙම දූපතට පැමි”මට පෙර ඔහු ඕස්ට්‍රේලියාවේ ප්‍රකට ධණවත් ව්‍යාපාරිකයෙකි. එවකට ඔහු සිය සුබෝපභෝගී ජීවිතය ගත කරන්නේ ජීවන වියදම අධික යැයි සැලකෙන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය. අභාග්‍යසම්පන්න ලෙස ඔහුගේ පවුම් මිලියන 6.5ක ධනය විනාශ වී යන්නේ 87 වසරේ කොටස් වෙළෙඳ‍පොළ බිඳ වැටීමෙන් එහි කරන ලද ආයෝජනයකට පාඩු ලැබිමත් සමගය. ඒ හා සමාන්තරව විවාහ ජීවිතයද බිඳ වැටුණෙන් ග්ලැෂීන්ගේ ජීවිතය උඩු යටිකුරු විය.

ඒ වනවිට ඔහු සතුව තිබු එකම දේපළ මෙම දූපතය. මෙම දූපත ඔහු හතළිස් තුන් අවුරුදු බද්දකට රජයෙන් ලබා ගෙන තිබුණි.. කොන්දේසිය වූයේ තම ව්‍යාපාරික සගයා සමග එක්ව අඩු තරමේ ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ දෙකක්වත් වටිනා සංචාරක නිකේතනයක් සහ මාළු බෑමේ පහසුකම් ඇති අංගණයක් ඉදිකිරීමයි. දැනට විසි වසරකට පෙර ඔස්ට්‍රේලියානු ඩොලර් දෙලක්ෂයක ව්‍යාපෘතියක් යනු අද වනවිට රුපියල් කෝටි තිහක පමණ ව්‍යාපෘතියකි. එහෙත් ධනවතකු වූ ග්ලැෂීන්ට එය ඒ හැටි අරුමයක් වූයේ නැත. ඒ අනුව ව්‍යාපාර බිද වැටි , විවාහ ජිවීතයද බිද වැටුණු ග්ලැෂින් මේ දූපතේ පදිංචියට පැමිණෙයි.

ඩේවිඩ් ග්ලැෂීන්ගේ තනියට හිඳින්නේ ක්වසායි නමැති බල්ලා පමණි. කෑම සඳහා මුහුදෙන් මාළු, කකුළුවන් අල්ලා ගන්නා ඔහු තමන්ට වුවමනා එළවළු, පලා ටික ගෙවත්තේ වගාකර ඇත. දේශීය පලතුරු, ‍පොල්, කෙසෙල් ගෙඩි ආදිය දූපතේ ඉබේ වැවෙයි. ඔහුගේ ගෙවත්තේ සියඹලා ගහක්ද, ඔස්ට්‍රේලියාවට ආවේණික වූ චෙරි ගහක්ද, දෙහි ගස්ද ඇත.

සිය වගාවන්හි ඵලදාව රැගෙන වසරකට වරක් හෙතෙම තම බෝට්ටුවෙන් කිලෝමීටර් අටසීයක් දුර ගෙවා ක්වීන්ස්ලෑන්ඩ්හි කේන්ස් දක්වා යයි. දූපතේදී ඔහුට වවා කියාගත නොහැකි අඩුවැඩිය සියල්ල කඩවලට ගොඩවී මිලට ගන්නේ මේ ගමනේදීය. කුළුබඩු, සෝස්, කිරිපිටි, තේ, කෝපි, ටින් කෑම වසරකට සෑහෙන සේ එකතු කරගන්නා ග්ලැෂීන් නිතර කෑමට නොලැඛෙන බැවින් මස් ටිකක්ද මිලට ගන්නට අමතක නොකරයි. සති තුනකට වතාවක් ඔහු දූපතෙන් එහා පැත්තේ ස්වදේශික ඇබොරිජිනල් ජනාවාස වෙත යන්නේ බිත්තර සහ පාන් මිලදී ගැනීමටයි.

ඒ හැරුණු විට ඔහු පිටතින් කිසිවක් මිලට නොගනී. ග්ලැෂීන් ගෙදර හැදූ බිරවලට දූපත අසල මුහුදේ ට්‍රෝලර් යාත්‍රිකයන් අතර ඇත්තේ ලොකු ඉල්ලුමකි. ඔහු ට්‍රෝලර් යාන්ත්‍රිකයන්ට බියර් ලබාදී හුවමාරුවට මාළු ලබාගනියි.

ග්ලැෂීන්ට වැඩිපුර ඇඳුම් පැලඳුම් වුවමනා නැත්තේ ඔස්ට්‍රේලියාවේ සෙසු පළාත්වලට වඩා ක්වීන්ස්ලෑන්ඩ්හි ඇති උණුසුම් සැපදායී දේශගුණය හේතුවෙනි. එරට සෙසු පළාත්වලට වසරේ වැඩි කාලයක් ශීතල දැනෙන අතර වසර අගදී එළැඹෙන ගිම්හානය දරාගත නොහැකි තරම් උණුසුම්ය. එහෙත් වසර පුරා සෞම්‍ය කලාපීය දේශගුණයක් පවතින ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තය ‍පොල්, පුවක්, කොස්, අරලියා වැනි ලංකාවේ දැකිය හැකි ගහකොළින් ඵලබරය. එබැවින් දූපතේදී ඔහු ඇඳුම් අඳින්නේම නැති තරම්ය. අව්වට වැස්සට නිරාවරණය වූ ග්ලැෂීන්ගේ සම තලඑළෙළුපාටය. දූපතට අමුත්තන් එන බව පෙනුණහොත් හෙතෙම කොට කලිසමක් පමණක් අඳියි. ඉතාම විශේෂ අවස්ථාවක අඳින්නට එකම එක කමිසයක් සත්නකයේ තබාගෙන සිටි ග්ලැෂීන් වැරදීමකින්වත් පාවහන් නම් පලඳින්නේම නැත.

ඔහුගේ ගෙදර කුස්සියට බිත්ති නැත. එහි බිමට අතුරා ඇත්තේ කුඩාවට කැඩූ කොරල්ය. ඇත්තේ ටකරං වහලයකි. ගෘහ අලංකරණය සඳහා සීලිමේ මාළු දැල්, සිප්පි කටු, වීදුරු බෝල එල්ලා තිබේ. ඒ ගෙදර කිසිදු වටිනා කියන බඩුමුට්ටුවක් නැත. ඇත්තේ ඔහු අතින් නිමවූ රළු පරළු ලීබඩු කීපයක් පමණි.

ඩේවිඩ් ග්ලැෂින් රොබින්සන් කෘසෝ මෙන්ම සිය අවශ්‍යතා , තමා විසින්ම සම්පාදනය කර ගෙන හුදකලා දූපතේ සතුටෙන් ජීවත් වෙයි, ඔහුට ජීවත් වීමට අවශ්‍ය සෑම දෙයක්ම දූපතෙහි තිඛෙන බවත් , ජීවත් වීමට විශාල දේවල් අවශ්‍ය නොවන බව දැන් හුදකලාව දූපතක ජීවත් වන , එකල ධනවත් ව්‍යාපාරිකයා කියයි.






gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook