Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කාටත් හිරිහැරයක්‌ නැති මගේ මහත්තයා
මරලා අපේ කුරුළු කූඩුව සුනුවිසුණු කළා
පොලිස්‌ වෙඩි පහරින් මියගිය 
නිරෝෂන්ගේ බිරිය හඬා වැටෙමින් කියයි

මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්‌

මගේ මහත්තයා කාටවත් හිරිහැරයක්‌ කරන අයෙක්‌ නොවෙයි. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. පුතා හම්බ වුණාට පස්‌සේ මහත්තයා අනාගතය ගැන හීන මැව්වා. දරුවාට හොඳට උගන්වන්න කියලා තමයි නිතරම මමත් එක්‌ක කතා කළේ.

කාටවත් හිරිහැරයක්‌ නොකරපු මගේ මහත්තයා මරලා අපේ කුරුළු කූඩුව සුනු විසුනු කරපු උන්ගේ පවුල්වලටත් ගිනි හෙන ගහන්න ඕනි යනුවෙන් පසුගිය 20 වැනි දින කතරගම පොලිස්‌ කොස්‌තාපල්වරයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා මියගිය නිරෝෂන් මහතාගේ බිරිඳ වන චතුරිකා සඳමාලී (22) මහත්මිය තම දුක පැවැසීය.


සුනඛ වෙස්‌ගත් පොලිස්‌කාරයාගේ අමානුෂික වෙඩි තැබීමෙන් මියගිය පතිරණලාගේ නිරෝෂන් (25) මහතාගේ නිසල වූ එම සිරුර තැබීමටවත් මේ අහිංසකයන්ට නිවසක්‌ නැති අතර බිරිඳගේ මව්පියන්ගේ නිවසේ මරණය තැන්පත් කර තිබේ.

අහිංසක ජීවිතයක්‌ ගත කළ නිරෝෂන් කතරගම ප්‍රාදේශීය සභාවේ කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්‌ව සිටියේ ඔහු කවුරුවත් විවේචනය නොකර තමන්ට අයත් වූ වැඩ රාජකාරිය පමණක්‌ නිසි අයුරින් ඉටු කිරීම නිසාය.

 චතුරිකා සඳමාලි සිය වසර 3 ක්‌ වූ එකම පුතු තුරුළු කර ගෙන හඬමින් පැවැසුවේ "මහත්තයා එදා හවස යාළුවෙක්‌ගේ මඟුල් ගෙදරකට ගියා. මහත්තයා බොන අයෙක්‌ නොවෙයි. යාළුවෝ ආශ්‍රය කළාට බොන්න කන්න යන්නේ නැහැ. මට කිව්වා රෑට කන්න මම අරන් එන්නම් පුතා නිදි කරන්න එපා කියලා. එදා රාත්‍රී මට පණිවුඩයක්‌ ආවා මහත්තයාට අනතුරක්‌ වෙලා කියලා. මම පස්‌සේ රෝහලට ගියා. අනේ මහත්තයෝ පොලිස්‌කාරයා වෙඩි තියලා තිබුණේ ඔළුවේ දමපු හෙල්මට්‌ එකත් කුඩුවෙන්න. අසරණ මිනිහෙක්‌ මෙහෙම මරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්‌. මහත්තයා මැරුවා මදිවට දැන් සාක්‍ෂිත් වෙනස්‌ කරන්න හදනවා කියලා ආරංචියි."

 තංගල්ලෙන් ඇවිත් පරීක්‍ෂණ කළා. මම කියන්නේ මුං එල්ලුම්ගහේ යවලා මරලාම දාන්න ඕනි. මුන්ට නීති මගින් සහන දෙනවා නම් ඒ අයටත් හොඳක්‌ වෙන්නේ නැහැ. යනුවෙන් චතුරිකා සඳමාලී මහත්මිය පැවසීය.

 මියගිය නිරෝෂන් නාගහවීදියේ ගමේ කවුරුත් සමග හොඳින් දිවි ගෙවූ අයකු වූ බැවින් මළගෙදර සියලුම කටයුතු වැඩි පිරිසකගේ සහයෙන් සිදුවෙමින් පවතී.

 මෙම මළ ගෙදරට වැඩම කර සිටි බත්තරමුල්ලේ ශීලරත්න හිමියන් පැවැසුවේ "මේ වැනි අපරාධ නිතර සිදුවීමෙන් පෙනී යන්නේ රටේ නීතිය වල් වැදී ඇති අයුරුයි. මේ මරණයට වගකිවයුතු කතරගම පොලිසියේ ස්‌ථානාධිපති වහා ඉල්ලා අස්‌විය යුතුයි. නැත්නම් පොලිස්‌පති විසින් අයින්කර දැමිය යුතුයි. මෙම පරීක්‍ෂණවලින් පස්‌සේ නිර්දොaෂ නම් නැවත රැකියාව දීම කළ යුතුයි.

 ගමේ අහිංසකයන් අල්ලාගෙන උසාවි දමලා පොලිසියට සිදුවුණු අලාභ අයකර ගන්න හැදීම අසාධාරණයි. ඒ මුදල් කතරගම පොලිස්‌ ස්‌ථානාධිපතිගෙන් හා පොලිසියේ සේවකයන්ගෙන් අයකර ගත යුතුයි.

 කතරගම - කේ. ඩී. දේවප්‍රිය

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook