Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

නිට්ටඹුවේ ‘‘වෙනස නිමල්ගේ“ 
රෑට දුවන අමුතු ත්‍රිවිල් එක


අද වන විට අපේ රටේ පාරකට බැස්සොත් ත්‍රිරෝද රථ ඕනෑ තරම් දකින්නට පුළුවන්. නමුත් පොදුවේ ගත් කළ ත්‍රී රෝද රථ පිළිබදව සමාජයේ ඇත්තේ එතරම් සුභවාදී ආකල්ප නොවේ. 

ඊට හේතුව ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හැසිරීම සහ කතා විලාශයයි. නමුත් සමාජයේ සියලු දෙනාට ආදර්ශයක් වෙමින් ත්‍රීරෝද රැකියාවෙන් සමාජයට අපූරු සේවයක් සලසන ත්‍රීරෝද රථ රියදුරෙකු පිළිබදව වාර්තා වෙනවා.

නිට්ටඹුව නගරයේ ජනප්‍රිය අපූරු ත්‍රීරෝද රථය "වෙනස" ත්‍රී රෝද රථය ගැනයි මේ.



සිය සේවාදායකයා ගැන සිතා ඔහු වෙනුවෙන් බොහෝ දේ මේ ත්‍රිරෝද රථය තුළ වෙන්කොට තිබෙනවා. ත්‍රිරෝද රථය තුළ ඇති සීමිත ඉඩකඩ අපූරුවට හසුරුවා එහි රියැදුරු මහතා සිය සේවා දායකයන්ට ත්‍රිරෝද රියකට ගොඩවීමෙන් පසු අවශ්‍ය විය හැකි යැයි සිතන බොහෝ දේ පිළිවෙළට, ලස්සනට සකසා තබන්නටත් කටයුතු කරලා.

වතුර ලීටර 20 ක් පමණ පිරවිය හැකි වතුර ටැංකියක් ඊට සම්බන්ධ කළ ජල කරාමයක සිට සිය සේවාදායකයාට අවශ්‍ය වෙතැයි හැඟෙන ඉදිකට්ට දක්වා මේ රථය තුළ සීරුවට අසුරා තිබෙනවා.

මෙය අපූරු අදහසකි. මෙම ත්‍රීරෝද රථයේ හිමිකරු පුවතපතකට සිය අපූරු වෙනස පිළිබදව විස්තර කර තිබුණේ මෙලෙසින්..

"මම නිමල්. පාර්ක් එකේ කවුරුත් මට කියන්නේ "වෙනස නිමල්" කියලා. නිට්ටඹුව නගරයේ මගේ ත්‍රීවීල් එක ඒ නමින්ම ප්‍රසිද්ධයි. මේ නිසා බොහෝදෙනා මාව දන්නවා. මං අවුරුදු 32ක් රැකියාව කළේ ලේක්හවුස් ආයතනයේ. එතැනින් අයින්වෙලා මං හිතුවා ත්‍රිරෝද රථයක් අරගෙන හයර් දුවන්න. හැබැයි මං තෝරගත්තේ හයර් දුවන්න රාත්‍රි කාලය.

හේතුව මට කලින් රැකියාවෙදි හොඳට නිදි මරලා පුරුදුයි. හවස හතරට පාර්ක් එකට එන මම පාන්දර දෙක විතර වෙනකං හයර් දුවනවා.

රාත්‍රි කාලය ජනාකීර්ණ නෑ. කඩ සාප්පු වහලා. ඒ නිසා සේවාදායකයන්ට ඇතිවන අවශ්‍යතා සපුරාගන්න ක්‍රමයක් නෑ. සමහරු ත්‍රීවීල් එකට නැඟලා අයියෙ වතුර ටිකක් නැද්ද බොන්න කියලා අහනවා. සමහරු ෆෝන් එකෙන් කතා කරකර අයියෙ පෑනක් නැද්ද කියලා අහනවා. මේ සුලබ අත්දැකීම් නිසා මං හිතුවා මගෙන් ඔවුන්ට හයර් එකට වඩා වැඩිපුර යමක් දෙන්න.


ඒ නිසා මං මේ අදහස පුංචියට හිතට අරගෙන මට දැනුණ, මා ළඟින් හෙව්ව සේවාදායකයන්ට අවශ්‍ය වන පොඩි පොඩි දේ මං මගේ ත්‍රීවීල් එකට එකතු කරගන්න හිතුවා. මේ වනවිට මගේ ත්‍රීවීල් එකේ ඉදිකටු, නූල්, ගම්වර්ග, පෑන්, කොළ, ටූත් පික්, අල්පෙනෙති, ආයකටු වගේ සුළු සුළු ද්‍රව්‍ය වගේම ප්‍රථමාධාර පෙට්ටියක්, ඔරලෝසුවක්, උණුවතුර බෝතලයක්, කෑම වෙනම අසුරාගත හැකි ආකාරයේ බඳුන්, පිඟන්, කෝප්ප, ටී.වී, ෆෝන් චාර්ජර්, සබන් පෙට්ටියක් වගේ එකී මෙකී නොකී බොහෝදේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි හදිසි ගින්නකදී ගින්න නිවා ගැනීමට අවශ්‍ය ෆයර් බොට්ල් එකක්ද මගේ ත්‍රීවීලර් එක සතුයි. මං තවමත් මට හැඟෙන දැනෙන දේවල් මේකට එකතු කරමින් සිටින්නේ. මේ දේවල් ප්‍රයෝජනවත් වූ අවස්ථා එමටයි.

මගේ ත්‍රිරෝද රථයේ කම්ප්‍රෙෂර් එකක් පවා තියෙනවා. ස්පෙයාර් වීල් දෙකක් නිතරම මා සතුව තියෙනවා. හේතුව සමහර විට ස්පෙයාර් වීල් එකේ හුළං ගිහින් තිබ්බොත් රෑ රස්සාව කරන මම විතරක් නෙවෙයි මගේ සේවාදායකයත් අමාරුවේ වැටෙනවා.

රෑට සමහර වෙලාවට ෂෙඩ්වලත් හුළං නොතිබෙන අවස්ථා එමටයි. ටයර් කඩ වහලා. නිට්ටඹුව නගරයේ නම් බොහෝවිට එහෙම අසරණ වුණු කෙනෙක් මාව හොයාගෙන එනවා. ඒ කවුරු හරි කියලා ඔහුව මං ගාවට එවන වෙලාවට නගරයේ බොහෝදෙනා දන්නවා මං ගාව කම්ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා. මං මට කළ හැකි උදව්ව කරනවා. ඇතැම් විට මං රෝදවලට හුළං ගහලා දීලා තියෙනවා ඒ වාහන ළඟටම ගිහින්.

දවසක් රෑක මං දුවෙක් සැලෝන් එකට අරන් ගියා. එතැනදි එයාගෙ ඇඳුම මහගන්න ඉදිකටුවක් නැතිව සැලෝන් එකේ කෙනා ගෙදර යන්න හදනවා. රෑ කඩත් වහලා. මං ගිහින් ඉදිකට්ටට ඉදිකටු කාර්ඩ් එකක්ම දුන්නා කැමැති එකක් ගන්න කියලා.

තව දවසක් රෑක හොඳට ඇඳ පැලඳගත්ත නෝන කෙනෙක් එනවා නොණ්ඩිගාමින්. සෙරෙප්පුව කැඩිලා. හදාගන්න තැනකුත් නෑ. සෙරෙප්පුවක් ගන්න තැනකුත් නෑ. මං ඒ නෝනට කතා කරලා සෙරෙප්පුව අලවලා දුන්නා.

මේ විදියට මිනිසුන්ට උදවු කරලා අද මාත් එක්ක හුඟක් අය ළෙන්ගතුයි. මේ නිසාම ඔවුන් දුවන හයර් එකකදි මාවමයි හොයන්නේ. සුළු දෙයක් තවකෙනෙක් වෙනුවෙන් කළහම ලැබෙන දේ බොහොමයි"




gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook