Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

යහපාලනය නිසා තවමත්
දුක්විඳින්නේ එජාපයේ අපේ අයයි
 - පුලා කියයි

පුලස්ති වන්නිආරච්චි මේ දවස්වල මොකද කරන්නේ?
අළුතෙන් මගේම කියලා ඩිජිටල් අලෙවිකරණය ගැන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක කරගෙන ඉන්නවා.

ආණ්ඩුවට සම්බන්ධ ඩිජිටල් අලෙවිකරණයක්ද?
පුද්ගලික එකක්. ආණ්ඩුවට සම්බන්ධයක් නෑ.

ආණ්ඩුවෙන් උදව්වක් නැද්ද?
ඒ ගැන කතා නොකර ඉමු. 

වත්මන් රජය ගැන ඔබ දකින හොඳ මොනවාද?
රටේ ආර්ථිකය වඩාත් ඉහළ තලයකට ගෙන ඒම උදෙසා දියුණු රාජ්‍ය අතර එකඟතාවලට ගිවිසුම් වලට එළඹීම, ජාත්‍යන්තරය සමඟ ඇතිවූ තිබූ කළු පැල්ලම් හැකි පමණ අවම කරගැනීමට හැකිවීම, ඒකාධිපතිවාදය ඉවත්වී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතවීම නිසා ඕනෑම අයෙකුට විවේචනය කිරීමේ හැකියාව ලැබීම, ආයතනික මට්ටමින් හොරකම් අල්ලස සාධනීය වශයෙන් අවමවීම, තොරතුරු දැනගැනීමේ පනත තුලින් යහපාලනයේ අංගයක් වූ විනිවිදභාවය ඇතිවීම, සුදුවෑන් සංස්කෘතිය නැතිවීම, කතා කල මිනිසුන්ගේ අතපය නොකැඩීම, ජීවිත අහිමි නොකිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා රටේ ජනතාවගේ අපේක්ෂාවන් අදහස් ලබාගැනීම,

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීම, GSP+ සහනය නැවත ලබාගැනීම හේතුවෙන් ඇගළුම් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇතිවීම, විශාල වශයෙන් නැතත් රටේ අවස්ථා තරමක වැඩිවීමක් පෙන්නුම් කිරීම, කෙනෙකුගේ වැරදි පුරුදු නිසා මේ රජය තුලත් ඇති වූ අක්‍රමිකතා මේ පාලන සමයේදීම එළියට පැමිණීම මූලික වශයෙන් මා දකිනවා.

ඔබ දකින අඩුපාඩු මොනවාද?

මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අඩුපාඩු, රාජ්‍ය අංශය අවභාවිතා කල ජනතා මුදල් හොරකම් කළ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී ස්වභාවය, බුද්ධිගලනය වැඩි කිරීමට ගෙන ඇති පියවර, ප්‍රජා සහභාගීත්වයෙන් ජනතාවගේ අවශ්‍යතා හදුනාගැනීම, වගකීම හා වගවීම ගැන ඇති නොසැලකිල්ල, කලමනාකරණය කාර්ය සාධනයේ දුර්වලතා, දූෂණය හා නාස්තිය පිටුදැකීමේ ක්‍රමවේදය සවිමත් කිරීම මන්දගාමීවීම, ආයතනික මට්ටමමෙන් ඵලදායීතාවය ඉහල නැංවීම ගැන ඇති නොසැලකිල්ල, ජනමාධ්‍ය තුලින් හොඳදේට ජනතාව යොමු කිරීමේ වැඩසටහන් වල හිඟය මා අඩුපාඩු වශයෙන් දකිනවා.

එක්සත් ජාතික පක්ෂයේ ඔබ දරන තනතුර කුමක්ද?
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කරනවා.

ඔබ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ සංවිධානවල පෙරමුණුවල හිටපු ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙස වසර ගණනාවක් කටයුතු කළා. පාක්ෂිකයන්ගේ ප්‍රශ්ණවලට ඇති අවදානය ගැන සතුටුද?

කිසිසේත්ම සතුටුවිය නොහැකියි. දේශපාලන පලිගැනීමට ලක්වූ බොහෝ දෙනෙක් තාමත් අසරණයි. ඔවුන් පිළිබඳ සොයා බැලීමක් නෑ. එමෙන්ම වසර 14කට අධික කාලයක් විපක්ෂයේ සිටීම නිසා ගමේ නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රශ්ණ විශාල ගණනක් තියෙනවා. දේශපාලනය කිරීම නිසා මැතිවරණවලදී පසුගිය ආණ්ඩු සමයේ පහරකෑමට ලක්වූ, නිවාස දේපල අහිමි වූ විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ දුක ගමේ නගරයේ යන එන ගමන් කතා කරන කොට මට අසන්නට ලැබෙනවා. විශේෂයෙන් රැකියා ප්‍රශ්ණ, මාරුවීම් සම්බන්ධ ප්‍රශ්ණ, එක්සත් ජාතික පාක්ෂිකයන්වීම නිසා නොලැබී ගිය බොහෝ දේවල් පාක්ෂිකයන්ට තියෙනවා. මේ ප්‍රශ්ණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතරම් බලපාන්නේ නෑ. හේතුව මේ ආණ්ඩුවේ ඉන්න බොහෝ නිදහස් පාක්ෂික ඇමතිවරු පසුගිය ආණ්ඩුවෙත් ඇමතිකම් දැරුවා. ඔවුන් ඇතිවෙන්න තම පාක්ෂිකයන්ගේ ප්‍රශ්ණ විසදුවා. දුක තදකරන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට. යහපාලනය නිසා තවමත් දුක්විදින්නේ එක්සත් ජාතික පාක්ෂිකයේ අපේ අයයි. ඉදිරියේදීවත් මේ ප්‍රශ්ණ විසඳිලා ඒ අයට සහනයක් වෙයි කියලා හිතනවා.

මේ පිළිබඳව ඔබ පක්ෂයේ ඉහළ නායකයින්, ලේකම්වරුන් දැනුවත් කලේ නැද්ද?
දැනුවත් කරන්න මුණගැහෙන්න වෙලාවක් නෑ. ඒ තරම්ම එතුමන්ලා යහපාලනය නිසා කාර්්‍ය බහුලයි. සමහර වේලාවට අමාත්‍යවරු මුණගැහෙන්න ගිහින් පැය ගණන් ඉඳලා ආපහු හැරිලා ආපු වේලාවල් තියෙනවා. සමහර ඇමතිවරන්ට සාධනීය විවේචන දරාගැනීමේ අපහසුවක්ද තියෙනවා. පක්ෂයේ අනාගතය වෙනුවෙන් මේ දේවල් කියනවා කියන එක හිතන්න පුරුදු වෙලා නෑ. මොනවා කරන්නද පුද්ගලයෝ විවිධයි. සමහරු අධිතක්සේරුවක ඉන්නවා. අළුතින් එකතුවෙච්ච පිරිසකුත් ඉන්නවා, එයාලා යන්නේ කොහෙද කරන්න ඕන මොනවද කියලා හරි අවබෝධයකින් තොරවයි වැඩ කරන්නේ. එහෙම අයට කරුණු පැහැදිලි කරන්නත් අමාරුයි. ඉතින් එතුමන්ලාම කරුණු තේරුම් කරගන්නකම් බලන් ඉන්නවා. සමහර අය ඉන්නවා මේ ආණ්ඩුවේ ආයතනවල මුල්පුටුවල, ඒ අය 2015ට කලින් කිසිදු ක්‍රියාකාරී දේශපාලනයක් සිදු නොකරපු අය.

මෙහෙම ගියොත් මොනවා වෙයිද?
ඉදිරියේ මොනවා වෙයිද, මෙහෙම වෙයි කියනවාටත් වඩා මම බොහෝ වෙලාවට මට හමුවෙන රටගැන හිතන හැමෝටම කියන්නේ තම තමන් දරන දේශපාලන මතයේ ඉන්න හොඳ අය, යම්කිසි අවබෝධයක් තියෙන අය තනතුරු වලට පත් කරගන්න උත්සාහ කරන්න. එවිට රටටත් ඔබට හොඳ දෙයක් වෙයි.

සයිටම් ගැන ඔබේ අදහස?
අදටත් විදෙස් අධ්‍යාපනය ලබලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත විභාග කරලා, රාජ්‍ය සේවයට එක්වෙන වෛද්‍යවරු ඉන්නවා. පිටරටට යන සල්ලි රටේ තියාගන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඇති කරනවා නම් ඒ සදහා විදිමත් ප්‍රමිතියක් තියෙන්න ඕන. අවසානයේ පිටවෙන නිසි සායනික පුහුණුව නොලත්, සුදුසුකම් සපුරා නැති වෛද්‍යවරු නිසා ගමේ නගරයේ අහිංසක ජීවිත වන්දි ගෙවන තත්වයක් ඇතිවෙන්නට පුළුවන්. ඒ ගැන තමයි වඩාත්ම බැරෑරුම්ව හිතන්නට අවශ්‍ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ උමා ඔය ව්‍යාපෘතිය ගැන මොකද හිතන්නේ?
මම ඉපදුන හැදුන වැඩුන සුන්දර පළාත තමයි ඌව. උමා ඔය ව්‍යාපෘතිය ගැන කිව්වොත් අනවශ්‍ය ව්‍යාපෘතියක් අනවශ්‍ය තැනක ඇති කරලා, පරිසරයත් විනාශ කරලා. දැන් එහි අහිතකර විපාක විඳිනවා අපේ ආදරණීයන්. සමහරු කියනවා අවුරුදු 5යිලු උමා ඔය බලපෑම තියෙන්නේ. ඊට පස්සේ හරියනවාළු. මොන ගොන් කතාද, හරි අවුරුදු 5යි කියමුකො. ඒ අවුරුදු 5 විපතටපත් අපේ අය කොහෙද ඉන්නේ? වතුර බොන්නේ නැද්ද? කන්නේ අදින්නේ නැද්ද? ඒ ජීවිත ජීවිත නෙවෙයිද? තමන් ජීවිත කාලයම අමාරුවෙන් ගොඩනැගූ දේ ඉරි තලලා, පොළවට ගිලා බහිනවට ඔය කියන පණ්ඩිතයන් කැමතිද?. ප්‍රශ්ණය තමන්ගේ වනතුරු කාගෙත් ඔස්තාර් උත්තර නම් තියෙනවා. ඒත් විදවන අය තමයි දන්නේ තුවාලේ තරම. කවුරුන් කෙසේ මේ තකතීරු ව්‍යාපෘතිය පටන් ගත්තත් දුක් විදින්නේ අපේම මිනිස්සු. මම කියන්නේ මොන රටකින් හරි තාක්ෂණය ගේන්න. අපේම අයගේ ජීවිත බේරලා දෙන්න. මොකද ආණ්ඩුවක් ගන්න පාර කැපුවේ ඌවේන්. එ්ක අමතක කරන්න කාටවත් බෑ. ඒ නිසා පැලැස්තර විසඳුම් වලින් නම් මේ ප්‍රශ්ණය වහන්න බෑ. 

අවසාන වශයෙන් ඊලඟට මොකක්ද කරන්න ඉන්නේ?
මේ රට වෙනුවෙන් පුරවැසියෙක් විදිහට කරන්න පුළුවන් උපරිම හොඳ දේ වෙනුවෙන් කැපවෙනවා. 

සාකච්ඡා කලේ - පුබුදු

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook