Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම රුපියල් දෙදහයි  ලැප්ටොප් එකයි 
අරන් කොළඹ ආපු කෙනෙක්
වසර 9ක් තුලදී  සමස්ත වත්කම බිලියන හය ඉක්මවූ
Idea Group limited ප්‍රධාන විධායක නිලධාරී
සම්පත් මායාකඩුව කියන කතාව

දකුණු ආසියාවේම විශාලම 
ASA Roofing කර්මාන්ත ශාලාව අපි සතුව තිබෙන්නෙ

සියඹලා කොළය හරිම පුංචියි.ඒ තරම් පුංචි සියඹලා කොළයක් මතට හිරු කිරණ පතිත වුණාට පස්සෙ ඒ තුළින් සිදුවන ක්‍රියාවලියට තමයි අපි ප්‍රභාසංස්ලේෂණය කියන්නෙ.ඒ ක්‍රියාවට සමාන ක්‍රියාවක් සිදු කරන යන්ත්‍රයක් මේ වන තෙක්ම දියුණු මිනිසාට හදන්න බැරි වෙලා තියෙනවා.එහෙම මෙවලමක් හැදුවත් ඒක පිහිටුවන්න ඉඩම් අක්කරයක භූමියක්වත් අවශ්‍ය වෙනවා.පොඩ්ඩක් හිතන්න විශ්ව බුද්ධියත් එක්ක සන්සන්දනය කරන විට දියුණුයි කියන මිනිස් බුද්ධිය විශ්ව බුද්ධියෙන් අංශු මාත්‍රයක් විතරයි.

ඔහු මේ විශ්වය දකින්නේ එලෙසය.නමුත් උත්සහය ඇත්තෙකුට විශ්වයේ ආශිර්වාදය එකතු කර ගැනීමෙන් අනතුරුව ලෝකයක් වුව ජයගත හැකි බව ඔහු පවසයි.ඔහු එවැන්නෙකි.

මුළු මහත් විශ්වයටම ආදරය කරන්නෙකු වීමෙන් ඔහු බොහෝ දේවල් ජයගෙන ඇත.නමුත් ඒ ගමන ඉතාම කටුක , දුෂ්ක මතින් පැමිණි ගමනකි.අවසානයේ ඔහු ජයගෙන ඇත.

Idea Group limited හි ප්‍රධාන විධායක නිලධාරී වන සම්පත් මායාකඩුව නම් ව්‍යවසායකයා පිළිබඳව කතා කිරීමට බොහෝ දේ ඇති බැවින් මෙවර අප සමග සම්බන්ධ වූවේ ඔහුය.කොළඹ 14 , ලුකස් පෙදෙසේ පිහිටි කාරියාලය තුළදී අපට ඔහුව මුණ ගැසීමට අවස්ථාව් හිමිවිය.

කාර්යාලීය නිල ඇඳුම වන සුදු කමිසයකින් සහ කළු පැහැ කලිසමකින් ඔහු සැරසී සිටියේය.ඔහුගේ කාර්යාල කාමරයත් නවීන තාක්ෂණික මෙවලම්වලින් සමන්විත කාමරයක් .. මුදල් ආකර්ෂණය.. නමින් පොතකුත් රචනා කොට තිඛෙන ඔහු අද වන විට ලංකාවේ සිටින සම්මානනීය දක්ෂ ව්‍යවසායකයෙක්.

වසර 09 ක් වගේ කෙටි කාලයක් තුළ කොහොමද මේ තරම් සාර්ථක වුණේ ?

මම පටන් ගත්තෙ බින්දුවෙන් .අද මගේ ව්‍යාපාරයේ සමස්ත වත්කම බිලියන හයයි.වසර 09 ක් වගේ කෙටි කාලයක් ඇතුළත තමයි මට එතැනට යන්න හැකි වුණේ.මිලියන 756 ක් බදු ගෙව්වා.අද වෙනකොට සිවිලිම , සියන කියන නම් අහන ඕන කෙනෙක් ඒ ගැන දන්නවා.සෘජු සේවකයෝ 800 ක් පමණ ඉන්නවා.අපේ ප්‍රදර්ශනාගාරවලත් ඇතුළුව 4000 ක් වගේ පිරිසක් මා වටා ඉන්නවා.කර්මාන්ත ශාලා හතරක් තිඛෙනවා.එයින් එක් කර්මාන්ත ශාලාවක් දකුණු ආසියාවේම විශාලම ASA Roofing කර්මාන්ත ශාලාව. අපි දේශීය වශයෙන් පමණක් නෙවෙයි මේ වන විට විදේශයෙන් හා සමගත් ගනුදෙනු කරනවා.අපනයනය කරනවා.

ඒ ගැන සතුටුද?

ඔව්

ඒ සතුට මුදල් නිසාද?

නැහැ කෙටි කාලයකින් මේ තරම් සාර්ථක ගමනක් ආපු එක ගැන සතුටුයි.සාර්ථකත්වය කියන්නෙ සතුට තමයි.මුදල් කියන්නෙ විශ්ව බුද්ධියේ සෘජු නිර්මාණයක් නෙවෙයි.ඒක නිර්මාණය කළේ මිනිස්සු.විශ්වයෙන් ඔබට ලැඛෙන්නේ කාලය පමණයි.කාලය මුදල් බවට පත්කරන සමීකරණයක් තිඛෙනවා .ඒ සමීකරණය සොයා ගැනීමට අවශ්‍ය බලය ඕනෑම මනුෂ්‍යයෙක්ට ලැඛෙනවා.ඒක කැපවීම , උනන්දුව ම් උත්සහය , හැකියාව මතින් සොයා ගන්න කෙනාට මුදල් ආකර්ෂණය වෙනවා.මුදල් කියන්නෙ බලවතාට ආකර්ෂණය වෙන මහා පුදුම මිනිස් නිර්මාණයක්.ඒ නිසා සාර්ථක කෙනෙක්ට මුදල් උපයන එක අපහසු නෑ.

අවුරුදු 09 ක් වගේ කෙටි කාලයකදි කොහොමද ඔබ සාර්ථක ව්‍යවසායකයෙක් වුණේ?

මම කොළඹ එන්නේ 2008 දි.මගේ ගම ගාල්ල උඩුගම.ඇත්තටම මම මහා ලොකු ආර්ථික හයියක් තිබුණු පෞලක කෙනෙක් නෙවෙයි.අපි දුප්පත් මිනිස්සු.2008 කොළඹ එන්නෙ මම හදපු සොෆ්ට්වෙයාර් එකක් කොළඹ ඉන්න මගේ මිතුරෙක්ට අලෙවි කිරීමේ අදහසින්.මම ඒ බව යාළුවට කිව්වම එයා කිව්වා එයාට ඒක ක්‍රියාකරවීම ගැන අවබෝධයක් නැති නිසා මට ඇවිත් ඔහුගේ ගෙදර නතර වෙලා ඒක කරන්න කියලා.

මම රුපියල් 2000 කුයි මගේ ලැප්ටොප් එකයි අරගෙන කොළඹ ආවා.එතැනින් පසුව මම ටීගෝ ආයතනයට එක් වුණා.ඔවුන්ගේ සිම්පත් සම්බන්ධයෙන් තිබුණු මෘදුකාන්ගය මෙහෙයවන්න තමයි මට තිබුණේ.ඉන් අනතුරුව මම 2008 වසරේ සැප්තැම්බර් 02 දා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා Idea Holdings නමින්.මෘදුකාන්ග සේවා නිපදවීම සම්බන්ධ කාර්යයන් තමයි එතැන කලේ.2011 වසර වෙනකන් තාක්ෂණය සහ සොෆ්ට්වෙයාර් සම්බන්ධව තමයි මම වැඩ කලේ.

2012 දි තමයි ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයට ආවේ.ඒ අනුව තමයි සිවිලිම සහ සියත හැදුණේ.අද අපේ ව්‍යාපාර සමූහයේ සමාගම් 18 ක් තිඛෙනවා.

මෘදුකාන්ග ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යය දැනුම ලබා ගත්තෙ කොහොමද?

මම ගණිත අශයෙන් තමයි උසස් පෙළ කළේ.එහිදී පළවෙනි වතාවට මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා.මට විශ්වවිද්‍යාලය තුළින් තමයි ඒ දනුම ලැබුණෙ.ඊට අමතරව මම පොත් පත් කියෙව්වා.ඒ වගේම දැනුම ලබාගත්තා.විශ්වවිද්‍යාලයේ පළමු වසරේදි මට ඒ දේවල් ලැබුණා.නමුත් මට උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වුණා.

උපාධිය එපා කියලා හිතුණද?

එපා කියලා හිතුණෙ නැහැ.මට අත්හරින්න සිදුවුණා.මම උසස් පෙළ ලියපු ගමන් ටියුෂන් දෙන්න පටන් ගත්තා.මට අම්මා විතරයි හිටියෙ.තාත්තා නැති වෙලා.ඉතින් ඒක සාර්ථක වෙනකොට කොසු , ඉදල් හදන ව්‍යාපාරයක් පොඩියට ආරම්භ කළා.ඒක කරගෙන යන අතරෙදි තමයි කැම්පස් ගියේ.ව්‍යාපාරය බැලූවෙ අම්මා.සාර්ථකව කරගෙන යන අතරතුර අම්මා අසනීප වුණා.මානසික ප්‍රශ්න වගයකුත් ආවා.ඒත් එක්කම අම්මා පැරලයිස් වුණා.ව්‍යාපාරය වැටුණා.ඒ වෙද්දි මම කැම්පස් පළමු වසරේ ඉගෙන ගන්නවා.මම නුවර බෝඩිමක් කුලියට අරගෙන අම්මව නුවර ගෙනිහින් ප්‍රතිකාර කළා.සාත්තු සප්පායම් කළා.පළමු වසරේ විභාගයට පාඩම් කරන්න තරම් යහපත් මානසික පරිසරයක් තුබුණේ නැහැ.මට විභාගය සමත් වෙන්න බැරි වුණා.ඒ නිසා මම උපාධිය ගන්න එක අත්හැරියා.නමුත් මම අම්මව සනීප කරගත්තා.

ඔබට නැවත විභාගය ලියන්න තිබුණානේ?

මගේ ජීවිතේ ප්‍රතිපත්ති කිහිපයක් තිඛෙනවා.මම කවදාවත් ජීවිතේටම සීවී එකක් (බයෝ ඩේටා ) හදලා නැහැ.දෙපාරක් විභාගෙ ලියන්නෙ නැහැ.මත්පැන් , දුම්වැටි පාවිච්චි කරන්නෙ නැහැ.අන්න ඒ ප්‍රතිපත්ති නිසා මම විභාගය නැවත ලිව්වෙ නැහැ.මම නුවරම නැවත ඉයුෂන් පන්ති පටන් ගත්තා.මම උපාධිධාරියෙක් නොවීම ගැන කිසිවිටෙක කනගාටු වෙන්නේ නැහැ.මගේ බැජ් එකේ හිටපු අනිත් අය උපාධි අරගෙන රැකියාවල් කරන්න හදනකොට මම මගේ ව්‍යාපාරය ආරම්භ කරලත් ඉවරයි.එකම කනගාටුව මම නිසා තව කෙනෙක්ට කැම්පස් යන්න බැරි වුණ එකයි.

පාසල් අධ්‍යාපනය ලබපු කාලේ කොහොමද?

මම ගාල්ලේ උඩුගම ගමේ විද්‍යානන්ද පාසලෙන් තමයි පහ ශේණිය දක්වා ඉගෙන ගත්තේ.ඊට පස්සෙ 11 වැනි ශේණිය දක්වා උඩුගම මහා විද්‍යාලයට ගියා.උසස් පෙළ හදෑරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් .බොහොම සුන්දර පාසල් ජීවිතයක් ගත කළා.ආර්ථික ප්‍රශ්නත් තිබුණා තමයි.නමුත් මම අධ්‍යාපන කටයුතු වලට ඒවා බාධාවක් කරගත්තේ නැහැ.

සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් සපුරාගත යුතු සුදුසුකම් මොනවාද?

අපිට ලැඛෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුයි.එහෙම වුණොත් තමයි අපි දිනන්නේ හැබැයි හරිම අවස්ථාවම තෝර ගන්න ඕනා.ඒ වගේම ව්‍යවසායකයාට හොඳ දැක්මක් , හොඳ අදහස් , හොඳ නිෂ්පාදනයක් සහ හොඳ කණ්ඩායමක් සිටිය යුතියි.ඉතින් ව්‍යවසායකයෙක් විදිහට මේ හැම සාධකයක්ම මට තියෙනවා.

තරඟය කියන දේ අවශ්‍යය නැද්ද?

තරඟය කියන දේ ඉතාම අත්‍යාවශ්‍යයි.තරඟයක් නැත්නම් ව්‍යවසායකයෝ බිහි වන්නේ නැහැ.අපි කරන දේ තරඟකරුවෝ කොපි කරනවා නම් ඒකෙන් ගම්‍ය වෙනවා අපි සාර්ථකයි කියන එක.අපිව කවුරු හෝ කොපි කරන විට අපි නව නිෂ්පාදනයකට යනවා.අලූත් දෑ සොයාගෙන අනාගතයට සූදානම් වෙනවා.කොපි කළාට සමාන කරන්න බැරි අපි කලබල වෙන්නේ නැහැ.ඇත්තටම තරගකාරීත්වය නිසා තමයි අපේ වර්ධන වේගය වැඩි වෙන්නේ.ඒක ප්‍රබල සාධකයක් ව්‍යාපාරික ලෝකයේදී.

තව මොනවගේව්‍යාපාරික රහස්ද අවශ්‍ය සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න?

පළමුවැනිම දේ රටේ නීතිය අනුව තමන්ගේ ව්‍යාපාර කරගෙන යා යුතුයි.පවතින නීති රාමුවට ඔබේ ව්‍යාපාරය එකඟයි නම් පළමුවැනි අවදානමෙන් ඔබ මිදෙනවා.අනිත් ප්‍රධානම දේ තමයි මූල්‍යය කළමනාකරණය සහ චීනය.අනවශ්‍ය විදියට මූල්‍ය ණය පහසුකම් ලබාගැනීමත් නොකළ යුතුයි.අනෙක් කාරණය තමයි වියදම් කරන්න නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි.

මිනිස්සු හිතන් ඉන්නේ හම්බ කරන්න අමාරුයි , වියදම් කරන්න ලේසියි කියලනේ.නමුත් මම කියන්නෙ ඒකෙ අනිත් පැත්ත.ඕන කෙනෙක්ට මුදල් හොයාගන්න ක්‍රම්වේද ඕන තරම් සොයාගන්න පුළුවන්.නමුත් වියදම් කරන එක තමයි අමාරු.වියදම් කරන එක තමයි අමාරුම.වියදම් කරන එක හරි අමාරුවෙන් , මහන්සියෙන් , බුද්ධියෙන් යුතුව කළ යුතුයි.හැමවෙලාවෙම වියදම් කරන්න අමාරුයි කියන එක ඔළුවෙ තියාගන්න ඕනි.අනවශ්‍යය විය්දම් කපා හැරිය යුතුයි.මම මගේ වියදම් කොටස් හයකට ඛෙදාගෙන තියෙනවා.ආහාර , ඛෙහෙත් , අත්‍යාවශ්‍ය බිල්පත් සඳහා, විනෝදාත්මක කටයුතු , දරුවන්ගේ අධ්‍යාපන සහ වාහන නඩත්තු සහ ඉන්ධන කියලා.මෙන්න මේ වියදම් වලට ගැළපෙන ආදායමක් තියෙනවා නම් , ඒ වියදම් ගණන් හදලා බලලා පාලනය කළොත් අනවශ්‍ය විදිහට වියදම් වෙන්නේ නෑ.

කොච්චර දක්ෂ ව්‍යවසායකයෙක් වුණත් හොද ටීම් එකක් නැතුව බැහැ නේද?

ඔව් හොඳ කණ්ඩායමක් සිටිට යුතුමයි.අපි අපේ කණ්ඩායමට සාමාජිකයො බඳවා ගනිද්දි Bestම අය ගන්නෙ නැහැ.ඒ වෙනුවට අපි ගන්නෙ Perfect අය.අනිත් කාරණය තමයි අපි Experience  තියන අයව ගන්නෙත් නැහැ.සුදුසුකම් ඒ තරම් අවශ්‍ය නැහැ.

ඒ ඇයි?

අපේ ආයතනය ඇතුළෙ තියෙන්නෙ වෙනමම සංස්කෘතියක්.වෙනත් ආයතනයක සේවය කරලා සුදුසුකම් සපුරාගෙන එන කෙනෙක්ට අපේ ආයතනයෙ සංස්කෘතියට අමුතුවෙන් හැඩ ගැහෙන එක අමාරුයි.ඊට වඩා ලේසියි Working Experience   නැති අය ගත්තම .ඒ නිසා බොහෝ විට අපි විශ්වවිද්‍යාලවලින් අවුට් වුණ අයා අරගෙන පුහුණු කරලා තමයි රැකියාවට ගන්නෙ.පුහුණු කෙනෙක් ගන්නවට වඩා නුපුහුණු කෙනෙක් ගත්තම කාලය සහ පිරිවැය වැඩිපුර වැයවෙනවා නේද?

ඔව්.කාලයස් අහ පිරිවැයක් දරන්න වෙනවා තමයි.ඒකත් ගැටළුවක්.නමුත් අපෙන්ම පුහුණු වුණ අය ඉන්නකොට නිෂ්පාදන ඵලදායිතාව වැඩියි.කොහොම වුණත් ඔවුන්ව එතැනට මෙහෙයවීමක් මිසක් දැක්කවීමක් කරන්නේ නැහැ.අපි ඔවුන්ට දැක්මක් ලබා දෙනවා.

සිවිලිම , සියන වගේ ව්‍යාපාර ආරම්භ කරන්න විශේෂ හේතුවක් තිඛෙනවා නේද?

පළමුවැනිම දේ තමයි අපේ රටේ සංවර්ධනය ගැන හිතලා යමක් කරනවා නම් ඒ කරන දේ රටට සමාජයට හිතකර සංවර්ධනයක් විය යුතුයි.කූඹියාගෙ ඉඳලා ගහක කොළක ඉඳලාම සියලූම දේවල් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ.මේ කිසිවක් ඕපපාතික නැහ.ඉතා කුඩා සියඹලා කොළයක පවා යම් කිසි ක්‍රමවේදයක් සැකැස්මක් තිඛෙනවා.ඒ හැමදේකම වටිනාකම අපි අවබෝධ කරගත යුතුයි.ඒ නිසා විශ්වයත් සමඟ ගනුදෙනු කරන කොට අපු මේ විශ්වයට ආදරය කළ යුතුයි.ඒ නිසා තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ.අපේ නිෂ්පාදන නිසා එක ගහක් හෝ ඉතිරි වෙනවා.මේ වන විට අපි සිංහරාජෙ වගේ භූමි ප්‍රමාණයක ගස් ඉතිරි කරලා තියෙනවා.කෙනෙක් කියයි අපේ නිෂ්පාදන පරිසරයට අහිතකරයි කියලා.නමුත් ඉතාම නව තාක්ෂණික ක්‍රම්වේද ඔස්සේ අපි ඒවා නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අයුරින් තමයි හදන්නේ.ඒ වගේම අපි කඩදාසි භාවිතයත් අවම කරලා තියෙන්නේ.

ඔබේ ආයතනයේ විශේෂතා කිහිපයක් පෙනෙනවා.එකක් ඔබේ සිට පහළම සේවකයා දක්වා එකම නිල ඇඳුමක් සහ සියලූ කාර්යයන් ඩිජිටල්කරණය වීම?

ඔව් . ඇත්ත.මම කිව්වානේ අපේ ආයතනය තුළ තිඛෙන්නේ වෙනම සංස්කෘතියක්.මගේ සිට සියලූම කාර්ය මණ්ඩලය අදින්නේ Le-Bond Brand එකේ කමිස.ඒ හැම කමිසයකම Idea Group කියන නම සටහන් කොට තිඛෙනවා.අඳින්නේ කළු කලිසම.ගැහැණු පාර්ශවයත් එහෙමයි.පිරිමි අයට කමිස වර්ග පාට තුනක් තිඛෙනවා.කාර්ය මණ්ඩලයේ අය සුදු කමිස , කර්මාන්තශාලාවල සාමාජිකයෝ නිල්පාට , අලෙවි අංශයේ සාමාජිකයෝ දම්පැහැ කමිස අඳිනවා.සාමූහික හැඟීම ඒ හරහා ඇති වෙනවා.

අනිත් කාරණය තමයි අපි පෑන් සහ කඩදාසි , ලිපිගොනු භාවිතා කරනවා අඩුයි.අපේ සෑම දෙයක්ම පරිගණක භාවිතයෙන් සහ නවීන තාක්ෂණය අනුව තමයි සිදුවෙන්නේ.එයට විශේෂ වූ යම් යම් මෘදුකාංග අපේ ආයතන විසින්ම තනාගෙන තිඛෙනවා. I Note System සිස්ටම් කියන්නෙත් ඒ වගේ අපිම හදපු Android App එකක් .අපේ සෑම සේවකයෙක්ම ඒක පාවිච්චි කරනවා.ගෘෘප් එකේ සිදුවන සෑම කන්ස්ට්‍රක්ෂන් එකක්ම එමඟින් තත්පර 10 න් 10 ට Live දෙනවා.ඒ හරහා සිදුවන අලෙවි වීම් , ගනුදෙනු සෑම දෙයක්ම බලන්න පුළුවන්.

ආයතනයේ අයට Le-Bond . ඔබ මොනවගේ Brands ද සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ?

මම Brands පාවිච්චි කරනවා.සාමාන්‍යයෙන් මම ආභරණ සහ ඔරලෝසු නම් පාවිච්චි කරන්නේ නැහැ.ඇඳුම් ගනිද්දි නම් Livi's Brand එකට කැමතියි. Mark Cross  එකට කැමතියි. Bulgari සුවඳ විලවුන් වලට කැමතියි.

පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොහොමද? ව්‍යාපාරය නිසා වෙලාව තියෙනවද?

වේලාව නැහැයි කියනවා නම් බොරු.වේලාවා තියෙනවා හරියට කළමණාකරණය කරනවා නම් වෘත්තීමය ජීවිතයටත් ගෘහ ජීවිතයටත් සීයට පනහා පනහා දීලා තියෙන්නේ.උදේ හතේ ඉඳලා සවස හත වෙනකන් කාර්යාලයේ ඉන්නවා.කාර්යාලයෙන් පසුව මගේ දුව , පුතා , බිරිඳ සමග කාලය ගෙවනවා.ගෙදරදී මට එක බිස්නස් කෝල් එකක්වත් එන්නේ නැහැ.ලැප් එකවත් ඔන් කරන්නේ නැහැ.මොක්ද කවදාවත් මම ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් යන්නේ නැහැ.එහෙමයි කියලා ඔෆිස් එකේ එක වැඩක්වත් මඟ නවත්තලත් නැහැ.ඉරිදා දවසත් මම ගෙවන්නේ ගෙදර අය එක්ක.මට ඉතා හොඳ බිරිඳක් ඉන්නවා.ඇයගෙන් මට විශාල සහයෝගයක් ලැඛෙනවා.ගෙදර මාන්සික සුවය නැත්නම් අපිට Job එකත් හරියට කරන්න බැහැ.ඒ නිසා ගෙදර පරිසරය සම්බන්ධයෙන් මම මගේ බිරිඳට ස්තූති කරනවා.මම මීට පෙර පොතක් ලිව්වා.ඉතින් මම දැනටත් මට හිතෙන දේ ගෙදරදි ලියනවා.වේලාව හැමෝටම තියෙනවා.පාවිච්චි කරන විදිහයි වැරදි.

මවුබිම පුවත්පත ඇසුරෙනි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook