Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම නැවතත් දෙව්මි වගේ චරිතයක් කරන්නෑ
 – නයනතාරා වික‍්‍රමාරච්චි

හොඳම ටෙලි නාට්‍ය නිළිිය සම ජනතා සම්මානය 
මටයි ෂනුද්‍රිටයි ලැබුණා

මේ ඒ වැඬේ නම් හරි යන්නෙ නෑ ඔන්න එනවාදැන් ඉතිං කියයි මුළු ඉස්කෝලෙටම ස්පීකරේනෙ

ස්පීකරේ නෙමෙයි අනේ ලවුඞ්ස්පීකරේඒ එදා පාසලේ යහළුවො නයනතාරා වික‍්‍රමාරච්චි හැදින්වූ අන්වර්ථ නාමයයි. ඒ නම ඇයට ලැබෙන්න හේතුවකුත් තියෙනවා. හැබැයි ඒක රහසක් ඒ රහස ඇය ඔබට අනාවරණය කරයිද නොකරයිද අපි දන්නෙ නැහැ. නමුත් ඒ රහස වගේම තවත් පුංචි පුංචි අදහස් ටිකක් දැනගැනීමේ බලාපොරොත්තුවෙන් අපි ගම්පහ, වැලිවේරිය ප‍්‍රදේශයේ බොහොම නිහඩ නිස්කලංක අලංකාරවත් පරිසරයක පිහිටි ඇයගේ නිවෙස සොයා ගියා.



පසුගිය වසරේ රයිගම් සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නිළිය වූ ඔබ තවත් වරක් ජනතා සම්මානයට පාත‍්‍ර වුණා. මුලින්ම ඒ ගැන කතා කරමු.
හොඳම ටෙලි නාට්‍ය නිළිිය සම ජනතා සම්මානය මටයි ෂනුද්‍රිටයි ලැබුණා. ඉතිං සතුටුයි. ජනතා හදවතේ එක දිගටම මේ විදිහට රැු`දී සිටීමට හැකිවීමත් භාග්‍යයක් කියලා මට හිතෙනවා.

ජනතා ප‍්‍රසාදය දිනාගැනීම එතරම් ලේසි නැහැ. නමුත් ඔබට දෙව්මි නිසා ඒ අවස්ථාව ලැබුණා. එනිසා දිගටම දෙව්මි ලෙසින්ම රැු`දීසිටීමට ද කැමැත්ත.?
නැහැ දෙවෙනි ඉනිමෙන් පසු මම නැවතත් දෙව්මි වගේ චරිතයක් කරන්නෑ.

ඒ ඇයි?
මම හිතන්නෙ චරිතයෙන් චරිතයට මම වෙනස් විය යුතුයි කියලයි.

යම් යම් අවස්ථාවන්හි ඔබ ඒ වෙනස ඔබ කළා.?
ඔව් මේ දිනවල තිරගත වන ”එක දවසක අපි” චිත‍්‍රපටයෙ චරිතය දෙව්මිගෙ වයසම වුණත් එය දෙව්මිට වඩා හු`ගාක් වෙනස් චරිතයක් මගේ බලාපොරොත්තුව අන්න ඒ වෙනස මම රඟපාන හැම චරිතයක් තුළම තබාගැනීමයි. මොකද දවසක දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න මමත් කැමැතියි. ඒ නිසා රංගන ශිල්පිනියකට ඒ වෙනස අත්‍යවශ්‍යයි කියල මම හිතනවා.

ඉතාම කෙටි කාලයකින් ඔබ ජනපි‍්‍රයම තලයට පැමිණ තිබෙනවා නේද?
මේ ජනපි‍්‍රයත්වය තාවකාලිකයි. මට අවශ්‍ය සෑම චරිතයක්ම හො`දින් නිරූපණය කළ හැකි දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නයි. මම එකිනෙකට වෙනස් චරිත සොයමින් රංගනයේ යෙදෙන්නෙ ඒ ස`දහා අවශ්‍ය ප‍්‍රායෝගික පුහුණුව ලබාගැනීම ස`දහායි.

”එක දවසක අපි” චිත‍්‍රපටයෙන් පසු තිරගත වන ඔබේ අනෙක් සිනමාපට මොනවාද?
වෛද්‍ය කපිල සූරියආරච්චිගේ ”සිනේ මා” අනුරුද්ධ ජයසිංහගෙ ”මා” ඉදිරියේදී තිරගත වීමට තිබෙනවා.

අනුරුද්ධ ජයසිංහ ඔබ වෙනුවෙන් රංගන අවස්ථා කිහිපයක්ම ලබාදෙනවා. ඒ ස`දහා ඔබ සහ ඔහු එකම පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම හේතුවෙනවද?
ඇත්තෙන්ම නැහැ. අප දෙදෙනාම ස`දලංකාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් බව අපි දෙදෙනාම දැනගත්තෙ චිත‍්‍රපටයෙ වැඩ කටයුතු ආරම්භ කරල ටික දවසක් ගතවූ පසුවයි. හැබැයි ඒ දැන හ`දුනාගැනීම නම් මට ලොකු දෙයක් විදිහටයි දැනෙන්නෙ. ඔහු අපේ පාසලේ නම තියපු බොහොම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම තවත් බොහෝ පිරිසක් ස`දලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් කලාවට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක අපිටත් අපේ පාසලටත් ආඩම්බරයක්

ඔබ වැලිවේරිය මද්දුමබණ්ඩාර මහා විද්‍යාලයේ අධ්‍යාපනයට පිවිසෙන්නෙ කුමන අවදියේදී ද?
උසස් පෙළ අධ්‍යාපනය ස`දහා. ඉන්පසු අර පුංචිම පුංචි කාලෙ ඉඳලම තිබුණු රංගන ශිල්පිනියක වීමේ සිහිනය පසුපස තමයි දිව්වෙ

ඒ සිහිනය දැන් සඵල වෙලාද?
ඔව් හිතුවටත් වඩා

ඊළ`ගට සඵල කරගන්න තිබෙන හීන මොනවද?
ජනතා හදවතේ හැමදාම රැුඳෙන දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ සිහිනය තමයි සඵල කරගැනීමට තිබෙන එකම හීනය.

ඉන් එහාට ගිහින් ජීවිතය බෙදාහදාගන්න සහකාරයෙක් සොයාගැනීමේ සිහිනයක් නැද්ද?
තවම එහෙම හීනයක් නම් දැක්කෙ නැහැ. මම හිතන්නෙ දැන් මා සතුව ඇත්තේ දක්ෂ රංගන ශිල්පිනියක වීමේ සිහිනය පමණයි. දැන් මගේ එකම ඉලක්කයත් එයයි.

 ඔබ ක්ෂේත‍්‍රයට පැමිණ ගෙවී ගිය වසර දෙක හමාර තුළ ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයේ යෙදී තිබෙනවා.?
ඔව්. ස්වර්ණවාහිනිියෙන් විකාශයවූ හංස පිහාටු, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ එරන්ලන්දු, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ප‍්‍රාණ ඒ අතර තියෙනවා.

දෙව්මිගෙන් පසු පුංචි තිරයේ අපි ඔබ හමුවන්නේ කුමන චරිතයකින්ද?
තවම නම් මොකුත් බාර අරගෙන නැහැ.

 ඔයා ඉස්කෝලෙ යන කාලෙ පාසලේ පිරිමි ළමයිට ගහනව කියන්නෙ ඇත්තද?
ඒ ඉතින් ඉස්කෝලෙ යන කාලෙදිනෙ.

ඒ කියන්නෙ දැන් එහෙම නැහැ කියලද?
ඔව් ඉතිං ඒ කාලෙ කරපුව දැන් කරන්නෑනෙ.


එතකොට දෙවෙනි ඉනිම පිටපත් රචක සමන්ගෙන් කාටහරි ගහන්න අවස්ථාවක් දෙන්න කියල ඉල්ලූවෙ නැද්ද?

අනේ ඒව කොහොමද දන්නෙ.

ඒ කියන්නෙ කතාව ඇත්තනෙ?
ඉල්ලූව තමයි ඒත් තවම ලැබුනෙ නෑනෙ.

ඉස්කෝලෙ යන කාලෙදි හැමදාම නඩුලූ නේද?
ඔව් ඒ කාලෙ ටිකක් ද`ගයි.

එතකොට අර ලවුඞ්ස්පීකර් කතාව මොකක්ද?
අනේ ඒවා නම් කියන්න බැහැ.
ඒ කතාව මොකක්ද කියල නයනතාරගෙන්ම අහන්නකො
කිව්වෙ නැත්නම් කියන්න අපි කියන්නම්.

තනූජා සූරියබණ්ඩාර

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook