Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ලංකාවේ ළාබාලතම 
පළාත් පාලන නියෝජිතවරිය වූ
සචිනි කාරියවසම් අහම්බෙන්
සෙට් වුන අපේක්ෂකත්වය ගැන කියන කතාව

ලංකාවේ ළාබාලතම පළාත් පාලන නියෝජිතවරිය ලෙස පසුගියදා 10දා පැවැති පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යාමට අනුරාධපුරයේ පදිංචි විසිඑක් හැවිරිදි සචිනි නිමේශා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) අනුරාධපුර නගර සභාව සඳහා තුන්වන පියවර, සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේශා ඡන්ද 918ක් ලබා, එම කොට්ඨාසය තරග කළ අනිකුත් අපේක්ෂකයන්ට වඩා වැඩි ඡන්ද 272ක් ලබාගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.


ජයග්‍රහණයේ සතුට තවමත් මුහුණේ රඳවාගෙන සචිනි අප සමග මෙසේ කතාබහට එක්වූවාය.


සචිනි, ඔබේ පවුලේ විස්තර මුලින් කිව්වොත් ?


මගේ පියා දුර බැහැර පොලිස් ස්ථානයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරනවා.  මව රජයේ රැකියාවක් කර විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. මම පවුලේ වැඩිමලා,  මට නංගි සහ මල්ලියෙක් ඉන්නවා. තවම ඒ අය ඉගෙන ගන්නවා.

මව හෝ පියා දේශපාලන තනතුරු දරා තිබෙනවාද? එම නිසා ඔබ දේශපාලනයට පැමිණියාද?

මව හා පියා රජයේ රැකියා තමයි කළේ, දේශපාලන තනතුරු දැරුවෙ නෑ. එහෙත් මව විශ්‍රාම යාමෙන් අනතුරුව සේමසිංහ සර්ලට ඡන්දයට උදව් කළා.

මැතිවරණ අපේක්ෂිකාවක් ලෙස ඔබව කවුද යෝජනා කළේ?

මෙවර මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩි කර තිබූ නිසාත්, තරුණ කාන්තා නියෝජනයක් ගමට අවශ්‍යයි කියලා හිටපු කලාප සහකාර අධ්‍යක්ෂ සුසිල් සිරිසේන, විශ්‍රාමික විදුහල්පති මෛත්‍රීපාල වැනි ගමේ උගත් පිරිස යෝජනා කරලා දිරිගැන්නුවා,   පසුව අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.බී.සේමසිංහ, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ යන සර්ලා තමයි මෙම අවස්ථාව මට උදාකර දුන්නේ.

 අධ්‍යාපන කටයුතු කොතරම් දුරට හදාරා තිබෙනවද?

විශේෂයෙන් මතක් කරන්න ඕන කුඩා කල සිට මම ඉගෙනගත් පාසල, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් තමයි මම ඉගෙන ගත්තේ. මා විශිෂ්ට ලෙස  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය  බලාපොරොත්තුවෙන් සිටිනවා.

නගර සභාවේ ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලබා නායකත්වයක් ගෙන, ගමට; කොට්ඨාසයට වැඩක් කළ හැකිද?

පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළා. ගමේ ක්‍රීඩා සමිතියේ ලේකම් ධුරය දැරුවා. අපේ ගමේ ආගමික වැඩසටහන්, දන්සැල්, අවුරුදු උත්සව වැනි පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකාරීව වැඩ කරනවා. ඒ නිසා නායකත්වයට බියක් දැනෙන්නෙ නෑ. උගත් බුද්ධිමත් පිරිසගේ සහයෝගය, අවවාද නිරන්තරයෙන් මට ලැබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇයි ඡන්දය ඉල්ලන්න හිතුණේ?

අනුරාධපුරයේ අපි පසුගිය කාලය පුරාවට බියෙන් කාලය ගත කළේ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය, ජානක පෙරේරා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය වගේම රටේ තිබුණු තිස් වසරක යුද්ධය ගැන අප අසා දැක තිබෙනවා. 30 වසරක යුද්ධය නිමා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.  මම කැමතිම දේශපාලන නායකයා එතුමායි. එතුමාගේ නායකත්වයෙන් යුතු පක්ෂයක වැඩපිළිවෙළක් අපේ ගමේ ක්‍රියාත්මක කරන්න ලැබීමත් ජීවිතයේ මම ලබන ලොකු භාග්‍යයක් ලෙස මම දකිනවා.

නගර සභාවේ මන්ත්‍රීවරියක් වෙලා ගම වෙනුවෙන් මොනවද කරන්නේ?

මන්ත්‍රී ධුරය ලැබෙන්න පෙර සිටම අපි පදනමක් පිහිටවලා කොට්ඨාසයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන, ගමේ පොදු වැඩ  කටයුතු  සඳහා ක්‍රියාකාරීව වැඩ  කරනවා. ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලැබුණොත් එය ගොඩක් පිටුවහලක් වෙයි ගමේ අයට වගේම කොට්ඨාසයේ පිටටත් වැඩ කරන්න.

ඡන්ද ව්‍යාපාරයේ නිරත වනවිට ගමේ අයගේ දායකත්වය හා අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?

සමහර ගෙවල්වලට යනකොට ඇතුළට ගත්තේ පොහොට්ටුවෙන්ද කියලා අහලා. පොහොට්ටුවෙන් නම් එන්න, නැත්නම් එන්න එපා කිව්වා. සමහර අය ඉඳල අතට අරගෙන ආවා. සමහර අය ගෙවල්වලට ගියාම දෝෂාරෝපණය කළා පොහොට්ටුවට දෙන්නේ නැහැ කියලා. සමහර අම්මලා,  අක්කලා, නංගිලා, සිප වැලඳ ගත්තා මාව, මම ඡන්දය ඉල්ලන සතුටට. ඒ අය නිරන්තරයෙන් කියා සිටියේ තරුණ උගත් ළමයෙක් ඡන්දය ඉල්ලන එක සතුටුයි කියලා. එම නිසා මම තව තවත් ධෛර්යමත් වුණා. 

මෙම කොට්ඨාසයේ අනෙකුත් ඡන්දය ඉල්ලපු අපේක්ෂකයන් ඔබට අභියෝගයක් වුණාද?

අපොයි ඔව්. ලොකු අභියෝගයක් තිබුණා. අනෙක් ප්‍රධාන පක්ෂ තුනේ අය දැනගෙන හිටියා මම ජයග්‍රහණය කරනවා කියලා. අපේ කොට්ඨාසයේ එම පක්ෂ තුනේ අය එකතු වෙලා වැඩ කළා මාව වට්ටන්න. සමහරු ප්‍රචාරයක් ගෙන ගියා ළදරු දේශපාලනය කියලා. මාව මානසිකව වට්ටන්න ගොඩක් අය උත්සාහ කළා. පැහැදිලිවම අනෙක් අයගේ දේශපාලන ක්‍රියාකාරකම් මට ආශිර්වාදයක් වෙලා ඒ අයගේ ඡන්ද මට ලැබුණා. බොරු පැමිණිලි පොලීසියට දීලා පොලීසිය ඇවිත්  වත්තෙ තිබුණු කටවුට් පවා ගලවගෙන ගියා. මගේ දෙමවුපියන් ගමේ ජනතාව සමග තිබූ බැඳීම සහෝදරත්වය තමයි මේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව වුණේ.

ඡන්දය දිනලා කියලා දැනගත්තහම මොනවද දැනුණේ? මුලින්ම කාටද ඒ ගැන කිව්වෙ?

ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයක තමයි මම හිටියේ. එම මධ්‍යස්ථානයේ ඡන්දය ගණන් කළාට පස්සේ මම දැනගත්තා එම ඡන්ද මධ්‍යස්ථානයේ දී මම ජයග්‍රහණය කර තිබෙන බව. තවත් තැනක දැනගත්තා මට ඡන්දය වැඩියි කියලා. පසුව දැනගත්තා කොට්ඨාසයේම මම ජයග්‍රහණය කර තිබෙන බව. මගේ සතුට තවම පිටකරගන්න බැහැ. අම්මා, තාත්තා එක්ක සේමසිංහ සර්ලගෙ ගෙදර ගියා,  ඒ අයට ජයග්‍රහණය ගැන කියන්න. යන විටත් ඒ අය දැනගෙන ඉවරයි මම දිනලා කියලා. මැතිවරණ ජයග්‍රහණය සමරලා පෙළපාළි ගියේ නැහැ. අපේ ගෙදරට මුළු ගමේම අය පිරුණා, එය මගේ ජීවිතයේ අමතක නොවන දවසක්.

2018 පළාත් පාලන මැතිවරණය තරග කරලා ජයග්‍රහණය කළ ළාබාලම කාන්තාව කියලා දැනගෙන ඉහළ පෙළේ පක්ෂ නායකයන් කතා කළාද?

නැහැ කතා කළේ නෑ. මම හිතන්නේ ඒ අය එහෙම දෙයක් දන්නේ නැතුව ඇති.

ජීවිතේ පළමු වතාවට ළාබාල තරුණියක් ලෙස පරිණත දේශපාලනඥයන්  සමග නගර සභාවේ එකට වැඩ කටයුතු කරන්න සූදානම් ද?

ඒ පිළිබඳව  ලොකු චකිතයක් දැනෙනවා. අපේ පක්ෂයේම තරග වැදුණු නීතිඥ රංජිත් රාජකරුණා මහතා අලුත් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කිව්වා. එයට සහභාගි වී දැනුම ලබාගන්නවා. ටික දවසක් යන විට එම චකිතය නැතුව යයි. ඒ පරිණත අයත් ගොඩක් හිතවත් වේවි කියලා මම හිතනවා.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මා ඉහත මතක් කළ අයට අමතරව ගමේ මගේ යාළුවන්, නෑදෑයන්, ප්‍රදේශයේ සිටින ගුරුභවතුන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් කිව යුතුයි මේ කොට්ඨාසය හා ඉන් පිටත තරුණ පිරිස් ගොඩක් කැප වෙලා ඡන්ද ප්‍රචාරක වැඩවල නිරත වුණා. අම්මගෙ යාළුවො  උදව් කළා. ගමේ බොහෝ අය හිටියා පරම්පරාවෙන් කැපුවත් නිල්, කැපුවත් කොළ, රතු කියලා. එවැනි බොහෝ පිරිසක් ජීවිතයේ ප්‍රථම වරට ඒ අය මම නිසා පක්ෂය මාරු කරලා මේ පාර පොහොට්ටුවට ඡන්දය දුන්නා. හිටපු නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු මට සහයෝගය ලබාදී මාව දිරිමත් කළා, අවවාද ලබා දුන්නා. මම ඒ අයටත් හිස නමා ආචාර කරනවා.  නම් කියූ, නොකියූ සියලුම දෙනාට ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. 

අනුරාධපුර - බී.ජී.චතුරංග / ඡායාරූප - චානුක කුලසේකර

තරුණයා පුවත්පත ඇසුරෙණි





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook