Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි
කොටු වුනොත් ඇප නෑ
මෙන්න බලපාන කරුණු සියල්ලම

Whats-app,Viber, Messenger ක‍්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශයේ විශේෂ ප්‍රකාෂකයකු ගොසිප්99 වෙත ප්‍රකාශ කල සිටියහ.




හදිසි අවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා හේතු කොටගත් කරුණු.

මෙම හදිසි අවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා හේතු කොටගත් කරුණු කිහිපයක් ද දක්වා ඇත.

1. පසුගිය සති දෙකක කාලය පුරා සිදුව ඇති කලහකාරී සහ සාපරාධී කි‍්‍රයා.

2. එම සිද්ධීන් නිසා සිදුව ඇති ජීවිත සහ දේපළ හානිවීම්,

3. එම සිද්ධින් නිසා ජාතීන් සහ ආගම් අතර ගැටලූකාරී තත්ත්වයන් සහ අසංහතින් ඇති වීම,

4. දේපළ, පූජනීය ස්ථාන, ප‍්‍රවාහන පහසුකම් ආදියට පහරදීම් සිදුවීම සහ එමගින් හානිවීම

5. ඉහත සඳහන් සාපරාධී කි‍්‍රයා තවදුරටත් සිදුවීම.

මෙම සිදුවීම් ඇතැම් අවස්ථාවල දී ප‍්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ සිදුව ඇති අතර, සංවිධානාත්මක කණ්ඩායම් මඟින් ද සිදු කොට ඇත.

මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා ගතයුතු අත්‍යාවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස කි‍්‍රයාත්මක කිරීමට සිදුව ඇත.
අවශ්‍ය නෛතික බලතල ශ‍්‍රී ලංකා පොලිසියටත්, ති‍්‍රවිධ හමුදාවටත් පවරා ඇත.

එසේ හෙයින්, ආරක්ෂක වාතාවරණය නැවත සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිත යථා තත්ත්වයට පත් කොට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම, සාමය ස්ථාපිත කිරීම සඳහා සීමිත වපසරියකින් යතුව සතියක කාලසීමාවක් සදහා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කොට, හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට රජය තීරණය කොට ඇත.

මෙසේ හදිසි අවස්ථාවක් කි‍්‍රයාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසිවලින් පවතින තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලතල ශ‍්‍රී ලංකා පොලිසියටත්, ති‍්‍රවිධ හමුදාවටත් පවරා ඇත.

යම් සාපරාධි කටයුත්තකට හෝ වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවයකට සම්බන්ධ හෝ ඒවා ඇතිකරන යම් පුද්ගලයින් වේ නම් ඔවුන්ගේ ආගමික, වාර්ගික අනන්‍යතාව හෝ පක්ෂ, පාට දේශපාලන සබඳතා නොසලකා අපක්ෂපාතීව සහ යුහුසුළුව ඔවුන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන ලෙස ද ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මෙම රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීමේදී සද්භාවයෙනුත්, නීත්‍යානුකුලවත් මහජනතාවගේ සුබසිද්ධියට සහ ජන ජීවිතයට අවම බාධාවක් වන පරිදි කටයුතු කරන ලෙසටත්, මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට කි‍්‍රයාකරන ලෙසටත්, පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට ජනාධිපතිතුමා විශේෂ උපදෙස් ලබා දී ඇත.

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.


දඬුවම : ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා

ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි කතා දේශන පැවැත්වීම, එවැනි ලිපි පල කිරීම, එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පනවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

එම වරදවල් සිදුකිරීමට තැත්කිරීම හා කුමන්ත්‍රණය කිරීමද මේ යටතේම වරදක් වන අතර එවැනි වැරදි වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට පවරා ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හැකිතාක් ඉක්මණින් ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දිය යුතු බව ද ප්‍රකාශ කළේය.

‘‘ එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ යුතුයි. සැකකරුවන්ගේ වරදේ සංකීර්ණභාවය සැලකිල්ලට ගෙන පොලිස් භාරයේ වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් තිබේනවා නම් එම සැකකරුවන් දින 14ක් නොඉක්මණ කාලයක් රඳවා ගැනීමට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරා තිබෙනවා. මේ යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන සැකකරුවන්ට අධිකරණයෙන් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂී හේතු තිබේ නම් පමණයි. සුවිශේෂී හේතු නොතිබුණොත් නඩු විභාගය අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතුයි. ‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.

භීතිය හා අප්‍රසාදය ඇතිවන ආකාරයට සහ සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරින්ට මෙන්ම ව්‍යවස්ථාපිත ආයතනවලටද බලය ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

‘මෙම හදිසි නීති රෙගුලාසි උල්ලංඝණය වීම වැලැක්වීමට නෛතික වගකීමක් පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත්, රාජ්‍ය නිලධාරීන්ටත් වෙනත් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් මේ යටතේ පවරා තිබෙනවා. අද සවස හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ජනාධිපතිවරා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට නියෝග මාලාවක් නිකුත් කළා. වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම බලතල උපයෝගී කරගෙන රටේ ඇතැම් ස්ථානවල උද්ගතවී ඇති සාපරාධී වාතාවරණයන් සමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, මෙම හදිසි අවස්ථා රෙගුලාසි සාමකාමී මහජනතාවගේ ජනත ජීවිතයට අවම බාධාවක් වන ආකාරයෙන් හා සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන පරිද්දෙන් සද්භාවයෙන් ක්‍රියාත්ම කිරීම, මේ යටතේ සාපරාධී ක්‍රියා සිදුකරන තැනැත්තන්ට එරෙහිව ඔවුන්ගේ තත්ත්වය හෝ තරාතිරම, ජාතිය හෝ ආගම, දේශපාලන පක්ෂපාතීත්වය කෙරහි අවධානයක් යොමු නොකර විෂයානුබද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් නියෝග මාලාවක් තිබෙනවා. ‘ යැයි ද රුවන් ගුණසේකර මහතා කීවේය.

පවතින තත්ත්වය රජය විසින් විටින් විට නිරීක්ෂණය කරන බව ද, තත්ත්වය සමනය වී මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත වූ සැනින් හදිසි අවස්ථාව ඉවත් කිරීමට අපේකෂා කරන බවත්, මේ වන විට අපේකෂාව දින හතක කාලයකට ප්‍රකාශයට පත් කිරීම බව ද , හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

යම් ස්ථානයක සාපරාධි ක්‍රියාවන් සිදුවන්නේ නම් හෝ සිදු කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු දන්නා සියලු දෙනාම මෙම රෙගුලාසි අනුව එම තොරතුරු ප්‍රමාධයකින් තොරව ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට දැන්වීමට නීතිමය වගකීමක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කළේය.

මෙම සිදුවීම් මාලාවේදී පොලිසිය රාජකාරි පැහැරහැරියේයැයි එල්ලවෙන චෝදනා ගැන මාධ්‍යවේදියෙකු විමසූ අතර ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා කීවේ එවැන්නක් තහවුරු වන්නේ නම් ඊට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවයි. ඇඳිරිනීතිය තිබියදීත් ඊයේ රාත්‍රී කඩ කිහිපයකට පහරදීම සම්බන්ධයෙන් විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ සුළු සිද්ධි කිහිපයක් වාර්තා වූ නමුත් ඇඳිරිනීතිය නිසා දරුණු තත්ත්වයන් ඇති නොවී පාලනය කර ගත හැකිවූ බවයි.


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook