Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රටවල් 173 ක ගුරුවරුන් අතරින්
ලොව හොඳම ගුරුතුමියවූ
ඇන්ඩිරියා ෂෆිරාකොව්

ගැන මෙන්න

ගුරුවෘත්තිය හා සැසඳිය හැකි වෙනත් වෘත්තියක්‌ නැති බවයි බොහෝ දෙනා කියන්නේ. වෙනත් රැකියාවලට වඩා එය ඉහළින් සිටින්නේ එය තනිකරම අන් අයගේ වෙනස්‌ හා නිවැරදි ජීවන මාර්ගය පාදා දීම සඳහා අරමුණු ඇතිව පූර්ණ කැපවීමකින් යුතුව යෝග්‍ය අවස්‌ථා නිර්මාණය කර දීමේ සේවයක්‌ නිසයි.


සත්‍ය වශයෙන්ම සැබෑ ගුරුවරයෙකු වීම පසු පස තියෙන්නේ දුෂ්කර ක්‍රියාවලියක්‌. එය විවිධ පැති ඔස්‌සේ පිරිය යුතු පාරමිතාවලින් යුක්‌තයි. ගුරුවරයා කටයුතු කරන්නේ පණ ඇති සේවාදායකයන් වන දරු පිරිස සමගයි. හැමවිටම එය සත්‍යවාදී හා අවංක සංග්‍රහශීලී කාල සීමාව ඉක්‌ම යන ක්‍රියාදාමයක්‌ වෙනවා.

මෙය වටහා ගත් අපූරු ගුරුවරියක ගැන කියන්නයි මේ සටහන වෙන්වෙන්නෙ. ඇගේ නම ඇන්ඩි්‍රයා ෂෆිරාකොව්. 39 වන වියේ පසුවන ඇන්ඩි්‍රයා උගන්වන්නේ එංගලන්තයේ ඉතා දුර බැහැර පිහිටි බර්න්ට්‌ නගරයේ ඇල්පර්ටන් ද්වීතීයක ප්‍රජා පාසලේ. දැනට වසර 12 ක්‌ තිස්‌සේ ඇය එහි ඉගැන්වීමෙහි යෙදී සිටිනවා.

ගුරුවරික වූ ඇන්ඩි්‍රයානා ගැන මෙසේ විශේෂයෙන් කතා කරන්නේ කුමක්‌ නිසා දැයි දැන් ඔබ සිතනවා ඇති. ඇත්තම කියනවා නම් එයට හේතුව ලොව හොඳ ගුරුවරිය වීමේ භාග්‍යය ඇය ලබා තිබීමයි.

ලොව හොඳම ගුරුවරිය තෙරීමේ තරගය පවත්වන්නේ වර්කි පදනම නම් සංවිධානය මගින්. Global Teacher Prizes නමැති මේ සම්මානය ලබා දීම වසරක්‌ පාසා පවත්නවනු ලබන්නේ ගුරුවෘතියේ වටිනාකම ඇගයීමට හා එහි කිසියම් පෙළඹවීමක්‌ ඇති කිරිමේ අභිප්‍රායෙන්. එය අධ්‍යාපනයට උරදෙන ආයතනයක්‌. එහි මූලස්‌ථානය ඇත්තේ ලන්ඩනයේ. මෙහිදී ජයග්‍රාහකයාට පිරිනැමෙන ත්‍යාගය වශයෙන් ඇ.ඩො මිලියනයක්‌ (පවුම් 715,00ක්‌) ප්‍රදානය කරනවා.

ලොව හොඳම ගුරුවරිය හැටියට තේරී ඇති බව දැන ගත් විට ඇති වූ හැගීම කුමක්‌දැයි අන්ඩි්‍රයා කීවේ මෙවැනි අදහසක්‌.

"මේ ආරංචිය ලැබුණු වේලේ මම තිගැස්‌සී ගියා. මට ඇතිවූ හැගීම්වල බර දරා ගන්න බැරි වුණා. එහෙත් මා කියා සිටින්නේ මේ සම්මානයේ ගෞරවය මා පමණක්‌ නොව මගේ සහෝදර අනිකුත් සියලු ගුරුවරුන් හා මගේ ආදරවන්ත සිසුන් සමගත් බෙදා ගන්න කැමැති බවයි"

ඇන්ඩි්‍රයා ලැබූ මේ ජයග්‍රහණය සිල්ලර විදියට සිතන්නට සුදුසු නෑ. ඇය ඉගැන්වීමේ කටයුතුවල යෙදුන පාසල් පරිසරයේ ඇති කටුක බවත් සිසුන්ගේ අවිධිමත් බවත් ඇගේ කැපවීමත් ගැන සිතන විට එය ඉතා වෙහෙසකර ජයග්‍රහණයක්‌ බව කියා පානවා.



ඇගේ පාසල පිහිටා ඇති ප්‍රදේශය විවිධාකාර මිනිසුන් වාසය කරන ප්‍රචණ්‌aඩ කණ්‌ඩායම් ගැවසෙන ඝෝෂාකාරී වටා පිටාවක්‌ සහිත ප්‍රදේශයක්‌. එහි වාසය කරන්නේ ද්‍රරිද්‍ර භාවයෙන් බැට කන ගැහැනුන් හා මිනිසුන්. ළමයින් ඉතා අඩු හැකියා ඇති අය. එකම නිවසේ පවුල් 5 ක්‌ පමණ කූඩු වී ජීවත් වෙන්නෙ. අඩු පහසුකම් ප්‍රදේශය පුරාම පැතිරිලා. ළමයින්ට පාසැල් ගෙදර වැඩ Home Work කිරීමට සුදුසු තැන් ඔවුන්ගේ නිවෙස්‌වල නෑ. සිසුන් කියන්නේ එම වැඩ කරන්නේ නාන කමර තුළට වැදී දොර වසාගෙන බවයි.

මෙය වටහා ගත් ඇන්ඩි්‍රයා නිවාඩු දිනවලදී අමතර කාල පරිච්ඡේද යොදා ගෙන සිසුන්ට වැඩ කිරීමට පාසලේ දී සුදුසු වටාපිටාවන් සහිත අවස්‌ථා සකසා දී තිබෙනවා.

මෙම ප්‍රදේශයේ කොතරම් විවිධත්වයක්‌ ඇතිද කිවහොත් එහි ජන කොටස්‌ භාෂා 130 ක්‌ භාවිතා කරන බවකුයි වාර්තා වෙන්නේ. ඔවුන් සමග සංනිවේදනයක්‌ ඇති කර ගැනීම දුෂ්කර බව වටහා ගත් ඇන්ඩි්‍රයා ඉන් භාෂා 35 ක්‌ ඉගෙන ගත් බව සඳහන් වෙනවා. ඒ භාෂා අතර ගුජරාටි, හින්දි, දෙමළ හා පෘතුගීසි භාෂා ඇතුළත් වෙනවා.

ඇන්ඩි්‍රයා ඉතා පරිස්‌සමෙන් ක්‍රියාකරමින් එම ළමයින් හා ඔවුන්ගේ දෙමාපියන් බොහෝ දෙනෙකුගේ සිත් දිනා ගැනීමට සමත්a වුණා. ළමයින් සතු වූ අඩු හැකියාවත්, ඇතැම් ළමයින් රෝග කාරකයන් වීම නිසාත් ළමයින් අතර අන්තර්පුද්ගල සබඳතාවය ගොඩනගා ගන්නට ඇයට මහත් වෙහෙසක්‌ දරන්නට සිදු වුණා.

ඇගේ ඉගැන්වීමේ කටයුතු කොතරම් දුරට වර්ධනයක්‌ ඇති වී ද යත් විදුහලේ අධ්‍යපන තත්ත්වය 1 සිට 5% දක්‌වා ඉහළ අගයක්‌ පෙන්නුම් කළා. එපමණක්‌ නොව ඇගේ චිත්‍ර කලා විෂයය Visual Art පිළබඳ විශේෂඥ පාසලක්‌ ලෙසට සම්මානයක්‌ දිනා ගැනීමට ඇය සමත් වුණා.

තම සිසු සිසුවියන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා අවස්‌ථා ලබා ගන්නා විටත් ස්‌වයංරැකියා අවස්‌ථාවලට යොමු වනවිටත් ඇන්ඩි්‍රයාට ඇති වූයේ ආඩම්බරයක්‌.

වාර්කි සංවිධානය පැවැත්වූ ලොව හොඳම ගුරුවරිය තේරීමේ තරගයට රටවල් 173 න් ගුරුවරුන් 30,000 ක්‌ මෙවර ඉදිරිපත් වී තිබුණා. එයින් ප්‍රථමයෙන් 10 දෙනෙකු තෝරා ගෙන ඇති අතර ඒ සියලු දෙනා අභිබවමින් තමයි අන්ඩි්‍රයා ෂෆිරාකොව් ලොව හොඳම ගුරුවරිය ලෙස තේරී ඇත්තේ.

දස දෙනා අතරට තේරුණ අනික්‌ ගරුවරු 09 දෙනා මෙසේයි.

2. තුර්කියේ නියුමට්‍රන් අකීස්‌, පෙර පාසල් ගුරු, 3. දකුණු අප්‍රිකාවේ මාජොරී බ්‍රවුන් ඉතිහාසය, 4. කොළොම්බියාවේ ලුවිස්‌. ගුට්‌ට්‍රීස්‌, විද්‍යාව ,5. පිලිපීනයේ ඡේසුස්‌ ඉන්සිලාඩා, ඉංග්‍රීසි, 6. අමෙරිකාවේ ගැලන් ලී, තාක්‍ෂණය. 7. බ්‍රස්‌ලයේ ඩියාගෝ මච්පොස්‌, පාසල් අධ්‍යක්‍ෂ. 8. බෙල්ජියමේ කොයාන තිමාර්. පරිගණක විද්‍යාව. 9. ඕස්‌ටේ්‍රලියාවේ එඩී වූ මැත්ස්‌, 10. නෝර්වේහි බාබරා ඈන් ෂිලොන්කා ඉංග්‍රීසි ඒ අයයි.

ඇගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තම සතුට ප්‍රකාශ කරන බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නිකුත් කර ඇති පණිවිඩයේ මෙසේ සඳහන් වෙනවා.

"ඔබේ කටයුතුවලින් දැවැන්ත කැපවීමක්‌ හා නිර්මාණාත්මක බවක්‌ පෙන්නුම් කරනවා. ඉතා දක්‍ෂ ගුරුවරයෙකු වීමට පියෙවි බවත් අව්‍යාජ බවත් නිර්ලෝභි හදවතකුත් ඕනෑ වෙනවා. ඔබේ දක්‍ෂතා ඔබ ඔබේ සිසුන් සමග බෙදාහදා ගෙන තියෙනවා. ඉතින් ඒ හැම දේකටම ඔබට ස්‌තුතියි. ඒ සියලු දේට මෙන්ම ඔබේ මේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන්නටත් මා සුභපතනවා."

බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂක ලෙකම් ඩාමින් හයින්ඩ් කියා සිටියේ ඇගේ කතාන්තරය කැපකිරීමේ හා පරාර්ථකාමී බවේ සත්‍ය කතාව බවයි.

පාසල් ප්‍රධානින්ගේ සංගමයේ ප්‍රධානයා ජියෝෆ් බර්ටන් කියා සිටියේ අපට මෙහිදී සියලුම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සිහිවන බවත් බ්‍රිතානය අධ්‍යාපන ක්‍රියාවලියේද් නිර්මාණශීලී විෂයයන් වැදගත් වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත් බවය.

ඇන්ඩි්‍රයා පසු දිනක පවත්වන ලද කතාවකදි කියා සිටියේ කලා විෂයන්හි වැදගත් බව පාසල් විසින් වටහා ගත යුතු බවය. එහෙත් අහිමිකිරීම් හා අසීරුතා ගැනත් සිසුන් ගැන කටයුතු කිරීමේදී අවධානය යෙදිය යුතු බවය. මන්ද යත් පිගාන හිස්‌ නම් සිසුනට ආහාර අනුභව කළ නොහැකි බවය.

තිස්‌ දහසක්‌ තරම් නාම යෝජනා අතරින් හොඳම තැනැත්තා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව අපෙක්‍ෂා කර ඇත්තේ ඉතා ඉහළ අරමුණු සමුදායක්‌.

කිසියම් ගරුවරයකු තම සිසුවන් සතු විභව ශක්‌තීන් (දරුවෙකු උපතේ දී ලබා ඇති අවිධිමත් හැකියා විශේෂයක්‌) වටහා ගෙන ඒවා හැකියාවන් බවට පත් කිරීමට පියවර ගත යුතු වීම අපේක්‍ෂිතය. තම පාසලේ සෑම සිසුවෙතු කෙරෙහිම ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරලීම සඳහා ඉතා ඕනෑ කමකින් හා ඉතා තදින් සොයා බැලීම ගැන අවධානය යොමු කෙරේ. කිසියම් ගුරුවරයකුට හෝ ගුරුවරියකට සිසුන්ගේ ජීවිතයට දැවැන්ත වෙනසක්‌ ඇති කළ හැකිනම් එය සමස්‌ත පාසලටම ආශිර්වාදයක්‌ වන බව දැන කටයුතු කිරීම අවශ්‍ය වේ.

තේරීම් කමිටුව කියා සිටින්නේ ගුරු වෘත්තියට පිවිසෙන්නට අපෙක්‍ෂා කරන ලොව සියලුම නවකයන්ට ඇන්ඩි්‍රයාගේ කතාන්තරය දීප්තිමත් ආලෝක ධාරාවක්‌ වන බවය. ලොව හොඳම ගුරුවරිය වන ඇන්ඩි්‍රයා ෂෆිරාකොව්ට පසු ගියදා මෙම සම්මානය ප්‍රදානය කළේ ඩුබායි පාලක ෂෙයික්‌ මෙහොමද් බින් රෂිද් අල් මක්‌ටොම්ගේ විසින්. එදින ආරාධිත අමුත්තියක ලෙස බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද උළෙලට සහභාගි වී සිටියා.

මිලියනක ත්‍යාග මුදලක්‌ ලද ඇන්ඩි්‍රයාගෙන් මේ මුදලට කරන්නේ කුමන්දැයි මාධ්‍ය ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ මෙසේයි.

"මම මේ ගැන බෙහොම ඉවසීමෙන් සිතන්නේ. ඔබ දන්නවා. මේ පාසල් පද්ධතිය තුළ චිත්‍ර කලාව මෙයට වඩා ඉහළ මානයකට ගෙන යන්නට පුළුවන් නම් එය තමා මගේ අසිරිමත් සිහිනය"

ඉතින් සියලුම ගුරුවරුන් විසින් කියවිය යුතු ඇන්ඩි්‍රයාගේ මේ සුන්දර කතාන්තරය ගුරු වෘත්තියේ ආනුභාවය අපූරුවට කියා පානවා. එය සිතන තරම් රමණීය නොවුණත් එය මිහිරි ඵල ගෙන දෙන්නක්‌. එම ප්‍රතිඵල ජීවිත කාලය පුරාම ෂඩ් වර්ණ රශ්මි මාලාවක්‌ වී තමා වටා කැරකෙනු සත්තයි.

ලීලානන්ද වික්‍රමසිංහ


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook