Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

භාවනාවෙන් දියුණුවෙන හැටි නාඩි වාක්‍යයේ තිබේ
බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා


නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.



මගේ මමී වෙනුවෙන් ඕනෑම පූජාවක්‌ කිරීමට මගේ ඇති කැමැත්ත මම කීවා. ඒ අනුව තමයි මම ලංකාවට ආවේ. මමීගේ පිංකම ඉතා හොඳින් සිදුකළා. ආපු හැම හාමුදුරුවන්ටම අටපිරිකර පූජා කරල මම මමීට පිං දුන්නා.

පූජාව කෙරුවේ ඉංගී්‍රසියෙන්. හාමුදුරුවරු මගේ මමීගේ නම කියලා පිං අනුමෝදන් කරන කොට මට දැනුන සතුට මට කිසිදාක අමතක වෙන්නෙ නෑ.

මට තව දෙයක්‌ මතක්‌ වෙනවා. දානය පිරිනැමීමට කලින් බෞද්ධ අය පන්සිල් සමාදන් වෙනවා. මමත් පන්සිල් සමාදම් වෙන්න කැමති බව මම නායක හාමුදුරුවන්ට කීවා. හාමදුරුවෝ තුන් වතාවක්‌ම හොඳින් හිතල බලලා කියන්න කියලා, පූජාව ටික වේලාවකට නැවැත්තුවා. මම බුදුන් වහන්සේ දේශනා කර ඇති කාලාම සූත්‍රය කියෑවූ බවත්, මෙවැනි නිදහස්‌ චින්තයක්‌ ඇති ශාස්‌තෘන් වහන්සේ නමක්‌ දේශනා කර ඇති ධර්මය මම පිළිගන්නේ කාගේවත් බලපෑමකට නොවන බවත් මම නායක හාමුදුරුවන්ට කීවා. ඔබේ කැමැත්ත එසේ නම් තිසරණ සරණ ගිය බෞද්ධ උපාසකයෙක්‌ වීමට සිදුවන බව නා හිමියන් නැවතත් කීවා.

ඉන් පසුව මට තේරෙන ඉංගී්‍රසි භාෂාවෙන් මාව පංච ශිලයෙහි පිහිටෙව්වා. ඕනෑම වේලාවක මෙම ධර්මය අත් හැරීමේ පූර්ණ අයිතිය මා සතුව ඇති බවද, මගේ ගැලවීම ඇත්තේ වෙන කිසිවකු අත නොව, මා අතම බවට උන්වහන්සේ කළ දේශනාව මගේ සිතේ තදින් කිදා බැස්‌සා.

මෙවැනි පිවිතුරු, නිදහස්‌ දහමක්‌, මට කිසිදාක නොලැබෙන බව මට ප්‍රත්‍යක්‌ෂ වුණා. එම නිසා මම හිතාගත්ත හැම අවුරුද්දේම එංගලන්තයේ පන්සලකට ගිහිල්ලා මෙවැනිම පිංකමක්‌ කර මමීට පිං දෙන්න. මමීට පිං පැමිණිවීම සඳහා කෝප්පයකට වතුර වක්‌කරමින් මමීගේ නම කියමින් පිං අනුමෝදන් කරන වේලාවේ මට දැනුනේ මමී මා ළඟම ඉන්නවා කියලා.

මේ විදිහේ කටයුත්තක්‌ කතෝලික පල්ලියේත් ආරම්භ කළොත් එම පවුල්වලට ලැබෙන සහනය මට නම් හිතා ගන්නවත් බෑ.

"මෙම පිංකමට ආව, මගේ යහළුවාගේ මිත්‍රයෙක්‌ සමඟ කතා කරමින් ඉන්න අතරතුර, මෙම නාඩි වාක්‍ය කියෑවීම පිළිබඳව විස්‌තරය දැන ගන්න ලැබුණා.

මටත් හිතුනා, මේ ගැන අත්දැකීමක්‌ ලබාගන්න. ඔහු කීවා, අපේ පෙර ආත්මය ගැනත්, මේ ආත්මය ගැනත්, ඊළඟ ආත්මය ගැනත්, විස්‌තර කියනවා කියලා.

මෙම ශාස්‌ත්‍රය ගැන සොයල බලන්න මටත් හිතුණා. ඒ අනුව මීට සති දෙකකට තුනකට පමණ පෙර මට නාඩි වාක්‍යය කියවා ගැනීමට අවස්‌ථාව ලැබුණා.

ඒ වන අවස්‌ථාවේ මෙරටට සංචාරකයන් වශයෙන් පැමිණි පිරිසක්‌ ද නාඩි වාක්‍යය කියෑවීමට පැමිණ සිටිනු මම දැක්‌කා.

ඒ අතර කතෝලික පූජකවරියක්‌ ද සිටියා මගේ නාඩි වාක්‍යවල කියලා තිබුණ දේවල් මට අදහා ගන්නවත් බැහැ. ඔවුන් මගේ ද මගේ මවගේ ද මගේ පියාගේ ද ගෝත්‍රික නම් ද කීවා.

මගේ නම පළමුවෙන් කීවේ 'අබූඩා' නම් වූ කුඩා කළ මට දී තිබූ ගෝත්‍රික නමයි. ඊට පස්‌සේ මට තවත් නම් දෙකක්‌ තියෙනවා කියලා කීවා. මගේ වර්තමාන නම වන 'ඩේවිඩ් විල්සන්' කියලා. මට දෙවැනි මවක්‌ ද සිටින බව නාඩි වාක්‍යවලින් කියෑවුණා. ඒ විල්සන් මැතිනිය කියලයි කීවේ. මගේ රැකියාව විදිහට කියා තිබුණේ ශක්‌තිය නිපදවා බෙදාහරින තැනෙක ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිට දැන් ඒ සියල්ලෙන් මිදී සත්‍ය සොයා යන ජීවිතයක්‌ ආරම්භ කර ඇති බවයි.

මම සේවය කළේ ඇමෙරිකානු විදුලි බලය නිපදවා බෙදා හරින සමාගමක ප්‍රධාන උපදේශකයා හැටියට. ඒ සියල්ල නාඩි වාක්‍යයෙන් කියෑවුණා.

මේ සියල්ල අතීත සිදුවීම් නිසාත්, ඒ සියල්ල සත්‍ය නිසාත්, මම නාඩි වාක්‍ය සත්‍යම කියන ශාස්‌ත්‍රයක්‌ ලෙස පිළිගන්නවා".

"ඔබ පෙර භවය, ඒ භවයේ තොරතුරු ඇහැව්වේ නැද්ද"?

"මම ඒ ගැනත් ඇහැව්වා. පෙර එක්‌තරා භවයක, මම මං පහරන කල්ලියක නායකයෙක්‌ වෙලා ධනවතුන්ගේ දේපළ වතුපිටි හරකා බාන සතුන් ඇතුළු සියලු දේපළ කොල්ලකාලා, එම පිරිස අනාථ භාවයට පත් කරලා, ඔවුන්ගේ ජීවිතවලට හා ඔවුන්ගේ පවුල් ජීවිත කඩා ඉහිරවලා තියෙනවා.

පසුව මම මංකාල්ලකෑ දේපළ වලින් කොටසක්‌ දුප්පත් ජනතාවට බෙදා දීල තියෙනවා.

පසු කාලයේ මම කළ වැරදි පිළිබඳව කම්පා වී යහපත් ජීවිතයක්‌ ගෙවා තිබෙනවා. මේ නිසා බොහෝ පිරිසකගේ ආශිර්වාදය මට ලැබිලා තියෙනවා කියලා නාඩි වාක්‍යයේ කියා තිබුණ.

"ඒ හේතුව නිසාම, මම මේ භවයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක, කිසිම පහසුකමක්‌ නැති පවුලක, ගොපලු දරුවෙක්‌ විදිහට ඉපදෙනවා. දුක්‌ කම්කටොලු රාශියකට මුහුණ දෙන්න වෙනවා.

ඒත් පසුව මම දුප්පත් පවුල්වලට කොල්ල කෑ දේපළ පරිත්‍යග කළ නිසා ද එම පවුල්වල් අය මට ආශිර්වාද කළ නිසා ද පසුව මා කළ වැරදි ගැන ආවර්ජනය කොට ඉන්පසු ජීවිතයේ ඉතිරි කාලය යහපත් අන්දමින් ගෙවූ නිසා ද මේ තත්ත්වය වෙනස්‌ වෙනවා.

මගේ පෙර භවයක මවෙක්‌ව සිටි තැනැත්තියක්‌ කර්මානූකූලව හමු වී ඇයගේ පුත්‍රයා වශයෙන් සිටිමින්, සියලු සැපසම්පත් ලැබෙන අතර ඇයගේ සියලුම දේපළ ද වස්‌තුව ද මට හිමිවන බව ද නාඩි වාක්‍යයේ කියා තිබුණා.

එම දේපළ නිසා මම මහා ධන කුවේරයකු බවට පත්වන බව ද කියා තිබුණා.

මේ සියල්ල අතීත සිදුවීම් නිසාම ඒවා දැනටමත් සත්‍ය වී ඇති නිසා ද නාඩි වාක්‍යය ඉතාමත් නිවැරදි බව ඔබට කියන්න කැමතියි.

යම් හෙයකින් ජීවිතයේ මුල් කාලයේ මෙම නාඩි වාක්‍යය ඇසුවා නම් මේවා මහා බොරු ගොඩක්‌, අමූලික පච ගොඩක්‌, විදිහටයි මම සලකන්නේ.

ඒත් මගේ ජීවිතයේ මේ සියලු දේ සැබෑ වී ඇති නිසා නාඩි වාක්‍යයන් සැබෑම, විස්‌මිත, ඇදහිය නොහැකි, ශාස්‌ත්‍රයක්‌ බව මට විශ්වාසයෙන් සහතික කොට කියන්න පුඵවන්. පසු කාලීනව අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහා නාහිමියන් ද මෙවැනිම කතාවක්‌ තමන් වහන්සේගේ පෙර භවයකදී සිදුකළ පාප කර්මයක්‌ නිසා දුක්‌ ගැහැට විඳින ලද බව උන්වහන්සේ සමඟ කරන ලද සාකච්ඡාවකදී පැවසූ බව මගේ මතකයට මේ මෙහොතේ එයි.

("ඉසිවරුන් දුටු මගේ බව ගමන" (1) පොතෙහි වැඩි විස්‌තර දැක්‌වෙයි)

"ඔබේ මතු භවය ගැන, ඉදිරි ජීවිතය ගැන, මොනවද කියල තිබුණේ කියලා, මම දැනගන්න කැමතියි" මම ඇසුවෙමි.

"බොහෝ කැමැත්තෙන් මම කියන්නම්. මම මට ලැබුණු සියලු දේපළවල ආශාව අත්හැරල සත්‍ය සොයාගෙන යනවා. මට සත්‍ය ධර්මය හමුවෙනවා. ඒ මගට මම දැන් යොමුවෙලා තියෙන්නේ කියලා නාඩි වක්‍යයේ කියෑවුණා.

මගේ ඉදිරි ජීවිතය ගෙවිය යුතු ආකාරය පිළිබදව ද නාඩි වාක්‍යයෙන් මට උපදෙස්‌ දීලා තිබුණා. ඒ අනුව මට ඉන්දියාවේ ඝෘෂිකේෂී ආශ්‍රමයට ගොස්‌ ප්‍රාණයාම භාවනාව ද යෝගී භාවනා ක්‍රමය ද අනුගමනය කරන ලෙසට උපදෙස්‌ දී තිබුණා.

ප්‍රාණයාම භාවනාවේ අග්‍රඵලය ලෙස හදුන්වන "කුණ්‌ඩලනී" ශක්‌තිය මට ලැබෙන බව ද කියා තිබුණා. කුණ්‌ඩලනී ශක්‌තිය හෝ ප්‍රාණයාම භාවනාව මොකක්‌ද කියලා මම දන්නේ නෑ. පොතපත හොයාගෙන මේ සියලු විස්‌තර මම ඉගෙන ගන්නවා.

මේ මගේ අවසාන භවය හැටියටයි නාඩි වාක්‍යයවල කියා තිබුණේ. ඉන් පසු මම මෝක්‌ෂයට පත්වෙනවා කියල තිබුණා".

"ඔබ මේවා විශ්වාස කරනවාද? " මම කරුණාවෙන් ඇසීමි.

"ඇත්තෙන්ම ඔව්. මගේ පෙර භවයත්, දැන් ගෙවන ජීවිතයත්, ඉතා පැහැදිලිව කියා තිබියදීත් මා යායුතු මාර්ගය පිළිබදව උපදෙස්‌ කියා තිබියදීත් මම ඒ මඟ නොයන්නේ ඇයි කියලා මට හිතෙනවා".

"මම දැන් බෞද්ධ උපාසකයකු නිසා මට පොඩි ගැටලුවක්‌ ඇතිවුණා.

එනම් බුද්ධ ධර්මයේ කියෑවෙන නිර්වානයත්, හින්දු දහමේ කියෑවෙන මෝක්‌ෂයත්, එකක්‌මද කියලා.

උගත් ධර්මධර හාමුදුරුවන් වහන්සේ නමකගෙන් මම මේ ගැන අසා නිවැරදි අවබෝධයක්‌ ලබා ගන්නවා. ඉදිරි දිනයකදී මගේ යහඵවා මාර්ගයෙන් ඒ මහතා දන්න උගත් හාමුදුරු වහන්සේ කෙනකු හමුවෙලා මේ ගැන විස්‌තර මම සොයා බලා කටයුතු කරනවා.

"සියලු විස්‌තර දැනගෙන තිබියදීත් අද දින පැමිණියේ මන්දැයි" මම විමසුවෙමි.

"මගේ නාඩි විස්‌තරවල කියා තිබුණා පෙර භවයේ සිදුකරන ලද අකුශල කර්මවල බලපෑම්වල කොටසක්‌ තවම ඉතිsරි වී තිබෙනවා. එම නිසා එම අකුසල කර්මවල බලපෑමෙන් මිදීම සදහා කළ යුතු පිංකම් කීපයක්‌ නාඩි වාක්‍යයවල කියා තිබුණා.

ඒ පිංකම් කිරීමෙන් පසු මෙම නාඩි වාක්‍ය කියවන ලද අයට මුදලින් රුපියල් දහසකුත් ශත පනහක්‌ ද පිරිමි ගැහැණු අදන ඇදුම් කටිටලයක්‌ ද පලතුරු වට්‌ටියක්‌ ද දී ආශිර්වාද ලබාගන්නා ලෙස අවසාන වශයෙන් නාඩි වාක්‍යයෙන් උපදෙස්‌ දී තිබුණා.

මම අද ආවේ ඒ මගේ යුතුකම ඉෂ්ට කරල ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න".

(ඒ වනවිට නාඩි ඇසීම සදහා දින ලබා ගැනීමට පැමිණි පිරිස විසිර ගොස්‌ තිබුණෙන් විල්සන් මහතා තම පූජාව භාර දීම සඳහා යා යුතු බව පවසා මගෙන් සමාව ද අයෑදිමින් ඉහළ මහලට ගියේය.)

ඔස්‌ටේ්‍රලියාවේ සී. දයාරත්න මහතාගේ අත්දැකීම්

ඔස්‌ටේ්‍රලියාවේ වික්‌ටෝරියා ප්‍රාන්තයේ රොබින්සන් ජෑකි රෝහලේ නියෝජ්‍ය හෙදි පාලක එස්‌. දයාරත්න මහතා මට හමුවූයේ කොල්ලුපිටියේ විජිලන්ඩ් හෝටයේ නාඩි කියෑවීමට පැමිණි අවස්‌ථාවේදී ය.

ජයශංකර් මහතා ඔහු මට හඳුන්වා දුන් අතර මම මගේ අවශ්‍යතාව ඔහුට කීවෙමි. ඔහු ඉතා කැමැත්තෙන් රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වීමට කැමැත්ත පළ කළ අතර රූ ගත කිරීම සදහා බත්තරමුල්ලේ තමන්ගේ නිවසට පැමිණෙන ලෙසට ඒ මහතා ආරධනාවක්‌ ද කළේය.

මෙකී සාකච්ඡාවට තම බිරිද ද දරුවන් ද සහභාගි කර ගැනීමට ඒ මහතා කැමැත්ත පළ කළේය. ඒ අනුව අපි ඒ මහතාගේ නිවසේදීම රූපවාහිනී වැඩසටහනක්‌ පටිගත කළෙමු. එකී විස්‌තරය ඒ මහතාගේම වචනයෙන් දැක්‌වීම මැනවයි මට හැෙග්.

"මට මතක හැටියට මං ඉස්‌සෙල්ලාම නාඩි වාක්‍ය කියවා ගත්තේ 1969 දී. එතකොට මට රක්‌ෂාවක්‌ තිබුණේ නෑ. දවසක්‌ මට නාඩි වාක්‍ය ගැන අහන්න ලැබුණා. ඒ අනුව මං ඒ අය හම්බවෙන්න ගියා.

"නාඩි වාක්‍යයෙන් කියාපු විස්‌තර සුරංගනා කතා වගේ. මහ පල්හොරු. මෙහෙමත් වෙන්න පුඵවන්ද? කියල මට හිතුනා අපරාදේ මගේ සල්ලි ටික කියල මම පසුතැවිලි වුණා. රක්‌ෂාවක්‌ හම්බවෙන කල් වියදමට තියාගෙන හිටපු සල්ලිවලින් තමයි මම නාඩි කියෑවීමට වියදම් කළේ.

"නාඩි වාක්‍ය වාක්‍යවල මොනවද කියල තිබුණේ? මම ඇසුවෙමි.

"නාඩි වක්‍යවල කියල තිබුණා තව ටික කාලෙකින් මට පිටරටක රක්‌ෂාවක්‌ ලැබෙනවා. ඒක කාන්තාවන් කරන රක්‌ෂාවක්‌ කියලා. ඒ රක්‌ෂාවෙන් මට විශාල මුදලක්‌ පඩි හැටියට ලැබෙනවා. මං බඳින්නේ අන්‍ය ආගමික කාන්තාවක්‌. ඇය රූමත්. අපට දරුවන් දෙදෙනෙක්‌ ලැබෙනවා. ඒ දෙදෙනාම පිරිමි දරුවෝ. දෙවැනි දරුවා නිරෝගිමත්. ඒ දරුවා ක්‍රීඩාවට දක්‌ෂයි. සෞඛ්‍ය සම්පන්නයි කියල කීවා.

මේ සියල්ල මොන බොරු දැයි සිතා මම අමතක කරල දැම්මා. වියදම් කළ මුදල ගැන මම පසුතැවිලි වුණා.

"දවසක්‌ මට මහා බ්‍රිතාන්‍යයෙන් ලියුමක්‌ ආවා. ඒ ලිපියෙන් දන්වා තිබුණේ මං එරට රෝහලක හෙද නිලධාරියෙක්‌ ලෙස තෝරාගෙන ඇති බවත් පුහුණුවෙන් පසු රැකියාවට බදවා ගන්නා බවයි. (රෝහලේ නම කී නමුත් මා එය සටහන් කරගෙන නැත)

එතකොට මට මතක්‌වුණා මම මීට අවුදැද්දකට පෙර මෙවැනි රක්‌ෂාවක්‌ සදහා ඉල්ලුම් පත්‍රයක්‌ යවපු බව.

"ඒ කාලේ වෙනකොට ලංකාවේ රෝහල්වල පිරිමි අය හෙද සේවය සදහා බදවාගෙන තිබුණේ නෑ. නාඩි වාක්‍යයේ කාන්තාවන් පමණක්‌ කරන රැකියාවක්‌ ලෙස කියල තිබුණේ මේ රැකියාවයි.

මං එංගලන්තයට ගිහිල්ලා රක්‌ෂාව භාරගත්තා. ඒ කාලේ ලංකාවේ මුදලින් මට රුපියල් 60,000 (හැට දහසක්‌) මුදලක්‌ වැටුප් වශයෙන් ලැබුණා.

"ඒ අතරම මගේ විවාහය ද සිදුවුණා. නාඩි වාක්‍යයේ කියල තිබුණ අන්දමට ඇය රූමත්. ඇය මගේ ආගමට අයත් කෙනෙක්‌ නෙවෙයි.

අපට පළමු දරුවා ලැබුණා. නාඩි වාක්‍යයේ කියල තිබුණු විදියටම ඔහු පිරිමි දරුවෙක්‌.

මගේ බිරිදට දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නකොට වුණු අපූරු සිද්ධියක්‌ මට මතක්‌ වෙනවා. නාඩි වක්‍යවල කියල තිබුණේ දෙවැනි දරුවා හරිම නිරෝගිමත් දරුවෙක්‌ වෙනවා කියල.

දොස්‌තර මහත්තුරු මගේ බිරිද පරීක්‌ෂා කරල කීවා ඇගේ කුසේ සිටින දරුවා විකෘති ලක්‌ෂණ ගති ඇති බවත් එම නිසා ඇය පරීක්‌ෂා කිරීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

"අපි මදක්‌ කම්පා වුණා. ඒත් නාඩි වාක්‍යයවල කියල තිබුණු කරුණු අපේ සිහියට ආවා. දෙවැනි දරුවා නිරෝගී දරුවෙක්‌ බවත්, ඔහු ක්‍රීඩාවලට දක්‌ෂ බවත් නාඩි වාක්‍යයේ කියා තිබුණා. මෙකී ප්‍රකාශන අපි දැඩිව විශ්වාස කළා.

ඒ ගැන දැඩි විශ්වාසයක්‌ තබාගෙන දොස්‌තර මහත්වරුන්ට අප කියා සිටියා එවැනි පරීක්‌ෂා කිරීමක්‌ අවශ්‍ය නොවන බව.

දරුවා බිහිවුණා.

"ඔහු ඉතා නිරෝගිමත් දරුවෙක්‌. දොස්‌තර මහත්තුරු පැමිණ මගෙන් සමාව ඉල්ලුවා.

"මං ඒ වෙලාවේ කල්පනා කෙරුවේ මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණු එංගලන්තයේ වෛද්‍යවරුන් නොදුටූ විස්‌තරයක්‌ මීට අවුරුදු 5,000 ක ට 6,000 කට ඉස්‌සර හිටි ඝෘෂිවරු ප්‍රකාශ කරල තියෙනවා නේද කියල".

"තවත් විස්‌මිත සිදුවීමක්‌ මං ඔබට කියන්නං, මට වයස අවුරුදු මේ ප්‍රමාණය වෙන කොට ලංකාවේ නායත්වයට පත්වෙන්නේ කාන්තාවක්‌ කියල.

ඇය ලෝකයේම මහත් ගෞරවයට ආදරයට පත්වෙනවා. ඒ වගේම කියා තිබුණා ඇය බලයට ආ විගස රටේ තරුණයන්ගේ කැරැල්ලක්‌ ඇති වෙනවා. ඒ කැරැල්ලෙන් රටේ නායිකාවගේ ජීවිතයට පවා අනතුරක්‌ වීමට ඉඩ තියෙනවා.

නිසි පුද පූජා කිරීමෙන් එකී ජීවිත අනතුර වැළැක්‌වෙන බවත් නාඩි වාක්‍යයේ කියා තිබුණා

මෙකී තරුණ පිරිස නායිකාව විසින් යහ මගට ගෙන එන බවත් කියා තිබුණා.

(1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිsනිය) බලයට පත්වීම ගැන ඊට අවුරුද්දකට කලින් මට දැනගන්න ලැබුණා".

(1969 වනවිට බණ්‌ඩාරනායක මැතිනිය කිසිදු දේශපාලන පක්‌ෂයක සාමාජිකත්වයක්‌ ලබා හෝ දේශපාලන කටයුතුවල නියුතුව සිටියේ නැත.)

(ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු බණ්‌ඩාරනායක මැතිනිය දේශපාලනයට පිවිසියාය.)

නාඩි වාක්‍යයේ කියා තිබූ පරිදිම ඇය නොබැඳි ජාතීන්ගේ සමුඵව ශ්‍රී ලංකාවේ පවත්වා මුඵ ලෝකයේම ජනාදරයට පත් රාජ්‍ය නායිකාව බවට පත් වූවාය. නාඩි වාක්‍යයවල මේ තොරතුරු කියා තිබුණා.

(මහාලිංගම් නමැති ජ්‍යෙdතිෂ්‍යවේදියාගේ ප්‍රකාශනය ද මේ අවස්‌ථාවේ සිහිපත් වෙයි. තමන් සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ නාඩි වාක්‍ය කියෑවූ බව ද ඇය රාජ්‍ය නායිකාව වන බව ද පැවසූ මහාලිංගම් මහතා ඇය නායකත්වයට පත්ව කෙටි කලෙකින් තරුණ පිරිසක්‌ මැතිනියට විරුද්ධව නැඟී සිටින බවත් මැතිනියගේ ජීවිතයට හානි සිදුවීමට ද ඉඩ ඇති බවත් තමා ප්‍රකාශ කළ බව ද කීය.)

බදුල්ලේ මෛත්‍රී රත්නායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook