Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න
ගැහැණියකගේ අඩනිරුවත අවශ්‍ය නැහැ
 – නදිමාල් පෙරේරා

නදීමාල් පෙරේරා කියන්නේ අමල් පෙරේරාගේ ආදරණිය පුතණුවන්. මර්වින් පෙරේරාගේ ආදරණිය මුණුපුරා. ඔහුව දැන් හදුන්වන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනා නදීමාල්ගේ ගායන හැකියාව හදුනන නිසා. රිදී තිරයේ පසුබිම් ගායනට පවා අවස්ථාව හිමි කරගත් නදීමාල්ගේ අලුත් තොරතුරු ගැනයි මේ කතාබහ.


නදීමාල් කොහොමද ජිවිතේ..?
සංගීත වැඩකටයුතු එක්ක හොදින් සතුටින් ජිවිතේ ගෙවිලා යනවා. වරදක් නැහැ.

නව පරපුරේ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්න නිරන්තරයෙන්ම ගීත නිර්මාණය කරනවා. නදීමාල් අලුත් ගීත එක්ක ජනතාව අතරට යන්න උත්සහ කරන්නේ නැද්ද..?
නිතරම ගීත කළේ නැතත් හොද නිර්මාණ කරමින් ජනතාව අතරට යන්න මම උත්සහ කරනවා. මම අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා මේ දිනවල. ඒ ගීතයේ තනුව මගේ. ආදරේ ගැන කියවෙන්නේ. නමුත් වෙනස් ආරක් ගන්න නිසා ඒ ගීතය ජනගත කළාට පස්සේ හොද ප්‍රතිචාර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

නිර්මාණ විකාශය කරමින් ජනප්‍රිය වෙන්න කෙටි මාර්ගයක් විදිහට බොහෝ දෙනා භාවිතා කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි. නදීමාල් කියන්නෙත් එහෙම කෙනෙක්ද..?
ගීත ජනප්‍රිය කරගන්න ලේසීම තැන තමයි ශෝෂල් මිඩියා කියන්නේ. මම හිතනවා ඒ ක්‍රමය හොදයි කියලා. මම ගීත නිර්මාණය කරලා youtube හරහා විකාශය කරනවා. එතකොට ඒ නිර්මාණය බලන අහන සංඛ්‍යාවත් වැඩියි. මොකක් හෝ මාධ්‍ය ආයතනයක් මගෙන් ගීත ඉල්ලුවොත් මම භාර දෙනවා.

මේ අමල් පෙරේරාගේ පුතා, එහෙම නැති නම් මර්වින් පෙරේරාගේ මුණුපුරා කියලා ඔබව හදුන්වා දෙන කාලය අවසන් වෙලා නිර්මාල්ව හදුනා ගන්නා කාලය උදා වෙලා කිව්වොත්..?
ජනතාව මාව මුලින්ම දන්නේ මගේ තාත්තා නිසා වගේම සීයා නිසා කිව්වොත් හරි. නමුත් මම ඒ ජනප්‍රියත්වය දිගටම පාවිච්චි කරනවා නම් වැරදියි. මම තාත්තාගෙන් උදව් ඉල්ලා ගන්නවා. නමුත් තාත්තාගේ ජනප්‍රියත්වය මම පාවිච්චි කරලා ජනප්‍රිය වෙන්න උත්සහ කරන්නේ නැහැ. තාත්තා වගේම සීයා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තියෙනවා සංගීත ක්ෂේත්‍රය තුළ. මටත් ඕන මගේ අනන්‍යතාවය පෙන්වන්නයි. මම හිතනවා මේ වෙනකොට ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා යම් තරමට කියලා. තාත්තත් මට කියන්නේ අලුත් දේවල් කරන්න කියලයි.

කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
ගොඩක් හොද ප්‍රතිචාර. ඒ ප්‍රතිචාරවලට වයස් භේදයක් නැහැ. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.

ඔබේ සීයාගේ ගීත අතිෂයින් ජනප්‍රියයි. ඒ ගීත තවමත් ඕනෑම පරපුරක් රසවිදිනවා. ඒ රසය ඔබේ හඩින් දෙන්න බලාපොරොත්තුවක් නැද්ද..?
තවම නම් මට එහෙම අදහසක් නැහැ. මට ඕන මගේ ගීත ජනතාව අතරට ගෙනියන්නයි. අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

එතකොට ඔබ ප්‍රසංග වේදිකාවේවත් පියාගේ හෝ සීයාගේ ගීත ගයන්නේ නැද්ද..?
ප්‍රසංග වේදිකාවට ගොඩ වෙද්දී ඒ වගේ ඉල්ලීම් නම් ලැබෙනවා. එහෙම ආරාධනා ලැබුණොත් නොගයා ඉන්නේ නැහැ. ඒ රසිකයින්ගේ ඉල්ලීම් නිසා.

ඔබ පුංචි කාලේ ඔබේ සීයා ඔබත් ගායකයෙක් වෙනතුරු බලාගෙන ඉන්න ඇති නේද.. ඒ මතකය ගැන කිව්වොත්..?
සීයාගේ හිතේ නම් එහෙම අදහසක් තියෙන්න ඇති. සීයා වගේ ජනතාව අතරට යන ගායකයෙක් වෙනවට. මම පුංචි කාලේ සීයාගේ ගීත රස වින්දා. ඔහු ගීත ගයන හැටි දැක්කා. ඒ කාලේ මම පුංචියි. මම කවදාවත් හිතුවේ නැහැ මේ විදිහට ගායකයෙක් වෙයි කියලා. මගේ ඔළුවේ ඒ ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. මේ ගමන මට අහම්බයක්. කොහොම නමුත් සීයා හිටියා නම් ගොඩක් සතුටු වෙයි.

නදීමාල්ගේ වෘත්තීය සංගීතයද..?
මේ වෙනකොට මම සංගීතයට සම්බන්ධ වෙලා ඉන්නේ. වෙන රැකියාවක් කරන්නේ නැහැ.අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැහැ. තව සංගීතය ගැන ඉගෙන ගන්නත් ඕන. රැකියාව සංගීතය වෙයිද කියලා දැන්ම කියන්න බැහැ.

එතකොට අලුත් පරම්පරාව ඔබට අභියෝගයක් වෙලා නැද්ද..?
මට නම් කිසිම කෙනෙක් අභියෝගයක් වෙලා නැහැ. හුගක් අය මගේ යාළුවො. අපි අපිට උදව් කරගෙන සහයෝගයෙන් මේ ගමන යනවා. මම මේ ගමන යන්නේ මගේ දක්ෂතාවයෙන්. ඒ නිසා මට කවුරුවත් අභියෝගයක් වෙන්නේ නැහැ.

නව පරපුර ගීත ජනප්‍රිය කරගන්න නිරූපිකාවන්ගේ අඩනිරුවත රූප රාමු සදහා භාවිතා කරනවා. මාකට් එක හදා ගන්න ඔබත් අඩනිරුවත භාවිතා කරනවද..?
තවම නම් මට එහෙම අදහසක් නැහැ. මම මාව අනවශ්‍ය විදිහට මාකට් කරන්නේ නැහැ. ගීතයට ගැළපෙන විදිහට සීමාව ඇතුළේ නිර්මාණාත්මක දෙයක් කරන්නයි මම නම් හිතන්නේ. ඒ නිසා ගැහැණු කෙනෙක්ගේ අඩනිරුවත මට ජනප්‍රිය වෙන්න උවමනා වෙන්නේ නැහැ.

ඔබ ගීතයක් නිර්මාණය කළ සැණින් පියාටත් කලින් අහන්න දෙන්නේ මවට කියන්නේ ඇත්තද..?
මම කරන හැම ගීතයක්ම මුලින්ම අහන්නේ අම්මා. අම්මාට තමයි මම අහන්න දෙන්නේ. ඊට පස්සේ තාත්තාටයි නංගිටයි. ඒ අය ඉතින් එක එක විදිහට ප්‍රතිචාර දක්වනවා. නංගි ගීතය අහපු ගමන්ම හොද නම් හොදයි කියනවා. එයාගේ හිතට ඒ ගීතය ඇල්ලුවේ නැත්තම් සින්දුව වැඩක් නැහැ හොද නැහැ කියලා මුහුණට කෙලින්ම කියනවා.

නැගණියත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද..?
එයා තවම ඉගෙන ගන්නවා. වයස අවුරුදු 17යි. මම නම් කැමතියි නංගි එක්ක ගීතයක් කරන්න. එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒත් ලැජ්ජයි එයා සමාජය ඉදිරියට එන්න. ඒ ගැන ඉදිරියට හිතනවා.

නදිමාල් මේ කාලේ ෆැෂන් ගැන වැඩිපුර හිතනවා කියලත් ආරංචියි..?
මම කොහොමත් ලස්සනට ඉන්න අසයි. ඒ නිසා මට ගැලපෙන ෆැෂන් මම තෝරා ගන්නවා. ජිම් යන්නේ නම් රැල්ලට නෙමෙයි. මගේ ශරීරය නිරෝගිව ලස්සනට තියා ගන්න ඕන නිසයි.

සටහන : හර්ෂණී වීරරත්න

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook