Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රසිකයන්ගේ ආදරය
මට සම්මානවලට වඩා වටිනවා 
– මනීෂා චංචලා

සිඳු ටෙලි නාට්‍යය හරහා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් ලබන මනීෂා චංචලා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට හිමි දෙවැනි ස්ථානයට පත් වුණා. ඉතින් ඒ ගැනත් සිය කලා ජීවිතේ ගැනත් තොරතුරු ටිකක් කතා කරන්න මෙලෙස රිවිසරසියට ඇය අප හා සම්බන්ධ වුණා.

මුලින්ම කියමු අලුත් තොරතුරු ගැන?
සුපුරුදු විදිහට සිඳු ටෙලි නාට්‍යය එක්ක තමයි කාලය ගවෛන්නෙ. ඊට අමතරව කිරුළි නමින් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවත් නාට්‍යයකට දැන් ආරාධනා ලැබිලා තියෙනවා.

මොකද හිතෙන්නෙ කෙටි කාලයකින් මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙන එක ගැන?
ඒ ගැන නම් හිතේ ‍පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාර ගැන?

ක්ෂේත්‍රයට එනකොට හිතුවද මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා?
මුලින්ම මම එන්නෙ ළමා නිවේදිකාවක් හැටියට. ඊට පස්සේ ලිට්ල් ස්ටාර් සීසන් ටූ හරහා ගායිකාවක් හැටියට එළියට එනවා. නමුත් ගායනය හරහා ඉදිරියට යන්න හිටපු මට නොහිතපු විදිහට රංගනය මුණ ගැහෙනවා. මුලින්ම නම් හිතුවේ නෑ මේ විදිහට ප්‍රතිචාරයක් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. ඉතින් අද වෙනකොට මේ ලැබෙන ප්‍රතිචාර එක්ක මම හොඳ තැනක ඉන්නවා කියලා හිතෙනවා.

ගායනය මගහැරෙන එක ගැන පසුතැවීමක් නැද්ද රංගන කටයුතු නිසා?
ගායනය මගහැරිලා නෑ. මම මෑතක දී මගේ කියා නමින් ගීතයක් කළා. අතුල අධිකාරි මහත්මයාගේ ‘බොහෝ කලක්’ ගීතයේ ජ්ඥථචතඥ ඥපඵඪධද එක විදිහටයි මගේ ගීතය නිර්මාණය වුණේ. ඉතින් ඒකටත් නොහිතපු විදිහේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ජනප්‍රියම නිළිය සම්මානය අහිමිවීම ගැන හිතේ ‍පොඩි හරි දුකක් ඇති නේද?
ජනතාවගේ ආදරය ලැබෙනවා කියන්නෙම සම්මානයක් තමයි. දෙවැනි තැන ලැබෙනවා කියන්නෙත් ඒ ආදරය අඩුවක් නැතුව ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මට නම් කිසිම දුකක් නෑ. ගොඩාක් සතුටු වෙනවා මේ ලැබෙන ජනතා සම්මානයට.

සිඳු ටෙලි නාට්‍යය ගැන මොකද හිතන්නෙ?
සිඳු කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඉතින් සිඳු නාට්‍යයේ චරිතයක් මටත් වෙන්වීම ගැන මම සතුටු වෙනවා. මම හිතනවා තෙරුණි සාර්ථකයි කියලා. මොකද ඒ සාර්ථකත්වය නිසාමයි මිනිස්සු මට නොහිතපු විදහට ආදරය කරන්නේ. තෙරුණි ගැන ඇත්තටම මනීෂාට තියෙන්නේ ලොකු සතුටක් වගේම ආඩම්බරයක්.

සිඳු ජනප්‍රිය නිසාද තෙරුණි ජනප්‍රිය වුණේ?
නාට්‍යයක ජනප්‍රියත්වය රඳා පවතින්නේ අනිවාර්යයෙන්ම චරිත මත. චරිත අසාර්ථක නම් නාට්‍යයත් අසාර්ථකයි. ඉතින් මම හිතනවා සිඳු පිටපතේ සිටම හැම චරිතයක්ම සාර්ථකයි. ඒ නිසයි සිඳු ජනප්‍රිය.

මේ ඔබේ පළමු රංගන අත්දැකීම ‍නෙවෙයි නේද?
නෑ. මගේ පළමු නාට්‍යය ‘වස්සාන සිහිනේ’ ඒ පිරිසත් එක්කමයි ‘සිඳු’ එක්කත් වැඩ කරන්න ලැබුණේ. සිඳු කියන්නේ නම් දැන් මට මගේ දවෛනි පවුල වගේ.

අනාගතයේදී වෘත්තීය බවට රංගනය පත් වෙයිද?
අනාගත වෘත්තීය රංගනයවත්, ගායනවත්, නිවේදනයවත් වෙන්නෙ නෑ. ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් මගේම වෘත්තීය ගමනක් යාමයි බලා‍පොරොත්තුව. ඉතින් ඒ සඳහා සූදානමිනුයි ඉන්නේ මේ දවස්වල.

සිනමාවෙනුත් ඔබව දකින්න ලැබේවි නේද ඉදිරියේදී?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු එක්ක ලැබුණු ආරාධනා මගහැරුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

මොනවද ඉදිරි වැඩකටයුතු?
සිඳුට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී දැන ගන්න ලැබේවි. ඉතින් මම මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසට කියන්නේ මට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණය ඉටු කරනවා. ඒ නිසා මේ වගේම මාත් එක්ක ඉන්න කියන ආරාධනය කරන්න කැමැතියි.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook