Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

'සල් සපුනා' ටෙලියේ 
පොඩි පත්තරකාරි 
මිෂෙල්  උපන් දිනයට කරපු දේ

මිෂෙල් මේ පාර උපන් දිනයත් විශේෂ විදියට සැමරුවා නේද?

ඔව්. මගේ උපන් දිනය යෙදිලා තිබ්බේ මැයි 1 වැනිදා. ගිය වසරේ මගේ 21 වැනි උපන් දිනයට ළමා නිවාසයක ළමයින් විසිදෙනෙක් විතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එක්ක ගිහින් ඔවුන් එක්ක උපන් දිනය සැමරුවා. මට මේ සැරේ ඊට වඩා දෙයක් කරන්න ඕන වුණා. අපේ නැති වෙලා තියෙන මානව සම්බන්ධතා නැවත ගොඩනඟන්න පුළුවන් වැඩසටහනක් තමයි මම මෙවර සැලසුම් කරලා ක්‍රියාත්මක කළේ.

කොහොමද ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණේ කියලත් කියමු?

ශාන්ත හාමුදුරුවන් සහ උන්වහන්සේගේ උපකාරක පන්තියේ සිසුන් දාහක් විතර එකතු කරගෙන තමයි මේ වැඩ කටයුත්ත කළේ. ශාන්ත හාමුදුරුවෝ ගොඩක් සමාජ සේවා කළ හිමිනමක්. උපකාරක පන්තියේ සිසුන් එකතු කරගෙන පවුල් කිහිපයකට සහල් බෙදාදීමේ වැඩපිළිවෙළක් කරමු කියන අදහස මම ගෙනාවා. ඒ සිසුන්ගේ උනන්දුව උත්සාහය මත සහල් කිලෝ දාහක් පමණ එකතු කරගෙන ඒ සහල් පවුල් දෙසීයකට බෙදාදීම අපි සිදු කළා. මේ දානමය පින්කම කළේ පින්නකැලේවත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේදී. විහාරස්ථානයේ විහාරාධිපති පියදස්සි හිමියන්ගේ ආශීර්වාදයෙන් අපි මේ වැඩකටයුත්ත කළා.

උපන් දිනය වෙනුවෙන් මේ වගේ දෙයක් සැලසුම් කරන්න හිතුවේ?

අනෙක් අයට යමක් දීලා ලබා ගන්න සතුට වැදගත්. අපේ පරම්පරාවේ පිරිසක් එකතු කරගෙන මෙවැනි දෙයක් කරලා අනෙක් අයට යමක් දීමේ අදහස වැඩි කරන්නයි ඕන වුණේ. ළමයි කළ ඒ ක්‍රියාව බොහෝ දෙනෙක් අගය කළා. අපේ පරම්පරාවේ අය හරි දෙයක් කරන්න උත්සාහ කරද්දි වැඩිහිටියන් අනිවාර්යයෙන්ම සහාය ලබා දෙනවා. සමාජයට ආදර්ශයක් දෙන යමක් කරන්නයි මට ඕන කළේ. මම ඒ සඳහා අවශ්‍ය බාහිර වියදම් දැරුවා.

මිෂෙල් ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳන්ම සමාජ සේවා වැඩවලට යොමු වුණ කෙනෙක් නේද?

ඔව්. මම ක්ෂේත්‍රයට එන්නත් කලින් ඉඳන් සමාජ සේවා වැඩ කරනවා. මම ළමා නිවාසයක ස්වේච්ඡාවෙන් ඉංගී්‍රසි ගුරුවරියක් ලෙස වැඩ කළා. ගංවතුරෙන් පීඩා විඳි අයට වගේම මහලු නිවාසවල ඉන්න පිරිසටත් මම උදවු කරලා තියෙනවා. මම ඒ දේවල් හරිම කැමැත්තෙන් කරන්නේ.

රංගන ශිල්පිනියක් ලෙස කාර්යබහුල වුණත් මිෂෙල් සමාජ සේවා කටයුතු මඟහැර ගන්නේ නෑ නේද?

අපි මොන දේ කළත් අපෙන් සමාජයට ඉටු විය යුතු වැඩ කොටසක් තියෙනවා. මගේ රංගන ජීවිතයේ වැඩකටයුතුයි 'පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතුයි' සමාජ සේවා කටයුතුයි සමබරව කරගෙන යනවා. ශාන්ත හාමුදුරුවන්, පියදස්සි ස්වාමීන් වහන්සේ වගේම ශාන්ත ස්වාමීන් වහන්සේගේ උපකාරක පන්තියේ සියලු දෙනාම මේ සැරේ කළ පින් කටයුත්ත සාර්ථකව කර ගන්න මට සහාය වුණා.

ඔය වැඩකටයුතු ඔක්කොම අතරේ මිෂෙල්ගේ අලුත් රංගන වැඩකටයුතු මොනවද කියලත් කියමු?

මම මුලින්ම සම්බන්ධ වුණේ 'සල්සපුනා' ටෙලි නාට්‍යයට. ඊට අමතරව රනිල් කුලසිංහගේ 'පුරි' ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒ නාට්‍යයත් ඉදිරියේදී විකාශය වෙයි. සංජය නිර්මාල් සර්ගේ 'ඒමි' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකටත් දායක වෙනවා. සුනිල් කොස්තා සර්ගේ 'සුදු ඇඳගෙන කළු ඇවිදින්' කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා.

මිෂෙල්ගේ රංගන ජීවිතයට 'සල්සපුනා' හොඳ අවස්ථාවක් වුණා නේද?

ඇත්තටම ඔව්. ඒක මගේ පළමුවැනි නාට්‍යය. මගේ රංගන ජීවිතයට ඒ ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරිගේ චරිතය ලොකු ශක්තියක් වුණා. නාලන් සර් ඒ චරිතය සාර්ථකව කරන්න මට ගොඩක් උදවු කළා. සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියටත් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

'සිඳූ' ටෙලි නාට්‍යයේ සුරංගනාවිත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඔව්. ඒක වෙනස් චරිතයක්. ඒ චරිතය කරන්න මට තිළිණ බොරලැස්ස සර් වගේම ප්‍රදීප් අයියත් ගොඩක් උදවු කළා. ඒ චරිතය සමාජ ජාලවල ගොඩක් කතාබහට ලක්වුණා.

මිෂෙල් ක්ෂේත්‍රයට ඇවිත් පුංචි කාලයයි. හැබැයි ලොකු ගමනක් ගිහින් නේද?

මම ක්ෂේත්‍රයට ඇවිත් තාම අවුරුද්දයි. මම රංගනයට එද්දි මගේ පවුලේ කවුරුත් ක්ෂේත්‍රයේ හිටියේ නැහැ. මම අනෝජා මිස්ගෙන්, දමයන්ති මිස්ගෙන්, සංජය නිර්මාල් සර්ගෙන්, උජ්වාල්සිංහා සර්ගෙන් රංගනය ඉගෙන ගත්තා. මම තියන හැම අඩියක්ම ශක්තිමත්ව තියන්න තමයි උත්සාහ කරන්නේ. මට හොඳ අධ්‍යක්ෂකවරු පිරිසක් ලැබුණා. ඔවුන් මට ගුරුවරු වගේ. මගේ රංගනය සාර්ථකව කරන්න ඔවුන් මට මඟපෙන්වූවා. ඒක මට ලොකු ශක්තියක් වුණා.

මිෂෙල්ට ක්ෂේත්‍රයේ අය ගොඩක් උදවු කරනවා වගේ?

මම ක්ෂේත්‍රයේ හැමෝම හොඳින් ආශ්‍රය කරනවා. මට මුලින්ම රඟපාන්න ලැබුණේ නිල්හාන් සහ දමිතා අක්කා එක්ක. නවක ශිල්පිනියක් වුණු මට එයාලා ගොඩක් උදවු කළා. මම වැඩ කළ හැම නාට්‍යයකම අධ්‍යක්ෂකවරු ඒ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් මට උදවු කළ නිසා මට රංගන කටයුත්ත පහසු වුණා.

මිෂෙල්ව තාම සිනමාවෙන් දැක්කේ නෑ?

මට සංජය නිර්මාල් සර්ගේ චිත්‍රපටයකට අවස්ථාව ලැබුණා. තාම එහි තිරපිටපත සකස් කරමින් තියෙන්නේ.

රංගනය වෘත්තිය කරගන්නද අදහස?

ඔව්. මම තෝරගත්තේ රංගනය. මට ඕන රටට වගකිවයුතු රංගන ශිල්පිනියක් වෙන්න. මම හැම දෙයක්ම සුබවාදීව හිතන කෙනෙක්. ෆේල් වෙන තැන් තියෙන්න පුළුවන්. ඒ හැම දෙයින්ම යමක් ඉගෙනගෙන ඉස්සරහට යන්නයි මට ඕන.

ඔය යන ගමනේදි සම්මානනීය බලාපොරොත්තුත් ඇති?

මම සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ. ලැබෙන චරිතය මම හරියට කරනවා. මම ලැබෙන චරිතය හරියට කළා කියලා ප්‍රේක්ෂකයන්ට දැනුණොත් සම්මාන ලැබෙයි. නමුත් මම සම්මානවලට වඩා අවධානය දෙන්නේ ලැබෙන චරිතය හරියට කරන්න.

දැන් මිෂෙල්ගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඇති?

එහෙම කවුරුත් නැහැ. තාම මම පොඩියි. මට ඉලක්ක තියෙනවා. මට ලොකු ගමනක් යන්න තියෙනවා. ඉතින් ජීවිතේ ඔය කියන වෙනසට තව කල් ඇති. ඒ දේවල් හරි කාලෙදි සිද්ධ වෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ




gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook