Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රිතූ ක්ෂේත්‍රයේ කෙනෙක්ට
කැමැති වෙන්නේ නෑලු

මේ දවස්වල රිතූ නිදහසේ ඉන්න හැඩයි?


ඔව්. මේ දවස්වල ඒ තරම් කාර්යබහුල නැහැ. ප්‍රදීප් ධර්මදාසගේ 'කිරුළ' කියන ටෙලි නාට්‍යයට සහ තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒ නාට්‍ය ඉදිරියේදී විකාශය වෙයි. තවත් වැඩ කිහිපයකටම ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඉන්නේ

කාලෙන් කාලෙට එක එක රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයට එද්දී සමහර රංගන ශිල්පිනියන්ට වැඩ අඩු වෙනවලු. රිතූට එහෙම වුණේ නැද්ද?

මම ලැබෙන හැම වැඩේම එල්ලෙන කෙනෙක් නෙවෙයි. මම භාරගන්න වැඩවලට වඩා අතහරින වැඩ වැඩියි. මම නිර්මාණයක් තෝර ගනිද්දී අධ්‍යක්ෂවරයා ගැන වගේම එහි රඟපාන රංගන ශිල්පීන් ගැනත් බලලා තමයි වැඩ භාර ගන්නේ. මිනිස්සු අතරට යන්න පුළුවන් නිර්මාණවලට මම සම්බන්ධ වෙන්න කැමැතියි. මම සම්බන්ධ වුණ ගොඩක් නාට්‍ය ජනප්‍රිය නාට්‍ය.



ඔහොම තෝරා බේරා ගැනීම් එක්ක කරන්න තරම් නිර්මාණ රිතූට හොයාගන්න පුළුවන්ද?

සාමාන්‍ය තරමකට පුළුවන්. ඉන්දියන් නාට්‍ය විකාශය වන නිසා ලංකාවෙ කෙරෙන ටෙලි නාට්‍ය ප්‍රමාණය අඩුයි. නමුත් දක්ෂ පිටපත් රචකයන් ලියන දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණත් ලංකාවේ තියෙනවා.

රිතූ එකට වැඩකරන්න අකැමැති රංගන ශිල්පීනුත් ඉන්නවද?

නැහැ. නැහැ. මම අකැමැති අය නැහැ. නමුත් නාට්‍යයක ඒපබඪඵබ මචතභඥ එකක් තියෙනවනෙ. නාට්‍යයක ඉන්නේ කවුද කියලා බැලුවම අපිට හිතාගන්න පුළුවන් ඒ නිර්මාණය ගැන. මොකද හොඳ වැඩවලට දක්ෂ අය ගන්නවා.

ජනප්‍රිය ගොන්නේ නාට්‍යවල රඟපෑවත් තාම රිතූට ජනප්‍රිය නිළි සම්මානයක් නම් ගන්න බැරි වුණා නේද?

මම රඟපාන්න ආපු කාලේ ඉඳන්ම ජනප්‍රිය සම්මානයට නිර්දේශ වුණා. නළු නිළියෝ කොහොමත් ජනප්‍රියයි. පාරකට බැස්සත් ප්‍රේක්ෂකයන්ගෙන් අපිට ඒ ආදරය ලැබෙනවා. නමුත් මට ජනප්‍රිය සම්මානයට වඩා කුසලතා සම්මානයක් වටිනවා.

සම්මාන නොලැබෙන නිසාද ඔහොම කියන්නේ?

නැහැ. මම කොහොමත් සම්මාන පස්සේ යන්නේ නෑ. දැන් සම්මාන ගන්න විදියත් එක්ක බලද්දී සම්මාන නොලැබෙන එක හොඳයි. සම්මාන උළෙලවල නෙවෙයි සමස්තයක් විදියට ගත්තත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. සම්මාන පස්සේ යනවට වඩා ලැබෙන වැඩක් කරගෙන ඉන්න එක වටිනවා.

දැන් තියෙන තරගකාරිත්වය ඇතුළේ රිතූට තැන රැකගැනීම ප්‍රශ්නයක් වෙලාම නැද්ද?

දක්ෂතාව තියෙනවා නම් අපිව නැති කරන්න බෑ. ලස්සන හැමදාම මාකට් කරන්න බෑ. මම මගේ දක්ෂතාව පෙන්වන නිර්මාණ කළා. මම එකම දේකට කොටු වුණේ නැහැ. කවුරු ආවත් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් අපිට මේකෙ ඇතුළේ හැමදාම ඉන්න බෑ. අලුත් අයට තැන දීලා යන්න වෙන දවසක් අපිට එනවා.

හැඳුනුම්කම්වලින් පවතින්න බැරිද?

හැඳුනුම්කම්වලින් ඇවිත් එක නිර්මාණයක් දෙකක් කරයි. හැබැයි රඟපාන්න බැරි නම් ඊට පස්සේ ඒ කෙනා පවතින්නේ නැහැ. නව පරපුරේ දක්ෂ අය ඉන්නවා. ඒ දක්ෂ අය කාලයක් පවතියි. අපි වුණත් එහෙමයි.

රිතූගේ නැටිලිත් දැන් වැඩියි නේද?

ඔය අහන්නේ මෙගා ස්ටාර් වැඩසටහනේ මගේ නර්තනය ගැන වෙන්න ඇති. මට ගොඩක් රියැලිටි වැඩසටහන්වලට කතා කළා. ඒත් මම ගියේ නැහැ. නමුත් මෙගා ස්ටාර් ඉඥචඵධද 2 තරගයට සහභාගි වුණා. මට නටන්න පුළුවන් කියලා ගොඩක් අය ඒකෙන් දැනගත්තා.

රියැලිටි තරග මඟහැරපු රිතූ මේ පාර රියැලිටි තරගයක තරග කරන්න හිතුවේ? 

මම ඒ තරම් නටන්න කැමැති කෙනෙක් නෙවෙයි. මට මේ ඛ්ධදජඥනබ එකට ආස හිතුණා. මොකද විනිශ්චය මණ්ඩලයක් නෑ. ප්‍රේක්ෂකයෝ තමයි විනිශ්චය කරන්නෙ. කොහොමත් අපි මේ හැමදේම කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්නේ.

රිතූ තාම සිනමාවේ දකින්න නොලැබුණේ ඇයි?

චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් මට ඕන කරන ජාතියේ අධ්‍යක්ෂවරයෙක් කතා කළේ නෑ. සමහර අධ්‍යක්ෂවරු ටෙලි නාට්‍ය නිළියන් සිනමාවට හරියන්නේ නෑ කියලා හිතනවා. ඒකෙන් අසාධාරණයක් වෙන්නේ අපිට. එහෙම හිතන්නේ නැති අධ්‍යක්ෂවරයෙක් කතා කළොත් ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා.

කලාත්මක හැඩ තලයේ නිර්මාණයකට රිතූගේ අඩ නිරුවත, නිරුවත ඕන වුණොත්, රිතූ කැමැති වෙනවද?

ඒ ගැන තාම මම හිතලා නැහැ. ලංකාව වගේ රටක බිකිනියක් ඇන්දත් ඒ නිළියට බනිනවා. ඉන්දියාව වගේ රටක එහෙම නැහැ. චිත්‍රපටය හරියට කෙරුණේ නැත්නම් ඒ නිර්මාණයට දායක වුණ රංගන ශිල්පිනියන්ට තමයි මිනිස්සු බනින්නේ. මට නම් තාම ඒ වගේ නිර්මාණවලට ආරාධනා ලැබිලා නැහැ. ලංකාවේ ඒ දේවල් භාරගන්න විදිය අවුල්. එහෙම පසුබිමක මම ඒ වගේ චරිතයක් භාරගන්න එකක් නැහැ.

රංගන ක්ෂේත්‍රයේ වැඩ කරද්දී සමහරු විවිධ හේතුවලට ගැටෙනවා. රිතූ ක්ෂේත්‍රය ඇතුළේ කා එක්කවත් ගැටිලා නැද්ද?

මම අසාධාරණයට කතා කරනවා. වැරැද්දක් දැක්ක තැන කතා කරනවා. හැබැයි මම කා එක්කවත් රණ්ඩුවෙලා බැනගෙන නැහැ.

දැන් රිතූට හිත ගිය කෙනකුත් ඇති?

හිත ගියපු අය ඉන්නවා. හැබැයි විවාහ වෙන්න හිත ගිහින් නැහැ කාටවත්.

ක්ෂේත්‍රයේ කෙනෙක්ට හිත ගියොත්

මම ක්ෂේත්‍රයේ කා එක්කවත් යාළුවෙන්නේ නෑ. මොකද අපි රැකියාවක් කරන්නේ. එතැන ආදරය කරන්න ගියොත් දෙකෙන් එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ. කොහොම වුණත් අවුරුදු 30 වෙන්න කලින් විශේෂ කෙනෙක් හම්බවෙයි කියලා හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook