Latest Gossip News

Advertisements

Video Gossip

Advertisement

Follow by Email

2021 ලග්න පලාපල
මවුබිම පුවත්පතේ තරුපති පිටුව ඇසුරෙන්


මෙවර උදාවන 2021 වර්ෂය ලෝකවාසී ජනතාවට කෙසේ බලපවත්වයිද යන්න විමසීමේදී ඉවත් කළ නොහැකි ගල් පර්වතයක් මෙන් බොහෝ බාධක උදාකළ වර්ෂයක් ලෙස 2020 ගෙවීයන නමුදු, ලෝකය වෙළාගත් වසංගත රෝගය එලෙසින්ම 2021 වසර දක්වාද ගමන් කරන බව ජේ‍යාතිෂ විද්‍යාත්මකව බලනකල පෙනී යයි. 

ලෝක ධර්ම න්‍යායට අනුකූලව ස්වභාවධර්ම නීතියෙහි වෙනස්වීම් 2021 වසරේද සිදුවීම සාමාන්‍ය කරුණකි. අතීතයෙන් අප ලබාගත් අත්දැකීම් මත අනාගතය ආරක්ෂා කරගත හැකි උපායමාර්ගයන් හ¾දුනා ගැනීමෙන් අභියෝග ජය ගැනීමට පහසු වේ. ජේ‍යාතිෂයෙහි උපකාරය වඩාත් වැදගත් වන්නේ මේ නිසාය. 2021 වර්ෂය දුකින් තොර වූ සියල්ලන්ට යහපත උදා කරන වර්ෂයක් වේවා යන්න සෑම කෙනකුගේම පොදු ප්‍රාර්ථනාවයි. එම ප්‍රාර්ථනාව අප සියලුදෙනා අපේක්ෂා කරන අයුරින් ඉටුවේද යන්න ජේ‍යාතිෂය මඟින් විමසා බැලිය හැකිවේ.
ලෝකායන ජේ‍යාතිෂයෙහි දක්වා ඇති පරිදි 2021 වර්ෂය උදා වන විට ලග්නාධිපති කුජ ග්‍රහයා අටවැන්නාධිපතිද වෙමින් යුරේනස් සමඟ යෝග වී කේතුගේ නැකැත්වල සිටීම යහපත් නොවේ. දෙවැන්න සහ හත්වැනි භාවය අධිපති සිකුරු ග්‍රහයාද පාපී ග්‍රහයන්ගේ පීඩාවට හසුවී කේතු සමඟ යෝග වී අටවැනි භාවයේ සිටී. නීච වූ ගුරු ග්‍රහයා සෙනසුරු සමඟ යෝග වී සමාන අංශකවල දහවැන්නේ ගමන් කරයි.
සෙනසුරු හා සමාන පාපී ග්‍රහයෙක් වූ යුරේනස් සමඟ කුජ ග්‍රහයා යෝග වීම නිසා සිවිල් සංවිධාන බලය, රාජ්‍ය බලය ඉක්මවා කටයුතු කිරීම, වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ මහජන අරගල ඇතිවීම මෙන්ම සෞඛ්‍ය සේවා බිඳ වැටීමද සිදුවේ.

සිකුරු කේතු සමඟ යෝග වීම, ස¾දු ග්‍රහයා පාපී ග්‍රහයන්ගෙන් පීඩා වීම නිසා උසස් කුල කාන්තාවන්ට අසුබ පල උදා කරයි. ගුරු නීච වී පාපී සෙනසුරු හා යෝග වීම තුළින් රට අපකීර්තියට පත්වීම, උසස් නිලධාරීන්ට, පාලනයට සම්බන්ධ අයට අපල ගෙනදීමට හේතුවේ. රවි සහ සෙනසුරු අනේ‍යාන්‍ය වශයෙන් පීඩාවට පත්වෙන කාලවලදී මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් සිදුවේ. 

ලංකා කේන්දරයට අනුව පරික්ෂා කර බැලීමේදී මහජනතාව නොසන්සුන් බවට පත්වීම, දුම්රිය, තැපැල්, දුරකථන හා ප්‍රවාහන සේවාවන් අකාර්යක්ෂම වීම, හදිසි මාර්ග අනතුරු බහුල වීම, සේව්‍ය සේවකාදීන් අතර ගැටුම් නිර්මාණය වීමට 2021 වසරේ ග්‍රහයන්ගේ හැසිරීම බලපවත්වයි. 

සිකුරු ග්‍රහයා කේතුගෙන් පීඩාවට පත්වීම නිසා උසස් ප්‍රභූ කාන්තාවකට මාරක අපල ගෙනදේ. ගුරු සහ සෙනසුරු දොළොස්වැනි භාවයේ යෝග වීම, වියදම් පක්ෂය වැඩිවීම, ආරෝග්‍යශාලාවල සේවාවන් ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමට පහසුකම් නොමැතිවීම නිසා මහජන අප්‍රසාදය වැඩිවීම සහ රජය හා නිලධාරීන් අපහසුතාවන්ට පත්වීම සිදුවේ. 2021 වර්ෂය ලග්න දොළහට කෙසේ බලපවත්වයිද යන්න පරික්ෂා කිරීම වැදගත් කරුණකි. 

මේෂ, කටක සහ කුම්භ ලග්නවලින් උපත ලැබූවන්ට අභියෝගයන්ට මුහුණ දෙමින් මෙම වර්ෂයේදී තම ඉලක්ක කරා ළඟාවීමට හැකිවේ. 

වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, ධනු සහ මීන ලග්න හිමියන්ට තම අපේක්ෂාවන් ඉටුකර ගත හැකි ජයග්‍රාහී වර්ෂයක් වේ. 

සිංහ ලග්න හිමියන් මෙතෙක් කල්දමමින් සිටි කාර්යයන් නැවත ආරම්භ කිරීමටත්, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමින් ඒවා ඉටුකර ගැනීමටත් හැකි වාතාවරණයක් 2021 වර්ෂයේ උදාවේ.

වෘශ්චික සහ මකර ලග්න හිමියන්ට පෙර වර්ෂයට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවේ.


මේෂ 

රැකියාව සහ ව්‍යාපාරික කටයුතු

ලග්නාධිපති කුජ ස්වක්ෂේත්‍ර වෙමින් උදාවෙන 2021 වර්ෂය දහවැනි භාවය අධිපති සෙනසුරු ග්‍රහයා නීච බලයෙන් යුත් ගුරු සහ යෝග වීම නිසා උත්සාහය සහ උනන්දුව මත රැකියා කටයුතු සාර්ථක කරගනී. රැකියා අපේක්ෂකයන්ට යහපත් වසරකි. දැනට රැකියාවල යෙදී සිටින්නන් තම බල සීමාව හ¾දුනාගෙන කටයුතු කළ යුතුය. වර්ෂයේ ආරම්භය හවුලේ කරන කටයුතු සඳහා යහපත් නොවේ. එහෙත් වර්ෂයේ අවසාන කාල සීමාව ආයෝජන කටයුතුවලට යහපත් වන බැවින් නිසි කළමනාකරණයකින් යුතුව වැඩ කිරීමෙන් ප්‍රතිලාභ හිමිවේ.

ගෘහ ජීවිතය - 

හත්වැනි භාවය අධිපති සිකුරු ග්‍රහයා නවාංශක කේන්දරයේ උච්ච බලයෙන් සිටින විට උදාවන මෙම වසර සාමකාමී පරිසරයක මිත්‍රශීලී ලෙස පවත්වාගෙන යෑමට හැකිවේ. එකිනෙකා කෙරෙහි පවතින අවබෝධය නිසා ලෞකික දියුණුවක් ඇතිවේ. අවිවාහකයන්ට මංගල යෝග උදාවීම සහ ප්‍රේම සබඳතා වර්ධනය වීමට 2021 යහපත් වේ. ගෙවල් දොරවල් අලුත්වැඩියා කිරීම හෝ නව නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන්නන්ට තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවේ. 

අධ්‍යාපනය - 

රාහු ග්‍රහයා දෙවැනි භාවයේ ගෝචර වී සිටින හෙයින් ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන අයට ඉගෙනීමේ කටයුතුවල එතරම් සාර්ථකත්වයක් දක්නට නොලැබේ. නවවැනි භාවය අධිපති ගුරු ග්‍රහයා නීච වුවත් උසස් අධ්‍යාපනයේ නිරත වූවන්ට උනන්දුව සහ උත්සාහය මත තරග විභාගවලින් ජයග්‍රහණ ලැබීමට හැකිවේ. 

සෞඛ්‍යය - 

මේෂ ලග්න හිමියන්ගේ රෝගස්ථානය වූ හයවැනි භාවය අධිපති බුධ ග්‍රහයා පුණ්‍යස්ථානයේ පතිත වීමෙන් සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නොවූවද, දොළොස්වැනි දෘෂ්ටියෙන් කේතු විසින් බුධ දැකීමත්, ස¾දු ග්‍රහයා පාපකර්තරී වී සිටීමත් නිසා සෙම්රෝග වැලඳීමට ඉඩ ඇති බැවින් ජනවාරි මාසය ප්‍රවේශමෙන් ගතකිරීම සුදුසුය.


වෘෂභ

රැකියාව සහ ව්‍යාපාරික කටයුතු - 

වෘෂභ ලග්න හිමියන්ගේ කර්මස්ථානය අධිපති සෙනසුරු ස්වකේෂත්‍ර බලයෙන් යුතුව ගුරු හා යෝග වී පුණ්‍යස්ථානයේ සිටීම නිසාත්, නවාංශක කේන්දරයේ සෙනසුරු ධනස්ථානයේ සිටීමත් හේතුවෙන් සේවා ස්ථානය තුළ ජනප්‍රිය අයකු බවට පත්වේ. උසස් වීම් අපේක්ෂා කරන්නන්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට මෙම කාල වකවානුව ඉතා සුදුසුය. රැකියා නොමැති අයට ඒ වෙනුවෙන් උත්සාහ කිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් හිමි කර ගැනීමට හැකිවේ. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට වසරේ අවසාන කාර්තුව ආයෝජන කටයුතු කිරීමට යහපත්වේ.

අධ්‍යාපනය - 
උසස් අධ්‍යාපනයේ යෙදෙන්නන්ට පසුගිය වර්ෂයට වඩා මෙම වර්ෂය ජයග්‍රාහී වේ. ස¾දුගේ සප්තම දෘෂ්ටිය හා රාහුගේ පස්වැනි දෘෂ්ටිය ලබන සෙනසුරු ස්වකේෂත්‍රව නමවැන්නේ නීච වූ ගුරු සමඟ යෝග වීමෙන් විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන්නන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව උදා වේ. පසුගිය වසරේ අතපසු වූ විභාග කටයුතු සඳහා ඉල්ලුම් කිරීමට නව වසර යහපත් වේ. 

ගෘහ ජීවිතය - 
වෘෂභ ලග්න හිමියන්ගේ හත්වැනි භාවය අධිපති කුජ ග්‍රහයා දොළොස්වැන්නේ සිටීමත්, ලග්නාධිපති සිකුරු හත්වැනි භාවයේ කේතු සමඟ යෝග වීමත් හේතුවෙන් පවුල් ජීවිතය තුළ අර්බුදකාරී තත්ත්වයන් මතුවේ. ජන්මියා කේතු හෝ රාහුගේ අතුරු දශා ලබා ඇතිනම් ඉතාමත් ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවේ. අවිවාහකයන්ට, ප්‍රේම සබඳතා පවත්වන්නන්ට වසරේ මුල් භාගය යහපත් නොවේ. 


සෞඛ්‍යය - 

කුජ ග්‍රහයා සප්තම දෘෂ්ටියෙන් රෝගස්ථානය වූ හයවැන්න දැකීම නිසා අධික රුධිර පීඩනයෙන් පෙළෙන අය මෙම වසරේ තම රෝගාබාධයන් කෙරෙහි අවධානයෙන් කටයුතු කළ යුතුය. උප්පත්ති කේන්දරයේ සුබවාදී ග්‍රහ පිහිටීම් පවතී නම්, පොදුවේ විමර්ශනය කිරීමේදී 2021 වසර වෘෂභ ලග්න හිමියන්ට නිරෝගී භාවය රැකගැනීමට හැකි වර්ෂයකි. ආධ්‍යාත්මික ග්‍රහයන් දෙදෙනකු යෝග වී පුණ්‍යස්ථානයේ සිටීම නිසා ආගමික කටයුතුවල යෙදෙමින් ආධ්‍යාත්මික ගුණය වර්ධනය කර ගැනීමට සුදුසු වර්ෂයකි. 


මිථුන 

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

අයස්ථානයේ කුජ ග්‍රහයා ස්වකේෂත්‍ර වී සිවුවැනි දෘෂ්ටියෙන් ධනස්ථානය දැකීම නිසා මෙම වර්ෂය භූමි ලාභ ලැබීමට හේතු වේ. ඉඩකඩම් වැඩි දියුණු කිරීම, මැණික් සහ පතල් කර්මාන්තවල යෙදීම තුළින් හොඳ ප්‍රතිඵල හිමිකර ගැනීමට ඉඩ තිබේ. දහවැනි භාවය අධිපති ගුරු ග්‍රහයා නීච වී අටවැනි භාවයේ සෙනසුරු සමඟ යෝග වීමෙන් රැකියාවල යෙදී සිටින අයට නව වසර එතරම් යහපත් නොවේ. ප්‍රධානීන් සමඟ අර්බුද 

නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් වෘත්තීය අරගල වෙනුවෙන් ඉදිරිපත් වීම සුබදායක නොවේ. 

අධ්‍යාපනය - 

ඉගෙනීමට පාදක ස්ථාන වූ සිවුවැන්න හා පස්වැන්න අධිපති රවි සහ බුධ යෝග වී හත්වැනි භාවයේ සිටීම අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට මෙන්ම, උසස් අධ්‍යාපනයේ නිරත වන අයටත් 2021 වසර ජයග්‍රාහී වසරක් ලෙස පෙනීයයි. පර්යේෂණ කටයුතුවල නිරත වන පර්යේෂකයන්ට ඉතා හොඳ නිගමන ඉදිරිපත් කළ හැකි වන අතර, ඒ සඳහා අන් අයගේ උදවු උපකාර ලබාගත හැකි කාල වකවානුවකි. 

ගෘහ ජීවිතය - කලත්‍රස්ථානයේ අධිපති ගුරු ග්‍රහයා 

ලග්න කේන්දරයෙන් අටවැන්නේ නීච වී සිටින නමුදු නවාංශක කේන්දරයේ නවාංශකාධිපති සමඟ යෝග වී ස්වක්ෂේත්‍රව හයවැන්නේ ගෝචර වීම බාහිර සතුරු බලවේග බලවත් වීමට හේතු වේ. විවාහකයන්ට යහපත්ය. මෙම වර්ෂයේ අප්‍රේල්, මැයි මාසවලදී අවිවාහක අයට බාධක කරදර ඉවත්වීම නිසා මංගල යෝජනා ඉදිරිපත් වීම, ප්‍රේම සබඳතා සාර්ථක වීම කෙරෙහි සුබදායක වේ. 

සෞඛ්‍යය - 

ආපෝ ගුණයෙන් යුත් සිකුරු ග්‍රහයා ආපෝ රාශියක් වූ වෘශ්චික රාශියේ හෙවත් හයවැනි භාවයේ පතිත වී කේතු සමඟ යෝග වීමත්, ප්‍රථම මාරකස්ථානය වූ දෙවැන්නේ ස¾දු සිටීමත් නිසා සෙම් බහුල වීම මත පෙණහලු ආබාධ ඇති වීමට ඉඩ තිබේ. මත්පැන්, දුම්පානය කරන අය විශේෂයෙන් ඒවායින් වැළැකී සිටිය යුතුයි. දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීමෙන් හානිකර තත්ත්වයන්ගෙන් වැළැකීමට හැකිවේ. එමෙන්ම උප්පත්ති කේන්දරය පරික්ෂා කර බලා ආගමික වත්පිළිවෙත්වල යෙදීමෙන් නිරෝගී බව රැකගැනීමට අවස්ථාව උදා වේ.


කටක

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

කටක ලග්නයේ යෝගකාරක ග්‍රහයා වූ කුජ දහවැනි භාවය අධිපති ග්‍රහයා වශයෙන් ස්වක්ෂේත්‍රව, දිග්බලයෙන් සිටීම වෘත්තීය කටයුතුවල යෙදෙන්නන්ට ඉතා යහපත් වේ. උසස් වීම් අපේක්ෂා කරන අයට බලාපොරොත්තු ඉෂ්ට වන වර්ෂයකි. ඉඩකඩම් පිළිබඳ මෙතෙක් කල් ඔබ මුහුණදුන් ගැටලුවලින් අත්මිදීමට, නඩුහබ තිබේ නම් ඒවායින් නිදහස් වීමට සුදුසු කාල වකවානුවකි. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමට සුදුසු පරිසරයක් උදා වේ. නව ව්‍යාපාර ඇරඹීමට වඩා පවතින ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමෙන් ලාභ උපයා ගැනීමට අවස්ථාව හිමි වේ. 

අධ්‍යාපනය - 

විද්‍යස්ථානය අධිපති දහවැනි භාවයේ බලවත් වී සිටීම හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට තරග විභාගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත හැකි වසරකි. උසස් අධ්‍යාපනයේ නිරත වෙන්නන්ට සහ විදේශයන්හි ඉගෙනීමට අපේක්ෂා කරන්නන්ට මෙම වර්ෂය යහපත් වේ. තම ගුරුවරුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ සහයෝගය හිමි වීම නිසා මෙතෙක් අඩපණ වෙමින් පැවැති ඉගෙනීමේ කටයුතු යළි ආරම්භයට සුදුසු පරිසරයක් හිමි වේ. 

ගෘහ ජීවිතය - 

ලග්නාධිපති ස¾දු ග්‍රහයා කේන්ද්‍රගත වී උදාවෙන නව වසරේ හත්වැන්න අධිපති ග්‍රහයා දිග්බලයෙන් යුතුව නීච ගුරු හා සංයෝග වී සිටී. හත්වැනි භාවය අධිපති ග්‍රහයා නවාංශක කේන්දරයේ සුබවාදී ලෙස සිටී නම් අවිවාහකයන්ට මෙම වසර විවාහ යෝජනා ස්ථිර කර ගැනීමේ අවස්ථාව උදා වේ. සාමාන්‍ය ගෘහ ජීවිතය තුළ පවතින කටයුතු අසාර්ථක වනුයේ අලසව හා උදාසීනව කටයුතු කිරීමෙනි. මේ නිසාම පවුලේ අය සමඟ මිත්‍රශීලී ලෙස ගනුදෙනු කිරීම අපහසු වේ. මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් ඉවසීමෙන් යුතුව ආත්ම සංයමයකින් කටයුතු කළහොත් නව වසරේ ගෘහ ජීවිතය සාර්ථකව ගත කිරීමට ඉඩ ලැබේ. 

සෞඛ්‍යය - 

ඔබගේ කේන්දරයේ හයවැනි භාවය අධිපති ගුරු නීච වී පාපී සෙනසුරු සමඟ සංයෝග වීමත්, දෙවැනි භාවය අධිපති රවි ග්‍රහයා බුධ සමඟ යෝග වීමත් හේතුවෙන් ඔබට බරපතළ රෝගකාරක තත්ත්වයක් ඇති නොවේ. එහෙත් අවිවේකය සහ ආහාරපාන නිසි වෙලාවට නොගැනීමෙන් සහ ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීමෙන් සෞඛ්‍ය පිරීහීමට හේතු වේ. රුධිර පීඩනයෙන් සහ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම නිරෝගීකම රැකගැනීමට යෝග්‍ය වේ. 

සිංහ 

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

කර්මස්ථානය අධිපති සිකුරු දිග්බලයෙන් සිවුවැන්නේ හැසිරීමත්, නවාංශක කේන්දරයේ සිකුරු උච්ච බලයෙන් යුතුව ගුරු සහ සෙනසුරු සමඟ යෝග වීමත් නිසා තමාට වඩා පහත් අයගේ උදවු උපකාර හිමි වීමෙන් රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වේ. මහජන සම්බන්ධතා යහපත් වීම සහ තර්කන හා විශ්ලේෂණ හැකියාව නිසා ජනප්‍රියතාව වර්ධනය වේ. එනිසාම සතුරන් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. සිංහ ලග්නයේ ව්‍යාපාරිකයන්ට මෙම වර්ෂය මිශ්‍රපල උදාකරයි. ව්‍යාපාර ස්ථානයේම සිටින අය සතුරු වීමට ඉඩ ඇති හෙයින් ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම අවාසිදායක වේ. නව ව්‍යාපාර සඳහා මෙම වර්ෂය සුදුසු නොවේ. 2021 වසර අභියෝග ජය ගතයුතු වසරක් බැවින් බුද්ධිය මෙහෙයවා වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල හිමි වේ. 

අධ්‍යාපනය - 

යෝගකාරක කුජ ග්‍රහයා නව වැන්නේ සිටීමෙන් අලුත් විෂයයන් ඉගෙනීමට සහ පර්යේෂණ කටයුතුවල යෙදීමට පෙලඹේ. උසස් අධ්‍යාපනයට ඉතා යහපත් වර්ෂයකි. විදේශ අධ්‍යාපනයේ නිරතව සිටින අයට මෙන්ම පර්යේෂණ කටයුතුවල නිරත වන අයටද මෙම වසර තුළ ඒවා සාර්ථකව නිම කර ගැනීමට සුදුසු පරිසරයක් උදාවෙනු ඇත. 

ගෘහ ජීවිතය - 

2021 වසර උදාවීමත් සමඟම ඔබගේ ජීවිතය පිළිබඳ අධිෂ්ඨානශීලී තීරණවලට එළැඹීමට පෙලඹේ. සිංහ ලග්න හිමියන්ගේ නෛසර්ගික ගුණය අනුව සෑමවිටම වැදගත්කමින් අඩු දේවල් කෙරෙහි කාලය මිඩංගු කිරීමෙන් ගෘහ ජීවිතයට බාධා ඇතිවිය හැකි නිසා මෙම වසරේ බුද්ධිමත්ව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය. සිකුරු ග්‍රහයා දිග්බලයෙන් යුතුව කේතු ග්‍රහයා සමඟ යෝග වී සිවුවැන්නේ සිටීම අන් අයගේ ආකර්ෂණයට හේතු වුවත් රැවටීම්වලට හසුවීම නිසා පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක්වෙනු ඇත. ප්‍රේම සබඳතාවලට නව වසර යහපත් නොවේ. මංගල යෝජනාවලදී ඉක්මන් තීරණ නොගත යුතුය. උදාවී ඇති පුෂ්කල යෝගය නිසා මෙම වසරේ ආදායම සරු වේ. 

සෞඛ්‍යය - 

බරපතළ රෝගකාරක තත්ත්වයක් ඇති නොවූවත් සෙනසුරු හයවැන්නේ නීචගුරු සහ යෝග වීමෙන් ඇතිවිය හැකි බාහිර උපද්‍රවවලින් වැළැකීමට උනන්දු වන්න. රාත්‍රි කාලයේ ගමන්යෑම, ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වීම තුළින් නිරෝගී බව රැකගැනීමට අවස්ථාව උදා වේ. 

කන්‍යා

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

ලග්නාධිපති බුධ ග්‍රහයා රවි සමඟ සංයෝග වී සිවු වැන්නේ සිටීම රැකියාවේ දියුණුවට හේතු වේ. එහෙත් කේතු ග්‍රහයාට දොළොස්වැනි දෘෂ්ටියෙන් පෙනීම නිසා ස්ථාන මාරුවීම් ලැබීමට හෝ රැකියාව වෙනස් වීමට ඉඩ ඇති බැවින් රැකියා ස්ථානයේ අය සමඟ සුහදශීලීව කටයුතු කිරීම වැදගත් වේ. උත්ප්පත්ති කේන්දරයේ ලග්නාධිපති බලවත් වී නවාංශක කේන්දරයේ සුබවාදී ලෙස පිහිටීම තුළ යානවාහන මිලදී ගැනීමට, නව නිවාස ඉදිකිරීම හෝ නිවාස අලුත්වැඩියා කිරීමට මෙම වසරේදී අවස්ථාව හිමි වේ. ව්‍යාපාරිකයන්ට ධනාත්මක ලෙස සිතා වැඩ කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට හැකි වේ. 

අධ්‍යාපනය - 

2021 වර්ෂය ඔබගේ කේන්දරයට අනුව විද්‍යාස්ථානයේ ගුරු සහ සෙනසුරු යෝග වීම තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට අවස්ථාව උදා වේ. එහෙත් රාහු ග්‍රහයා නම වැනි දෘෂ්ටියෙන් දැකීම නිසා ධාරණ ශක්තිය අවම වීම, බාහිර අයගෙන් බාධා ඇති වීම සිදුවේ. ලග්නාධිපති ග්‍රහයා සිවුවැන්නේ ගෝචර වීම නිසා බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ අවස්ථාව උදාවෙන හෙයින් ඉවසීමෙන් සහ කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වීම ජයග්‍රහණ ලබා ගැනීමට හේතු වේ. 

ගෘහ ජීවිතය - 

තුන්වැනි භාවය අධිපති කුජ ග්‍රහයා යුරේනස් සමඟ යෝග වී අටවැන්නේ සිටීමත්, ඔබට අසුබ ගුරු හත්වැනි භාවය අධිපති ග්‍රහයා ලෙස නීච බලයෙන් යුතුව පූර්ව පුණ්‍යස්ථානය වූ පස්වැන්නේ සිටිමින් රාහු ග්‍රහයා දකී. එම පිහිටීම තමාගේ ප්‍රචණ්ඩත්වය මතු කිරීමට හේතු වීමෙන් පවුල් පරිසරයේ අර්බුද හටගනී. අපක්ෂපාතී ලෙස කටයුතු නොකිරීමෙන් සතුරු බලවේග ක්‍රියාත්මත වීමට ඉඩ තිබේ. අවිවාහක අයට විවාහ කටයුතු සඳහා වර්ෂයේ මුල් කාර්තුව සුදුසු වේ.

සෞඛ්‍යය - 

වර්ෂයේ මැද භාගය වන විට රවි ග්‍රහයා අටවැන්නේ ගෝචර වන අතර උත්ප්පත්ති කේන්දරයේ විසිදෙවැනි දෙර්කාණාධිපති රවි වූ ජන්මීන්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් වේ. වකුගඩු රෝගවලින් පෙළෙන අය, නිදන්ගත රෝග පවතින අය වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුුතු කිරීම සුදුසුය. 

තුලා 

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

ලග්නාධිපති සිකුරු ධනස්ථානයේද, කර්මස්ථානය අධිපති ස¾දු ස්වක්ෂේත්‍රවද උදාවන නව වසර වෘත්තිකයන්ට යහපත්ය. තම සේවාව ඇගැයීමට ලක්වන අතර, කීර්ති ප්‍රශංසාද හිමි වීමට ඉඩ තිබේ. උසස් වීම් අපේක්ෂා කරන අයට ඒ සඳහා මෙම වසර යහපත්ය. රැකියා බලාපොරොත්තුවන්නන්ට ඉල්ලුම්පත් යැවීමටත්, සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීමටත් යහපත් කාල වකවානුවකි. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරවල දියුණුවක් පෙන්නුම් කරයි. මහා පරිමාණ ව්‍යාපාරවලට වඩා සුළු පරිමාණ ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් වඩා ලාභදායී වේ. 

අධ්‍යාපනය - 

තුලා ලග්න හිමියන්ගේ ජන්ම කේන්දරයේ බුධ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා සුබ දෘෂ්ටි ලබමින් කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව පිහිටා සිටී නම්, එම ජන්මීන්ගේ අධ්‍යාපනයට මෙම වසර ඉතා යහපත් වේ. උසස් අධ්‍යාපනය බලාපොරොත්තු වන අයටත්, දැනට උසස් අධ්‍යාපනයේ යෙදී සිටින අයටත් මෙම කාල සීමාව තුළදී සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව උදා වේ. කාර්මික කේෂත්‍රයේ පුහුණුවීම්වල යෙදෙන්නන්ට සාර්ථකව තම කටයුතු අවසන් කර ගැනීමට හැකි වේ.

ගෘහ ජීවිතය - 

තුලා ලග්නයේ යෝගකාරක සෙනසුරු ග්‍රහයා ගුරු ග්‍රහයා සමඟ යෝග වී සමාන අංශකවල සිටීම නිසා උදාවන නීචභංග රාජ යෝගයත්, ධනස්ථානය වූ දෙවැන්නේ ලග්නාධිපති සිකුරු සහ කේතු යන ග්‍රහයන් ගෝචර වීමත් මත ගෘහ ජීවිතය සාමකාමී වේ. පවුල තුළ සතුට සහ සමඟිය වර්ධනය කළ හැකි පරිසරයක් උදා කරයි. පසුගිය වර්ෂයට වඩා කරදර අඩු වීමෙන් සහනශීලී බව ඇතිවේ. එහෙත් තමාගේ මවගේ නිරෝගීතාව පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත්ය.

සෞඛ්‍යය - 

හයවැනි භාවය හෙවත් රෝගස්ථානය අධිපති ගුරු පාපකර්තරී වී අටවැන්නේ සිටින රාහු ග්‍රහයා පස්වැනි දෘෂ්ටියෙන් දකී. මෙම පිහිටීම තුළ ගුප්තමය බලපෑම්වලට හසුවීමෙන් ඔබගේ මානසික ශක්තිය පිරිහීමට හේතු වේ. මෙවැනි ග්‍රහ බලපෑම් නිසා ස්නායු දුබලතා ඇතිවීම, ආහාර විස වීමෙන් ආමාශගත රෝග සෑදීමට ඉඩ ඇති බැවින් ආහාරපානවලින් ප්‍රවේශම් වීම යහපත්ය.

වෘශ්චික

රැකියා සහ වෘත්තීය කටයුතු - 

රැකියාවල නියුතු වූ වෘශ්චික ලග්න හිමියන්ට 2021 වසර මිශ්‍රපල උදා කරයි. දහවැන්න අධිපති රවි ග්‍රහයා දෙවැන්නේ සිටීම නිසා කතාවෙන් සියල්ල ජය ගැනීමට යෑමෙන් සේවා ස්ථානය තුළ අප්‍රසාදයට ලක්වේ. ප්‍රධානීන් සහ සේවක සේවිකාවන් සමඟ මතගැටුම් ඇතිකර ගැනීම නිසා තම වගකීම් සහ යුතුකම් ඉටුකර ගැනීමට නොහැකි වේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නන් අයුතු ක්‍රම ඔස්සේ ලාභ උපරිම කිරීමට යෑමෙන් අන් අයගේ අප්‍රසාදයටත්, නීතිමය ගැටලු නිර්මාණය වීමටත් ඉඩ තිබේ.

අධ්‍යාපනය - 

2021 වසර උදාවන විට ස¾දු ස්වකේෂත්‍රව නවවැන්නේ සිටීම හේතුවෙන් විදේශයන්හි ඉගෙනීමට යහපත් වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ට මෙතෙක් අතපසු වූ පර්යේෂණ, නිබන්ධන සහ ක්ෂේත්‍ර අධ්‍යයනයන් නිමාකර ගැනීමට ඉඩ ලැබෙන වසරකි. ද්විතීයික අධ්‍යාපනයේ යෙදෙන්නන්ට විද්‍යාස්ථානය අධිපති ගුරු ග්‍රහයා නීච වී තුන්වැන්නේ සිටීමෙන් ධාරණ ශක්තිය හීනවීමට බලපායි. වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම අනුව සාර්ථකත්වය කරා ළඟාවිය හැකිය.

ගෘහ ජීවිතය - 

රාහු හත්වැනි භාවයේ ගෝචර වීමත්, හත්වැනි භාවය අධිපති සිකුරු ග්‍රහයා කේතු සමඟ යෝග වීමත් නිසා විවාහකයන්ට නව වසර එතරම් යහපත් නොවේ. නම්‍යශීලී නොවන ඔබගේ නෛසර්ගික ගුණය අනුව දැඩි තීරණවලට එළැඹීම නිසා පවුලේ සාමය රැකගැනීමට අපහසු වේ. දරුවන් පිළිබඳ කනස්සල්ලට පත්වීමෙන් ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය පලුදුවීමේ පරිසරයත් නිර්මාණය වනු ඇත. අවිවාහක අයට වර්ෂයේ මුල් භාගය විවාහ කටයුතු සඳහා අයහපත්ය. දැනට ප්‍රේම සබඳතා පවත්වාගෙන යන අයට තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යනුවෙන් තීරණවලට එළැඹීමට සිදුවේ. 

සෞඛ්‍යය - 

ලග්නාධිපති මෙන්ම හයවැනි භාවය අධිපති කුජ ග්‍රහයා හයවැන්නේ පතිත වීම නිසා ආහාර විස වීමෙන් ආමාශ ගත රෝගවලට හේතු වේ. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග ඇතිවිය හැකිය. ගර්භණී මාතාවන් ප්‍රවේශම් වියයුතු කාල සීමාවකි. ශරීරය උෂ්ණාධික වීමෙන් සෑදෙන රෝග නිසා මානසික ආතතිය වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ඉවසීම ප්‍රගුණ කිරීමත්, ආධ්‍යාත්මික කටයුතුවල යෙදීමත් තුළින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැකිය. 


ධනු

රැකියා සහ ව්‍යාපාර කටයුතු - 

වසර හතහමාරක ඒරාෂ්ටකයේ අවසාන භාගය ගෙවන ඔබට ලබන්නාවූ නව වසර යහපත් කාලයක් උදාකරයි. ලග්නාධිපති ධනස්ථානයේ ගෝචර වීමෙන් ඔබ තුළ පවතින ආගමික භක්තිය අනුව පෙර වාසනාව මතු කිරීමට හේතු වේ. රැකියාවල යෙදී සිටින්නන්ට දහවැනි භාවය අධිපති බුධ ග්‍රහයා ලග්නගත වී දිග්බලයෙන් සිටීම නිසා ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලබාගෙන කටයුතු කිරීමට ඉඩ ලැබේ. උසස්වීම් අපේක්ෂා කරන්නන්ටත්, නව රැකියා අපේක්ෂා කරන්නන්්ටත් යහපත් වසරකි. ව්‍යාපාරවල යෙදී සිටින අය හට මුල් මාස හතර තුළ තම ව්‍යාපාර ලාභදායී තත්ත්වයකින් පවත්වා ගැනීමට හැකි වේ. 

අධ්‍යාපනය - 

විද්‍යස්ථානය අධිපති කුජ ස්වක්ෂේත්‍රව පස්වැන්නේ සිටීමෙන් කාර්මික, තාක්ෂණික, සැලසුම්කරණය සහ සන්නිවේදනය වැනි විෂයයන් ඉගෙනගන්නා අයට සාර්ථක ප්‍රතිඵල හිමිවේ. උසස් අධ්‍යාපනය පිළිබඳ නිවේදනය වන නවවැන්න අධිපති රවි ග්‍රහයා ඥානකාරක බුධ සහ යෝග වී ලග්නගත වීමෙන් මෙතෙක් නිම කිරීමට නොහැකි වූ නිබන්ධන සහ පර්යේෂණ සාර්ථක ලෙස නිමා කර ගැනීමට අවස්ථාව උදාවේ.

ගෘහ ජීවිතය - 

හත්වැන්න අධිපති බුධ ග්‍රහයා ලග්නගතවී සිටී. කුටුම්භස්ථානයේ සිටින ගුරු ග්‍රහයා සෙනසුරුගෙන් පීඩාවට පත්වීමෙන් ලෞකික ජීවිතයට බලපෑම් එල්ල වේ. පවුලේ අය අතර අසමඟියට එය හේතුවනු ඇත. විවාහ අපේක්ෂාවෙන් සිටින ධනු ලග්න හිමියන් ක්ෂණික තීරණවලට එළැඹීමෙන් වැළකී සිටිය යුතුයි. අන් අයට සවන් නොදී තම මතයට වැඩ කිරීමට යෑමෙන් විවිධ ප්‍රශ්න මතුවීමට ඉඩ තිබේ.

සෞඛ්‍යය - 

රෝගස්ථානය වූ හයවැන්න අධිපති සිකුරු කේතු සමඟ යෝග වීමත්, රාහු හයවැන්නේ ගෝචර වීමත් අනුව බරපතළ රෝගකාරක තත්ත්වයක් මෙම වසරේදී ඇති නොවේ. එහෙත් නිදන්ගත රෝග පවතින අය වෛද්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම නිරෝගී බව රැකගැනීමට හේතු වේ. සෙනසුරු ඒරාෂ්ටකයක්ද පවතින නිසා ආගමික වත් පිළිවෙත්වල යෙදෙමින් කටයුතු කිරීමට පෙලඹීමෙන් මානසිකවත්, ශාරීරිකවත් නිරෝගී බව අත්පත් කර ගැනීමට අවස්ථාව උදාවේ. 


කුම්භ

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

2021 වර්ෂය වෘත්තීන්හි නිරතව සිටින කුම්භ ලග්න හිමියන්ට මිශ්‍ර පල හිමිකර දෙන වසරකි. බාධාවකින් තොරව රාජකාරි කටයුතු කරගෙන යෑමට අවස්ථාව උදාවේ. රැකියා අපේක්ෂකයන්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට නව වසරේ අප්‍රේල් මාසයෙන් පසු යහපත්ය. දහවැනි භාවය අධිපති කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ පතිත වීමෙන් තමාගේ අභිමානය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට ඉඩ ලැබේ. වර්ෂයේ මැද භාගය වනවිට ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරවල දියුණුවක් දැක ගැනීමට ඉඩ ලැබේ. 

අධ්‍යාපනය - 

විද්‍යස්ථානය අධිපති බුධ ග්‍රහයා සප්තම දෘෂ්ටියෙන් පස්වැනි භාවය දැකීම නිසා ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන්නා වූ නව වසර යහපත් වේ. ශාස්තී්‍රය පර්යේෂණවල යෙදෙන්නන්ට එම කටයුතුවල සාර්ථකව නිරත වීමට අවස්ථාව උදාවනු ඇත. ලේඛක ලේඛිකාවන්ට සුබවාදී ප්‍රතිඵල හිමි වේ. ජේ‍යාතිෂය, ගුප්ත විද්‍යාව සහ මනෝ විද්‍යාව වැනි විෂයයන් හදාරන අයට ඒ සඳහා නව වසර සුභ පල උදා කරයි.

ගෘහ ජීවිතය - 

ඒරාෂ්ටකයක් ලබා ඇති කාල සීමාවකදී ලග්නාධිපති වූ සෙනසුරු සමඟ නීච බලයෙන් යුත් ගුරු ග්‍රහයා යෝග වීමෙන් 2021 වසර තුළ විවිධ අභියෝගවලට මුහුණ පෑමට සිදුවේ. එහෙත් විවාහකයන්ට තම දරුවන්ගේ දියුණුව ඇතිවීම නිසා මානසික වශයෙන් සහනදායීි පරිසරයක් උදා කරයි. ආදායමට වඩා වියදම වැඩි වන්නේ අයස්ථානාධිපති නීච වීම නිසාය. අවිවාහකයන්ට මෙම වසරේ මංගල යෝජනා ස්ථිර කර ගැනීමට අවස්ථාව හිමි වේ. රාහු සිවුවැන්නේ සිටීම නිසා නිවෙසින් අෑත් වී ජීවත් වීමට අදහස් කරයි. 

සෞඛ්‍යය - 

රෝගස්ථානය වූ හයවැන්න සෙනසුරුගේ සප්තම දෘෂ්ටියට හසුවීම නිසා අනතුරුවලට ඉඩ ඇති බැවින් ගමන් බිමන්වලදී ප්‍රවේශම් විය යුතුය. හයවැන්න ආපෝ රාශියක් නිසා ස¾දුගේ පිහිටීම අයහපත් අයට සෙම්රෝග පෙණහලු ආබාධ වැලඳීමට ඉඩ තිබේ. ඒ පිළිබඳ කල්ඇතිව හ¾දුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය යුතුය. 

මීන 

රැකියාව සහ ව්‍යාපාර කටයුතු - 

දහවැනි භාවය අධිපති ගුරු ග්‍රහයා එකොළොස්වැනි භාවයේ සිටීමත්, නමවැන්නාධිපති ධනස්ථානයේ සිටීමත් නිසා රැකියාවල නිරත වන අයට උසස්වීම් සඳහා මෙම වසර යහපත් වේ. නව රැකියාවලට අවස්ථා හිමිවෙන බැවින් රැකියා අපේක්ෂකයන්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට 2021 වසර යහපත් වේ. ව්‍යාපාර කටයුතු හෝ ඉඩකඩම් සංවර්ධනයේ යෙදෙන්නන්ට එවැනි කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල හිමි වේ. මැණික්, පතල් සහ කෘෂි කර්මාන්තවල යෙදෙන්නන්ට මෙම වසර සුබදායක වේ. 

අධ්‍යාපනය - 

උසස් අධ්‍යාපනයේ යෙදී සිටි අයට පසුගිය කාල සීමාව තුළ තිබූ බාධා ඉවත්වීම නිසා මෙම වසරේදී ඒවා අවසාන කර ගැනීමට අවස්ථාව උදාවේ. ලග්නාධිපති ගුරු සෙනසුරු හා යෝග වීම, තුන්වැනි භාවය අධිපති සිකුරු නව වැන්නේ සිටීම හේතුවෙන් ධාරණ ශක්තිය වැඩිවේ. මෙවැනි ග්‍රහ පිහිටීමක් තුළ ශාස්තී්‍රය කටයුතුවල යෙදෙන්නන්ට ඒවා සාර්ථකව අවසාන කර ගැනීමට අවස්ථාව හිමි වේ. 

ගෘහ ජීවිතය - 

අයස්ථානයටත් වඩා ධනස්ථානය යහපත් වීම හේතුවෙන් උදා වූ මෙම වසරේදී අපේක්ෂිත අරමුණු කරා ළඟාවීමට හැකි වේ. වෙනදාට වඩා හොඳ කළමනාකරණයකින් මූල්‍ය කටයුතුවල යෙදීම නිසා තමාගේ කාර්යයන් තමා විසින්ම සාර්ථක කර ගැනීමට උත්සාහ ගනී. ආරම්භ කරන අලුත් වැඩ නිසා සමාජය තුළ පිළිගැනීමට ලක්වේ. අප්‍රේල් මාසයෙන් පසු ප්‍රායෝගික කටයුතුවලට යහපත් වන අතර සැප්තැම්බර්වලින් පසු හොඳ දියුණුවක් අපේක්ෂා කළ හැකිය. 

සෞඛ්‍යය - 

හයවැනි භාවය අධිපති රවි ග්‍රහයා දහවැන්නේ බුධ හා යෝග වී සිටී. නිදන්ගත රෝග නොමැති අයට මෙන්ම අනෙත් අයටද නිරෝගී බව ලැබිය හැකි වසරකි. එහෙත් අධික ලෙස වෙහෙස මහන්සි වීම හේතුවෙන්ද, අවිවේකී වීමෙන්ද මානසික පීඩාවන් ඇතිවීමටත්, ලේ ධාතුව උෂ්ණ වීමටත් බලපායි. ඒ පිළිබඳ සැලකිලිමත් වීමෙන් නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට හැකි වේ. 

2021 වසරට අනුව එක් එක් ලග්න වෙනුවෙන් ඉහත දැක්වූ පලාපල ජන්මීන් හට බලපාන ආකාරය තම තමන්ගේ ජන්ම පත්‍රයෙහි පවතින ග්‍රහ පිහිටීම් සමඟ පරීක්ෂා කර බලා නිගමනවලට එළැඹිය යුතුය. පොදුවේ සෑම අයෙක්ම පාපකාරී ක්‍රියාවලින් අෑත් වී දෛනික ජීවිතය පවත්වා ගනී නම්, ග්‍රහ ශක්තියට වඩා චිත්ත ශක්තියේ බලයෙන් ලැබුවා වූ නව වසර වාසනාවන්ත වසරක් කර ගැනීමට සුදුසු පරිසරය නිර්මාණය කෙරෙනු ඇත.


රෝගස්ථානය වූ හයවැන්න සෙනසුරුගේ සප්තම දෘෂ්ටියට හසුවීම නිසා අනතුරුවලට ඉඩ ඇති බැවින් ගමන් බිමන්වලදී ප්‍රවේශම් විය යුතුය. හයවැන්න ආපෝ රාශියක් නිසා ස¾දුගේ පිහිටීම අයහපත් අයට සෙම්රෝග පෙණහලු ආබාධ වැලඳීමට ඉඩ තිබේ. ඒ පිළිබඳ කල්ඇතිව හ¾දුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය යුතුය.



gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Advertisements

Mini Gossip

Gallery

Facebook