BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->
Showing posts with label ananmanan. Show all posts
Showing posts with label ananmanan. Show all posts

හෙළ සිනමාවේ තුන්කල් කතාවත් සමගින් HELAWOOD POPCORN එළිදැක්වෙයි

දේශීය සිනමාවේ තුන්කාලය පිළිබඳ කියැවුණු ‘අපේ සිනමා කථාව’ නමින් යුතු අපූර්ව කතාබහක් සමගින් මෙරට සිනමාව වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරනු ලබන HELAWOOD POPCORN බ්ලොග් අඩවිය පසුගියදා චිත‍්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේදී එළිදැක්විණි. අදාළ සිනමාත්මක කතාබහ සංවිධානය කිරීම සහ HELAWOOD POPCORN බ්ලොග් අඩවිය සම්පාදනය කිරීම, දේශීය සිනමාව කෙරෙහි PEO TV සේවාවට ඇති ඇල්ම නැවත වරක් ප‍්‍රදර්ශනය කිරීමක් විය.

චිත‍්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්‍ෂවරුන්, නළු නිළියන්, ඇතුළු සිනමා ශිල්පීන්, විචාරකයන් සහ රසිකයන් එකම සභාවක මුණගැසුණු මොහොතක් බවට පත්වූ HELAWOOD POPCORN- අපේ සිනමා කථාව’ ට පැමිණි පිරිස පිළිගනිමින් PEO TV ප‍්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්න මහතා සභාව අමතන ලදි. පිළිගැනීමේ කථාවෙන් පසුව HELAWOOD POPCORN බ්ලොග් අඩවිය දියත් කිරීම පැමිණ සිටි ආරාධිතයන්ගේ එකතුවෙන් සිදු කෙරිණි. 

කැබ් රියැදුරුගේ නෝනා පොලිස් නිලධාරියාගේ උරහිස සපාකාලා : දෙදෙනාම මොනරාගල පොලිස් දැලට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් නිලධාරියකුගේ උරහිස සපාකා තුවාල සිදුකර පලායෑමට තැත් කළ කැබ්ථයක රියැදුරකු සහ ඔහුගේ බිරිඳ 29 වැනිදා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය විසින් උරහිස සපා කෑමෙන් තුවාල සිදුවූ මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් (78131) සඳරුවන් යන අය මේ වන විට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය. මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන (78131) සඳරුවන් හා (74078) විජේරත්න යන නිලධාරීන් දෙදෙනා මොනරාගල - වැල්ලවාය මාර්ගයේ ජයසෙන්ගම ඉදිරිපිට රථවාහන සෝදිසි කිරීමේ රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.

Rumba Ransomware පරිගණක වෛරසය ලංකාවටත් - remove කරන්නෙ ‌‌මෙහෙමයි [VIDEO]

ශ්‍රි ලංකාවට ඇතුලුවී තිබෙන පරිගණක වෛරසයක් පිළිබඳව තොරතුරු වාර්තාවී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කරයි.

අන්තර්ජාලය මගින් සිදුකරන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකයට ඇතුලුවිය හැකි අතර එමගින් පරිගණකයේ ඇති ලියකියවිලි හා ඡායාරූප මකා දමන බව එම ඒකකය සඳහන් කරයි.

ෂැංග්‍රිලා හෝටලයේදී ජයට ගත්ත රෝහිතගේ දුවගෙ මංගල්‍යය [Photos]

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.

රිය අනතුරකින් ටෙලි නළු රවීන්ද්‍ර යසස් රෝහල්් ගත කෙරේ

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

ඉබේ සුව වන රෝගවලට ඖෂධ ගැනීම සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් වෙනවලු

අතීතයේ මිනිසුන් බෝ වන රෝග වලට ගොදුරුව බුරුතු පිටින් මියගියේ ඒ රෝගවලට හේතුව නොදැන සහ ඒ සඳහා ඖෂධ නොමැතිවය. එය ඉතා අවාසනාවන්ත කාලයක් විය. නමුත් 1928 දී ඇලෙක්සැන්ඩර් ෆලෙමින් නම් වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ (Antibiotic) සොයා ගැනීමත් සමග ලෝකය උඩුයටිකුරු විය. බැක්ටීරියා නිසා බෝවන රෝග වලට ඖෂධ තිබෙන බැවින් බෝවන රෝග ගණනාවකින් ආරක්ෂාවීමේ වරම ලෝ වැසියන්ට ලැබිණි. නමුත් කාලයත් සමග මේ ප්‍රතිජීවක ඖෂධ කිසිදු වගවිභාගයකින් තොරව අනිසි ලෙස භාවිතා කිරීම නිසා අනාගතයේ ඉතා අවාසනාවන්ත ලෙස මිනිසුන් මිය යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එය ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර තිබූ කාලයටත් වඩා බිහිසුණු විය හැකි බවට මත පළවී තිබේ. 2014 - 2050 දක්වා කාලය වන විට ප්‍රතිජීවක ඖෂධ නොමැතිව මිලින 300ක් පමණ මිය යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මේ බිහිසුණු අවදානමෙන් ගැලවීමට නම් මේ ප්‍රතිජීවක භාවිතයේ නිසි ක්‍රියාමාර්ග අනුගමනය අනිවාර්ය වෙයි.

විල්ගම්වෙහෙර උඩ නැගපු අයට නීතීය නැද්ද?

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් පැන නැගි තිබෙනවා.මෙලෙස ඡායාරූප ගෙන මුහුනුපොතට මුදා හැර ඇති එක් අයෙකු තමන් සරසවි සිසුවෙක් බව හදුන්වා දී තිබුණා.

අපිට දරුවෙක් ඉන්නවා..ඔයා තව කෙනෙක් බඳින්නේ කොහොමද? දිලුම් අමුණුගමගෙන් අසයි

තමා සමග වසර 9ක පමණ කාලයක් නීත්‍යානුකූලව විවිහ වී සිටියදී තවත් කාන්තාවක සමග විවාහ වන්නේ කෙසේ දැයි ක්‍රිස් මාධුභාෂිනි ද සොයිසා නම් අයෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගෙන් ප්‍රශ්ණ කරයි.

රුපවාහිණි බලන එක නවත්වලා ඒ කාලය භාවනා කරන Andy Puddicombe ගේ කතාව

මයික්‍රෝ සොෆ්ට්හි අධිපති බිල් ගේට්ස් මහතා, මනස එකලස් කිරීමට ආධාරවේ යයි සිතා කලකට රූපවාහිනිය බැලීම සහ සංගීතයට සවන්දීම මුළුමනින්ම නැවත්තුවේය. දැන් ඔහු ඒ වෙනුවට කරන්නේ භාවනාවය. පසුගිය දිනෙක ඔහු තමන්ගේ මේ අවුරුද්දේ ඉතා ප්‍රියතම පොත ගැන සාකච්ඡා කරන අවස්තාවේදී, ඔහු කියා සිටියේ, තමන්ගේ බිරිඳ, මෙලින්ඩාවද සම්බන්ද කරගෙන භාවනා කිරීමට ඉතා උනන්දුවක් දක්වන බවයි. එහෙත් ඔවුන් සනීප පුටු වල හිඳ මිස පොලවේ හිඳ භාවනා කිරීම නම් නොකරන බවද සඳහන් කර ඇත.

GGF සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත ධුරය ආදී ආනන්දිය ආසිරි උපේන්ද්‍ර ඩයස්ට

සාමය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලෝකය පුරා විහිදුනු " ගාන්ධි ග්ලෝබල් ෆැමිලි " GGF සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත ධුරය සහ ගාන්ධි ග්ලෝබල් ෆැමිලි සංවිධානයේ විධායක කමිටු සමාජිකත්වය ලාංකීය තරුණ සමාජ ක්‍රියාකරුවෙකු වන ආසිරි උපේන්ද්‍ර ඩයස් මහතාට පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හිමිවිණි. 

ආසිරි උපේන්ද්‍ර ඩයස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවකු වන අතර වෘත්තීය මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරකයෙක් ලෙස සේවය කරයි. 

ප්‍රේමය පියාට හා සහෝදරයන්ට හසුවීමෙන් පාසල් සිසුවියට දිවි එපාවෙලා

සිය ප්‍රේම සම්බන්ධය පියාට හා සහෝදරයන්ට හසුවීමෙන් පසුව ඔවුන්ගේ ඇනුම් බැණුම් ඉවසීමට නොහැකිව තමා මෙම පවුලට කරදරයක්‌ හෙයින් එම කරදරය අවසන් කිරීමට තමන් දිවිනසා ගන්නා බවට ලිපියක්‌ ලියා තැබූ 17 හැවිරිදි පාසල් සිසුවියක්‌ ඊයේ (18 දා) අලුයම තම ගෙවත්තේ පිහිටි ළිඳට පැන දිවිනසාගෙන ඇත.

ලොව වයස්ගතම යුවල ජපානයේ : වයස අවඅරුදු 108යි

ලොව වයස්ගතම විවාහක යුවල, ජපාන ජාතික යුවලක් ගිනස් වාර්තා අතරට එක් වී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ලොව වයස්ගතම විවාහක යුවල ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටින්නේ, අවුරුදු 108 ක් වයසැති මාසෝ මට්සුමෝටෝ සහ අවුරුදු 100 ක් වයසැති බිරිඳ මියාකෝ ය.

විවාහයට විසි පොරොන්දම් ගැලපිය යුතුමද

නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත‍්‍ර ෂඞ් වර්ගා මුඛ්‍යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සතතඃ මාහෙන්ද්‍රා ගණිතායු වශ්‍ය දිවසා වණෝඩු විද්ධාණ්ඩජා රජ්ජුයොගිනී ලිංග භූත ශශියුගෙගාත‍්‍රාභවයා විංශතිඃ යන කාලාමෘතයෙහි නිර්දේශය අනුව නාඩි, රාශි, රාශ්‍යාධිපති, යෝනි, ස්ත‍්‍රී දීර්ඝ, ගණ, මාහෙන්ද්‍ර, ආගණින, ආයු, වශ්‍ය, දින, වර්ණ, වේධ, පක්‍ෂි, රජ්ජු, යෝගිනී, ලිංග, භූත, චන්ද්‍රයොග, ගොත‍්‍ර යනුවෙන් පොරොන්දම් විස්සක් ඇත. ස්ත‍්‍රී - පුරුෂ දෙදෙනෙකු විවාහයට යෝග්‍ය දැයි ජ්‍යොතිෂ්ශාස්ත‍්‍රනුකූලව විමසීමේදී පරීක්‍ෂා කර බැලිය යුතු බොහෝ වැදගත් කාරණා තිබුණත් වර්තමානයේ බොහෝ දෙනා වැඩි අවධානය යොමු කරන්නේ මෙම පොරොන්දම් විස්සෙහි ගැළපීම කෙරෙහිය. එහිදී ද දෝෂ භංග සාධක ගැන පුළුල් විමර්ශනයකින් තොරව, ඇතැම් පොරොන්දම් නොගැළපෙන බව දක්වනු ලබයි. මෙබඳු හේතු නිසා ගලපාලිය හැකි ජන්මපත‍්‍ර පවා ප‍්‍රතික්‍ෂේප වීම හේතුවෙන් විවාහයක් සිදු කර ගැනීමට නොහැකිව සිටින තරුණ තරුණියෝද බොහෝ වෙති. එබැවින් විසි පොරොන්දම්වල දෝෂ භංග සාධක මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට අදහස් කෙළෙමි.

සුප‍්‍රසිද්ධ දේවියකගේ නමට සමාන නුගේගොඩ ප‍්‍රසිද්ධ බාලිකාවක මැඩම් පිස්සු ‌‌‌කෙළින හැටි ‌මෙන්න

එය කොළඹ නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකි. මෙම බාලිකා විදුහලේ නම හෙළ රජදවස විසූ සුප‍්‍රසිද්ධ දේවියකගේ නමට සමානය. අතීතයේ සිට කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියූ මෙම විදුහලේ වර්තමාන තත්ත්වය එතරම් සුබදායක එකක් නොවේ. ඒ විෂය භාර ඇමැතිගේ අතගැසීම් සහ විදුහල්පතිනියගේ සමහර කි‍්‍රයාකාරකම් නිසාය. මෙම විදුහල ශිෂ්‍යාවෝ 4500 කට අධික ප‍්‍රමාණයක් ඉගෙනුම ලබන මෙරට ප‍්‍රසිද්ධ බෞද්ධ විදුහලකි. එම නිසා මෙම විදුහලේ විදුහල්පතිනිය විය හැක්කේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ සිටින අයකුට පමණි. එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම අධ්‍යාපන ඇමැතිවරයා මෙහි සිටි විදුහල්පතිනියව කිසිම හේතුවක් නොමැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංචිතයට මාරුකර යැව්වේය. ඉන්පසු එම විදුහලට තමන්ට හිතවත් අඩු සුදුසුකම් ඇති විදුහල්පතිනියක් පත් කළේය. එම වැඩබලන විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ අයෙකි. එවැනි අයෙක් කිසිසේත්ම මෙවැනි විදුහලක විදුහල්පති තනතුරට සුදුසු නොවේ. එහෙත් එම විදුහල්පතිනිය පවසන පරිදි ඇය අධ්‍යාපන ඇමැතිවරයාගේ ඥාති සොහොයුරියකි. එම ඥාති සම්බන්ධතාව සුදුසුකමක් ලෙස සලකා ඇය මෙම තනතුරට පත්වූ බව බෙහෝ අය පවසති.

උදාවන සතිය ඔබට ‌කො‌ෙහොමද?

ලග්නාධිපති කුජ සමග සඳු දොළහේද, රවි, බුධ, ශනි, නමයේද ගුරු, සිකුරු අටේද රාහු හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබට මිශ‍්‍රපලදායකයි. සතිය ආරම්භයේ ගෘහජීවිතය පිළිබඳව තරමක බාධා ඇති වුවද, පසුව ඒ තත්ත්වය මගහැරී යනවා ඇත. සඳුදා සිට රවි දහවැන්නට මාරු වීම නිසා රැුකියා හා ව්‍යාපාර අංශවල ප‍්‍රගතියට කරුණු සැලසෙන බව

කඳවුරු බැැදපු උසන්ගොඩ වෙරළේ සුපිරි පාටිය

අම්බලන්තොට උසන්ගොඩ මුහුදු වෙරළ තීරය සංචාරකයින්ගෙන් පිරී පවතී. සංචාරකයින් දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් උසන්ගොඩ වෙරළ තීරය හා ඒ අවට ප්‍රදේශයේ සංචාරක කඳවුරක් ආරම්භ කර තිබේ.

මෙම සංචාරක කඳවුර දින දහයක් මෙම ස්ථානයේ පැවැත්වේ. සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක කඳවුර සංවිධානය කරනු ලබන විදේශිය පෞද්ගලික සමාගමක් මගින් මෙම කඳවුර සංවිධානය කර තිබේ.

මෙම ස්ථානයට පැමිනෙන සංචාරකයින්ට නවාතැන් පහසුකම් හා ගමනා සේවා සඳහා එම ප්‍රදේශයේ ම පෞද්ගලික නිවාස රැසක් ලබා ගෙන තිබෙන අතර යතුරු පැදි හා ත්‍රීරෝද රථ සංචාරකයින්ගේ ගමන් පහසුව සඳහා යොදාගෙන තිබේ.

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියූ‌ කටුනායක ‌පෙම්වතාට ‌වෙච්ච වැඩේ

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් පෙම්වතියගෙන් රුපියල් එක්‌ලක්‌ෂ අසූදහසක මුදලක්‌ කප්පම් මුදල් වශයෙන් ලබා ගැනීමට තැත් කළ පෙම්වතා ලබන 21 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා 10 වැනිදා නියම කළේය.

බොරු සාක්‌ෂි දුන් කාන්තාවට හිමිවුන අමතක නොවන පාඩම

හලාවත මහාධිකරණයේ විභාග වන නඩුවකදී පැමිණිල්ලේ සාක්‌ෂිකාරියක ලෙස දිවුරුම් මත සාක්‌ෂි දෙමින් සත්‍ය ප්‍රකාශ කිරීමට නීත්‍යනුකූලව බැඳී සිටියදී අසත්‍ය සාක්‌ෂි දී අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා ලද සාක්‌ෂිකාරියකට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය බර වැඩ සහිත වසරක සිරදඬුවමක්‌ 7 දින නියම කළාය.

අලුතින් වදින කාබන් බද්ද ගැන ඔබ දැනුවත්ද?

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

මන්නාරමේ නිවසක් ඇතුළට ආපු දැවැන්ත කිඹුලෙක් නිසා ජංජාලයක්

මන්නාරමේ තාවාන්කෝට්ටේ පළාතේ නිවසක් තුළට 9වැනිදා අළුයම අඩි හතක පමණ දිග දැවැන්ත කිඹුලකු පැමිණීමත් සමගම නිවසේ වැසියෝ බියට පත්ව කෑ ගසා නිවසින් එළියට දිවගොස් තිබේ.