BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->

බීමත්ව රිය පදවා දරුවකුගේ ජීවිතයක් අහිමි කල ටෙස්ටා බේකර්ස් අධිපතිට එදිනම ඇපදීල

බීමත්ව රිය පැදවීමෙන් පාසල් දරුවකුගේ ජීවිතයක් අහිමිකිරීම හේතුවෙන් අත්තඩංගුවට පත් පුද්ගලයෙකුට එදිනම ඇප ලබාදීමක් පිලිබදව අවිස්සාවේල්ලෙන් වාර්තා වනවා.

පසඅගිය සෙනසුරාදා (8)  T A D රන්ජිත් හෙවත් ටෙස්ටා බේකර්ස් අධිපති "ටෙස්ටා " බීමත්ව රිය රියපදවා අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ L H G නයන්ක දිනාල් නැමැති කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමි කර ඇත. පුදුමයට කරුණනම් සාමාන්‍ය ලෙස දින දහ හතරක් රිමාන්ඩ් ගත කරනු වෙනුවට ඒ වෙලාවේම ඇප ලබා දීමයි. සිද්ද්ධිය වන අවස්ථාවේ අවිස්සාවේල්ල පොහොට්ටු නගරාධිපති "රණවීර කුරුගල " ටෙස්ටා සමග සිටි බව කියවේ.

GOSSIP : මේ රට පාලනය කරන දේශපාලුවන් ගැන කලකිරීමක් තියෙන්නේ - සනත් ජයසූරියගේ පේජ් ඇඩ්මින් ජපානයේ ඉඳන් කියපු කතාව [ VIDEO ]

අපි දැන් ඉන්නේ, ලැබෙන පළමුවෙනි අවස්ථාවේදීම දාලා යන්න හිතෙන රටක.

හැම අවුරුද්දකම අවුරුදු 18 – 35 අතර තරුණ පිරිසෙන් බහුතරය ඉන්නේ කොරියාවට යන පෝළිමේ, ජපානෙට යන පෝළිමේ, මැදපෙරදිග යන පෝළිමේ.

නිවසට ගල් ගසමින් හොල්මන් කල භූතයා අල්ලන්න ගිය තරුණයන්ට මහ රෑ හසුවූ භූතයා මෙන්න

සතියක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ නිවසක් තුළට ගල් ගසමින් වැලි ගසමින් සිටි භූතයෙකු නිවැසියන්ට අල්ලා දීමට දඹුල්ල නගරයට නුදුරින් පිහිටි කලුන්දෑව ගම්මානේ තරුණයන් පිරිසකට පසුගියදා හැකිවී තිබෙනවා.

දඹුල්ල කලුන්දැව ප්‍රදේශයේ නිවසක රාත්‍රී 9.00 සිට අලුයම් කාලය දක්වා අවස්ථාවෙන් අවස්ථාවට ගල් ප්‍රහාර එල්ලවීම වැලි ප්‍රහාර එල්ල වීම සහ නිවස තුල ඇති බඩු භාණ්ඩ වලට හානි සිදුවීම සිදුවන බව නිවැසියන් මේ නිසා දැඩි භීතියට පත්ව සිට තිබෙනවා.

මෙම කතාව නිසා ‍ප්‍රදේශයේ අනෙකුත් නිවෙස්වලද රාත්‍රී කාලයේ නිවැසියන් දැඩි බියට පත්ව සිටීම විශේෂත්වයකි.

IOC පෙට්‍රල් මිල රුපියල් 7 කින් ඉහළට

ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට IOC ප්‍රෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ IOC පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමට එම සමාඟම තීරණය කර ඇති අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වනු ඇත.

සියලු අන්තවාදයන්ට, අවස්ථාවාදයට එරෙහිව අවෛරයේ හෝරාව මාතරින් ඇරැඹෙයි

සියලු අන්තවාදීන්ට, ජාතිවාදීන්ට සහ අවස්ථාවාදීන්ට එරෙහිව මාතර ජනතාව සංවිධානය කළ “අවෛරයේ හෝරාව” වැඩසටහන මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට දී අද පැවැත්විණි.

මේ සඳහා මාතර ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජාති ආගම් භේද පසෙකලා සහභාගී වී සිටීම විශේෂත්වයකි.

ලංකාවේ මීළඟ ජනාධිපති සජිත් බව 'හින්දුස්ථාන ටයිම්ස්' පුවත අනාවැකි කියයි

ශ්‍රී ලංකාවේ මීළග ජනපති වීමට බොහෝ ඉඩක් ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව ඉන්දීය හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රථම රාජ්‍ය
නායකයා වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අලලා පද්මා රාඕ විසින් සම්පාදිත ලිපියකින් මේ බව සඳහන් කර තිබේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල පහළට යන ලකුණු

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මාසිකව ක්‍රියාත්මක කරනු ලබන මිල සූත්‍ර ක්‍රමවේදය අද (10) දින ක්‍රියාවට නැංවීමට නියමිතය. ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සෑම මසකම 10 වෙනි දින නවතම ඉන්ධන මිල ගණන් තීරණය කෙරේ.

පසුගිය මැයි මාසයේ දී මෙම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් හි ඉහළ දැමීමක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබීය. 2019 මැයි 10 දින වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70 අගය ඉක්මවා ගොස් තිබීම මෙලෙස පසුගිය මාසයේ දී මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ යාමට හේතුවිය.

කෙසේ වෙතත් මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. 2019 මැයි 10 දිනයේ දී ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.62 ක් ලෙසින් වාර්තා වූ අතර ඊයේ දිනය වන විට එම අගය වාර්තා වන්නේ ඩොලර් 63.29 ක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන නිර්ණායකය බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය වන බැවින් අද (10) දින මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළෙ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.