BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->

අද 40-60 දශක නොවේ - නොමිලේ බඩු බෙදලා රටක් පාලනය කරන්න බෑ - චම්පිකගෙන් වෙන්න ජනපතිට සැර පහරක්.

ජනතාවට බඩු බෙදන අය සමගින් ඉදිරියට රටක් යා නොහැකි යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

අද වන විට ශ්‍රී ලංකාව ඇත්තේ 40 හෝ 60 දශකයේ නොවන බවත් පවසන ඔහු හතරවන කාර්මික විප්ලවයට සූදානම් විය යුතු බවත් සදහන් කරයි.

මිනී මැරීමේ චෝදනාවට හිරේට ගිය පූජිත්ට සහ හේමසිරිට ඇප දුන් හේතුව මෙන්න

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09 දා)  නියෝග කළාය. 

එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවට නිගමනය කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම් කිරීමට ක්‍රියාකලේ ධනුෂ්කද?

පසුගිය දින කිහිපයේදී ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ඉරාජ් වීරරත්න නම් ප්‍රසිද්ධ ගායකයාගේ මිලියනයකට වඩා පිරිසක් සිටි නිල ෆේස්බුක් පිටුව, ෆේස්බුක් ආයතනයට දන්වා තහනම් කිරීමට ක්‍රියාකල බවට ෆේස්බුක් චැට් එකක් සකස් කරමින් එය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක ධනුෂ්ක රාමනායක මහරගම නාගරික මන්ත්‍රීවර අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ගොනු කලේය.

සීගිරියේ නිදන් හෑරූ දේශපාලන ගෝලයා පොහොට්ටුවේ ක්‍රියාකාරිකයෙක්

කාශ්‍යප රජු හෝ මුගලන් රජු විසින් ගොඩ නගන්නට ඇතැයි සැලකෙන දැනට පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර ඇති සිගිරිය මහ පබ්බත විහාරය පිහිටි රාම කැලේ නිධානයක් ලබා ගැනීමේ අරමුණින් කැනීම් සිදුකල ස්ථානය වටලන අවස්ථාවේදී පලාගිය පුද්ගලයින් සිව්දෙනාගෙන් දෙදෙනකු පසුගිය 05වනදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එසේ අත් අඩංගුවට ගත් ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයා පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව වාර්තා වේ.

සිගිරිය, කලාපුරයේ පදිංචි එමිල් ප්‍රනාන්දු නම් ඔහු අත්අඩංගුවට පත්වන මොහොත වනවිටත් ඔහු පොහොට්ටු පක්ෂයේ සංවිධාන කටයුතුවල නිරතව සිට ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාල ස්ථානය සිගිරිය වනජීවී නිලධාරීන් විසින් ඉකුත්ජුනි මස 23 දී දහවල් වටලන ලද අවස්ථාවේ කැනීම් කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු පලා ගොස් තිබිණි.

පලාගිය සැකකරුවන්ට අයත් ජංගම දුරකතනයක් හා කැනීම් උපකරණ රැසක් කැනීම් ස්ථානයේ දමා ගොස් තිබී ඇති අතර වැටලීම සිදුකල වනජීවී නිලධාරීන් විසින් හදුනාගත් සැකකරුවන් පිළිබදව සිගිරිය පොලිසියට ප්‍රකාශ ලබාදීමෙන් පසු සැකකරුවන් පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන් තිබිණි.

සෙසු සැකකරුවන් දෙදෙනා මේ වනවිටත් ප්‍රදේශය මඟ හැර ගොස් සිටින අතර මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා දේශපාලකයින් කීපදෙනෙකු නිධන් ගැනීමේ ජාවාරම පිටුපස සිටින බවට විමර්ශන කණඩායම් අනාවරණය කරගෙන ඇතැයිද පොලිසිය පවසයි.

විත්තිකරුවන් පසුගිය 06වනදා දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

lankatruth

මුස්ලිම් තරුණියක් වෙනත් ආගමක පිරිමියෙක් ආශ‍්‍රය කළොත් පල්ලියට ගෙනිහින් වළක බස්සලා පොල්පිත්තෙන් අසූවක් ගහනවා - හයිෆාගේ කතාව අහන්න

මේ හෙළිදරව් වන්නේ සමාජයේ නිරුවත රෙද්ද පල්ලෙන් බේරෙන කතාවකි. ඒ කතාව කියන්නේ අප නොවේ. ජනතාව විසින් ගර්හාවට ලක් කරමින් මානසික ආතතියට පත් කර ඇති බණ්ඩාරගම, අටුුළුගම පදිංචි ෆාතිමාය. සිංහල තරුණයකුට දාව උපන් දියණියන් දෙදෙනකුගේ මවකි. ඒ අසරණිය කියන කඳුළු කතාව අප ඔබට කියන්නේ ජාතිවාදය හෝ ආගම් අතර ඝට්ටනයක් ඇති කිරීමේ අදහසින් නොවේ. රටේ නීතිය සියලූ ජනතාවට එක ලෙස ක‍්‍රියාත්මක නොවීමේ කරුමය නිසා මෙරට පුරවැසියන්ට අත්ව ඇති ඉරණම ගැන හෙළිදරව් කිරීමටය.

පොලව අභ්‍යන්තරයේ මීටර් 800ක් ගැඹුරට ස්කෑන් කළ හැකි ගුවන් යානයක් කටුනායකට

ගැඹුරු භූමි නිරික්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදාගන්නා ගුවන් යානයක් පෙරේදා කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබෙනවා.

බැස්ලර් බීටී 67 දරණ මෙම ගුවන් යානය ස්පෙක්ට්‍රම් එයාර්, ඉසෙඩ් එස් – ඒ.එස්.එන් වර්ගයට අයත්වන අතර එය මීටර් 1000ක් තරම් ගැඹූරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.

කොල්ලකෑමේ සිද්ධියකට මීගමුවේ විපක්ෂනායක අත්අඩංගුවට

කටාන ආනන්දපුර පදිංචි සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික්, විදේශ මුදල් සහ රුපියල් කෝටියක් පමණ වටිනා වාහනය පැහැරගෙන පසුව එම ව්‍යාපාරිකයාගෙන් කෝටි 4 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පස්දෙනාගේ කප්පම් කල්ලිය මෙහෙය වූ බව කියන එජාප හිටපු පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම මීගමුව ප‍්‍රධාන සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ වත්මන් විපක්‍ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු නමැත්තා කටාන පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) දහවල් මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.