BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

21 හැවිරිදි ලිමිනි හා විවාහ වන නාමල්ගෙන් පාර්ලිමේන්තුවේ 225 ට ආරාධනා

ලබන සැප්තැම්බර් මාසයේ 17 වනදා සිය මංගල උත්සවය මහ ඉහළින් පවත්වන්නට සූදානම් වන මහින්ද රාජපක්ෂ වැඩිමල් පුතු නාමල් මේ දිනවල ඒ ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා වේ. බදාදා පාර්ලිමේන්තුවේ දී හදිසි නීතිය යළි සම්මත කිරීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඔහුගේ හිතවත් ඩී.වී. චානක මන්ත්‍රීවරයා ‘වෙඩින් කාඩ් බෙදිල්ල ’ පටන්ගත් බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.

ඔහු පාර්ලිමේන්තුවේ 225 ටම මෙම මංගල උත්සවයට එන්න ආරාධනා කර තිබේ. උත්සවය පවත්වන්නට නියමිත කොළඹ ෂැංග්‍රිලා හෝටලයේය. ඊට අමතරව ගමේ සහ පල්ලියේ චාරිත්‍රද තිබේ.

මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ තීරණාත්මක වසරක් වුණ 2019දී රෝහිත යෝෂිත මෙන්ම නාමල්ද පිළිවෙලක් වීම එම පවුලට සම්බන්ධ අයට සතුට දනවන කාරණයක් විය. වසර 2 ක් තිස්සේ සබඳතාවයක් පැවති බව කියැවුණත් නාමල්ගේ විවාහය ගැන අවසන් මොහොත වනතුරු කිසිවෙකු දැන සිටියේ නැත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණීම සිදුවූ අවස්ථාවේ ඔහු කළ විහිළුවක් නිසා මෙම විවාහ කාරණාව මාධ්‍ය වෙත හෙළිදරව්වූ බව ප්‍රකට කරුණකි. වසර 2 ක් තිස්සේ රහසේ පවත්වාගෙන ගිය පෙම් සබඳතාවයකින් පසු නාමල් විවාහ වන්නට යන්නේ ලිමිනි සමග බව එහිදී හෙළි විය.

33 හැවිරිදි නාමල් විවාහ වන ලිමිනි 21 හැවිරිදි වියේ පසුවන්නීය. ව්‍යාපාරික තිලක් වීරසිංහ නාමල් බදින්නට යන ලිමිනිගේ පියාය. ඔහු මරීනා හෝටල් සමූහය හා කිමිදුම් – පිහිණුම් තටාක සම්බන්ධ ව්‍යාපාරයක් සිදු කරයි.

‘අපි මහින්ද මහත්තයාගේ පවුලේ අයව දන්නේ ඇසුරු කරන්නේ අවුරුදු 15කට කිට්ටු කාලයක ඉඳලා. ඒ දැනහැඳුනුම්කම ඇති වුණේ ජල ක්‍රීඩා කටයුතු නිසා.’ ඔහු කියා තිබේ.

ලිමිනි වෙනස්ම විදිහේ ගති පැවතුම් ඇති දයාබර දියණියක බව ඇගේ පියා විස්තර කර තිබේ. කොළඹ බිෂොප් විද්‍යාලයේ ඉගෙන ගෙන තිබෙන ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කර තිබෙන බව මෙන්ම කලාවට ළැදි තැනැත්තියක බවත් බෙර වාදනයට පවා සමත්කම් දක්වන්නියක බවත් ඇගේ පියා පවසා තිබේ.

පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය බෙර වාදනයට දැක්වූ දක්ෂතා අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමින් වර්ධනය කරගෙන ඇති බව පියා පවසා තිබේ. 2017 වසරේදී උසස් පෙළ අවසන් කළ පසු ලිමිනි එම වසරේදීම ඇගේ බෙර වාදන දක්ෂතා එළිදක්වමින් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූ බවද පැවසේ.



ලිට්ට්‍රෝ ගෑස් නඩුවෙන් ගාමිණි සෙනරත් නිදොස් කොට නිදහස්

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු සියලූ අධිචෝදනාවලින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ 

(08 දා* නියෝග කළේය. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති කිසිදු අධි චෝදනාවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට ඒකමතිකව නිගමනය කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

සාෆි වෛද්‍යවරයා වඳකළැයි කී මව්වරු දෙන්නෙක් ගැබ් ගනී

පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් වඳ භාවයට පත් කළේ යයි චෝදනා කළ කාන්තාවන් දෙදෙනක් ගර්භනී භාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාවන්ට සිදුවීමට අදාළ පරීක්ෂණවලට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කළ අවස්ථාවේදීය.

‘විජයබා කොල්ලය’ ප්‍රදර්ශනය අරඹයි [VIDEO]

ත්‍රිමාණ (3D) තාක්ෂණික උපදෙස් මත රූගත කළ පළමු සිංහල චිත්‍රපටය වූ ‘විජයබා කොල්ලය’ ඊයේ (01දා) සිට දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ. සාහිත්‍යාකීර්ති ඩබ්.ඒ.සිල්වාගේ ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කර ඇත.

වෘත්තීය සමිති දෙදරයි - සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්තීර පත්වීම්

ස්ථීර රැකියාවක් හෝ ලබා නොදී වසර 20 ක් පමණ දේශපාලකයින්ට කඩේ යෑමට යොදාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරී තනතුරට වෘත්තීමය ගරුත්වයකින් යුතුව රාජකාරියෙහි නිරත වීමට ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ජේලර් ඝාතනය කළේ බන්ධනාගාරයේම ලොක්කකුගේ කොන්ත්‍රාත්තුවකට?

කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය, ගාල්ල බන්ධනාගාරයේ ජේයෂ්ඨයකුගේ කොන්ත්‍රාත්තුවක් මත දකුණේ පාතාලය විසින් කරන ලද්දක් බවට ආරක්ෂක අංශවලට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තා වේ.අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති ජේලර්වරයා ඉකුත් 03 දා සවස අම්බලන්ගොඩ, කුලිගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය පිටුපස ඇත්තේ හෙරොයින් ජාවාරමට අමතරව බන්ධනාගාරගත වන පාතාලයේ කෙරුමන්ට බන්ධනාගාරය තුළදී තමන්ගේ පාතාල ක්‍රියාකාරකම් අවහිරයකින් තොරව පවත්වාගෙන යෑමට ඉඩ සලසා ගැනීමට අදාළ කාරණා බව පොලිසිය තහවුරු කරගෙන තිබේ. දකුණේ පාතාල නායක නො. 06, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසි, හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35), අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සහ තවත් ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

කෝටි 15 ක් වංචා කළැයි උඩවෙල සණස බැංකු කළමනාකාරිනිය රිමාන්ඞ්

බළන්ගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එහි කළමනාකාරවරිය වූ ඒ. කේ. මංගලිකා චිත‍්‍රාංගනී කරුණාරත්න නැමැත්තිය මේ මස 20 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් බී. ජයරුවන් දිසානායක මහතා ඊයේ (7දා) නියෝග කළේය.

මෙම බැංකුවේ තැන්පත්කරුවන් 300 කට වැඩි පිරිසකගේ මුදල් වංචා කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත්තේ පෙරේදා (6දා) ය. මාස 9 කට අධික කාලයක් සැකකාරිය පොලිසිය මගහරිමින් සිටියාය. සැකකාරිය පොලිසිය මගින් අධිකරණය වෙත කැඳවාගෙන එන අවස්ථාවේදී ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් උසාවි භූමියේ රැඳී සිටියහ.