BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->

කටවුට් සිද්ධියෙන් ගෝඨා යකා නටයි - කාන්ති කොඩිකාරට සුද්ද සිංහලෙන් ජාතිය අමතයි

මහරගම නගරයේ මහාමාර්ගයට ඉහළින් ඉදිරිකර තිබුණු දැවැන්ත කටවුට් සහිත තොරණක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මියට ඉතාම දරුණු ලෙස බැනවැදී ඇතැයි වාර්තා වේ. 

ඊයේ (08) පෙරවරුවේ මෙම තොරණ මහාමාර්ගයට කඩාවැටී තිබුණු අතර අනතුරින් වාහන කිහිපයකට දැඩි අලාභහානි සිදුව තිබිණි. මින් ජීවිත හානියක් සිදු නොවේ බේරී තිබුණේ යන්තමිනි.

වැව් දියේ සැඟවෙන්න ගිය පවුල බේරා ගත් අපේ රණ විරුවන් [ VIDEO ]

කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ වැවේ රොන් මඩ සහිත දිය වලක ගිලෙමින් සිටි පවුලක් බේරා ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාවන්ට අයත් පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.

කිලිනොච්චිය, පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩි.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙ‍නා සමඟ පසඅගියදා (07) දහවල් වැවේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ වැව තුළ තිබු රොන්මඩ සහිත වලක එරෙමින් සිටියදී යුධ හමුදා නිලධාරීන් අදාළ පවුලම බේරා ගෙන ඇත.

වැවට බැසි දරුවෙකු රොන්මඩ සහිත වලෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එහිදි අදාළ දරුවා බේරා ගැනීමට දරුවාගේ පියා මව හා තවත් දරුවෙකු වලට බැස ඇති අතර, එහිදි ඔවුන් ද එරී තිබිණ.

වියත්මග මහ සමුළුවේ ගෝටාගේ දේශණය මෙන්න

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවති වියත්මග වාර්ෂික සමුළුව අමතමින් හිටපු ආරක්‍ෂත ලේකම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද සම්පුර්ණ දේශණය මෙහි දැක්වෙයි.

රජයක අරමුණ විය යුත්තේ පලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි.අපි අද හමුවන වියත්මග තුන්වන වාර්ෂික සමුළුවේදී, මා බලාපොරොත්තු වන්නේ මෙම අරමුණ ඉටු කරගත හැකි ආකාරය පිළිබඳව කතිකාවකට මුල පුරන්නයි.ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, රටක්.පෙර අපෙරදිග යාකරන ප්‍රධාන මුහුදු මාර්ගයේ ඉතාමත්ම කේන්ද්‍රීය ස්ථානයක පිහිටා ඇති අපේ රටේ සුවිශේෂි භූගෝලීය පිහිටීම නිසා අද ලංකාව කලාපීය මෙන්ම ජාත්‍යන්තර බලවතුන්ගේ විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. මෙම අභියෝගයන් හමුවේ නොසැලී මව්බිමේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම රජයේ මූලික වගකීමක් වෙනවා. මින් පෙර ඇමෙරිකාව හා රුසියාව ලෝකයේ ප්‍රධාන බලකඳවුරු දෙක ලෙස තිබුන කාලයේ අනෙකුත් දියුණු රටවල් බොහෝමයක් මින් එක රටක් සමඟ කඳවුරු ගතව සිටියා. නොබැඳි රටවල් ලෙස සිටියේ බොහෝ විට දියුණු වෙමින් පවතින රටවල් සමුහයක්. ලංකාවත් එදා නොබැඳි රටක්. තවමත් ලෝකයේ ආර්ථික බලවතා ලෙස සිටින්නේ ඇමෙරිකාවයි. වේගවත් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් හරහා අද ඇමෙරිකාවට ප්‍රධාන අභියෝගය බවට පත් වී සිටින්නේ චීනයයි.

මංගලගේ වැඩ අගමැති අගයපු හැටි මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීළඟ පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීමට ජනවරම ලබාදෙන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එලෙස සම්මත කරගනු ලබන ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලය විමද්‍යගත කරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව පවසයි.

නව ව්‍යවස්ථාව සම්මත කරගන්න නොහැකිවූ කාරනය!

නව ව්‍යවස්ථාව ගෙන ඒමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තුළ පියවර ගණනාවක් ගත්ත ද ආණ්ඩුවට බහුතරයක් නොමැතිවීම නිසා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අද නෙවෙයි හෙට රනිල් – සජිත් සාකච්ඡාවට බාලගිරි දෝෂය

එක්සත් ජාතික පක්ෂය තුළ වසර ගණනාවක් පටන් පැවති අභ්‍යන්තර අර්බුදය ඉදිරි ජනාධිපතිවරණයද පාදක කරගනිමින් මේ වනිවට උච්චතම ස්ථානයකට පැමිණ ඇති අතර එය සමන කර ගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨන්ගේ උපදෙස් මත එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (08) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව ඊයේ දින පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගගව ඇති බව වාර්තා වේ.

ජයටම ගන්න යන රාජපක්ෂ පවුලේ අන්තිම විවාහ උත්සවය ගැන මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආදරණිය පුතාලා තුන් දෙනා ගැන ගොඩක් දෙනා පහුගිය කාලේ සැරින් සැරේට කතා කළා මතක ඇති. ඒකට ප්‍රධානම හේතුව වුනේ මේ මුළු රටේම ආකර්ෂණය දිනාගත්ත මේ තරුණයෝ තුන් දෙනා එක දිගට විවාහ වෙන්න පටන් ගත්ත එක. මේ අයියලා මල්ලිලා තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ඔන්න පහුගිය මාස 2,3ක් ඇතුලත විවාහ දිවියට පත්වුණා හැටි මතක ඇති. ලොකු අයියාගේ විවාහයට කලින් පොඩි මල්ලිලා දෙන්න විවාහ වෙද්දී "ඇයි අයියා බඳින්නේ නැද්ද" කියලා හැමෝම වගේ අහන්න පටන් ගත්තා.

ශ්‍රීලනිපය සමඟ පැවැත් වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වුණා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් තමන්ට ඔවුන්ගේ සහය ලැබෙනු ඇතැයි විශ්වාසකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවත්වන සාකච්ඡා මාලාවේ අටවැනි සාකච්ඡාව කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේදී පැවැත්විණ.