සමහර දාට මට කන්න දුන්නේ පාන්
පෙති දෙකයි - කුමාර තිරිමාදුර
කුමාර තිරිමාදුර ‘තන්හා රතී රඟා’ අත්දැකීම් සමඟ
සංවේදී, ප්‍රබල තිර පිටපතකින් සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි බවට මෑත ඉතිහාසයේ ගත හැකි හොඳම නිදසුන ‘තන්හා රතී රඟා’ ය. එය ලියන ලද්දේ අපේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙකු වීම විශේෂත්වයකි. ඒ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලය. මා දන්නා තරමින් එවැන්නක් මෙරට සිනමාවේ මින් පෙර සිදුව නොමැත.
තමා ලියූ තිර නාටකයකින්, තමන් හට විශිෂ්ට රංගනයකට අවස්ථාව උදාවීම විරළ සිදුවීමකි. කුමාර හා සරත් හට සිය දස්කම් විස්කම් රිදී තිරය මත විදාරණය කරන්නට ද ‘තන්හා රතී රඟා’ හරහා ඉඩ හසර විවරව තිබේ. අද අපේ කතා නායකයා ඉන් එක් අයෙකි. ඒ කුමාර තිරිමාදුරය.
‘තන්හා රතී රඟා’ ඔබේ සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා මා හිතනවා?
ඒක ඇත්තටම මම තීරණය කරනවාට වඩා මේ රටේ ජනමාධ්‍ය හා ප්‍රේක්ෂකයා තීරණය කළ යුතු දෙයක්. නිලේන්ද්‍රයි, මමයි, සරතුයි එකතු වෙලා නිර්මාණයක් කළා. හැබැයි මේ චිත්‍රපටය හොඳ නෑ කියපු කෙනෙක් නම් මට හමු වුණේ නැහැ මෙතෙක්. විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් අපට අවබෝධ වෙන්නේ සහ ඔවුන් අපට දෙන සහතිකය මෙය හොඳ චිත්‍රපටයක් බවයි.
තිර නාටකයක් ලියනවා කියන්නේ රංගනයට වඩා වෙනස් කාරණායක්. කොහොමද මේ පරිචය ලැඛෙන්නේ ඔබට?
සිනමා ශාලා හයක් මැද්දේ හැදුණ වැඩුණ කෙනෙක් මම. ඒ කියන්නේ සොයිසා පුර ප්‍රදේශයේ. මගේ දකුණු අත පැත්තේ තිබුණා ටවර් -මොරටුව, එමෙස් -මොරටුව සහ මානෙල් -මොරටුව කියන සිනමාහල්. මගේ වම් අත පැත්තෙන් තිබුණේ පද්මා -රත්මලාන, විජිත- රත්මලාන, ඕඩියන් -ගල්කිස්ස. ඒ සිනමාහල් හය මැද්දෑවේ මම හිටියේ. ඉස්සර පද්මා රත්මලාන සිනමාහලේ වැඩිපුර ප්‍රදර්ශනය වුණේ ගාමිŒ ෆොන්සේකාගේ චිත්‍රපට. පාසල් ඇරිලා ගිහින් බත් කටක් දෙකක් කාලා දුවන්නේ සිනමාහලට.
ගැලරියට?
ඔව්. ඔව්. ගැලරියේ ඉඳන් තමයි බලන්නේ. ඒ ප්‍රේක්ෂකාගාරයෙන් මතුවුණ විසිල් පාරවල්, හූ හ~වල් තාම මට මතකයි. හැබැයි එදා මට හිතුණේ නෑ මේ වගේ සිනමා නිර්මාණවලට දායක වෙන්න ලැඛෙයි කියලා. මේ රටේ සිනමා සම්මාන උළෙලවලින් මට සම්මාන ලැඛෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් අද මේ චිත්‍රපටය හරහා ජාත්‍යන්තර වශයෙනුත් සම්මානයට පාත්‍ර වෙන්න අපට අවස්ථාව ලැබිලා. මෙහි රංගනය ගැන බොහෝ අය කතා කරනවා. කොහොමත් මම නළුවෙක් හැටියට මේ රටේ ප්‍රේක්ෂකයෝ අතර යම් ස්ථාවරයක් ගොඩ නගාගෙන තියෙනවනේ. ඒ වගේම චිත්‍රපටයේ තිර නාටකය ගැනත් බොහෝ අය කතාබහ කළේ ප්‍රශංසා මුඛයෙන්.
සිනමාව ඇසුරේ ලද අත්දැකීම් ඔස්සේ තමයි ඔබ මේ තිර පිටපත් රචනයට යොමු වන්නේ?
පුංචි කාලේ ඉඳලම මගේ ඇෙඟ් තිබුණේ සිනමාව. ඒ වගේම පසු කලෙක මගේ වෘත්තීය ජීවිතය ඔස්සේත් යම් පිටුබලයක් ලැබුණා කියා හිතෙනවා මෙවැනි කාර්යයක නියැළෙන්නට. මම සෝදුපත් කියවන්නෙත් හැටියට අවුරුදු පහළොවක් වැඩ කළා උපාලි පුවත්පත් සමාගමේ. සාමාන්‍යයෙන් පත්තරයක් අතට ගත්තම මිනිස්සු කියවන්නේ තමන්ට අවශ්‍ය තමන් කැමැති දේ. හැබැයි සෝදුපත් කියවන්නෙකුට ගුවන් ගමනුයි, ලග්න පලාපලයි, විනිමය අනුපාතයි ඔක්කොම කියවන්න වෙනවා. මටත් අකැමැත්තෙන් වුණත් සමහර දේවල් කියවන්න වුණා ඒක මගේ රැකියාව වුණ නිසා. එදා මට ඒක වාතයක් වගේ හිතුණට ඒ කියවපු දෙයින් මට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. ඒ අත්දැකීම් හා දැනුම නිසැකයෙන්ම මට ප්‍රයෝජනවත් වුණා මේ ලිවීමේ කලාවට.
දෙදෙනකු එක්ව එකම නිර්මාණ කටයුත්තක නියැළීම අභියෝගාත්මක කාර්යයක්. නමුත් සරත් කොතලාවල සහ ඔබ කදිමට පෑහෙමින් මේ අභියෝගය ජය ගන්නවා. ඔබ දෙපළගේ නිර්මාණ සබැඳියාව අහම්බයක් නෙවේ?
ඇත්තෙන්ම නැහැ. මීට කලින් අපි එකතු වෙලා ‘දෙන්නට දෙන්නා’ කියලා ටෙලි නාට්‍යයක් ලිව්වා. ‘අංගාරි ඉංගාරි’ කියලා එකක් ලිව්වා. ඒක විකාශය වුණා. ‘දෙන්නට දෙන්නා’ විකාශය වීමට නියමිතයි. ‘අන්දමන්ද දූපත’ කියලා ‘සිරස’ට ප්‍රෝග්‍රෑම් එකක් කළා. ‘පකිස් පුවත්’ කියලා ‘දෙරණ’ නාළිකාවට නිර්මාණයක් කළා. ඉතින් මේ වගේ පොඩි, පොඩි ලියැවීම් තිබුණා. ඒත් සිනමාත්මකව අපි එකට මුණ ගැසුණු පළමුවතාව මේක.
මෙවැනි කතා තේමාවකට මූල බීජය සැපයෙන්නේ කොහොමද?
අපි යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ සරතුයි මමයි මහරගම අපේ නිවසේ උඩුමහලට වෙලා පොඩි මධුවිතක් පානය කරනවා. අපිට පේනවා මිනිස්සු කෑ ගහනවා, රතිඤ්ඤා පත්තු කරනවා, ජයඝෝෂා නගනවා. ලොකු උත්සවශ්‍රීයක් තිබුණේ. අපිත් සතුටෙන් හිටියේ. ඒ වෙලාවේ. ‘යාපනේ අවි ආයුද ගොඩක් වලලලා ඇති’ කියලා සරත් කිව්වම මම ඇහුවා ‘ඇයි ඉතින් මොකක්ද වෙන්නේ’ කියලා. ‘නෑ ඉතින් කවුරු හරි කොළඹට මෙනවා හරි ගෙනාවොත් මොකද වෙන්නේ’ කියලා ඔහු මගෙන් ඇහුවා. එච්චරයි කිව්වේ. සරත් ගියා. පස්සේ මහ රෑ මගේ සිතට නොයෙක් විදිහේ සිතුවිලි ගලාගෙන එන්න පටන් ගත්තා.
නිදිවර්ජිත රැයක්?
මහ රෑ දෙකට විතර මම සරත්ට ජ්කක කරලා කිව්වා අපේ ගෙදර එන්න කියලා. පස්සේ ඔහු ආවා. පාන්දර පහ විතර වෙනකල් මට ආපු අදහස් මම සරත්ට කිව්වා. එයා ඒවා සේරම රෙකෝඩ් කළා. ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක පොඩි සංහිඳියාවක් රටේ ඇති වුණානේ. ඒකාලේ අපි රෑට රෑට හමුවෙලා මාසයක් තිස්සේ මේක ලියලා ලියලා තමයි දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ තිර පිටපත අපි නිර්මාණය කර ගත්තේ.
එතනින් පස්සේ මොකද වෙන්නේ?
මම මුලින්ම මේ තිර නාටකය ගැන කිව්වේ උදයකාන්ත වර්ණසූරියට. උදය අයියට. එයා එතකොට චිත්‍රපටයක් කරමින් හිටියේ. ඒ නිසා මේ වැඩේ කෙරුණේ නෑ.
ඊට පස්සේ සෑහෙන දෙනෙක් අතරට යනවා මේ තිර පිටපත?
ප්‍රසන්න විතානගේ මහත්තයා බැලූවා. එතකොට අරුණ ජයවර්ධන, සංජය නිර්මාල්, ලංකාවේ මේක නොදුටු අධ්‍යක්ෂවරයෙක් නෑ. නම් කියන්න ගියොත් දිග ලැයිස්තුවක් වෙයි. විවිධ හේතූන් නිසා වැඩේ පස්සට ගියා. මේක කෙරුනෙම නෑ.
තිර පිටපත පිළිබඳ එකී අධ්‍යක්ෂවරුන් සෑහීමකට පත් නොවූ නිසා ද එහෙම වුණේ?
නෑ, හැමෝම කිව්වේ හොඳ පිටපතක් කියලයි. හොඳ නෑ කිව්වේ නෑ බලපු කිසි කෙනෙක් ‘ෂා මරු වැඩක්’ කියලා කිව්වේ. මේ තිර නාටකය මුලින් අපි නම් කර තිබුණේ ‘කදකදපඉද එද න‍්ෙඛේ’ කියලයි. පස්සේ නිලේන්ද්‍ර අපි සමඟ සාකච්ඡා කරලා තමයි ඒ නම වෙනස් කළේ.
අවසානයේ ඔබ දෙදෙනාගේ සිහිනය යථාර්ථයක් බවට පත් වන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය හරහා?
දවසක් වී. සිවගුරුනාදන් අපි දෙන්නා මුණ ගැහෙන්න ආවා ටෙලි නාට්‍යය පිටපතක් ලියවා ගන්න. එතකොට අපි කොමඩි ටෙලි නාට්‍යය දෙකක් ලියලයි තිබ්බේ. සිවා අපි ගාවට එන්න ඇත්තෙත් ඒ නිසයි. අපේ කතාබහ අතරතුරේ මම මේ පිටපත ගැනත් ඔහුට කිව්වා. සිවාට පිටපත ගැන මම විස්තර කළාම ඒ ගැන පැහැදිලා ඔහු ඒ පිටපත අරගෙන ගියා. ඒ පිටපත ඔහු දීලා තිබුණේ නිලේන්ද්‍රට. පස්සේ දවසක මමයි, සරතුයි, සිවයි, නිලේන්ද්‍රයි හමු වී මධුවිතක් තොලගාමින් මේ පිටපත ගැන දීර්ඝව සාකච්ඡා කළා. එදා තමයි නිලේන්ද්‍ර පොරොන්දු වුණේ මේ චිත්‍රපටය කරනවා කියලා.
සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය කියලනේ අපි හඳුන්වන්නේ. ඇතැම් තිර පිටපත් අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි වෙනස් කළ අවස්ථාවන් අප දන්නවා. ඔබ ලියූ තිර නාටකයම ද නිලේන්ද්‍ර අතින් සිනමාවට නැගෙන්නේ?
නිලේන්ද්‍ර තිර පිටපතේ යම්, යම් තැන් වෙනස් කළා. ඒ සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය කියන තැන ඉඳගෙන. සමහර දේට අපි එකඟ වුණේ නෑ. අපි බැන ගත්තා. වාද විවාද වුණා. නිලේ මට ඒ දවස්වල කියනවා ‘මැ‚කක් රකිනා නා රජිඳකු සේ, උඹ පිටපත තියාගෙන ඉන්නවා. කෝ දියන් ඔය මැ‚ක මෙහාට’ කියලා. එහෙම තමයි ඔහු පිටපත ගත්තේ. නිලේන්ද්‍ර පිටපතේ යම් වෙනසක් කලාම මම මගේ ඔරිජිනල් එක වෙනස් කළා ද කියලා බලනවා. ඉතින් ඒ වගේ වෙනස් වුණාම අපි තරහා වෙලා ඉඳලා තියෙනවා. එහෙම එහෙම වෙලා විවිධ හැලහැප්පීම් මැද තමයි අපි මේ චිත්‍රපටයේ අවසානය දක්වා ආවේ.
‘අවුට්පුට්’ එක සාර්ථකයි?
අතිශය සාර්ථකයි. අපේ තර්ක විතර්ක, වාද, විවාද මැද අන්තිමට එළියට ආවේ හොඳ නිර්මාණයක්.
පිටපත ලියද්දී ඔබේ භූමිකාව කල්තියා ඔබටම වෙන්කර තියාගන්න ඇති?
පිටපත ලියද්දීම මම ‘විමලේ’ගේ චරිතයටත් සරත් ‘සිරිතුංග’ගේ චරිතයටත් අප විසින්ම තෝරාගෙන තිබුණේ. හැබැයි ඉතින් කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ නිර්මාණයේදී අපි දෙන්නා නැතිව වෙන කවුරු හරි ඒ චරිතවලට යොදා ගන්න තීරණය කළොත් අපි ඒ චරිත දීලා දාමු කියන තැන අපි හිටියා. තේරුණාද . . .? අපි නළුවො හැටියට මේකෙ යම් ගමනක් ඇවිත් තියෙනවනේ. නමුත් පිටපත් රචකයන් හැටියට අපට සිනමාවේ දොරගුළු විවර කර ගත යුතුව තිබුණා. ඒ නිසා අපි සූදානමින් හිටියේ ඒ පරිත්‍යාගය කරන්න. පූජා කරන්න ලෑස්ති වෙලා හිටියේ.
නිලේන්ද්‍ර එතැනදිත් ඔබට සාධාරණය ඉටු කරනවා?
අපි නිලේන්ද්‍රට මේ ගැන කිව්වා. මම ඒ දවස්වල කොණ්ඩෙ වවාගෙනමයි හිටියේ. අපි නිලේට කිව්වා චරිතවලට ඔයා කැමැති නළු, නිළියන් ගන්න. අපේ අකැමැත්තක් නෑ කියලා. නිලේ ඒක අහලා කිව්ව ‘පිස්සුද යකෝ මේ චරිතවලට ගැළපෙන්නේ තොපි දෙන්නා තමා’ කියලා. උඹලා දෙන්නගේ බ්ලඩ්වල මේ චරිත තියෙන නිසා ඒකට වඩාත් සුදුසු උඹලම කියලයි නිලේ නැවත මේ චරිත දෙක අපටම පූජා කළේ.
හැබැයි නිකම්ම නෙවෙයි?
ඔව්. නිලේ අපට කොන්දේසි ගණනාවක් පැනෙව්වා. මුලින්ම ඔහු කීවේ ‘යකෝ බලපල්ලා උඹලගේ බඩවල් ඕවා අඩු කර ගන්න ඕනෑ’ කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා ‘උඹේ වයස කීයද’ කියලා. චිත්‍රපටය රූගත කරද්දී මට අවුරුදු හතළිස් දෙකක් විතර. ‘බලපං අවුරුදු හතළිස් අටක් වෙලත් ෂාරුක් ඛාන් ඇඟ තියන් ඉන්න හැටි. බලපන් අමීර් ඛාන්, කියාලා දැම්මා අපව ජිම් එකකට. අයියෝ පළවෙනි දවසෙම සරත් කොතලාවලට උණ ගත්තා. බොරුවට කොන්දෙ අමාරුවක් අරගෙන මම හැංගුණා. ඒත් ඒවා හරි ගියේ නෑ.
මාර කට්ටක්?
ඒ විතරක් නෙවේ, නිලේ මට කිව්වා ‘උඹ ත්‍රීවිලර් එකේ ගිහින් ටවුන් හෝල් හන්දියේ අට ගහලා පෙන්නන්න ඕනෑ’ කියලා. ‘එහෙම නැතිනම් තෝව ගන්නේ නෑ ෆිල්ම් එකට’ කියලත් කිව්වා. පස්සේ මම ත්‍රීවිලර් එක පදවන්න ඉගෙන ගෙන, ඉගෙන ගෙන අට ගැහුවා. එතකොට මම දැනගෙන හිටියේ නෑ ත්‍රීවිල් පදින්න. ඊට පස්සේ අනෙක් අය වාහනවල යාපනේ ෂූටිං යද්දි මමයි, සරයි ගියේ ත්‍රීවිල් එකේ. දවසක් මම නිලේන්ද්‍රට කිව්වා ‘දැන් චිත්‍රපට නැතිවෙලා, නාට්‍යවල වැඩ නැතුව ගියත් දෙයියනේ කියලා මහරගම ටවුන් එකේ ත්‍රීවිලර් එකක් දාගන්න මට පුළුවන්’ කියලා. ඒක මට ලැබුණේ මේ චිත්‍රපටය නිසා. කොහොම හරි ඔහු අපට හරියට වධ දුන්නා. අපි හිතුවා චිත්‍රපටයක් නිසා මේතරම් වධ විඳින්න ඕනෑ නෑ කියලත්. ඒ තරමටම.
ඔරොප්පු වුණේ නැද්ද?
මොකද නැත්තේ. ඒ කාලේ අපිට නිලේන්ද්‍රව පේන්න බැරිව හිටියේ. මට කන්න නෑ. මහත් වෙයි කියලා සමහර දාට පාන් පෙති දෙකක් දෙනවා. එක්කෝ බිත්තරයක්. ඩ්‍රින්ක් එකක් දාන්න දෙන්නේ නෑ.
මධුවිතටත් සම්බාධක පැනෙව්වා?
සම්බාධක පැනෙව්වා කියන්නේ වැඩක් නෑ කියලා. ‘යකෝ උඹ මේකෙ මේන් රෝල් කොල්ලා. රෑ තිස්සේ බීලා උදේට මූණවල් ඉදිමිලා කෙල්ලට ලව් කරන්න බෑනේ. ඒ නිසා ‘සිරිතුංග’ බිව්වට කමක් නෑ. අනෙක් උන් දෙන්නට තහනම්’ කියලා දැඩි නීතියක් පැනෙව්වා.
නිලේන්ද්‍රලා බිව්වා?
ඔව්. එයාලා ඉතින් සෙට් වෙනවා. එහෙම තැන්වලදී මම පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා යනවා ඉතින්. බොන්න තහනම්. කන්න තහනම්. සියලූ සම්බාධක මැද්දේ තමයි ඒ මාස දෙකක කාලය අපි ගත කළේ. ඒක අතිශය දුෂ්කර කාලයක්. ජීවිතයේ පුරුදු වෙලා තිබුණු සමහර දේවල් නැති වුණා. නමුත් ඒ සේරම අවසානයේ ‘සැවෝයි’ එකේ චිත්‍රපටය බලපු දවසේ මට හිතුණා නිලේන්ද්‍ර කොයි තරම් සාධාරණයක් අපට, ප්‍රේක්ෂකයන්ට ඉටු කර තිඛෙනවා ද කියා. දැන් නිලේන්ද්‍ර ගැන තියෙන්නේ කේන්තියක් නෙවේ, සහෝදරයකුට වගේ පුදුමාකාර ළෙන්ගතුකමක්. ඔහු තරම් සුන්දර මිත්‍රයෙක් අද අපට නැහැ. නිතර ඇස් දෙකට කඳුළක් උනන තරමේ මිත්‍රයෙක් මට ලැබුණා.
නළු, නිළියන් තෝරා ගැනීමේදී ඒ කාර්යය ඉතා විශිෂ්ට අන්දමින් සිදු කර ඇති බව පේනවා. ඔබත් ඒ කාර්යයට දායක වුණාද?
අපි පිටපත ලියද්දීම අර සාජන්ට් සිල්වාගේ චරිතයට ඔළුවට ආවේ දයාදේව එදිරිසිංහ. එකටත් දයාදේව එදිරිසිංහ, දෙකටත් දයාදේව එදිරිසිංහ, තුනටත් දයාදේව එදිරිසිංහ කියලා මම ලිව්වා පිටපතේම. ගයනිගේ අයියට මුලින් මම යෝජනා කර තිබුණේ අසේල ජයකොඩිව. නිලේන්ද්‍ර ඒකට කැමැති වෙලා හිටියේ. නමුත් අවාසනාවන්ත විදිහට ඔහු අපෙන් වියෝ වුණා. ඊට පස්සේ නිලේන්ද්‍ර ඇහුවා ‘මචං කමල් අද්දරආරච්චි කොහොමද’ කියලා. මං කිව්වා ‘බඩුම තමයි කමල් අයියා නියමෙට මේ චරිතෙ කරයි’ කියලා. ඇත්තටම ඔහු විශිෂ්ට අයුරින් ඒ චරිතය රඟපෑවා. එ වගේ අවුරුදු ගාණකට පස්සේ ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණ නිළියන් නිලේ මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. මේ අය මහ විශාල චරිත නෙවෙයි රඟපෑවෙත්. නීටා ප්‍රනාන්දු පවා. කාස්ටින් ඩිරෙක්ටින් කියන එක නියමෙට තිබුණ චිත්‍රපටයක් විදිහට ‘තන්හා රතී රඟා’ හඳුන්වන්න පුළුවන්.
මෑත කාලයේ තිරගත වූ වෙනත් කිසිදු චිත්‍රපටයකට වඩා සිවිල් සමාජය තුළ ප්‍රබල කතිකාවක් ගොඩ නැඟ=ණ නිර්මාණයක් වුවත් ඊට සරිලන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ‘තන්හා රතී රඟා’ ට ලැබුණා ද කියන පැනය මට නැඟෙනවා.
චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹූ මුල් සති දෙකක කාලය මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඊට පස්සේ මම ලංකාවට එන කොට අර නාය ගිය ප්‍රදේශවලට වතුර බෝතල්, කෑම පැකට් අරගෙන යන සහෝදර ජනතාව තමයි දැක්කේ. චිත්‍රපටයක් නරඹන්න සුදුසු මානසික මට්ටමක් මිනිස්සුන්ට තිබුණේ නෑ. අනෙක අධික වර්ෂාව. මේවත් එක්ක සති දෙකක පමණ කාලයක් නිකං අපරාදේ ශාලා ටික තිබුණා. මම කියන්නේ මේ චිත්‍රපටය අපේ සිනමාව කියලා ඔබ හිතනවා නම් ඒ සති දෙක ආපසු අපට දෙන්න ඕනෑ. දැන්, දැන් මිනිස්සු එනවා මේ චිත්‍රපටය නරඹන්න. එහෙම එනකොට චිත්‍රපටය ගලවා දැම්මොත් ඒක හරි අපරාධයක්. සිනමා ශාලා හිමියන්ගෙන් මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටය ආරක්ෂා කර දෙන්න කියලා.
යුද ජයග්‍රහණයත් සමඟම තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන්නේ. නමුත් එය ප්‍රදර්ශනයට එක් වන්නේ වසර තුන හතරකට විතර පසුව. මේ ප්‍රමාදයත් ප්‍රදර්ශනයේදී යම් බලපෑමක් කරන්නට ඇති නේද?
එහෙම වෙන්නත් ඇති නේද? චිත්‍රපටය තවත් පස්සට යන්න තිබුණේ. ප්‍රසන්න විතානගේ මහතා මැදිහත් වෙලා තමයි ප්‍රදර්ශනය කඩිනම් කර ගත්තේ මම දන්න විදිහට. මම කියන්නේ මේ වගේ උසස් නිර්මාණවලට අර ඉස්සර වගේ සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයක් තියෙන්න ඕනෑ. එතකොට සිනමාවත්, සිනමාකරුවාත් රැකෙයි. දැන් ජයන්ත ධර්මදාස මහතා නැවත චිත්‍රපට සංස්ථාවේ මහ පුටුවට ඇවිත් ඉන්නවා. එතුමා හොඳ දැක්මක් ඇති කෙනෙක්. අපි යෝජනා කරනවා එවැනි දෙයක් කළ හැකි නම් හෙඳයි කියා. එතකොට ‘අහස් ගව්ව්, ‘බඹරු ඇවිත්’, ‘වෙස්ගත්තෝ’ වගේ අපි අර ඉස්සර දැකපු සිනමාව යළිත් ගොඩ නගන්න පිරිසක් එකතු වෙයි.
ඔබ ඉඟි කරන්නේ කලාත්මක සිනමාවක් ගැන. ඇයි සරල විනෝදාත්මක චිත්‍රපටවලට අකැමැතිද?
නැහැ. එහෙම වර්ගීකරණයක් නැහැ. නළුවෙක් හැටියට හෙට මට පුළුවන් නම් සමස්ත සිනමා නිර්මාණවලටම දායක වෙන්න මම ඒක කරනවා. දැන් බලන්න ගාමි‚ ෆොන්සේකා. ඔහු ‘නිධානය’, ‘වැලිකතර’ චිත්‍රපටවල රඟපාන ගමන් තමයි ‘සූරයන්ගෙත් සූරයා’ වගේ චිත්‍රපටවල රඟපෑවේ. අර පැත්තේ ලිඩෝ එකේ ‘නිධානය’ යනකොට මේ පැත්තේ ‘රිට්ස්’ එකේ යනවා ‘කවුද රජා’. එහෙම සම්භාව්‍ය, වා‚ජ කියලා සිනමාව ඛෙදන්න බෑ. සිනමාව නම් සිනමාව. දැන් කොමඩි චිත්‍රපට කියලා හැදෙනවා. හාස්‍ය නරක දෙයක් නෙවෙයි. නව නළු රසයන්ගෙන් එකක්.
අපි මෙහෙම වැඩිදුර සිනමාව ගැන කතා කළත් මම හිතන්නේ වේදිකාව තමයි කුමාරගේ රංගන කෞෂල්‍යය මුවහත් කරපු තැන?
ඔව්. මම වේදිකාවට ආවේ වයස අවුරුදු දාසයේදී. විශ්වාස කරන්න අදටත් මම වේදිකාවෙන් අයින් වෙලා නෑ. ඒකේ තියෙන ශක්තිය තමයි මම අරගෙන ඇවිල්ලා පුංචි තිරේට දාන්නේ. සිනමාවට දාන්නේ. අපේ පසුම්බියේ මුදල් වැය වෙනවා වගේ රංගන ධාරිතාවත් එහෙම වියදම් වෙනවනේ එක එක ඒවාට දාලා. ආයේ වේදිකාවට ඇවිත් මල්ල පුරෝගෙන ආපහු යනවා. වේදිකාවේ තියෙනවා බොහෝ දේවල් ගන්න. අපි ඒවා අරගෙන ආවාම අපේ පැස නිරන්තරයෙන්ම පැස පිරිලා.
වර්තමානයේ අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයකම ඔබ එකවර රඟපානවා?
‘බල්ලොත් එක්ක බෑ’, ‘නරි බුරති’, ‘චරිතෙ හොරු අරන්’, ‘කෝ කුක්කෝ’, ‘දෙයියොත් දන් නෑ’, ‘මල් වඩම් අනවශ්‍යයි’ වැනි ලංකාවේ මේ වෙන කොට වේදිකා නාට්‍ය රසිකයෝ බොහොම ආදරයෙන් වැලඳ ගත්ත නාට්‍ය හයකම මම රඟපානවා. එකිනෙකට වෙනස් චරිත. ඒ එක්කම මමයි ගිහාන් ප්‍රනාන්දුයි කරනවා ‘වත්තල ගිහා සහ මහරගම කුමා’ කියලා ීයදඅ එකක්. ඒක දැනට භැඅ ශදරන නගරේ කළා. ඉතාලියේ නගර හතක කළා. විදෙස් රටවල ශ්‍රී ලාංකිකයෝ ඒ ප්‍රසංගය හරියට අගය කරනවා. හරිම සාර්ථකව අපි ඒ ප්‍රසංගය එහෙ පැවැත්තුවා.
තවම ලංකාවේ කළේ නැහැනේ?
නැහැ. අපි දැන් කොහොමද මෙහෙ ඒ ප්‍රසංගය කරන්නේ, කොයි විදිහට ද කරන්නේ කියන එක සාකච්ඡා කරගෙන යනවා.
වේදිකාව, රූපවාහිනිය, සිනමාව කියන මාධ්‍යයන් ත්‍රිත්වය අතරින් ඔබ වඩාත් කැමැති?
බොරු කියන්න ඕනෑ නෑ, සිනමාවට. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි. අර මහ තිරයෙන් අපේ රංගනය දැක බලා ගන්න තියෙන කැමැත්ත. වේදිකාවේ මගේ රංගනය මට කවදාවත් බලන්න බෑනේ. ඔබ දැක්කා ‘තන්හා රතී රඟා’ චිත්‍රපටයේ මගේ රංගනය. ඉතින් එතනින් එහාට යන රංග රීතියක්, හොඳ සිනමාවක් බිහිවේ නම් ඒක කොච්චර වටිනවාද කියලා මට හිතෙනවා.
අපි දන්න කුමාර තිරිමාදුර හොඳ ගායකයෙක්. ඒ ගැන කතා කළොත්?
සමහර නාට්‍යකරුවෝ මට කියනවා උඹ දැන් සිංදු කියන්න පටන් අරන් ප්‍රසංගවලට ගියොත් අපිට උඹ නැති වෙලාම යනවා කියලා. ඇත්තම කියන්නේ මම සිංදු කියන්න ආපු කෙනෙක්. මගේ පල්ලෙහා පන්තියේ හිටියේ අසංග ප්‍රියමන්ත. අපි දෙන්නම විෂයයක් හැටියට මේක කරගෙන ගියා. ඒත් වැඩිදුර රඟපෑම පැත්තට යොමු වුණ නිසා අර පැත්ත මඟ හැරුණා. ‘උඩැක්කි කෝලම්, ‘දඟර වානේ’, ‘රන් මාල මුදු වැස්සිලා’, ‘ගම්බාර දෙවියන්ගේ අඩවියේ’ වගේ ගීත හත අටක් දැන් මගේ තියෙනවා. නමුත් මේ ගීත මාධ්‍ය මඟික් ප්‍රචාරය වෙන්නේ නැහැ. හැබැයි යූ ටියුබ් මාර්ගයෙන් මුළු ලෝකෙම මේ ගීත දන්නවා. රස විඳිනවා.

.jpg)