Advertisement

ගෝඨාගේ වැඩ ගැන විශේෂ විගණනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

එම විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විගණන නිලධාරීහු කණ්ඩායමක්ද පත් කරනු ලැබ සිටිති.
සීතා එළියට - ‌ගෝඨා අගමැති ධූරය සදහා  ඇතුලට 
- විස්තරේ මෙන්න

ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට අවශ්‍ය නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවසා ඇති බව Mawbima පුවත්පත සදහන් කරයි.

එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෝ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියා ය.
නව අගමැති, කැබිනෙට්ටුව සූදානම් 
ජනාධීපතිගේ සම්පූර්ණ කතාව මෙන්න

ජනාධීපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අද දිනයේ සිදු කරන ලද ජාතිය ඇමතීමේ කතාව මෙසේය.

“අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදය නිසා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා.

මේ පැවති ගැටලුවලට විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස. පසුගිය කාලයේ මම මේ සඳහා විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල නායකයන් සමග සාකච්ඡා බොහොමයක් කළා. ඒ අදහස මමත් පිළිඅරගෙන මේ විසඳුමට අවශ්‍ය පසුබිම සකස් කරන්න අසීරු හා දැඩි තීන්දු කිහිපයක්ම අරගත්තා.
දූෂිත ඇමතිවරුන් නිසයි මම අමාරුවේ වැටුණෙ

තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

රට ගොඩනැඟීම සඳහා තමන් සතුව හොඳ දැක්මකුත් වැඩපිළිවෙලකුත් තිබුණු නමුත් දූෂිත අමාත්‍ය මණ්ඩලය නිසා ඒ කිසිවක් සාර්ථකව කරගැනීමට නොහැකි වුණු බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.
නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපා

රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙත්, ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මහවැලි, රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනේ අද (පෙබ. 26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක ය.
ගම සමග පිළිසඳ යලිත්

ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කරල ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම අපේක්ෂාව ඇතිව ක්‍රියාත්මක කරනු ලැබූ ගම සමග පිළිසඳරක් වැඩසටහන යලි ආරම්භ කරන බව ජනාධිපතිවරයා බවසා තිඛේ.

එය කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද 
අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකියි 
- ජනපති
 
විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 19 පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයකි. 

මතභේදයට තුඩු දී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අගෝස්තු මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම – 2021” ට සමගාමීව අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කෙරේ.
සියලු අභියෝග ජයගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා 
 

කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය.

මේ අරමුණු ඉටුකර ගැනීමට බුද්ධිමත් ජනතාව තමාටත් තම රජයටත් දිගටම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසූ ජනාධිපතිවරයා රටට සෞභාග්‍ය උදාකර ගත හැක්කේ සියලු දෙනා නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කළහොත් පමණකැයි ද සඳහන් කළේය .
කොවිඩ් වසංගතයට ඇති අවසන් විසඳුම ගැන ජනාධිපති කී දේ

ජනතාවට එන්නත ලබා දීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතු බවත් කොවිඩ්-19 උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, වසංගතය පැතිර ගිය පළමු වටයේ සිදු කළා මෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නීති රීති හා උපදෙස් ජනතාව අකුරට ම පිළිපැදිය යුතු බව ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සහ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් 4ක් ම මෙරටට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ජනපති මිරිහාන නිවසේ දී අවුරුදු සමරපු හැටි

සිංහල, දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්‍ෂ මැතිණිය එක්ව මිරිහානේ පිහිටි නිවසේ දී අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ‍අද(14)ඉටු කළේය.

2015ට කලින් පැවති රජයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස තමන් කටයුතු කරන්න දී නුගේගොඩ වැලි පාර්ක් පිට්ටනියේ ගොඩ ගසා තිබුනේ ගල්, පස්, වැලි ආදිය බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඇමැති විමල් වීරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටාර් අප්පුහාමි මහතා සඳහන් කරයි.
ගෝඨාභයගේ එකම පුතා  විවාහ වූයේ

ශිරන්තිගෙ නෑදෑයෙක් සමගයි

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ වන අතර ඔවුන්ට සිටින්නේ එක පුතෙකි. ඇමරිකාවේ පදිංචිව සිටින ඔහු දමින්ද මනෝජ් රාජපක්ෂයි. 1982 දී උපත ලද දැන් 37 හැවිරිදි වියේ පසුවන දමින්ද මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය. 

කොළඹ ආශ‍්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන පාර්ක් ඇන්ඞ් රයිඞ් බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (15 දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර ප්‍රදේශයේදී සිදුකළ කතාව හරහා තමන්ට ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

දෙවන කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (18) ජාතිය අමතමිනි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටී.
‘මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements