Advertisement

අද වප් පුර පසළොස්වක
පොහෝ දිනයයි
වප් පොහෝ දිනයේ වැදගත්කම

ලක්වාසී බෞද්ධයන්හව වප් පොහෝ දිනයෙ වැදගත් සිදුවීම් රැසක් යෙදී ඇත. ඒවා නම්,

1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම

2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම

3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ ඊයේ  (25) කිරුළපන පිරි එම ආයතනය වටලණු ලැබුවා.

යාපනය දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සඳහා හෙට උදෑසන 06.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත තිබුනද එහි කොරෝනා වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම ඉහල යයි සලකා මෙම තීරණය ගෙන ඇත.
රජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ මෙම කාලසීමාවේ කොරෝනා රෝගීන් විශාල ලෙස වර්ධනය වනු ඇති බව ද සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. 
සමස්ත නිරෝධායන ක්‍රියාවලියේදීම නිරෝධායන කටයුතුවල නිරත වූ හමුදා සාමාජිකයන් දෙදෙනකුට පමණක් කොරෝනා වෛරසය වැලඳුණු බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව කියා සිටියේය.
තවත් පුද්ගලයන් 11කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ඇත.
මෙරටින් හමුවූ නව කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි ඞී එච් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නව කොරෝනා වෛරසය ආසාදිත බවට එලෙස හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ මත්තේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක්.
එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.
චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබෙනවා.

ජැක් මා’ නිවේදනයක් කරමින් කියා සිටියේ වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත්, එය සිදුකරන බවයි.
යුරේනි නොෂිකා කියන්නේ වර්තමානයේ අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත තරුණ රංගන ශිල්පිනියක්. 

නිවේදිකාවක්, ගායිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් වගේම නර්තනයටත් දස්කම් දක්වන මේ තාරකාවියක් නිතර නිතර අලුත් වැඩවලින් තමන්ගේ දක්ෂතා පෙන්වන්නියක් විදිහට හැමෝගෙම හිතේ අමතක නොවන චරිතයක් වෙලා හමාරයි.

ඉතාලියේ අපිට බනින්න එපා
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට තරණයාගේ කතාව

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරනවා.

නිරෝධායන මධ්‍යස්ථානයේ සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක් කරමින් ඔහු මේ බව පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත් වීමට තිබු විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා. එම විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා. 


කල් දැමූ විභාග පිළිබඳ විස්තර පහත පරිදි වේ.
‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධානය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් සේවා හා ගුවන්තොටුපල අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධතාවයෙන් මේ වනවිට දිවයින පූරා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් පිහිටුවා ඇත.

විදේශිය රටවල සිට නැවත මව්බිමට පැමිණෙන පුද්ගලයින් දෛනිකව වැඩිවීම සැලකිල්ලට ගනිමින්, නාවික හා ගුවන් හමුදා භටයින්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදාව මේ වන විට පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් පිහිටි 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද්ධ හමුදා රෝහල, දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර මෙම තීරණාත්මක අවස්ථාවේ සියලු පහසුකම්වලින් සපීරි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශයේදී විවෘත කරන ලදී.

යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) සවීන් සේමගේ ගේ සම්බන්ධිකරණයෙන් යුත් වෛද්‍ය කණ්ඩායම්වල අධීක්‍ෂණය යටතේ ඉරිදා (15) දින 1800 පැය වන විට තනිකඩයන්, පිරිමි, ගැහැණු, ළමයින් සිටින පවුල් සහ විදේශීය ජාතිකයන් ලෙස වර්ගීකරණය කරන ලද පුද්ගලයින් 1723 දෙනෙකු එම මධ්‍යස්ථානයන්හි නිරෝධායනය කරනු ලැබේ. මෙම මධ්‍යස්ථානවල නිරෝධායනය කරනු ලබන පුද්ගලයින් අතර විදේශිකයන් අට දෙනෙක් ද වන අතර එම මධ්‍යස්ථානයන්හි අත් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, ජල පිරිපහදු ඒකක, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, තුවා රාක්ක, ශීතකරණ, පුවත්පත්, ළමුන් හා ගර්භනී කාන්තාවන් සඳහා විශේෂ ආහාර පිසීමේ විධිවිධාන යනාදිය ඇත.

‘කොවිඩ් - 19’ වෛරසයේ බලපෑමට ලක් වූ රටවලින් 2020 මාර්තු මස 1 සිට 9 දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණි නිරෝධායනයට ලක් නොවු පුද්ගලයින්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ජිවිත අවදානමට ලක්විය හැකි බැවින්, ඔවුන් පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට මෙන්ම හදිසි ඇමතුම් අංක 113 හෝ 117 වෙත දැනුම්දී නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කිරිමට සහයෝගය දක්වන ලෙස පොලිසිය සහ යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.

යුද්ධ හමුදා සූපවේදීන් විසින් පිසින ලද ආහාර එම මධ්‍යස්ථානවල සිටින රැඳි සිටින පුද්ගලයින්ට ලබාදීමට ප්‍රථම යුද්ධ හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පෝෂණවේදීන් විසින් සමීපව පරීක්‍ෂා කරනු ලැබේ. 

මේ වනවිට ආරම්භ කර ඇති රන්ටැඹේ නිරෝධාන මධ්‍යස්ථානයේ සහ දම්මින්න නිරෝධාන මධ්‍යස්ථානයේ පිළිවෙලින් රැඳවියන් 600 කට සහ 125 කට පහසුකම් සැපයීමට හැකියාව ඇත. නිරෝධානය කිරීමෙන් මේ දක්වා හමුවූ වෛරසය ආසාදිත බවට සැක කරනු ලබන පුද්ගලයින් 11 අයි.ඩි.එච්. රෝහලට සහ අනෙකුත් රෝහල් වෙත ඇතුලත් කර ඇත.

“නිරතුරුවම අප හා සම්බන්ධ වන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි මෙම නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරනු ලබනවා. එහිදී, යම් පුද්ගලයෙකුට කිසියම් අසාධාරණයක් සිදුවී ඇතැයි හැඟෙ නම් ඕනෑම කෙනෙකුට අපව දැනුවත් කිරීමට හෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ගැටළු විසඳීමට අපි කළ හැකි උපරිමය උත්සහ ගන්නවා. අපේ මිලියන 22 ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමකින් තොරව හමුදාව කරන මෙම සේවාව ඔවුන් සියලුදෙනා තේරුම් ගත යුතුයි. නිරෝධායනය සිදු නොකළහොත් එය සමාජයේ සෙසු අයට තර්ජනයක් විය හැකිය. අප නිරෝධායනය කර ඇත්තේ කිසිසේත්ම වෛරස් ආසාදිත රෝගීන් නොවේ, එසේ නොකළා නම් වෛරස් ආසාදිතයින් මෙතෙක් හඳුනාගෙන නොමැත.” යැයි ජාතික රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවේදී අද (15) දින ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.








කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත ඉතාලි ජාතික යුවළක් හමුවී තිබේ.

අනුරාධපුරය රෝහලට ඔවුන් ඇතුළත් කර ඇත්තේ හෝටලයක රැදී සිටියදී ලද ඇමතුමක් මගින් පොලිසිය විසින් සොයාගැනීමෙන් පසුවයි.
සියලුම රජයේ පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
කොරෝනා රෝගියාව සම්භාහනය කළ පුද්ගලයා නිසා හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවු බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටිනවා.

අද පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඉන් පසු ප්‍රතිකාර ගැනීම සදහා පැය භාගයකට වැඩි කාලයක් අනෙකුත් රෝගීන් සමග භාහිර රෝගී අංශයේ ගත කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements