ඇගේ හඬ මෙන්ම රුවද, ඔබේ මතකයේ රැදී ඇත්තේ ඇය සැබෑවටම දක්ෂ නිසාය. ගායන ශිල්පිනියක් ලෙසත් නිවේදිකාවක් ලෙසත් කේෂත්‍රයන් දෙකෙහිම එකකට එකක් නොදෙවෙනි කෞෂල්‍යයන්ගෙන් පරිපූර්ණ ඇය නමින් හිරුෂි ජයසේනය. මේ ඇය ගැනය.
ඉතිං හිරුෂි මොනවාද මේ දවස්වල අලුත් වැඩ කටයුතු?
නිවේදන කටයුතු කරනවාට අමතරව ඉතිං ගායන කටයුතු නිසාත් මේ දිනවල ටිකක් විතර කාර්යය බහුලයි.
ලස්සනට ඉන්න මොනවාද කරන්නේ?
ම්.... ලොකු ලොකු දේවල්නම් කරන්නෑ, නමුත් මම පිරිසිදුව, පිළිවෙලට, ප්‍රියමනාපව ඉන්න නම් නිතර උත්සහා කරනවා.




















