Advertisement

අලියට මොකද වෙන්න යන්නෙ
අලි මාධ්‍ය ඒ්කකය කියන කතාව

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි‍.

මෙම මැතිවරණයට තරග කිරීමට අදාළව සාකච්ඡා ගණනාවක් පසුගිය දින කිහිපය තුල පක්ෂ නිලාධාරීන් සහ සෙසු පක්ෂ ප්‍රධානීන් අතර පවත්වා ඇත.
TNA සමග තවදුරටත් ‌ ලෙස කටයුතු නොකල යුතුයි - එජාපයේ තීරණයක්

TNA සමග තවදුරටත් දේශපාලනික ‌ ලෙස කටයුතු නොකල යුතු බවට අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම් දි අදහස් පල වි තිබෙනවා .

අද පාර්ලිමේන්තුවේදී ශානිඛයන් රාසාමානිකම් මන්ත්‍රීවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විචේචනය කිරීම මෙලස අදහස් පල කිරිමට හේතු වි ඇති බව සදහන් .

නි්ය කතානායක පත් කිරිමේ ජන්ද විමසීමේදී විපක්ෂයට බහුතරය පෙන්විමට තිබු අවස්ථාව TNA මන්ත්‍රී සුමදිරන් විසින් හිතාමතා අවුල් සහගත කල බවයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදි සදහන් කර තිබෙන්නේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ මුලින් ම තමාගේ නම සඳහන් කර තිබියදී එය නොසලකා හරිමින් පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගැනීම හරහා පරාජය වූ අය පාර්ලිමේන්තු නොයවන බවට වූ ප්‍රතිපත්තිය කඩා බිඳ දමා ඇතැයි හිටපු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

මැතිවරණවලට ඉදිරිපත් වී පරාජයක් නොලැබූ තමන්ට ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිමි මන්ත්‍රී ධූරය ලැබිය යුතුය යන ස්ථාවරයේ තමා පසුවූ බව ද අමරතුංග මහතා සඳහන් කරයි.
මම ඒ ධූරයේ හිටපු නිසා ඒ ධූරය මට දෙන්න
මම කිව්වා මම නායකත්වය සහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා
මොකද ආගම්, ජාති, කුල ප්‍රශ්න මතුවුණ නිසා - රවී
ඡන්දෙකට යා යුතුයි - නවින්
  
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන පත් විය. ඒ, ඊයේ සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැත්විය.

ඊයේදිනයේ විශේෂයෙන් අවධානය යොමු කර තිබුනේ, එම අපක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි සජිත් ප්‍රේමදාස පක්ෂය හැරයාමෙන් හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පත්වී තිබේ.

පක්ෂ මූලස්ථානයේ දී අද (14) පැවති රහස් ඡන්දයකදී ඒ මහතා මෙලෙස තේරී පත්විය.
මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වනවා.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙවර මහ මැතිවරණයේ දී අන්ත පරාජයකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බෙදා ගැනීමට එජාපයේ ඉදිරිපෙළ නායකයන් අතර තරගයක් ඇති වී ඇති බව වාර්තාවෙයි.. ඊයේ (07) සිරිකොතදී එජාප නායකයන් පිරිසක් සහ ක්‍රියාකාරීන් පිරිසක් රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තමන් උනන්දුවක් නොදක්වන බව පැවසීමත් සමග අනෙක් නායකයන් අතර මේ ධුරයට තරගයක් ඇතිවී තිබේ. එහෙත් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු යන්නේ කවුදැයි තීරණයක් ගැනීම සිදු නොවුණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් දුරකතනය ලකුණ දරන සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හයදෙනක් හා මන්ත්‍රීවරු නවදෙනෙක් යළි එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සුදුස්සන් නම් කර නිර්දේශ ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දී තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක, පක්ෂ සභාපති සහ දිස්ත්‍රික් නායකයන් මෙන්ම ආසන සංවිධායකවරු සඳහා සුදුස්සන් පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කරන බව මැතිවරණ කොමිසම විසින් වෙත දැනුම්දී තිබේ.
සමගි ජන බලවේගය සමාරම්භක උත්සවයට සහභාගි වූ පළාත් පාලන ආයතන සභිකයන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
අද (28) සවස පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයක් ‌නොමැතිව අලියාගෙන් තරග වැදීමට ‌යෝජනාවක් ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම පක්ෂය ‌‌දෙකඩ වීමේ අනතුරක් මතුවනුු ඇති බව එජාප ‌‌ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා ‌දෙනවා.

එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණ අතහැරියොත් එම ලකුණ මැතිවරණ කොමිසමේ පක්‍ෂ ලේඛනයට ඇතුළත් වන හෙයින් මැතිවරණයෙන් පසුව එය යළිත් එ.ජා.ප.යට ලැබෙන බවට කිසිදු සහතියක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබෙනවා.
සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුමක් විපක්ෂයේ සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධව පසුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර ඇතැයි වාර්තා වනවා.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මෑත දිනවලදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර තිබේ.

06 දෙනෙකුගේ පමණ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මෙසේ සාකච්ඡා සිදුකර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
බීමතින් රිය ධාවනය කරමින් අධි සුඛෝපභෝගී ජීප් රථයක් ධවනය කරමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් ‌මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.

එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී ‌මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා‌ ‌වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පැවති උසුසුම්කාරී රැස්වීමේ තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

මෙම රැස්වීම පසුගිය දා පැවැත්වුණේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන ස්ථානයේයි.
අද (09) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් මැද අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ආරම්භයේ සිටම මන්ත්‍රීවරුන් ‌දෙපැත්තට ‌බෙදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ‌ගෙන ඇති අතර එක් කණ්ඩායමක් සජිත් ‌ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දිය යුතු බවටත්, තවත් කණ්ඩායමක් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යා යුතු බවටත් තර්ක විතර්ක ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යායුතු බවට මතය දරන පිරිස වැඩිවෙත්ම සජිත් පිල ‌නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි කලබලයට පත්ව ආවේගශීලීව හැසිරීමට පටන්ගෙන ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන් හරීන් ප්‍රනාන්දු, අජිත් පී. ‌පෙරේරා සහ සුජීව ‌සේනසිංහ යන මන්ත්‍රීවරුන් පරුෂ වචන කියමින් ආවේගශීලීව හැසිරීමට පටන් ‌ගෙන ඇති අතර නවීන් දිසානායක මහතා හා ඔවුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවීමට ගිය බවක්ද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ‌මෙම තත්ත්වය මැද වික්‍රමසිංහ මහතා දැනුුුුම් දී ඇත්තේ තමන් ‌හෙට දිනයේදී විදෙස්ගත වන බවත්, ලබන බ්‍රහස්පතින්දා යළිි දිවයිනට පැමිණෙන බවත්, එසේ පැමිණීමෙන් පසුව බ්‍රහස්පතින්දා දිනයේදීම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ජන්දයක් විමසීමට පියවර ගන්නා බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements