දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
covid
,
gossipmain
,
india
,
News
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක්
දින විස්සක දඹදිව වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසක් අතර කොරෝනා හා සමාන හඳුනාගත නොහැකි නිව්මෝනියා තත්ත්වයක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් දැනට පුද්ගලයින් 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
14 ක් රෝහලේ
කොටසක් එහේත් නැවතිලා
දින විස්සක දඹදිව වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසක් අතර කොරෝනා හා සමාන හඳුනාගත නොහැකි නිව්මෝනියා තත්ත්වයක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් දැනට පුද්ගලයින් 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම රෝගීන් අතරින් එක් අයෙකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රෝහලේ උසස් නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසුවේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිමෝනියා තත්ත්වයකින් පෙළෙන බවයි. විශේෂයෙන්ම මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ දැනට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ එම්.ආර්.අයි පර්යේෂණාගාර වෙත යවා ඇති බවද ඔහු අවධාරණය කළේය.
උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ මෙය සාමාන්‍ය රෝගී තත්ත්වයක් ද එසේ නැතිනම් විශේෂ රෝගී තත්ත්වයක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, සාම්පලවල ප්‍රතිඵල ලැබීමට දින කීපයක් ගතවන බවත් ය.