Advertisement

රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කරන විජේරාම නිල නිවස සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත පළකර තිබේ.

පුවත්පත මෙම වාර්තාව පළ කර තිබෙන්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්නා ලද තොරතුරු මත පදනම්ව යි.
මහින්ද රාජපක්ෂ තමයි මාලිමාවට වියදම් කරන්නේ ධනවර්ධන ගුරුගේගෙන් රට හෙල්ලෙන හෙලිදරවුවක්

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව සමගි ජන බලවේගයෙ බෞද්ධ ආගමික කටයුතු අංශයේ ප්‍රධානී විපක්ෂ නායක උපදේශක ධනවර්ධන ගුරුගේ මහතා පවසයි.
මහින්දගේ ගිණුමේ කොටි තුනකට විද්දේ උදිත් ලොකුබණ්ඩාරයි 
මහින්දගේ අත්සන හොරට ගහලා ATM කාඩ් එකක් අරන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැටුප් ලැඛෙන ගිනුමෙන් මුදල් ලේකම් වරයෙකු විසින් හොර රහසේ ලබාගෙන ඇති බව Gossip 99 අප පසුගිය දින පැවසුවා. ඒ උදිත් ලොකු බංණ්ඩාර විසින් බව මේ වන විට මාධ්‍ය වෙත අනාවරණය වී තිඛෙනවා.

මේවන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාර අතුරුදන්ව ඇතැයිද වාර්තා වනවා.

ඔහු ලංකාවෙන් පැන ගොස් ඇති බවට ද වාර්තා පළ වනවා.

ඔහුට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම එල්ල වී ඇති චෝදනාවයි.

මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

පාර්ලිමේන්තුව තුල යම් යම් ගැටුම්කාරී සිදුවීම් මේදිනවල ජනතාවට මාධ්‍යතුලින් දක්නට ලැබේ.

නමුත් එම එලිපිට දක්නට ඇති ගැටුම්වලට වඩා පක්ෂ විපක්ෂ දෙපාර්ෂවයේම යම් යම් දෙදරීම් පිලිබද යම්යම් නිල නොලත් වාර්තා ගොසිප්99 වෙත වාර්තාවෙයි.

අප වෙත වාර්තාවන නවතම ආරංචිය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉවත්වීමට යන බවයි.

ඒ කිසිවෙකුගේ බලපෑමකට නොවන බවද වාර්තාවන අතර මෙය මීට මාස කිහිපයකට ඉහතදී සමීපතමයින් පමණක් දැන සිටි කාරනාවක් බවත්, මේ වන විට එය ප්‍රාදේශීය දේශපාලන නායකයින් අතර පවා යම් කසු කුසුවක් නිර්මාණය කිරීමට තරම් එය ප්‍රභල වී ඇත.

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීය.

විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයන් සමඟ මත ගැටුම් ඇති කර නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට දැනුම් දී ඇත.

2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

කොරෝනා වෛරස සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැය කතාව

හැඳින්වීම

ගරු කථානායකතුමනි,

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටී.
ගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.
මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු පැවසුවේ එලෙස එක් එක් විෂයන් පැහැදිලිව පෙනෙන ලෙස අමාත්‍යාංශ වෙන්කර ඇත්තේ ඔවුන්ට විශේෂ වගකීම්ද පවරමින් බවයි.
නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දා හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීය.
‘මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

කොරෝනා උවදුර පසකෙ තබා දේශපාලනය කතා කිරීම

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ඇතුලු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පාර්ශවයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්, දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු.
මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට කඩේයෑම වහාම නැවැත්විය යුතු බව බස්නාහිර හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසනවා.

රාජපක්ෂවරුන් හැමදාම කළේ තමන්ගේ පවුලේ අය ලොකු කරගෙන හොරකම් කිරීම බවයි ඔහු ඊයේ (13) නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී සඳහන් කර සිටියේ.
2015 ජනවාරි නවය දින සිට මහින්ද රාජපක්ෂව දේශපාලන පොළවේ නැවත දෙපයින් සිට ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප කිරීමක් කල සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පයින් ගසා තිබේ. ඒ කැලුම් ජයසුමන නම් ප්‍රභල ෆේස්බුක් ක්‍රියාකාරියාට නාම යෝජනා ලබා නොදීමෙනි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල කැලුම් ජයසුමන එම පක්ෂයේ තිබූ අනන්ත මගඩි වලට එරෙහි වී පක්ෂයෙන් අයින්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟ එහි නායක විමල් වීරවංශ හා සාමාජිකයෝ කැලුම් ජයසුමන සමඟ වෛර බැදගත් බව නොරහසකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements