Advertisement

සමගි ජන බලවේගය නමින් සියළු සන්ධාන නායකයින්ගේ ආශිර්වාද ‍යටතේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සියළු සන්ධාන නායකයින් මහ මැතිවරණයට එළඹීමට තීරණය කොට තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ලබාදුන් හඬ පට මන්ත‍්‍රීවරුන් සඳහා ලබාදෙන්නැයි තමන් විසින් පක්ෂ නායක හමුවේදී නොපැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ‘හදවත’ ලකුණින් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් අයැදුම්පත්‍රය මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමනට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර ඇත.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිය ජාතික බලවේගය තරග වදින සලකුණ ‘හංසයා’ ලකුණ ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කරන නව සන්ධානය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබලම නායකයන් ඇතුළු පිරිසක් කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, 'සමගි ජාතික බලවේගය' ලෙස නම් කර ඇති අත එහි ඡන්ද ලකුණ ලෙස 'හදවත' තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇතැයි ද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳත් එම සන්ධානයේ ලේකම් කව්රුන්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් 'සිරිකොත' එජාප මූලස්ථානයේ දී අද(10) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වේ.

ෆොන්සේකාට තවමත් ආරාධනයක් නැහැ !

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් අලෙවි කර ලබාගත් රුපියල් මිලියන තුන්සිය හතළිහකට අධික මුදල පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබාදීම සඳහා යොමු කිරීමෙන් රුපියල් කෝටි ගණනක අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එම අධිකාරියේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා පවසනවා.

ඩාර්ලි පාරේ පිහිටි අක්කර එකයි පර්චස් විසි හයක ඉඩම මිලියන තුන්සිය හතළිහයි දශම හතයි තුනකට (340.73) අලෙවි කර ලබාගත් මුදල නිවාස ඉදිකිරීම සඳහා ණය ලබාදීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට කලාප කාර්යාලයට මිලියන දෙසීයයි දශම හතයි තුනක්ද (200.73), වීරකැටිය කාර්යාලයට මිලියන එකසිය එකක්ද (101) වශයෙන් මිලියන තුන්සිය එකයි දශම හතයි තුනක් (301.73) යවා තිබෙනවා. එහෙත් ඉඩමෙන් ලබාගත් මුළු මුදලින් මිලියන තිස් නවයකට සිදුවූයේ කුමක්ද යන්න විමර්ශනයේදී හෙළිකර ගැනීමට නොහැකි වී ඇති බව සභාපතිවරයා සඳහන් කළා,
එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තිරීණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ.

අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ දැනට මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.
මහ මැතිවරණයෙන් ජය ගෙන ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකට වැඩ කළ හැකි යැයි කියන සංකල්පය තමන් පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

එවන් ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් පවසන බවත් එය තමන් අනුමත නොකරන බව ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට සුදානම් රැස්වීම් මාලාව අත්හිටුවා තිබෙනවා.
එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීයි.
එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් ‌මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.

එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී ‌මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා‌ ‌වේ.
කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, රනිල්වද පක්ෂයෙන් ඉවත් නොකොට ඔහුත් සමඟම පක්ෂයේ ඉදිරි ගමන යා යුතු යැයි කියායි.
ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල ගැටුමක් පවතින බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එජාප මන්ත්‍රී එජාප මන්ත‍්‍රීන් සමග පවසන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැනනැඟී ඇති නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා අවසන් වරට ඉකුත් 09 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෑත කාලයේ පැවැති ඉතාමත් අශීලාචාර, අශෝභන සහ ආන්දෝලනාත්මකම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ලෙස මේ වනවිට ඉතිහාසයට එක්වී හමාරය.
විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements