Showing posts with label gossip lanka politics. Show all posts
සාගලට දෙනියාය එපා වුනාද?
බටහිර කොළඹින් මැතිවරණයට
බටහිර කොළඹ ආසනයේ එජාප නව සංවිධායක ලෙස පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පත් කර තිබේ. බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා (22) කොළඹදී පැවැති අතර, එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් සාගල රත්නායක මහතා ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනිණි.
බටහිර කොළඹ සහ නැඟෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුළපන එජාප ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදි පැවැති අතර, එහිදි නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ද සිදු විය.
බටහිර කොළඹ ආසනයේ එජාප නව සංවිධායක ලෙස පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පත් කර තිබේ. බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා (22) කොළඹදී පැවැති අතර, එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් සාගල රත්නායක මහතා ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනිණි.
බටහිර කොළඹ සහ නැඟෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුළපන එජාප ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදි පැවැති අතර, එහිදි නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ද සිදු විය.
කලා ක්ෂේත්‍රයට එන්න ඉස්සෙල්ලම ඉඳන් ඡන්දෙ ඉල්ලන ආසාවක් තිබුණා
බලෙන් අවස්ථා ගන්න ගියෙත් නෑ. මට මේකට ආරාධනා ලැබිල තියනවා.
මං 22 දී විවාහ වුණා. ඒ කාලෙ නිළියන් එච්චර කලින් බදින් නෑ. පස්සෙ රැල්ලක් විදිහට අනෙක් අයත් විවාහ වුණා.
මං 22 දී විවාහ වුණා. ඒ කාලෙ නිළියන් එච්චර කලින් බදින් නෑ. පස්සෙ රැල්ලක් විදිහට අනෙක් අයත් විවාහ වුණා.
ඕෂදී ගැන මේ දිනවල සමාජ ජාලා තුල වැඩිපුර කතාබහකට ලක්වෙනව. ඒ ඇය ගඩොලක් අතැතිව සිටින ඡායාරෟපයක් හේතුවෙන්.
ටෙලි නාට්‍ය නිළියක් මෙන්ම නිරූපිකාවන වන ඕෂධී හේවාමද්දුම ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින බවත් ඇයට ඒ සඳහා ආරාධනය ලැබී ඇති බවත් අන්තර්ජාලයේ පැවැත්වූ වීඩියෝ සංවාදයකදී අදහස් පළ කර තිබේනවා.
ඇය එම කතාබහේදී මෙසේ කියනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ.
අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ දැනට මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.
සීඩී පට පහ තමන් ඉදිරියේදී මහලේකම්වරයාට භාර දුන්නා
ලදුපතක් නිකුත් කළා
ඒවා භාරදීමට අවශ්‍ය නැතැයි නීති උපදෙස් ලැබීලා
සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට පෙරේදා (22 වැනිදා) භාර දුන් දුරකථන සංවාද පහළොස් දහසක් අඩංගු සීඩී පට පහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවත් මෙසේ සංවර්ධනයට මුවා වී තම පෞද්ගලික සුභ සුද්ධිය තකා කටයුතු කරමින් අසාධාරණ පාලනයක් ගෙන ගොස් ඇති බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (14) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අධිවේගී මාර්ග සංවර්ධනයේ දී ජනතාවට මුහුණ පාන්නට සිදු ව ඇති මෙතෙක් නොවිසඳුණු ගැටළු සඳහා ඔවුන් සමගම සාකච්ඡා කරමින් ලබාදිය හැකි විසඳුම් කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට තමා කටයුතු කරන බවයි.
“මේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණු වලින් එකක් තමයි මෙහි සංවර්ධනය කෙසේද සිදුවන්නේ සහ එහි තියෙන අඩුපාඩුකම් පිළිබඳව සොයාබැලීම. ඊටත් වැඩිය විශේෂයෙන් ම ජනතාව පීඩනයට පත්වෙලා තියෙනවා ප්‍රශ්න ගණනාවක් තිබිලා තියෙනවා ගිය රජය ඇහුම්කන් නොදුන් ප්‍රශ්න. ඒ නිසා අපි දේශපාලන අධිකාරියේ ඉල්ලීම පරිදි තමයි ඇමතිවරයා හැටියට මම ඇවිල්ලා ඉන්නේ ඒ ජනතාව සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න ඔවුන් ළඟටම ඇවිල්ලා අමාත්‍යංශයක් හැටියට අපි විසඳුමක් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙන්න.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ වන්දි ගෙව්වේ ඒ ඉඩම් වල එදා තිබුණ වටිනාකමට නෙවෙයි. අවුරුදු තිහක් ඉදිරියට වටිනාකම බලලා තමයි වන්දි ගෙව්වේ. සංවර්ධනයේ දී ජනතාව පීඩනයට පත්කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් කරපු දෙයක් හැටියටයි එය අපි දකින්නේ. ඉඩම් පවරගන්නා විට ඔවුන්ට ස්ථාවර විදියට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදියට තමයි අපි එදා ඉඩම් පවරා ගන්නකොට වටිනාකමක් ලබාදුන්නේ. 2015 න් පස්සේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඉතාමත් කුරිරු ලෙස ජනතාවගේ පැත්තෙන් බලන්නේ නැතිව ඔවුන්ගේ ඉඩ කඩම් පවරගන්න විට එදා තිබුණ මිළට තමයි තක්සේරු කරලා ඉවර වෙලා ඔවුන්ට ගෙවලා තියෙන්නේ. ඒත් ඒ තක්සේරු වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි අද ජනතාව ලිපි ගණනාවකින් අපිව දැනුවත් කරලා තියෙන්නේ. ඒ සඳහා අපි විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට ගෙවන මුදල අඩු කරන එක විතරක් නෙවෙයි එදා දුන්න තක්සේරුවත් ඉතාමත්ම අසාධාරණ තක්සේරුවක් හැටියටයි අපි දකින්නේ. හිතක් පපුවක් නැතිව තමයි සංවර්ධනය කරන ගමන් රටේ ඒකෙන් හොරකම් කරමින් අහිංසක ජනතාවගේ ඉඩම් පවරගන්නකොට ජනතාව දිහා බලන්නේ නැතිව තමන් විතරක් යැපෙන්න, ඇමතිවරු යැපෙන්න, අගමැතිවරු යැපෙන්න බලපු යුගයක් තමයි ඒ යුගය. මේ ආණ්ඩුව යටතේ ඉතාමත්ම ඉක්මනින් මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
සියයට 15 ක් රජයක් හැටියට අපි ණය මුදල ලබාගන්න ගෙවන්න ඕන. ඉතින් වෙලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම මහ බැංකුව හොරා කාලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ පසුගිය අවුරුදු පහේ ක්‍රියාකරපු අකාරය බැලුවම මීරිගමින් ආරම්භ කරලා තියෙනවා. මුලක් නැහැ. මේක විතරක් නෙවෙයි. මීරිගම දක්වා අධිවේගී මාර්ගය තවම ආරම්භ කරලා නැහැ. ත්‍රෛනිකායික නායක හාමුදුරුවන් වහන්සේලා ට මොනවා කිව්වත් ගිහිල්ලා කිරිඇල්ල ඇමතිතුමා සහ හිටපු අගමැතිතුමා ඇත්ත වශයෙන්ම ඔවුන් කිසිම සැලසුමක් නැතිව වැඩකටයුතු කරලා තියෙන බවයි අපිට පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් ඉක්මනින් වැඩ කටයුතු ආරම්භ කරලා ඉවර වෙලා අවසන් කරන්න.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ හිටියා නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ තමයි දැන් මේ රටේ ජනතාව ගමන් කරන්නේ. නමුත් මේකෙ සංවර්ධනය වසර 25 ක් ආපස්සට ඇදගෙන ගිහිල්ලා තියෙනවා යහපාලන ආණ්ඩුව. මට දැනෙන විදියට මේ මීරිගම කොටස අවසන් කරන්න තවත් වසර 04 ක් පමණ ගතවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මීරිගම ඉඳලා කුරුණෑගලට හැකිතරම් ඉක්මනට හදලා ඉවර කරන්න. අඩු ගාණෙ මීරිගම සිට කුරුණෑගලට හරි ජනතාවට යන්න පුළුවන් වෙන්න. මේ සම්පූර්ණ වගකීම පසුගිය රජය ගන්න ඕන. කයිවාරු ගැහුවට, මඩ ගැහුවට ඔවුන් වැඩ බැරි අසාධාරණ ආණ්ඩුවක් හැටියටයි අපි දකින්නේ…..” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
අද (09) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් මැද අවසන් වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ආරම්භයේ සිටම මන්ත්‍රීවරුන් දෙපැත්තට බෙදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ගෙන ඇති අතර එක් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දිය යුතු බවටත්, තවත් කණ්ඩායමක් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යා යුතු බවටත් තර්ක විතර්ක ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යායුතු බවට මතය දරන පිරිස වැඩිවෙත්ම සජිත් පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි කලබලයට පත්ව ආවේගශීලීව හැසිරීමට පටන්ගෙන ඇති බව දැනගන්නට ඇත.
විශේෂයෙන් හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පරුෂ වචන කියමින් ආවේගශීලීව හැසිරීමට පටන් ගෙන ඇති අතර නවීන් දිසානායක මහතා හා ඔවුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවීමට ගිය බවක්ද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම තත්ත්වය මැද වික්‍රමසිංහ මහතා දැනුුුුම් දී ඇත්තේ තමන් හෙට දිනයේදී විදෙස්ගත වන බවත්, ලබන බ්‍රහස්පතින්දා යළිි දිවයිනට පැමිණෙන බවත්, එසේ පැමිණීමෙන් පසුව බ්‍රහස්පතින්දා දිනයේදීම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ජන්දයක් විමසීමට පියවර ගන්නා බවත්ය.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________



















