අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ
පොසොන් පොහොය අදයි
පොසොන් පොහොය අදයි
අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්, ජාතියක් වශයෙන් අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවිනි. ඉන් අප මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ෙ:රවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක් ඇතිකර දීම උන්වහන්සේගේ පරමාර්ථය විය.
වෙසක් පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්‌වක පෝය දිනයයි. වෙසක් පුන් පොහෝ දිනය තුන් ලොවටම අසීමිත සැනසුමක් උදා කළ අසිරිමත් දිනයයි. ජීව අජීවී සෑම වස්‌තුවක් නිවී සැනසුන දිනය ද වෙයි.
පොසොන් පුර පෝය ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනය ද වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුජ්දහම රැගෙන වැඩම කරවනු ලබන්නේ අද වන් දිනකය. එනම් මිහින්තලා අම්බස්‌තලය වෙතටයි. දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දාහක් පිරිස මුණ ගැසෙන්නේ මෙහිදීය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ යෙදී සිටි මොහොතකය. රජු ඇතුළු පිරිස දුටු මිහිඳු මහ රහතන් වහන්සේ,









